Published On:
Posted by gossip lanka live
ප්රීනතිගේ හිටපු පෙම්වතා නාර්ගිස්ට ළංවෙයි
අමෙරිකානු
මෝස්තර නිරූපණ ශිල්පිණියක හා රංගන ශිල්පිණියක වන චෙක් හා පකිස්ථාන මිශ්‍ර
ජාතිකත්වයකින් යුත් 32 හැවිරිදි
නාර්ගීස් ෆක්රි බොලිවුඩ් රසික රසිකාවියන් අතර ජනප්‍රියත්වයක් හිමිකරගනු ලබන්නේ 2011 වසරේ තිරගත වූ ඉමිතියාස් අලීගේ "රොක්ස්ටාර්" චිත්‍රපටය තුළිනි. "රොක්ස්ටාර්" නාර්ගීස්ගේ කුළුඳුල් බොලිවුඩ් සිනමා නිර්මාණය වූ අතර ජනප්‍රිය
බොලිවුඩ් නළු රන්බීර් කපූර් ඇය සමග එම චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය සැපයීය. ඉහළ
විචාරක ඇගයුමට මෙන්ම විරෝධතාවයන්ට ද ලක්වූ "රොක්ස්ටාර්" චිත්‍රපටය තුළින් නාර්ගීස් ෆක්රි කෙටි කාලයක් තුළ ඉහළ
ජනප්‍රියත්වයක් හිමිකරගැනීමට මෙන්ම කා අතරත් කතාබහට ලක්වූ චරිතයක් බවට පත්වීමට
සමත්විය. නාර්ගීස් රංගනයෙන් දායකවන නවතම බොලිවුඩ් චිත්‍රපටය ලෙස "කිලාඩි 786" චිත්‍රපටය සඳහා අත්සන් තබා ඇති අතර අක්ෂේ කුමාර් සමග ඇය එහි ප්‍රධාන
රංගන දායකත්වය සපයයි. නාර්ගීස් ක්ෂේත්රය තුළ මෙන්ම බොලිවුඩ් රසික රසිකාවියන් අතර
වැඩිදුරටත් කතාබහට ලක්වීමට තවත් හේතුවක් වූයේ "රොක්ස්ටාර්" චිත්‍රපටයත් සමග ඇය හා රන්බීර් අතර පෙම් සබඳතාවයක් වන බවට විවිධ
පුවත් පළවීම නිසාය. සමකාලීන රංගන
ශිල්පිණියන් වන දීපිකා පදුකෝන්, කට්රිනා කයිෆ්
ශිල්පිණියන් කිහිපදෙනෙකුගේම නම් රන්බීර්ගේ නම සමග කියැවුණු අතර නාර්ගීස් ෆක්රිගේ නම
ද ඒ අතර විය.
කෙසේවෙතත්
දෙදෙනා අතර පෙම් සබඳතාවයක් වන බවට පළවූ සියලු පුවත් රන්බීර් මෙන්ම නාර්ගීස් විසින්
ද ප්‍රතික්ෂේප කරනු ලැබීය. එමෙන්ම පසුව තවත් බොලිවුඩ් රංගන ශිල්පියෙකු වන ශාහිද්
කපූර් සමග ද නාර්ගීස් පෙම් සබඳතාවයක් පවත්වන බවට විවිධ පුවත් පළවුවද එම සියලු
පුවත් නාර්ගීස් ඉවතදැමුවාය. කෙසේවෙතත් දැන් නැවතත් ඇයට නව පෙම්වතෙකු මුණගැසී ඇති
බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පසුගියදා පැවති සුපිරි බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂවරයෙකු
වන කරන් ජොහාර්ගේ උපන්දින සාදයේ දී නාර්ගීස්ගේ මෙම අලුත් පෙම්වතා පිළිබඳව අනාවරණය වී ඇති බව
ද එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.
මිනිත්තු 40 ක පමණ කාලයක්
නාර්ගීස් කරන්ගේ උපන්දින සාදය පැවති උත්සව භූමිය තුළ රැඳී සිට ඇති බවත්, එයින් වැඩිම කාලයක් සුපිරි බොලිවුඩ්
නිළි ප්‍රීති සින්ටාගේ හිටපු
පෙම්වතා වන නෙස් වාඩියා සමග ගතකර ඇති බවත් වාර්තා වේ. ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරියෙකු
වන නෙස් වාඩියා, බොලිවුඩ් රංගන
ශිල්පිණී ප්‍රීති සින්ටා සමග 2005 වසරේ දී පෙම්
සබඳතාවයක් ආරම්භ කළ අතර එම සබඳතාවය 2009 වසරේ දී බිඳවැටිණ.
ප්‍රීතිගෙන්
ඈත්ව නාර්ගීස්ට ළංවීම තුළින් නෙස් වාඩියා සතුටක් ලබන්නට ඇති බවට ද ඉන්දීය මාධ්‍ය
විශ්වාසය පළකරයි. කරන් ජොහාර්ගේ උපන්දින සාදයට පැමිණි පිරිස විදුලි ආලෝකය මධ්‍යයේ සාදය ප්‍රීතිය
භුක්ති විඳින අතර නාර්ගීස් - නෙස් යුවල
ශාලාවේ කෙලවරකට ගොස් කිසියම් බරපතළ කතාබහක නියැලී සිටි බව ද ඇසින් දුටු ආරංචි
මාර්ග සඳහන් කර තිබේ. දෙදෙනා ඔවුන්ටම වෙන්වූ සතුටින් පිරුණු සංවාදයක නිරතව සිටි බව
ද එම ආරංචි මාර්ග අනාවරණය කර තිබේ. නාර්ගීස් උත්සව බිමෙන් කල් ඇතුවම නික්මයාමට
සූදානම් වූ අවස්ථාවේ නෙස් වාඩියා ඇයව මෝටර් රථය දක්වාම කැඳවාගෙන ගොස් ඇති බව ද
සඳහන්ය. කෙසේවෙතත්
නාර්ගීස් ෆක්රිගේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම සියලු පුවත් ප්‍රතික්ෂේප කර තිබේ. "මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.
ඔවුන් දෙදෙනා එකිනෙකා හඳුනාගත්තා
පමණයි. නාර්ගීස් උත්සවය තුළ රැඳීසිටියේ මිනිත්තු 40 ක් පමණයි. ඇය උත්සවයට ඇතුළුවුණේත් පිටවගියෙත් ඇයගේ කළමනාකාරිණිය සමගයි" මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දක්වමින්
අනාවරණය කර තිබේ.
රංගන ශිල්පිණී
නාර්ගීස් ෆක්රි ද මෙම පුවත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති අතර තමන් නෙස්
වාඩියා පළමුවරට හමුවූයේ ද කරන් ජොහාර්ගේ උපන්දින සාදයේ දී බව සඳහන් කර ඇත. "මගේ කළමනාකාරිණිය නෙස්ගේ මිතුරියක්.
අප සාදයෙන් පිටවන අවස්ථාවේ ඔහු
සාදය වෙත පැමිණෙමින් සිටියා. මගේ මිතුරිය එම අවස්ථාවේ නෙස් වාඩියා මා වෙත
හඳුන්වාදුන්නා. ඔහුගෙන් සමුගැනීම සඳහා මම ඔහු සිපගත්තා. එය චාරිත්‍රානුකූල සිපගැනීමක්
පමණයි. එම අවස්ථාවේ දී ලබාගත් ඡායාරූපයක් මාධ්‍ය පුරා ප්‍රචාරය වුණා" නාර්ගීස් හා නෙස් එකිනෙකා සුහද
අයුරින් සිපගන්නා ඡායාරූපයක්
පුවත්පත්වල පළව තිබූ අතර ඒ පිළිබඳව
අදහස් දක්වමින් නාර්ගිස් ප්‍රකාශ කර ඇත. "ඇත්තෙන්ම මේ සිදුවන්නේ කුමක්ද? මෙම තත්ත්වය පහදාදෙන්නේ කොහොමද? ඉතින් මම පුවත්පත් කියවීම නවතාදැමීමට
තීරණය කළා" මෙම සිදුවීමෙන්
මහත් සිත්තැවුලට පත් නාර්ගීස් වැඩිදුරටත් සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම මෙම අවස්ථාව වනවිට තනිකඩව ගතකරන ජීවිතය තුළින් තමන් සතුටක් ලබන බව ද මෙම සුරූපී
රංගන ශිල්පිණිය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.