Published On:
Posted by gossip lanka live
Isha's Wedding ඊෂාගේ විවාහය 29 දා
කන්ජිපුරම් සාරි ඇඳන් ඊෂාගේ විවාහයට එන්නපියාගේ කෙනෙහිලිකම් මැද හා මවගේ ආශිර්වාදය ලබමින් නිළියක ලෙසට දොරට වැඩියත් ඊෂාට සිනමාවේ මාපියන්ට මෙන් වාසනාවන්ත ගමනක් යාමට නොලැබුණි.
මේ නිසා මව හේමා මාලිනී තවදුරටත් කල වයස ඉක්මවා යාමට නොදී ඇය විවාහ කර දීමට සූදානමින්ය.
හේමා මාලිනීගේත්, ධර්මේන්ද්‍රගේත් වැඩිමල් දියණිය ඊෂා මනාලියක වන්නේ ජූලි 29 වැනිදායි.
ඇය අත ගන්නේ ව්‍යාපාරිකයකු වූ භාරත් තක්තානි සමඟයි. ඊෂාගේ විවාහය සම්පූර්ණයෙන්ම කරට ගෙන ඇත්තේ හේමා මාලිනියි.
කෝවිලක දකුණු ඉන්දියානු සාම්ප්‍රදාය නූලටම පිළිපදිමින් පැවැත්වෙන විවාහයට පැමිණෙන කාන්තාවන් සියලු දෙනාම කන්ජිපුරම් සාරියෙන් හැඩ වීම අනිවාර්යය බවට හේමා මේ වන විටත් සියලු දෙනාටම දන්වා අවසන්ය.