Published On:
Posted by gossip lanka live

swara sinhala movie Watch online














ඔවුන් එකම අරමුණක් පෙරදැරි කොට ගනිමින් දිගු ගමනකය. ජීවත්වීම ඔවුන්ගේ එකම බලාපොරොත්තුවය. ගෙවෙනා හැම තත්ත්පරයකම ඔවුන් තමන්ගේ ඊළඟ තත්ත්පර කිහිපය ගැන සිහින දුටුවෝය.
සැබෑය . . .
සැබෑවටම ඔවුන් ජීවත්වීමට පොර බැදුවෝය.
එච්. අයි. වී වෛරසය ශරීරයේ සෑම තැනකම දැවටී ඇති බව දැනගත් මොහොතේ සිටම මේ තැන තැන ජීවත් වූ පිරිස දිවි ගෙවූවේ අනපේක්ෂිත මරණය අපේක්ෂාවෙනි. නමුදු ඔවුන් මේ සොඳුරු ලොව අතැර යන්නට නොහැකිව දිරියෙන් නැගී සිටියෝය. ඔවුන්ගේ අපූරු කතාවයි ස්වර’.
එච්. අයි. වී වෛරසය ශරීරගතව මියෙමින් සතුටින් දුක දරාගන්නා ඔවුන්ගේ ජීවිත අන්දරය දුක්බරිතය.
නර්මදා තමාගේ ජීවිතය බවට පත්කර ගත්තේ සංගීතයයි. සංගීතයේ මියුරු ස්වර අතර ඈ ළෙණ්ගතුව කාලය ගෙවුවාය. වරෙක මිමිණෙන ගීතයක, තවත් විටෙක වැයෙන තනුවක ඉමිහිරියාව අතරේ ඈ ජීවිතය ගෙවමින් උන්නේ නිස්කලංකවය. එක් වරම ඒ මියුරු හදවත කැඩී බිඳී ගියේය. තමා එච්. අයි. වී ආබාධිතයකු බව දැනගත් මොහොතේ මෙලොවම ගුගුරා හැලෙන බවක් ඇයට දැනුණාය.
ඇය නිවෙසට පැමිණියේ ලැජ්ජාව, කනස්සල්ල, මෙන්ම කෝපය ද පිට කරමිනි. නිවෙසේ බිත්ති හතර ගිණිගෙන දැවෙන බවක් ඇයට දැනුණි. අවලමේ ගිය ගැහැනියක සේ සමාජයේ හංවඩු ගැසෙද්දී නර්මදා සියල්ල දරා ගනිමින් ජීවිතය වින්දාය. මෙවන් විපතක් කිසිම කෙනෙකුට අත් නොවේවානර්මදා පිවිතුරු හැඟුමෙන් දෙවියන් යැද්දාය. තමා නිවැරැදි බව ඈ දැන උන්නාය. නර්මදාට මේ දුක දුන්නේ කවුරුන්ද? ඈ සියල්ල ඉවසා වදාරමින් යැද්දාය.
නර්මදා තවත් කිසි අයකුට මේ දුක උරුම නොවේවා යයි දෙවියන්ට කන්නලව් කළ ද ඈ මෙන් දුක්විඳින තවත් බොහෝ දෙනකු විසිරී සිටින බව ඈ නොදත්තාය.
විහාරා ද නර්මදා මෙන්ම ජීවිතය හඹා ගියාය. පියවරෙන් පියවර සුපිරි නිරූපිකාවක වූ විහාරා ජීවිතයේ අවුල් වියවුල් යායක පැටලී උන්නාය. දිනෙන් දින නොවිසඳුණු ප්‍රශ්න හමුවේ ඈ තමා විසින්ම උත්තරයක් තනා ගත්තාය. මේ සියල්ලටම විසඳුම මත් ද්‍රව්‍ය බව ඈ ස්ථිරවම තීරණය කළාය. මතින් ගත අප්‍රාණික වූ කල්හි මුලු ලොවම මිහිරි යයි ඇයට දැනුණි. නමුත් එක් මොහොතක ඇගේ ජීවිතයම කඩා වැටුණේ මත් ද්‍රව්‍ය එන්නත් කටුව මත් ද්‍රව්‍ය සමඟ ඇගේ ගතට එච්. අයි. වී වෛරසය ද එන්නත් කළ බව දැන ගැනීමත් සමඟය.
මේ අතරතුරදී ඇය සිඟිති දියණියකට අම්මා වූවාය. උත්තරීතර මව් පදවියත්, පාපතර එච්. අයි. වී වෛරසයත් අතර ජීවිතය සමඟ පොර බැදුවාය. දෑස අහිමිව ලොව දිනන්නට වෙර දරන සිඟිති දියණී අංජලීට මෙලොව සොඳුරු දේ පෙන්වීම වෙනුවෙන් ජීවත් විය යුතු යයි විහාරා සිතුවාය. කිසිදු දෙයක් නොදත් කිරිකැටි දියණිය අංජලී සමාජය විසින් පිළිකුල් කොට කොන් කර දැමුවේ ඇයට ඉගෙනීමට පාසලක් පවා අහිමි කරමිනි.
අංජලීගේ ජීවිතය වෙනුවෙන් නර්මදා ප්‍රසිද්ධියේ පෙනී සිටියාය. ජීවිතවලට තම තමන්ගේ සිතේ ජවය ආරෝපණය කරගත් ඔවුන් එච්. අයි. වී වෛරසය පැරදවීමට වඩා සමාජ මත බිඳීමට පොර බැදුවෝය.
පද්මා ද මේ කණ්ඩායමට එල්ලවන පොදු ප්‍රශ්න රාමුවේ තනි වූවාය. ඈ කලකට ඉහත විදෙස් රැකියාවක් පතා ගියේ දරුවන්ගේ අරමුණු දිනවන්නටය. නමුදු ඈ නැවත ගෙපැලට ගොඩ වූයේ එච්. අයි. වී ආසාධිතයකු ලෙසිනි. සියලු දෙයින් ශක්තිමත් වූ පද්මා ජීවිතයෙන් පලා යාම වෙනුවට තවත් පිරිසකට දිරියෙන් ජීවිතය දිනවන්නට කැපවීමට ඉටා ගත්තාය.
තැන තැන ජීවත්වන එකම ප්‍රශ්නයෙන් දැවෙන පිරිස අතර ජෝ ද තමාගේ පැතුම් ගොන්න ගුලි කොට විසි කළේ තමා එච්. අයි. වී ආසාධිතයකු බව දැනගත් මොහොතේය. කුඩා කල සිටම පිරිමියකු ද ගැහැනියකු ද වග නොදත් ජෝ අවසන තමා ගැහැනියක බව වටහා ගත්තාය. බෙලහීනතාවය ඔච්චමට ලක්වෙමින් සොච්චමට විකිණෙන බව ඔහු දැන උන්නේය. තමා මිය යා යුතු යයි ඈ සිතුවාය. නමුදු ලොවෙහි තමා ගේ ජීවිතය තීරණය විය යුතු ආකාරයක් ඇතැයි ජෝ කල්පනා කළාය.
තැන තැන විසිරී ජීවත්වන මේ පැන සිත තුළ දරාගත් පුද්ගල අහුර ජීවිතයේ විවිධ දෝමනස්සයන් හමුවේ තම තමන්ගේ දුක ගලපා ගන්නා ආකාරය ස්වරතුළ කතාබහ කෙරෙයි. වාර්තාමය චිත්‍රපටයක් නොවන ස්වරවිවිධ සමාජ පන්තිවල ජීවත්වන එච්. අයි. වී ආසාධිතයන් කේන්ද්‍ර කොට ගනිමින් ගෙතී ඇති අපූරු කතා පුවතකි.
* නිෂ්පාදනය නීටා ප්‍රනාන්දු
සම නිෂ්පාදනය මනෝහන් නානායක්කාර
* සම තිර රචනය නිෂ්පාදන විධායක යොලන්ඩා වීරසිංහ
* අධ්‍යක්ෂණය සහ සම තිර රචනය - සංජය නිර්මාල්
* කැමරාව - ප්‍රභාත් රෝෂන්
* සංස්කරණය ලාල් දිසානායක / නන්ද ජයකොඩි
* නර්තන වින්‍යාසය චන්න විජේවර්ධන
* සංගීතය රංග දසනායක
* කලා අධ්‍යක්ෂණය මංජුල අයගම
* ගායනා - දයාසිරි ජයසේකර, ප්‍රදීපා ධර්මදාස, නිරෝෂා විරාජිනී, රංජන් සාලිය, සොෆ්රානෝ
* සහය අධ්‍යක්ෂණය නිශාන්ත රණසිංහ
* නිෂ්පාදන විධායක නිලන්ත හපන්වීර
* විශේෂ ප්‍රයෝග - චානක රුක්මාල්
ගීත රචනා - නිලාර් එන්. කාසිම්, වසන්ත කුමාර කොබවක
රංගන පිරිවර -
නීටා ප්‍රනාන්දු, සචිනි අයේන්ද්‍රා මහීපාල, අනූෂා රාජපක්ෂ, ධනු, දමිතා අබේරත්න, දිනුලි මල්ලවාරච්චි, ඩබ්ලිව්. ජයසිරි, ජීවන් කුමාරතුංග, ශ්‍රියන්ත මෙන්ඩිස්, දමින්ද පෝරගේ, ජානකී විජේරත්න, ශ්‍රියාණි කොඩිතුවක්කු, නන්ද මහවත්ත, සංජීවනී වීරසිංහ, නිලන්ති විජේසිංහ, සරත් කොතලාවල, බුද්ධික ජයරත්න, වීණා ජයකොඩි, වෛද්‍ය ආනන්ද ගුණසේකර, අසේල ජයකොඩි, සංජීව දිසානායක, කුමා අත්තනායක

About the Author

Posted by gossip lanka live on 4:22 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 4:22 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "swara sinhala movie Watch online"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.