Published On:
Posted by gossip lanka live
Chat with pubudu chathuranga ඇත්තටම සම්මානයක් කියන්නේ කිරුළක් නොවෙයි
පුළුවන්නම් මගේ චරිතයට අභියෝග කරන්න
පුබුදු චතුරංග
ඔහු පිළිබඳව හැඳින්වීමට හොඳම පූර්විකාව වත්මනෙහි සිටින තරුණ රංගන ශිල්පීන් මතු නොව නිර්මාණකරුවන් අතර විශිෂ්ටයෝ ලෙස දැක්වීම නිවැරදිය. තමන් පණ පොවන කුමන රංගන භූමිකාවකට හෝ "සාධාරණය" ඉටුකරන්නට ඔහු ගන්නා වෙහෙස ඇගයීමට ලක්වූ අවස්ථා ගණනාවකි. ඒ අතරිනුත් පසුගිය දෙරණ සිනමා සම්මාන උළෙලේදී ඔහු හොඳම නළුවා සම්මානයට පාත්රවන්නේ ඒ විශේෂ රංගන ධාරිතාව හේතුවෙනි. පුබුදු සමඟ අප කතා බහට එක්වන්නේ ඒ පිළිබඳව විමසමිනි. ඒ කතාබහ බොහෝ දුර කතා බහක් දක්වා දිව ගියේ මෙලෙසිනි.
හොඳම නළුවා ලෙස සම්මානයක් හිමි වීම ගැන තිබෙන හැඟêම මොන වගේ එකක්ද?
ඇත්තටම සම්මානයක් කියන්නේ කිරුළක් නොවෙයි. ඒක ඇගයීමක්. ඒක ලැබුණාට මේ මොහොතේ මේ රටේ ඉන්න දක්ෂතම නළුවා මම නෙවෙයි. මේ සම්මානය මට හිමිවෙන්නේ 2011 වර්ෂය සඳහායි. ඉතිං මේ ඇගැයීම හොඳයි. ඒ ඇරෙන්න මම තමයි අද ඉඳලා ලංකාවේ හොඳම නළුවා කියන තැන ඉඳලා මේක විග්රහ කරගන්න යන තැනක නම් මම නෑ. ඒක අතීතයට එකතු වෙච්ච දෙයක්.
නමුත් මේක කිරුළක් විදිහටම භාවිත කරන අයත් ඉන්න රටක...
ඔව් සමහර තැන්වලදී එහෙම වෙනවා.
මම අහන්නේ ඔබ ඒ කාරණයට එකඟ වෙනවාද?
සමහරක් තැන්වලදී එකඟ වෙනවා. සමහර අවස්ථාවල ඇගැයීම් ලැබුණාම ඒ අයගෙන් ඉන්න හොඳම කෙනා මම කියලා හිතන එකේ අධිකාරිත්වය හිමි මට කියලා හිතන අය ඉන්නවා. ඒ වගේම බලධූරාවලියක් ගොඩ නැඟෙනවා. මේකේ අයිතිය අපිට පමණක් හිමිය කියලා හිතනවා. හැබැයි එකම දෙයක් නෑ. මේ හැම දෙයක්ම තාවකාලිකයි. මට පස්සේ තව කවුරු හරි එනවා කියලා හිතන්න ඕන. ජීවිතේ දාලා යනවා නම් මේකත් දාලා යන්න පුළුවන් වෙන්න ඕන.
හැබැයි ඔබට සම්මාන ලැබෙන්නේ "චැලෙන්ජර්ස්" චිත්‍රපටය සඳහායි.
පැහැදිලිවම......... ඔව්.....
චිත්‍රපටයේ භාවිතාව පිළිබඳව ගැටලුවක් එතනදී මතු වෙනවා. සම්මාන දෙන්න තරම් සිනමා පටයක්ද කියලා බොහෝ අය ප්‍රශ්න කරනවා.
මීට කලිනුත් තිබුණ සම්මාන උළෙලකදී ජෝ අබේවික්‍රම විමල් ජයකොඩි හා මම හොඳම නළුවා සම්මානයටද නිර්දේශ වුණා. එතනදිත් නිර්දේශ 10 ක් විතර චැලෙන්ජර්ස් චිත්‍රපටයට තිබුණා. දෙරණ සිනමා සම්මාන උළෙලේදීත් නිර්දේශ 8-10 ත් අතර තිබුණා.
යුද්දෙන් පස්සේ සිනමාවට නරක කාලයක් ලබලා තියෙන කාලයක ඒක ගොඩ ගන්න ගහපු මුක්කුවක් තමයි චැලෙන්ජර්ස් චිත්‍රපටය. ඒකට පස්සේ තමයි සේරම චිත්‍රපට දුවන්න ගත්තේ. එතකොට මේ සම්මානය අභියෝගාත්මක එකක්. වාණිජ චිත්‍රපටයක් ඇතුලේ කොහොමඳ හොඳ රංගනයක් ඉදිරිපත් කරන්නේ කියන අභියෝගය මට ඇති වුණා. කලාත්මක චිත්‍රපට ඇතුලේ විතරද හොඳම රඟපෑම කරන්න පුළුවන්. මම ඉතාම සරළ අභියෝගයක් කරනවා. පුළුවන් නම් මම "චැලෙන්ජර්ස්" චිත්‍රපටයේ කරපු චරිතය කාට හරි කරලා පෙන්නන්න කියලා.
ඔබ ඔය කියන තත්ත්වය අපට අතීතයේදී අපේ සිනමාව තුළ දකින්න ලැබුණා.
ඔව්...... ඒ කාලයේ හොඳම නළුවා නිළිය වැඩි වශයෙන් තේරෙන්නේ කලාත්මක චිත්‍රපට වලින් පමණක් නොවෙයි, වාණිජමය චිත්‍රපටත් ඒකට දායකත්වය සැපයුවා.
අද වාණිජ චිත්‍රපට සඳහා ලැබෙන ප්‍රේක්ෂක ආකර්ෂණයන් මදී.
ඒකට හේතු ගණනාවක් බලපානවා. කතාව, තිර නාටකය, නළුනිළියන් මේ වගේ දේවල්.......
අනික මම විශ්වාස කරනවා කර්මාන්තයයි මූලිකව පැවතිය යුත්තේ. ඔය හොඳම නළුවා කියන කතාව ගත්තොත් ලෝක සිනමාවේ එහෙම තත්ත්වයක් දකින්න නෑ. ලංකාවේ හොඳම හා ජනප්‍රිය නළුවා කියන දෙකම තෝරද්දී ලෝක සිනමාවේ හොඳම නළුවා තෝරනවා. හැබැයි එයාගේ චිත්‍රපටයට ලැබුණු ජනප්‍රියත්වය ගැන සලකා බලනවා. ඒ කියන්නේ රංගනයට සමගාමීව ජනප්‍රියත්වයත් සලකා බලනවා. මගේ නම හොඳම සහ ජනප්‍රිය දෙකටම "කැටගරි" වුණ එක ඇත්ත. ඒත් අප යා යුත්තේ හොඳම සහ ජනප්‍රිය දෙකම එකතු කරගෙන යන සිනමාවකටයි.
නමුත් එහෙම තැනකට යන්න නම් හොඳ රංගන හැකියාවකින් හා පෞරුෂයකින් යුත් නළුවන් ඉන්න ඕනා. එහෙම අය නෑ කියන කතාබහකුත් සමාජයේ තියෙනවා.
මේක තමයි ධනේෂ්වරයේ තුන්වන කාර්තුව මේක නූතනවාදයේ පසු නූතන යුගය. අපිට මේ විෂයය නැත්නම් නළුකම ගැන හොයා ගෙන යන්න වුවමනාවක් තියෙන්න ඕන. දැන් හැමෝම රඟපාන්න එනවා.
ඒ ඇවිත් රඟපෑම හැර අනිත් හැම දේම කරනවා. මේ ක්‍රමය තුළ හැමෝටම නළුවෙක් වෙන්නත් පුළුවන්. දැන් පාරේ ඇවිද ගෙන යන අයටත් ටී. වී. එකේ නළුවෝ වෙන්න පුළුවන්. හැබැයි එක්තරා මොහොතක මේ සියල්ල කඩා වැටෙනවා. යළිත් අලුත් ක්‍රමයක් බිහි වෙනවා. අපි ආපසු හොඳ නළුවන් සොයා යනවා. ඒ යළි සොයා යැමේ අවශ්‍යතාවක් ඇති කෙනෙක් තමයි මම. මට මේක අතහරින්න බෑ.
රංගනය ගැන මේ ක්ෂේත්රය ගැන ගැඹුරින් හැදැරීමක් කරන ඔබ "රන් සමනලයෝ" වැනි ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ ඇයි?
ඕකට කියන ලස්සන කතාවක් තියෙනවා. ගාමිණි ෆොන්සේකා මහත්මයාගේ නිධානය චිත්‍රපටයත් ඔහු රඟපෑ වාණිජමය චිත්‍රපටයකුත් එක ළඟ තිරගත වෙලා තියෙනවා. වැදගත් සමාජ එකතුවකදී ලෙස්ටර් මහත්තයා, ගාමිණී මහත්තයාට කියනාව, "කට්ටිය අහනවා නිධානය වගේ හොඳ චිත්‍රපටයක රඟපාන ඔබ අර වගේ කසිකබල් චිත්‍රපටයක රඟපාන්නේ ඇයි" කියලා. එතකොට ගාමිණී මහත්තයා කියන්නේ "එතකොට ගැලරියේ රුපියලට ටිකට් අරගෙන බලන අයට මොනවද දෙන්නේ" කියලයි. නිධානය ලෝක සිනමාවේ හොඳම චිත්‍රපට සියය අතරත් අපේ රටේ හොඳම චිත්‍රපට දහය අතරත් තියෙනවා. ඒක එතැනට අරන් යන්නේ අර විසිල් ගහන ගැලරියේ කට්ටිය. මේ දෙක අතර අන්තර් සම්බන්ධය එහෙමයි. ලෝකයේ මේ දේවල් බෙදන්නේ හොඳ සහ නරක කියලා. අපි කරන්නේ කලාත්මක හා වාණිජ කියලයි. වාණිජ චිත්‍රපට කරන අය දිහා බලන්නේවත් නෑ. දෙගොල්ලොම කරන්නේ එකම දේ. "රන් සමනලයෝ" ලක්ෂ ගාණක් බැලුවනේ. මොනවා කරන්නත් අපිට වැඩකරන්න අපි කර්මාන්තයක් හදාගන්න ඕන. ඒක තමයි අර ගාමිණී මහත්තයා කියන්නේ.....
ඔබ ඔබේ ඉලක්කය කරා යන ගමනේ දිගු අධිෂ්ඨානයක යෙදුණු බව කිව්වා. දවසක් දෙකක් චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක ඉඳලා අධ්යක්ෂණයට පිවිසෙන අය ඉන්න සමාජයක ඔබේ ඉලක්ක මොකක්ද?
මම ගමන පටන් ගත්තේ ලියන්න පටන් අරගෙන. තිර පිටපත් මිටි පිටින් ලිව්වා. ඒ සේරම මිටි බැඳලා ගෙදර අරන් තියලා තියෙනවා. ඒකත් එක් ආත්ම ප්රකාශනයක්.
ලෝකය මීට වඩා ලස්සන වූ දවසක...
මා ලියූ කවි ඔබට වැටහෙනු ඇත...
කියන එක තමයි මටත් කියන්න වෙන්නේ.
ඉදිරි නිර්මාණ දායකත්වය කොහොමද?
චිත්‍රපට අටක් එන්න තියෙනවා. එයින් එකක "දෙබස්" මගේ, අනෙක් චිත්‍රපටයෙ තිර නාටකය මගේ. එහි නම "ප්‍රවේගය" ක්‍රියාදාම චිත්‍රපටයක්.
ටෙලි නාට්‍යය...
බාර ගන්න හොඳ එකක් ලැබුණේ නෑ. ලංකාවේ අංක එකේ හිටියා. ආයෙත් අංක එකක් එන්න ඕන....
වේදිකාවට ගොඩවෙන්නේ සීමිතවද?
නෑ.... මම ගමන පටන් ගත්තේ වේදිකාවෙන්. ඒක අතහරින්න කැමැති නෑ. මම කියන්නේ අපිව "රීෙµ්රෂ්" කරන්නේ වේදිකාව. රංගනයේ ජවය සජීවීව ශක්තිමත්ව ජනනය කරන්න පුළුවන් එකම තැන එතැන. මේ දවස්වල නම් "නරි බුරති" සමග එකතුවෙලා ඉන්නවා
උදේශ සංජීව ගමගේ
ඡායා - සමන් අබේසිරිවර්ධන