Published On:
Posted by gossip lanka live

ආචාර්යවරුන්ගේ වර්ජනය මේ සතියේ අවසන්

මාස තුනකට ආසන්න කාලයක් පැවැති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය මේ සතිය අවසන් වනවිට සම්පූර්ණයෙන්ම නිමාවට පත් වී යළි සේවයට වාර්තා කිරීමට නියමිතව ඇත.
ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත පැවැති සාර්ථක සාකච්ඡාවකින් අනතුරුව සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ සාධරණීය තීරණය ගෙන තිබේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනයට මාස තුනක කාලයක් ගතවී තිබෙන අතර එය සමස්ත සරසවි පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩපණ කරන්නක් විය. ඒ අනුව මේ ගැටලුව නිරාකරණය කිරීම සඳහා මැදිහත්කරුවෙකු වශයෙන් ක්‍රියාත්මක වූ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමඟ සාකච්ඡා කරන ලද අතර උසස් අධ්‍යාපන ඇමැති එස්.බී දිසානායක මහතාගේ සහ විශ්ව විද්‍යාල උප කුලපතිවරුන්ගේ සහායද ඒ වෙනුවෙන් ලැබිණි.
මේ ගැටලුවට මැදිහත් වන්නැයි රජයේ මැති ඇමැතිවරුන් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන ලද අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ මහතා සහ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර සාකච්ඡාව පසුගිය සැප්තැම්බර් මාසයේ 17දා ආරම්භ විය.
සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර අද (8) පැවැත්වෙන බව එම සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
මේ අතර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක ප්‍රමාණයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කිරීමේ ඉල්ලීම ඉදිරියේදී සළකා බැලීමට රජය අදහස්කර තිබේ.
අද්‍යාපනය සහ උසස් අධ්‍යාපනය නඟා සිටුවීම රජයේ ප්‍රතිපත්තිමය ස්ථාවරය බැවින් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හා උසස් අධ්‍යාපන ඇමැති එස්.බී දිසානායක මහත්වරු පසුගිය 29දා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ කෙටුම්පත් වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වය පළකර ඇත.‍‍
ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය සමඟ අදාළ බලධාරීන් එකඟත්වය ඇතිකරගනු ලබන යෝජනා ක්‍රියාත්මක කිරීම පසු විපරම් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමටද විශ්ව විද්‍යාල පද්ධතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම පිණිස අනුගමනය කළයුතු පියවර පිළිබඳ පරීක්ෂාකර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂමක් පිහිටුවීමටද ඇමැති මණ්ඩලය තීරණයකර තිබේ.

Watch More - www.dinamina.lk

About the Author

Posted by gossip lanka live on 10:13 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 10:13 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "ආචාර්යවරුන්ගේ වර්ජනය මේ සතියේ අවසන්"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.