Published On:
Posted by gossip lanka live

Chat With Dayan witharana අවුරුදු අටකින් විතර මා ගී එකතුවක් කරලා නැහැ

දයාන් විතාරණ මට මුලින් ම හමු වූයේ මීට වසර නමයකට හෝ දහයකට පෙර දී ය. මා ඔහු හමුවීමට රාජගිරිය මැදවැලිකඩ පාරේ ඔහුගේ නිවෙසට ගියවිට මා පිළිගනු ලැබුවේ ඔහුගේ ආදරණීය මෑණියන් විසිනි. එදින අපි ඔහුගේ නිර්මාණ දිවිය පිළිබඳ, පෞද්ගලික ජීවිතය පිළිබඳ බොහෝ දේ කතා කළෙමු.
මම එදින දයාන්ගෙන් ප්‍රශ්න දෙකක් ඇසුවෙමි. ඔහු ඉන් එක් පැනයකට පිළිතුරු දුන්නේ තමන් සමහර විට ඉදිරියේදී විවාහ ජීවිතයට ඇතුළත් වේවි කියා ය. අනෙක් ප්‍රශ්නයට ඔහු උත්තර දුන්නේ විවාහ නූනොත් තමන් අනාගතයේ දවසක පැවිදි දිවියට එළඹේවි කියා ය.
පසුගිය දිනෙක මම යළිත් දයාන් හමුවීමට ගියෙමි. එදා පැවැති නිවෙසේ හැඩරුව, සියල්ල අදත් එලෙසමය. එහෙත් එහි එක් අඩුවක් ඇත. ඒ ඔහුගේ අම්මා ජීවතුන් අතර නොමැතිවීම ය. දයාන් වෙනදාටත් වඩා කාර්යය බහුල ය.
“හෙට පාන්දර මම දඹදිව වන්දනාවේ යනවා” දයාන් කීවේ ය.
“මේක මගේ පනස් වැනි උපන් දිනයට ලැබෙන තෑග්ගක්. ඉතාලියේ වෙසෙන මගේ හිතවතුන් වන රූපා මාලනි මහත්මිය හා ඇගේ පුත් චානක තමයි මට මේ තෑග්ග දෙන්නේ. ඔවුනුත් මා සමඟ මේ ගමනට සහභාගි වෙනවා. මම මීට පෙර දෙදහස් එක වසරේ අම්මත් සමඟ දඹදිව ගියා.”
ඔබ දැන් බුදු දහම පැත්තට යොමු වෙනවා වැඩියි වගේ. පැවැදි වෙන්නවත් අදහසක් තියෙනවද?
“පැවිදි වෙන්න නම් අදහසක් නැහැ. නමුත් මම බුදුදහම අනුව මගේ ජීවිතේ හැඩගස්වා ගෙන ජීවත්වෙන්න උත්සාහ කරනවා. මම කිසිම දෙයක් බදාගන්න හදන කෙනෙක් නෙමෙයි. මම පන්සිල් පද පහ රකිනවා. ඒ වගේ ම මම නිර්මාංශයි. මමත් රොෂාන් රණවනත් ශ්‍රී ලංකා අහිංසාවාදී සංගමය සමඟ එක්ව කටයුතු කරනවා.
එහි නිර්මාතෘ ලෙස කටයුතු කරන්නේ නිහාල් විජයරත්න මහතා. පැවිදි වීමට අදහසක් නැතත් මම ආගමික පැත්තටයි වැඩිපුරම නැඹුරු වෙලා ඉන්නේ. අහිංසාවාදී සංගමය සමඟ අපි රට වටා පාසල් වලට දේශන පවත්වනවා නිර්මාංශ වීම ගැන.”
නිර්මාංශ වී සිටීමට අමතරව බොහෝ සද්කාර්යයන් හි ද නියැලෙන්නේ ය.
බුදු හාමුදුරුවෝ දේශනා කළා නොමළ ගෙයකින් අබ මිටක් ගේන්න කියලා. නමුත් එහෙම ගෙයක් ලැබුණේ නැහැ. ඒ වගේ තමයි අද පිළිකා රෝගය නොවැළදුණු කෙනෙක් සිටින පවුලක්, ඥාතියෙක් සොයා ගැනීමට නොහැකි තරම්. මේ නිසා මම පොදුවේ පිළිකා රෝහලට මට පුළුවන් ආකාරයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරනවා.
පිළිකා රෝගීන්ට පෞද්ගලිකව උදව් නොකර එවැනි පරිත්‍යාග කරන්නේ එයින් බොහෝ දෙනෙකුට සේවයක් සැලෙසන නිසයි.
ඔබෙ සුසුම් පවන් සලයි
මගෙ කොපුල් පුරා වෙලෙයි
ඔබෙ සෙනෙහස ගොඩ ගලයි
උණුසුමට මාව තෙමෙයි
දයාන් විටෙක ගයන්නේය. එහෙත් ඔහු තවමත් තනිකඩය. අක්කලා විවාහකය. අම්මා ඔහු හැර ගොසින් ය. ඉතින් ජීවිතයේ තනිකම, පාළුව මකාගන්නට කැදැල්ලක් තනන්නේ නැද්ද? ඔහු සැහැල්ලුවෙන් හිනැහුණේය. අවසානයේ මෙසේ කීවේ ය.
දැන් මට වයස අවුරුදු පනහයි. විවාහ නූනා කියලා මම තැවෙන්නේ නැහැ. මගේ යාළුවෝ විවාහ වෙලා ඒ අයගෙ දරුවොත් දැන් විවාහ වෙන වයසේ. මට දරුවන්ගේ ප්‍රශ්නවලදි හරිම සංවේදීයි. ඇතැම් යාළුවෝ ඒ අයගේ පවුලේ ප්‍රශ්න කියන විට මට හිතෙනවා මට ඔය ප්‍රශ්න නැහැනේ මං කොච්චර සැහැල්ලුවෙන් ඉන්නවද කියලා. මට මගේ ජීවිතයේ කුඩා කාලයේ තිබූ සිහින අද සැබෑ වෙලා තියෙනවා.
තනිකඩව ඉන්නේ කියලා මට දුකක් නැහැ. මම මගේ ජීවිතේ ගැන තෘප්තිමත්. ආගම දහමට නැඹුරුවීමත් වෘත්තිය ජීවිතයේ නියැලීමත් දයාන් තම ගායන ක්ෂේත්‍රයට බාධාවක් කරගෙන නැහැ. මේ දිනවල ඔහු තම තුන්වන ගීත ඇල්බමය නිකුත් කිරීමට වෙහෙසෙනවා.
“මේ මගේ තුන්වන ගීත ඇල්බමය. එහි මා ලියා සංගීතවත් කළ ගීතයකුත් තිබෙනවා. අවුරුදු අටකින් විතර මා ගී එකතුවක් කරලා නැහැ. එහෙම වුණා කියලා රසිකයෝ මාව අතහැරලා ගිහින් නැහැ. ඔවුන් මගේ පරණ ගීත තවමත් හිතේ තියාගෙන ඉන්නවා.

About the Author

Posted by gossip lanka live on 4:24 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 4:24 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With Dayan witharana අවුරුදු අටකින් විතර මා ගී එකතුවක් කරලා නැහැ"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.