Published On:
Posted by gossip lanka live

Karma Sinhala Movie By prasanna jayakody Watch Online

අධ්‍යක්ෂණය - ප්‍රසන්න ජයකොඩි

නිෂ්පාදනය   - Ranjith Page Cargills (Ceylon), Sky Entertainers (Pvt) Ltd, Magic Lantern (Pvt) Ltd

විධායක නිෂ්පාදනය - රසිත ජිනසේන

තිර රචනය - ප්‍රසන්න ජයකොඩිජගත් මනුවර්ණ

සහය අධ්‍යක්ෂණය- අශෝක අතාවුදහෙට්ටි

සංස්කරණය - භාතිය දුනුසිංහ, රංගන සිංහරාජ, සුදේශ් කුමාරසිංහ

සංගීතය - නදීක ගුරුගේසුමුදු ගුරුගේ

කලා අධ්‍යක්ෂණය- සුනිල් විජේරත්න

සිනමාත්මක ඡායාරූපකරණය - පාලිත පෙරේරා

තාක්ෂණික උපදේශක - නිලාන් කුරේ

අංගරචනය - නාරද තොටගමුව

නිෂ්පාදන කළමනාකරණය - නිෂාන්ත පද්මකුමාර

කැමරාකරණය - චින්තක සෝමකීර්ති

ඇඳුම් නිර්මාණය- රසිත ජිනසේන

පද රචනා - ජයරුවන් බණ්ඩාර

ගායනය - නදීක ගුරුගේ

නිශ්චල ඡායාරූපකරණය - ජයන්ත් ධර්මවර්ධන

සම්මානනීය සිනමා අධ්යක්ෂවරයෙකු වන ප්රසන්න ජයකොඩිගේ දෙවන සිනමා නිර්මාණය වන "කර්ම" චිත්‍රපටය මෙම වසරේ අගෝස්තු මාසයේ දී පමණ තිරගතවීමට නියමිතව ඇත. මෙම සිනමා නිර්මාණය මෙවර අන්තර්ජාතික රොටඩෑම් සිනමා උළෙල ඇතුළු සිනමා උළෙලවල් කිහිපයක් නියෝජනය කරයි. ජගත් මනුවර්ණ, මිෂෙල් හාෆ්ට්, නදීක ගුරුගේ "කර්ම" චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය සපයන අතර අවන්ති දිල්රුක්ෂිකා සමරතිලක, නදීෂා යාපාගේ, බුද්ධික මහේෂ් අබේරත්න, දුමිඳු තේජා හංගවත්තඑරික් මදනායක. තේජා හර්ෂණී හේරත්, චේතනා නිමන්තිසුජානි ශශිකා. ආරියරත්න පෙරේරාලෙලුම් රත්නායකකෙනත් ඩි සිල්වා, සාරංග අෂේන් කුරේ, විරාජ් මාලිංගපියුම් ලක්මාල් වීරසිංහ, සුරංග ගුණතිලකඩෙන්සිල් පෙරේරා, ප්‍රියන්ත රත්නායකරවීන්ද්‍ර තන්තිරිගේ, වර්නන් අබේසිංහ සෙසු චරිත සඳහා රංගන දායකත්වය සපයයි. කොළඹගාල්ල හා කුරුණෑගල යන ප්‍රදේශවල රූගත කෙරුණු "කර්ම" චිත්‍රපටයේ සමස්ත රූගත කිරීමේකටයුතු සඳහා දින 30 පමණ කාලයක් ගතව ඇති අතර චිත්‍රපටයේ සමස්ත නිෂ්පාදන කටයුතු වෙනුවෙන් මාස 05 ට ආසන්න කාලයක් ගතව තිබේ. චිත්‍රපටය සඳහා රුපියල් ලක්ෂ 260 ක පමණ පිරිවැයක් දරා ඇති බව ද සඳහන්ය.

"කර්ම" සිනමා නිර්මාණය පිළිබඳව එහි අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි මහතා අද දෙරණ සමග මෙසේ අදහස් දැක්වීය.

"අපේ ජීවිතවල බලාපොරොත්තුවල ඇරියස් එකක් තියෙනවා. ඒ නොලැබුණු දේ අපි හොයනවා. එවැනි චරිත කිහිපයක් පිළිබඳව මෙම චිත්‍රපටය ගොඩනැගෙනවා. "සංඛාරා" චිත්‍රපටය වගේම "කර්ම" චිත්‍රපටයත් මගේ ආත්ම ප්‍රකාශනයක් ලෙස කළ නිර්මාණයක්. පොදුවේ සියලුම ප්‍රේක්ෂකයින්ට රසවිඳිය හැකි ලෙස මෙම චිත්‍රපටයේ ආකෘතිමය ස්වභාවය තුළ යම් වෙනසක් සිදුකර තිබෙනවා. A සිට Z දක්වා ගලායන කතා ස්වරූපයක් මෙම චිත්‍රපටයේ නෑ. පරිච්ඡේද 04 ක් යටතේ මෙහි කතාව ගොඩනැගෙනවා. පරිච්ඡේද 03 ක් එකම කාලයක් යටතේ ඉදිරිපත් කරනවා. චිත්‍රපටය නරඹන සියලුම ප්‍රේක්ෂකයින්ට එකම අත්දැකීමක් ලබාදීමේ අරමුණින්, ප්‍රේක්ෂකයා සමග හුවමාරු කරගත හැකි දේ තවත් වැඩිකිරීමේ අරමුණින් මෙම ආකෘතිමය ස්වභාවයේ වෙනස සිදුකර තිබෙනවා"  

About the Author

Posted by gossip lanka live on 7:25 PM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 7:25 PM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Karma Sinhala Movie By prasanna jayakody Watch Online"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.