Published On:
Posted by gossip lanka live

Chat With samadi arunachaya මම ලබන්න කැමැති ආදරය මට හමුවුණොත් එය විඳින්න මම කැමැතියි.


සමාධි අරුණඡායා
සුමිත්‍රා පීරිස් වැනි කෘතහස්ත චිත්‍රපට අධ්‍යක්ෂවරියකගේ නිර්මාණයකින් තම චිත්‍රපට රංගන දිවිය ආරම්භ කිරීමට ලැබේනම් එය කෙතරම් භාග්‍යයක් ද? එම වාසනාව ලද යෞවන රංගන ශිල්පිනියකි, සමාධි අරුණඡායා. ඇයගේ නම සමාධි වුවත් බොහෝ දෙනෙක් ඇය හඳුනන්නේ මලීලෙසින්. ඒ; දෙරණ නාළිකාවෙන් මේ දිනවල විකාශය වන මලීටෙලි නාට්‍යයේ මලීගේ චරිතය ඇය නිරූපණය කරන නිසයි. තරුවක් සමඟ වරුවක්විශේෂාංගයට අද අප සමාධිව කැඳවා ගත්තේ ඇයගේ පළමු චිත්‍රපට රංගනය පිළිබඳවත් මලීපිළිබඳවත් තොරතුරු දැන ගැනීමේ අදහසින්.
සමාධි මලීවුණේ කොහොම ද?
2010 අවුරුද්දෙ ජාතික රූපවාහිනිය පවත්වපු සිංහල අලුත් අවුරුදු උත්සවයේ අවුරුදු කුමරිය වුණේ මම. ඉන් පසුව දෙරණ නාළිකාවේ සභාපති තුමා සහ මලීටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ තුමා මලීටෙලි නාට්‍යයට මට කතා කළා. මම මලීවුණේ එහෙමයි. දැන් අවුරුදු එකහමාරක් විතර තිස්සේ මම මේ ටෙලි නාට්‍යයේ රඟපානවා. මලීතමයි මාව රංගන ශිල්පිනියක් කළේ. ඒ නිසා මලීට මම ගොඩක් ආදරෙයි.
රංගනයට එන්න ඔබ සිහින මැවූ කෙනෙක් ද?
පුංචි කාලෙ ඉඳල මගෙ හිතේ තිබුණු එක හීනයක් තමයි ඒක. හැබැයි ඒ හීනය හැබෑ කරගන්න පුළුවන් තරමේ දුරක නෙමෙයි තිබුණේ. ඒත් මම නොසිතූ විදියට ඒ හීනය මට ළංවුණා. මෙච්චර ඉක්මනට ඒ හීනය හැබෑ කරගන්න පුළුවන් වෙයි කියල නම් මම හිතුවේ නෑ.
මලීනිසා සමාධිට ගොඩක් දෙනෙක් ආදරය කරනවා ඇති...?
ඇත්තෙන්ම ඔව්. ඒක හරිම පුදුම දෙයක්. මට ගොඩක් දෙනෙක් කතා කරන්නෙ මලීකියලා. බාල තරුණ මහලු හැම දෙනාම මලීට ආදරෙයි. මගතොටේදී හමුවෙන ගොඩක් දෙනෙක් මලී චරිතය ගැන හොඳ කියනව. සමහරු අපේ ගෙදර තාප්පයෙන් එබිල බලනව මම ගෙදර ඉන්නව ද කියල. ඒ මලීආදරේ නිසානෙ.
පේ‍්‍රක්ෂකයින් දක්වන ඒ ආදරය ගෞරවය ඔබට කරදරයක් කියල ද ඔබ හිතන්නෙ?
අපෝ නෑ. සමාජයේ ගොඩක් දෙනකුගේ ආදරයට, ගෞරවයට පාත්‍රවෙන්න වාසනාවක් තියෙන්න ඕන. ඒ නිසා පේ‍්‍රක්ෂකයින්ගේ ආදරය කරදරයක් කියල මම කවදාවත්ම හිතන්නෙ නෑ.
මලීමෙතරම් ජනපි‍්‍රය වෙයි කියල ඔබ සිතුව ද?
මලීමගේ මුල්ම රංගනය. ගොඩක් අඩුපාඩුකම් නොදැනුවත්කම් එක්කයි මම මලීට සම්බන්ධ වුණේ. නමුත් ටෙලි නාට්‍යයට සම්බන්ධ ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ මෙන්ම අධ්‍යක්ෂතුමාගේත් මඟ පෙන්වීම මත මම මේ චරිතය හොඳින් ගොඩනඟා ගත්තා. මම සැම විටම මම කරන වැඩේට උපරීම දායකත්වය ලබා දෙනවා. ඒ වගේම මේ පිටපතේ තිබෙන ලස්සන බවත් නිසා තමයි මලී මෙතරම් ජනපි‍්‍රය වුණේ.
ඔබ මෑත දී දායක වුණු චිත්‍රපටය ගැනත් කතා කරමු...
සුමිත්‍රා පීරිස් වැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරියක් යටතේ මුලින්ම චිත්‍රපටයක රඟපාන්න ලැබීමත් වාසනාවක්. මේ චිත්‍රපටය වෛෂ්ණාවි’. එහි මගේ චරිතයේ නම රුචිරා. යශෝධා අක්කයි, තුමිඳු දොඩන්තැන්න අයියයි එක්ක තමයි මම මෙහි රඟපාන්නෙ. මේක හරිම ලස්සන චිත්‍රපටයක්.
ඔබේ පවුලේ කවුද ඉන්නෙ?
අම්මයි තාත්තයි මමයි මල්ලියි තමයි පවුලේ ඉන්නෙ.
ඔවුන් ඔබේ කලා කටයුතුවලට සහාය දෙනවා ද?
ඇත්තෙන්ම ඔව්. ඒ අයගෙ උදව්ව නිසා තමයි මම අද මෙතැන ඉන්නෙ.
එතකොට ඔබේ ගම...?
මගේ ගම තිස්සමහාරාමය. නමුත් දැන් අපි පදිංචි වෙලා ඉන්නේ පන්නිපිටියේ. අපේ ගම හරිම සුන්දරයි. ගමේ සුන්දරත්වය මම උපරීම විදියට විඳල තියෙනවා.
යෞවන පේ‍්‍රමය ඔබ තවම විඳ නැති ද?
නැහැ. තවම නැහැ. නමුත් මම යෞවන පේ‍්‍රමය ඉතාම සුන්දර විදියට දකින කෙනෙක්. අද බොහෝ දෙනෙක් තුළ තියෙන හැඟීම නියම ආදරයයි කියල මට හිතෙන්නෙ නෑ. මගෙ හිත සොයන මම ලබන්න කැමැති ආදරය මට හමුවුණොත් එය විඳින්න මම කැමැතියි.

About the Author

Posted by gossip lanka live on 4:04 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 4:04 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With samadi arunachaya මම ලබන්න කැමැති ආදරය මට හමුවුණොත් එය විඳින්න මම කැමැතියි."

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.