Published On:
Posted by gossip lanka live

Chat With jeevan handunnetti


දශක තුනක් පුරා කලා ලොවේ පියවරෙන් පියවර පැමිණි ඒ ගමන් මඟ ඔහුට ගෙන ආවේ ආශිර්වාදයකි. ජීවන් හඳුන්නෙත්ති නම කියු පමණින් රසිකයන් හඳුනන මේ කලාකරුවා හාස්‍ය රංගන ශිල්පියෙක් ලෙස කලා ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය චරිතයකි.
ඔබ මේ දිනවල නිරත වෙන කලා කටයුතු ගැන මුලින්ම කතාබහ කරමු.
මම පසුගිය දවස්වල චිත්‍රපට කිහිපයකට වගේම ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය කිහිපයකටම දායකත්වය ලබා දුන්නා. තව මාස කිහිපයකින් මම රඟපෑ චිත්‍රපට තුනක් තිරගත වීමට නියමිතයි.
ඒ හෙක්ටර් කුමාරසිරිගේ අභිනික්මන’, ජයසේකර අපෝන්සු ගේ සීතා මං ආවාසහ දිනේෂ් පි‍්‍රයසාද්ගේ ඇද්ද කොඩිය දැම්ම ලණුවකියන චිත්‍රපට. මෙයින් අභිනික්මනචිත්‍රපටයේ හාස්‍යයෙන් මිදිලා කතාබහට ලක්වෙන චරිතයක් මම රඟපානවා. ඒ ගැමි චරිතයක්. එහි දී මම ගැමියෙක් මුහුණ දෙන විවිධාකාරයේ සිදුවීම් රඟ දක්වනවා. ඊට අමතරව සුපුරුදු පරිදි අනෙක් චිත්‍රපටවල හාස්‍ය රංගනයන්ට දායක වුණා.
ඔබ කලා ක්ෂේත්‍රයට ඇවිත් මේ වන විට වසර 30 කට ආසන්න කාලයක් වෙනවා. ඒ ගැන මොකද හිතෙන්නෙ?
අවුරුදු 30 ක් කියන්නේ කලාකරුවකුට සුවිශේෂී කාලයක්. මේ තිස් වසර පුරාවට මම කලා ක්ෂේත්‍රයේ නියැලීමෙන් ලැබු වින්දනීය අත්දැකීම් බොහොමයි. මම දායක වුණු හැම නිර්මාණයක් ගැනම සැබෑවටම මම තෘප්තිමත්. මොනතරම් බාධක කම්කටොලු ඇතිවුණත් ඒ කිසිම දෙයකින් මම පසුබැස්සෙ නෑ. මම අඩියෙන් අඩිය ඉදිරියට ආවා.
හැම විටම මම උත්සාහ කරන්නෙ ක්ෂේත්‍රයේ හැම කෙනෙක් සමඟ ම බොහොම පි‍්‍රයමනාපව හිතකාමීව සුන්දර විදිහට රැඳී ඉන්නයි.
හැම කලාකරුවෙක්ගේ වගේම ඔබගේත් ආරම්භය වේදිකාව වන්නට ඇති...
කලා ජීවිතයේ සුන්දරම තැන වේදිකාව. වේදිකාව මත අඩිය තබපු තැන සිට අද වන විට මම සිනමාව දක්වාම පය තබා තිබෙනවා. වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය කියන තුන් කලා මාධ්‍ය ගැන කතා කරන කොට මට එයින් දෙකක් ගැන තමයි මෙහිදි කතා කරන්න පුළුවන්. ඒ සිනමාව සහ ටෙලි නාට්‍ය, වේදිකාව ගැන පුළුල් විදිහට කතා කළ යුතුයි. වේදිකාව කියන්නේ වෙනමම පැත්තක්.
ඔබ මේ දිනවල වේදිකාවටත් සම්බන්ධයි ද?
වේදිකා නාට්‍ය කලාවට මම හුඟාක්ම කැමැතියි. පසුගිය කාලයේ වේදිකා නාට්‍ය බෙහෙතකටවත් හොයාගන්න බැරි කාලයක් තිබුණා. වේදිකා නාට්‍යය කියන දේ සජීවීව රසිකයන්ට වැලඳ ගන්න පුළුවන්. මම මේ දවස්වල වේදිකා නාට්‍ය තුනකට දායක වෙලා ඉන්නවා. ඒ කල්පාලෝ විනාශය’, ‘ලොක්කත් එක්ක බැහැ’, ‘සකිසඳ මඬලයි.
ඔබේ අනාගත බලාපොරොත්තු මොනවා ද?
මම වෘත්තිය කලාකරුවෙක්. මම මගේ රංගන දායකත්වය කලා නිර්මාණවලට සපයන ගමන්ම මගේම වේදිකා නාට්‍යයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවා.

About the Author

Posted by gossip lanka live on 4:13 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 4:13 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With jeevan handunnetti"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.