Chat With udayangani samankumari
මෙගා වලට ගියොත් තමයි කැපිලා පේන්නේ
උදයංගනී සමන් කුමාරි
"සිහින
පියාපත්" ටෙලි නාට්‍යයේ සැලී එහෙමත් නැතිනම් කලකට ඉහතදී විකාශය
වූ ඉතිං ඊට පස්සේ ටෙලි නාට්‍යයේ රංජනී ප්‍රේක්ෂක මනසේ අදටත්
අමතක නොවන රූප පෙළක් එක් කළ චරිතයක්. මෙලෙස අද සමාජයේ සිටින
විවිධ චරිත ගැන ප්‍රේක්ෂක සිත් තුළට කතා කරන උදයංගනී සමන්
කුමාරි අපි සමග කතා කෙළේ මෙලෙසින්.
උදයංගනී ගැන මූලික හැඳින්වීමක් කළොත්?
සම්පූර්ණ නම උදයංගනී සමන්කුමාරි. ගම ගම්පොල, මගේ මුල්ම පාසල
වුණේ උඩුගම ශ්‍රී සරණපාල විද්‍යාලය, උසස් පෙළ කළේ ගම්පළ
ජිනරාජ බාලිකා විද්‍යාලයෙන්. ගෑනු ළමයි හතරදෙනෙකුගෙන් යුත්
පවුලේ වැඩිමලා මම. මගේ මුල්ම ටෙලි නාට්‍යයේ රංගනය වුණේ ජයලත්
මනෝරත්නයන්ගේ මගේ කවිය මට දෙන්න.
ඒ වගේම ඔබ කලා ක්ෂේත්රයේ ප්‍රසිද්ධ නිර්මාණකරුවකුගේ
බිරිඳක්?
ඔව්, මගේ සැමියාගෙ සඳුන් රාජකරුණා. ඔහු ටෙලි නාට්‍ය
අධ්යක්ෂවරයෙක්. ක්ෂේත්රයේ වුණත් අපි දෙන්නා ගැන දන්න
පිරිසට වඩා නොදන්න පිරිස වැඩියි.
ඇයි ඒ?
විශේෂිත වූ හේතුවක් නැහැ. නමුත් මම මේ වනතෙක් මගේ සැමියාගේ
නම විකුණලා රංගන ක්ෂේත්රය තුළ ඉදිරියට ගිහිල්ලවත් කාගෙන්වත්
කෝල් කරලා චරිත ඉල්ලගෙනවත් නැහැ. බොහොම හෙමින් ගමනක් තමයි මම
යන්නේ.
ඔබ ක්ෂේත්රය තුළ ජනප්රියවෙන්නේ විවාහයෙන් පසුව. එයට බලපෑවේ
සැමියාද?
ඔහුත් එක හේතුවක් වෙන්න ඇති. නමුත් විවාහ වෙන්න කලින් නාට්‍ය
දහයක විතර රඟපෑවා. 2008 විවාහ වුණාට පස්සේ තාම නාට්‍යය හතරක
විතර තමයි මම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ විවාහයෙන්
පස්සේ අඩුවෙන් තමයි මම රඟපාලා තියෙන්නේ.
ඇයි සැමියා අධ්‍යක්ෂණය කරනු ලබන නිර්මාණ විතරක් රඟපාන්නේ?
මම මොනදේ කළත් පවුලට මුල් තැන දීලා තමයි කටයුතු කරන්නේ. ඒ වගේම
සඳුන්ට මට වඩා මේ ක්ෂේත්රය ගැන දැනීමක් තියෙනවා. ඔහුගේ
කැමැත්ත ඇතිව විතරයි පිටස්තර නිර්මාණ කරුවන්ගේ නිර්මාණවලට මම
සම්බන්ධ වෙන්නේ. ඒ වගේම තමයි සඳුන් අධ්‍යක්ෂණය කරන හැම
නාට්‍යයකම මම රඟපාන්නෙත් නැහැ.
ඔබ රඟපාන්නේ විනෝදාංශයක් හැටියටද?
නැහැ. රංගනය මගේ වෘත්තිය.
ඇයි එහෙනම් නිතර නිර්මාණ අතර රැඳෙන්නෙ නැත්තේ?
රංගනය මගෙ වෘත්තිය වුණාට මුදල් ඉපැයීමේ අරමුණින් නෙමෙයි මම
රඟපාන්නේ. රංගනයට තියෙන ආදරය සහ ගෞරවය නිසා.
නමුත් නිළියක් වුණහම මීට වඩා ජනප්‍රියත්වය ගැන සිතිය යුතුයි
නේද?
මම ජනප්‍රියයි. තැනකට ගියහම ඉන්න ප්රේක්ෂකයන්ගෙන් මට ඒ බව
දැනිලා තියෙනවා. එහෙම කියලා හැමදාමත් ටීවී එකේ පේන්න ඕනේ කියලා
මගෙ මතයක් නැහැ.
මෙගා නිර්මාණ විතරද රඟපාන්න බලාපොරොත්තුව?
කෙටි නාට්‍ය කිහිපයකම රඟපෑවා. නමුත් අද තියෙන තත්ත්වේ
හාත්පසින්ම වෙනස්. කොච්චර කෙටි නාට්‍යවල හොඳ චරිත රඟපෑවත්
මෙගා නාට්‍යයක චරිතයක් රඟපෑවොත් තමයි කැපිලා පේaන්නේ. ඒකයි
ඇත්ත.
දැන් දැන් නවකයින් නිසා හැකියාවක් ඇති ශිල්පීන්ට තැනක් නැතිව
යනවා නේද?
නවකයන් එන එක ක්ෂේත්රයේ පැවැත්ම හොඳයි. නමුත් ක්ෂේත්රයේ
සිටින ප්‍රවීණ නාට්‍ය නිර්මාණ කරුවන් දැනගත යුතුයි පෙනුමට
පමණක් ඔවුන්ව තෝරානොගෙන යමක් රඟපාන්න පුළුවන් දැනුම් තේරුම්
ඇති කෙනෙක් ඒකට තෝරාගන්න. මොකද රංගනය අපි හිතන තරම් ලෙහෙසි
දෙයක් නෙමෙයි. මම වුණත් පුංචි කාලේ ඉඳලා තිබුණ ආසාව නිසා තමයි
ගම්පොළින් කොළඹට ඇවිල්ලා මහේන්ද්‍ර පෙරේරා අයියගේ ස්ටුඩියෝ
ආටිසන්ස් වැඩමුළුටව අවුරුද්දක් පුරා සම්බන්ධවෙලා ඉගෙන ගෙන මේ
තත්ත්වෙට ආවේ.
එකම විෂයක නිරත යුවළක් ලෙසට කට කතා ගැන මොකද හිතෙන්නේ?
අපි දෙන්නට නම් කවදාවත් කටකතා හැදිලා නැහැ. ඔය ප්‍රශ්න ඇතිවෙන
නිසා තමයි රංගනයට වඩා මගෙ පවුලට මූලික තැන දීලා දුර පළාත්වල
රූපගත කරන නිර්මාණ බාර නොගෙන උදේ හවස කරන්න පුළුවන් වැඩ
විතරක් බාරගන්නේ.
සැලීත්, රංජනීත්, කොමඩි චරිත හැටියට නේද ජනප්‍රිය වුණේ.
ඔව්. අදටත් ඔයා දයාවතීගේ දුවද කියලා අහලා කතා කරන පිරිසක්
තමයි මගේ වටේ ඉන්නේ.
සැමියාත් රංගන ක්ෂේත්රයෙන්ම තේරාගන්න විශේෂිත කරුණක්
තිබුණාද?
නිල්වලා ආයතනය නිෂ්පාදනය කළ කොඩ උඩ මන්දිර ටෙලි නාට්‍යයේ
රඟපාන්න ගිහින් තමයි සඳුන්ව මට මුණ ගැහුණේ. ඒ හිතවත්කම තමයි
පසුකාලීනව ආදරයකට පෙරළුණේ, දෙන්නම එකම ක්ෂේත්රයක නිසා තේරුම්
ගැනීමේ හැකියාව වැඩියි කියලා හිතුවා.
උදයංගනී රංගන ශිල්පිනියක් නොවුණා නම්?
නැටුම් ගුරුවරියක් වෙන්න තිබුණා.
සැමියගෙන් රංගනයට සීමා පැනවිලා නැත්ද?
අනිත් ගෑනු ළමයි වගේ මමත් පොළවේ පයගහලා ඉන්න චරිතයක්. අනෙක මම
කවදාවත් මම රඟපාන නාට්‍යයක නළුවෝ කවුද කියලා සොයන්නේ නැහැ.
විශේෂයෙන් අධ්යක්ෂවරයා සහ පිටපත තමයි මට වැදගත්. අනික
සැමියගෙන් අහලා තමයි මම නිර්මාණවලට ආරාධනා කළහම තෝරාගත්නේ. ඒ
නිසා මම මොනවගේ කෙනෙක්ද කියලා ඔහුq හොඳින් තේරුම් අරන් ඉන්නේ.
ඒ නිසා අපි අතර ප්‍රශ්න නැහැ.
ලක්මිණි අතුකෝරල
ඡායා - සමන් අබේසිරිවර්ධන
හැඩගැන්වීම - සැලුන් අශාන්ති මහරගම