Published On:
Posted by gossip lanka live
ජෝන් ඒබ්‍රහම්ට සුබ මංගලම්
බොලිවුඩයේ තරු මංගල්‍යයක් කියන්නේ රජ මංගල්‍යයකි. එකිනෙකා පරයමින් ජයටම විවාහ උත්සවයක් පවත්වන තරු ලොවේ පුංචිම පුංචි තරු මංගල්‍යයක් පවත්වන්නට පැතුම් පුරන තරු පෙම්වතා ජෝන් ඒබ්‍රහම්ය.ඔහුගේ සිහින කුමාරිය, මව විසින් සොයා දුන් ප්‍රියා රන්චල්ය. ‘මගේ සිහින විවාහය නිවෙසට සීමා වී තියෙනවා. මවුපියන් හා සමීපතම මිතුරන් තුන් හතර දෙනකුගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත් වුණාම හොඳටම ඇති. ලොකුවට සද්ද දාලා මංගල්‍යය ගන්න එක අපේ ක්‍රමය නොවෙයි’ ඔහු පවසයි.
ජෝන්ගේ සිනමා ජීවිතයට දැන් වසන්තය උදා වී ඇත. ‘විකී ඩෝනර්’ සිනමාපටයේ සාර්ථකත්වයත් සමඟ ඔහු නළුවකු වශයෙන් පමණක් නොව නිෂ්පාදකයකු ලෙස ද අති සාර්ථකත්වයට පත් වී සිටින්නේය.