Published On:
Posted by gossip lanka live

Chat With shiroshi romeshika ආදරයේ සුන්දරත්වය දැනටමත් මා විඳිනවා



- ශිරෝෂි රොමේෂිකා
ඇය ශිරෝෂි රොමේෂිකා. ශිරෝෂි ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ බැබලෙන තරුවක් වී හමාරය. ක්ෂේත්‍රයට පැමිණ බොහෝ කලක් ගත නොවූව ද, විශාල නිර්මාණ ප්‍රමාණයකට දායක නොවූව ද දායක වී ඇති නිර්මාණ වලින් ඇය තම අනන්‍යතාව තහවුරු කරගෙන ඇත. නර්තනය ශිරෝෂිගේ ජීවිතය බඳු ය. අද තරුවක් සමඟ වරුවක්විශේෂාංගයේ සටහන් වන්නේ ශිරෝෂි රසඳුන වෙත පැවසූ අදහස් ය.
ශිරෝෂි ඔබ මේ දවස්වල කාර්ය බහුල ද?
ඔව් තරමක් කාර්ය බහුලයි. මේ දිනවල පිනි වැස්සක්ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. පිනි වැස්සක් වී. සිවගුරුනාදන් ගේ අධ්‍යක්ෂණයක්. මේ ටෙලිනාට්‍ය ජූලි 09 වැනිදා (හෙට) සිට ස්වර්ණවාහිනියෙන් විකාශය වීමට නියමිතයි.
ඔබ කලාවට පැමිණි ආකාරය...
සිරසනාලිකාවෙන් විකාශය වුණු තරු මංසලවැඩසටහනට මම මුලින් ම සහභාගි වුණා. මගේ මුල් ම ටෙලිනාට්‍ය වුණේ කොටඋඩ ගෙදර’. ඉන්පසුව කාව්‍යා’, ‘දුර ගමනක්’, ‘ලොක්කයියාවැනි ටෙලිනාට්‍යවල රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඉන්පසුව තමයි ඩාන්සින් ස්ටාර් චිත්‍රපටයට මම එක් වුණේ.
පිනි වැස්සක් ටෙලිනාට්‍යයේ ඔබ රඟපාන්නේ මොන වගේ චරිතයක් ද?
මේ ටෙලිනාට්‍යයේ මම චරිත දෙකක් රඟපානවා. එකක් සයුරි. අනෙක වෙනුරි. වෙනුරි උසස් සල්ලිකාර පවුලක කෙලිලොල් තරුණියක්. සයුරි ඉතා තැන්පත් හොඳ ගතිගුණ තියෙන චරිතයක්. චරිත දෙකක් එකම ටෙලිනාට්‍යයේ රඟපෑම මට තරමක අභියෝගයක් වුණා. නමුත් මම ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා. පිනි වැස්සක් ටෙලි නාට්‍ය සඳුදා අඟහරුවාදා බදාදා කියන දිනවල රාත්‍රි 7.00 ට ස්වර්ණවාහිනියෙන් විකාශය වෙනවා.
කුඩා කාලයේ ඉඳලම ඔබ නර්තනයට ළැදිද?
ඇත්තෙන් ම ඔව්. නර්තනය මගේ ජීවිතයව වගේ කියලයි මට හිතෙන්නෙ. පාසල් යන කාලෙ ඉඳලම මම නර්තනය ඉගෙන ගත්තා. මම පාසල් ගියෙ රන්පොකුණගම මධ්‍ය මහා විද්‍යාලයට. පාසලේ දි නර්තනය ඉගෙන ගත්තත් ප්‍රසිද්ධ වේදිකාවෙ නටන්න, නර්තන ප්‍රසංගවලට සහභාගි වෙන්න මම වැඩි කැමැත්තක් දැක්වූයේ නෑ. මට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් ලැබුණත් වෙන ළමයෙක්ව ඉදිරියට දාල මම පැත්තකට වෙලා හිටිය. මටම පුදුමයි මම දැන් චිත්‍රපට, ටෙලිනාට්‍ය වලට එක්වීම ගැන.
ඩාන්සින් ස්ටාර්චිත්‍රපටය ඔබට සුවිශේෂියි නේද?
සිරස නාළිකාවෙ ඩාන්සින් ස්ටාර් තරගයට ඉදිරිපත් වෙලා සිටින විට මට ඩාන්සින් ස්ටාර් චිත්‍රපටයේ රඟපාන්න ඇරයුමක් ලැබුණා. ඒ මගේ පළමු චිත්‍රපටය. එය මට හොඳ අවස්ථාවක් වුණා. ඩාන්සින් ස්ටාර්ප්‍රේක්ෂකයින් ඉතාම ආදරයෙන් වැලඳ ගත්තා. දුෂ්‍යන්ත වීරමන් එක්ක තමයි මම එහි රඟපෑවෙ.
එම චිත්‍රපටයේ සිටි සියලුම කලා ශිල්පීන්ගෙනුත් සිරස කාර්ය මණ්ඩලයෙනුත් මට උපරිම විදිහට සහයෝගයක් ලැබුණා චිත්‍රපටයට හොඳින් දායක වෙන්න. චිත්‍රපටය තිරගත වෙලා වසර කීපයක් ගියත් ඒ චිත්‍රපටයේ මගේ රංගනය ප්‍රේක්ෂකයින්ට තාම මතකයි. මඟ තොටේ හමුවන අය - අදත් ඒ චරිතය ගැන මට ප්‍රශංසා කරනව.
ඉදිරියේදී තවත් චිත්‍රපටයකට ආරාධනයක් ලැබුණොත්...
මම ඉතාම සතුටින් ඒ ආරාධනය බාරගන්නවා. හැබැයි ඒ චරිතය මට ගැළපෙන මගෙ හැකියාව පෙන්වන්න පුළුවන් චරිතයක් වෙන්න ඕන.
කලා ශිල්පිනියක් වීම ගැන ඔබ සතුටු ද?
ඇත්තෙන් ම ඔව්. රටක කලා ශිල්පිනියක් වෙන්න හැකියාව වගේ ම වාසනාවත් තියෙන්න ඕන.
ඔබ කලා ශිල්පිනියක් නොවුණා නම්...?
එහෙම නම් මම නැටුම් ගුරුවරියක් වේවි. එහෙමත් නැත්නම් ගෙදරට වෙලා ඉඳීවි.
මේ ගමන එන්න ඔබට මඟ පෙන්නුව අය කවුද?
මුලින් ම මතක් කරන්න ඕන මගෙ අම්මයි තාත්තයි. ඔවුන් දෙන්න තමයි මගේ නර්තන හැකියාව දැකල මාව ඉදිරියට තල්ලු කළේ. ඉන්පසුව සෝමා ගමගේ මහත්මිය වැනි ගුරුවරු මගේ හැකියාවත් ඔපවත් කළා.
එතකොට ඔබේ පවුලේ තොරතුරු...?
මගේ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි මමයි අයියයි. අයිය විවාහකයි. මගේ පවුලේ අය මගේ කලා කටයුතු වලට උපරිම සහයෝගයක් ලබාදෙනවා.
යෞවන ප්‍රේමය ඔබේ ජීවිතයට සමීප ඇති...?
ඔව්. මම ආදරයේ සුන්දරත්වය විඳින කෙනෙක්. මට පෙම්වතෙක් ඉන්නවා. ප්‍රේමය හරිම සුන්දර අත්දැකීමක්. ආදරය මගේ ජීවිතයට ගොඩක් අවශ්‍යයි. ඒ ආදරය මම දැන් ලබනවා.
රඟපෑම ඔබේ වෘත්තිය ද?
රඟපෑම වෘත්තිය ලෙස යොදාගන්න නෙමෙයි මම මුලින් ම රංගනයට ආවෙ. ආශාව නිසයි මම මුලින් ම රඟපෑවේ. රඟපෑම මගේ වෘත්තිය කරගන්නව ද කියල මට දැන් හිතිල තියෙනව.
ඔබට ගොඩක් බලාපොරොත්තු ඇති?
බලාපොරොත්තු ගොඩක් නෑ. නමුත් කලා ශිල්පිනියක විදියට හොඳ නිර්මාණවලට දායක වෙමින් කා එක්කත් සහයෝගයෙන් වැඩ කරමින් කලා ක්ෂේත්‍රයේ රැඳී සිටීමයි මගේ බලාපොරොත්තුව.
ගාමිණී සුසන්ත
ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

 source -Silumina.lk

About the Author

Posted by gossip lanka live on 8:56 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 8:56 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With shiroshi romeshika ආදරයේ සුන්දරත්වය දැනටමත් මා විඳිනවා"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.