Published On:
Posted by gossip lanka live

Komark MoreMark sinhala Film Watch online "කෝමාක් මෝමාක්"




පළටුපාන ඇමතිතුමාට මැර ප්‍රහාරයක්

කෝමාක් මෝමාක් දර්ශන තලයේ රසමුසු තැන්

සුනිල් පෙරේරාගේ අලුත්ම ගීතය

මහේන්ද්‍ර මහාචාර්යවරයෙක් වෙයි

නිශාන්තයේ පෙරයාමය ගෙවෙමින් පැවතිණ. දැන් රාත්‍රී එකොලහ කණිසමට ආසන්නය. මම ඇතුළු දෙදෙනෙකු නිදිවර්ජිතවය. අප තිදෙන සිටිනුයේ කැලණි පුරවරයේ එක්තරා තැනක තිබූ නිවසකය.

හෝරාවකට පෙරාතුව මහ පොළවත් සමඟ කැරැළි ගැසූ වැහිකෝඩය මන්දාරම් අහසෙන් පළා ගොසින්ය. අපි නිවසෙහි මිදුලට බැසීමට තීරණය කළේ එහෙයින්ය.

ඔය දෙන්නා හොඳටම බය වෙලා නේද ඉන්නේ?

මගේ පැනයට දෙදෙනනාම කිසිත් නොකීය.

ඇමතිතුමාට මුකුත් වෙන්නේ නැහැ. එයා හොඳ මනුසයානේ.

මා එලෙස කීවේ ඔවුන්ව සනසන අටියෙන්ය. ඔවුන්ගේ බියපත් දෙනෙත්වල මහත් සංකාවක් ලියැ වී තිබිණ. කාලය ගතවෙද්දී අද සැන්දෑවේ මට ලැබුණු පණිවිඩය ගැන මං කල්පනා කළේය.

පළටුපාන ඇමතිතුමාව මැර කල්ලියක් පැහැර ගෙන . . .

ඒ එම ආරංචියයි. එය ලබා දුන්නේ ඊ. ඒ. පී. චිත්‍රපට ආයතනයේ නිෂ්පාදන විධායක නිහාල් සංජයය.

මම ඊට ටික වේලාවකට පසුව ඇමතිතුමාගේ නිවසට ගියෙමි. ඇමති බිරිය සහ ඔහුගේ ලේකම්තුමා මා හමු වූ මොහොතේ සිට මේ දක්වා සිටියේ දුක්බරවය.

හදිසියේම නිවසෙහි ගේට්ටුව අසල පැජරෝවක් නතර කෙරිණ.

ඇමතිතුමාගේ වාහනේ ? ? ?

ඇමති බිරිය සහ ලේකම්ට කියවුණේ ඉබේටමය.

සියල්ල අවසන්ය. අමාත්‍යවරයා අප්‍රමාණ ධෛර්යයෙන් මැර කල්ලියෙන් බේරී පළා ඇවිත්ය.

මං ආවා නෝනේ.

අමාත්‍යවරයා ගෙතුළට ගොස් කැසට් යන්ත්‍රය ක්‍රියාත්මක කළේය. එයින් සුනිල් පෙරේරා ගැයූ ගීයක් වා තලයට මුසුවිණ.

පක්ෂියා රජවුණු දවසට
ලක්ෂෙට කොඩි වැටෙයි
බොරු ප්‍රශස්ත ගී තවත් එපා
දැන් මගෙ සැප කනේ

ක්ෂණයකින් අමාත්‍යවරයා වටකර ගත්තේ යොවුන් නර්ථන කණ්ඩායමකි. ඇමති බිරිය ද, ලේකම්වරයා ද ගීතයට අනුව නටන්නට පටන් ගත්තේය.

බොහොම හොඳයි. අපි ඊළඟ ස්ටෙප් එකට සූදානම් වෙමු.

ඒ හඬ නර්ථන ශිල්පී ශාන් පෙරේරාගෙන්ය. දේහධාරී ඔහුගේ පැත්තකින් කුඩා මිනිසෙකු සිටින්නේය.

හෙතෙම ජයප්‍රකාශ් සිවගුරුනාදන්ය. මේ සිවාගේ නවතම චිත්‍රපටය වන කෝමාක් නෝමාක් හී දර්ශන තලයය. අද එහි ප්‍රධාන ගීතය රූ ගැන්වෙන්නේය.
 
මං වන් ටූ ත්‍රී කියලා කවුන්ට් කරනවා. සෙවන් කියද්දී ඔයා එන්න.

ශාන්ගෙන් අමාත්‍ය ලේකම්වරයාට උපදෙසක්ය. එම චරිතය රඟන්නේ මිහිර සිරිතිලකය.

වන් ටු ත්‍රී . . . ශාන් ගනින්නට පටන් ගත්තේය.

ත්‍රී යන හඬ ඇසුන සැනින් මිහිර දර්ශනයට අවතීර්ණ විය.

අයියෝ ත්‍රී කියද්දී නෙවෙයි, සෙවන් කියන කොටයි ඔයා එන්න ඕනේ.

දෙවන සහ තෙවන අවස්ථාවලදී ද මිහිර දර්ශනයට අවතීර්ණ වූයේ ශාන් ත්‍රී කියද්දීය.

අනේ සොරි ෂාන් . . . ඉස්සර මං ගම හරහා දිව්වනේ. එතකොට වන් ටූ ත්‍රී කියද්දී අපි රේස් එක පටන් ගන්නවානේ. ඒ පුරුද්දට තමයි ත්‍රී කියද්දී වැඩේට එන්ටර් වෙන්නේ.

මිහිර හතරවන අවස්ථාවේදී නියමාකාරව දර්ශනයට අවතීර්ණ විය.

හාස්‍යෝත්පාදක රංග කලාව නවමානයකට ගෙන ගිය විජය නන්දසිරි පළටුපාන අමාත්‍ය චරිතය රඟන්නේය.

විජය අයියා හෙලවෙන්නට එපා. එතැනට පැමිණි අංග රචනා ශිල්පී රුචිර සංජීව කීය.

මම ඒ මන්ද යැයි විමසිලිමත් විය.

විජය නන්දසිරිගේ ඇඳුමෙහි ෂෝල් එකක් ඇත. ඔහු ඒක පළඳලා තිබුණේ ලයිට් රඳවනයට මැදි වන්නය.

හරියට නිකම් හත්පණ කතාවේ කිරිහාමි කඩුල්ල අල්ලලා අමුඩේ ගැහැව්වා වගේ වැඩක්නේ වෙලා තියෙන්නේ.

එහෙම කියමින් රුවිර නියමාකාරව ඇඳුම සකස් කළේය.

ගිරිරාජ් කෞශල්‍ය සහ මහේන්ද්‍ර පෙරේරා මෙතැනට ඇවිත් .

මල්ලි දන්නවද අපි මේ චිත්‍රපටය නිසා කිසිම විභාගයක් පාස් නොවීම වෛද්‍ය විද්‍යාලයට ගියා කියලා?

මා එනු දුටු මහේන්ද්‍ර මගෙන් ප්‍රශ්නයක් ඇසිය.

නිෂ්පාදන කණ්ඩායම

නැහැනේ, මොකක්ද ඒ කතාව?

මේකෙ මං රඟපාන්නේ මහාචාර්යවරයකුගේ චරිතයක්. රැවුල් කොණ්ඩ දාල මං සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතිං ඒ සීන් ටික ගත්තේ බොරැල්ලේ වෛද්‍ය විද්‍යාලයේ. අන්න එහෙමයි අපි කිසිම විභාගයකට පෙනී සිටින්නේ නැතිවම වෛද්‍ය විද්‍යාලයට ගියේ. හැබැයි ඩොක්ටර් කෙනෙක් නම් වෙන්න ලැබුණේ නැහැ.

රූගත කිරීම් සහ විවිධ සිදුවීම් මධ්‍යයේ මටත් නොදැනීම කාලය ගත වී යන්නේය. මේ වන විට රාත්‍රියේ අවසන් යාමය හෙවත් අළුයම් කාලය පටන්ගෙන ඇත්තේය.

රූගත කිරීම් නරඹන්නට අමුත්තියක් පැමිණීයේ මේ වෙලාවෙහිය. ඇය අන් කවරෙකුවත් නොව ඊ. ඒ. පී. ෆිල්ම්ස් අධිපතිනිය, නිෂ්පාදිකා සෝමා එදිරිසිංහ මහත්මියය. ඇයගේ පැමිණීමෙන් මෙතැන සිටි හැමෝම පාහේ මහත් උද්දාමයකට පත් විය.

අතිශය සුන්දර රාත්‍රියක නිමාවෙහි පෙරමග සලකුණු පෙන්නුවේ පෙරදිගෙන් නැගෙන ලා හිරුගේ කිරණෙන්ය. රසවත් කතන්දර රැසක් මිටි මොලවා ගනිමින් මා කෝමාක් නෝමාක් දර්ශන තලයෙන් පිටත්ව ආවේය.

කෝමාක් නෝමාක් හි සෙසු නළු නිළියන්:

කුමාර තිරිමාදුර, දිල්හානි අශෝකමාලා, සේමිණි ඉද්දමල්ගොඩ , නුවන්ගි ලියනගේ, පියුමි ශානිකා, හේමන්ත ඊරියගම, නිල්මිණි බුවනෙක, රම්‍යා වනිගසේකර

ප්‍රසාද් සමරතුංග   

 Komark MoreMark  sinhala Film ,  Komark MoreMark Full movie,Letest Movie  Komark MoreMark

About the Author

Posted by gossip lanka live on 4:08 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 4:08 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Komark MoreMark sinhala Film Watch online "කෝමාක් මෝමාක්""

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.