Published On:
Posted by gossip lanka live
සභා ගැබම හැඬ වූ කුමාරගේ කතාව
සම්මානය ලබා ගනිමින් කුමාර අදහස් දැක්වීමට පටන් ගත්තේ හරිම සංවේදී ආකාරයට.
‘මේ සම්මානය හිමි මගේ අම්මට. එතුමිය තමයි මට පුංචි කාලේ තාත්තට හොරා චිත්‍රපටි බලන්න සල්ලි දුන්නෙ. මේ මොහොත වන විට මගේ අම්මා ඉතාමත් අසනීප තත්ත්වයෙන් ඉන්නෙ.
ඇගේ ඇස් දෙකේ පෙනීමත් අඩු වෙලා. මේ සම්මානය මට ලැබුණෙ අපේ අම්ම නිසා. මේ රාත්‍රියේ මගේ පළමු රාජකාරිය මේ සම්මානය මගේ අම්මගෙ පින්වන්ත දෑත මත තබන එක. මං අද පළමුවෙන්ම කරන්නේ ඒක.
කුමාර කතාව නිමා කළේ තමාගේ දෑසේ වගේම සභා ගැබේ හැමෝගෙම දෑස් අග කඳුළක් ඉතිරි කරමින්. ඇත්තටම මේ වගේ දක්ෂකමින් සපිරි පුතකු බිහි කළ ඒ අම්මා උත්තරීතරයි. එදා සභා ගැබේ හැමෝම හිතින් කුමාරගේ අම්මාට ඉක්මන් සුවය පතන්නට ඇති. ඒ කතාව ඒ තරමට සංවේදීය. හැගුම්බරයි.