Chat With Gayan wickramathilaka මේ රස්සාව නැතිවුණොත් එළවළු කඩයක් දාගන්නවා
බොහෝ
දෙනෙක් ඔහු දුටුවිට කියන කතාවක් තිබෙනවා. "අලුත් පරම්පරාවෙන්
බිහිවෙච්ච හොඳ නළුවෙක්" යන කියමන. එවැනි වදනක් කෙනෙකුගේ
මුවින් පිටවන්නේ ඔහු යම්කිසි නිර්මාණයකට දක්වන සාධාරණත්වය
නිසාවෙනි. හේ අන්කිසිවකු නොව නමින් ගයාන් වික්රමතිලකය. අද
දවසේ මොණරතැන්න, සේපාලිකා, ආදරියේ වැනි ටෙලිනිර්මාණ තුළින්
ගයාන් ඔබ හමුවට එනවා. ඒ නිසාම අපි ඔහු මුණගැසුණා.
ගයාන් මේ දවස්වල භාවනා කරනවා කියලා ආරංචියි ?
ටෙලිනාට්‍යයක නම් මේ දවස්වල භාවනා කරනවා. ඊට අමතරව හොඳින්
වැඩටික කරගෙන යන්න ඕනෑ කියලත් ප්‍රාර්ථනාවක් තියෙනවා.
පසුගිය කාලයේ හිටපු චණ්ඩියට මොකද වුණේ ?
චණ්ඩියා නම් ඉන්නවා. ඒත් කන්න බොන්න දීලා ටික දවසකට කාමරයකට
දාලා වහලා දැම්මා. මොකද අවශ්‍ය වෙලාවට ගන්න. හිටියට වඩා හොඳ
චණ්ඩියෙක් කරලා ගන්න ඕනෑ. ඒ චණ්ඩිය ආපසු එළියට දාලා වැඩක්
නැහැ. අනික ඒ චණ්ඩියගෙ වැඩ ඉවරයි. ඒක හින්දා වෙන විදිහකින්
චණ්ඩියව අරන් එන්න ඕනෑ.
දැන් චණ්ඩිකම් කළා ඇති කියලද හිතන්නේ ?
අපොයි නැහැ. තවම චණ්ඩියගෙ උපරිමය කරලා නැහැ. මම වින් චරිතයක්
කළා තමයි. ඒක නෙමෙයි උපරිමය. මීට වඩා හොඳ චණ්ඩි චරිතයක්
කරන්න ආසයි.
ලංකාවේ තරුණයෙක්ට නළුවෙක් වෙන්න තියෙන්න ඕනෑ අවම සුදුසුකම
මොකක්ද?
තැනට ඔබින විදිහට කතා කරන්න පුළුවන් විය යුතුයි. කොන්ද කෙළින්
තියෙන නළුවෙක් වෙන්න ඕනෑ. රංගන හැකියාව කියන දෙය උපතින්ම
රැගෙන ඒම විශේෂ ලක්ෂණයක් වෙනවා.
ඔබට
ඔය කියන සුදුසුකම් තියෙනවාද?
මට හිතෙනව එහෙම දෙයක් තියෙනවා කියලා.
නිෂ්පාදකවරයෙක්ට නළුවෙක් හෝ නිළියක් වෙන්න බැරිද?
නිෂ්පාදක හැකියාවක් තියෙනවා නම් හොඳ දක්ෂතාවයකුත් තියෙනවා
නම් නළුවෙක් හෝ නිළියෙක් වෙන්න පුළුවන්. නමුත් නිෂ්පාදනයක්
කළ පමණින්ම රඟපාන්න පුළුවන් වෙන්නේ නැහැනේ. මම ගොඩක් වෙලාවට
දකින දෙයක් තමයි අතේ යහමින් සල්ලි තියෙනවා නම් ප්‍රසිද්ධ
වෙන්න ආසාවක් තියෙනවා නම් එකම දෙය තමයි ටෙලිනාට්‍යයක් හෝ
චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින් රඟපාන එක.
නළුවෙක්ට පෙනුම වැදගත්ද?
අනිවාර්යයෙන්ම.
ඔබ පෙනුම රැකගන්න මාසෙකට කොච්චර විදයම් කරනවාද?
අනේ මම පෙනුම රැකගන්න මහලොකු ගණන් වියදම් කරන්නේ නැහැ. මම
සාමාන්‍ය විදිහට ජීවත්වෙනවා. ඒ වගේම වයසේ විදිහට පෙනුමක් මට
තියෙනවා. එතැනින් එහාට ඒ ගැන හිතන්නේ නැහැ. නමුත් ලැබිලා තියෙන
පෙනුම ආරක්ෂා කර ගන්න පරිස්සම් වෙනවා.
ඔය පෙනුමට චරිත ලැබෙනවා කියලා හිතනවද?
තෝරාබේරාගෙන කරන තරමට මේ වෙනකොට මට වැඩ ලැබිලා තියෙනවා. ඉතිං
එහෙම ලැබෙන්නේ මේ පෙනුමටනේ.
ඔය වයස් මට්ටමේ නළුවෝ රැවුල කොණ්ඩ වවන්නේ නැහැ. ඇයි ඔබ එහෙම
කරන්නේ ?
මම හැමවිටම හිතන දෙයක් තමයි නිර්මාණයෙන් නිර්මාණයට කාලෙන්
කාලෙට නළුවා කියන පුද්ගලයා වෙනස් විය යුතුයි කියලා. හැමදාම
ඉන්නේ එකම පෙනුම තියෙන නළුවෙක් නම් ඔහු නළුවෙක් නෙමෙයි.
ප්‍රසිද්ධ චරිතයක් පමණයි. නළුවෙක් කියන්නේ විවිධ කාලවලට
මිනිස්සුන්ට විවිධ විදිහට පෙනෙන චරිතයක්.
නමුත් අද කාලෙ පෙනුමට මුල්තැන දෙන නළුවෝ ඉන්නේ ?
පෙනුම ගැන පමණක්ම හිතනවා නම් ඔහුගේ දක්ෂතාව බින්දුව වෙන්න
පුළුවන්. එයින් අදහස් වෙන්නේ නැහැ පෙනුම අවශ්‍ය නැහැ කියලා.
මොකද දක්ෂතාව බින්දුවේ තියෙන නළුවෝ පෙනුමට වැඩි තැනක් දෙනවා.
මේ දෙකම සම තලයේ තියෙන නළුවෙකුට හොඳ ඉදිරි ගමනක් ඇතිකරගන්න
පුළුවන්.
ඔබත් දැන් දැන් නිතර දකින්න ලැබෙන චරිතයක් වෙලා ?
නිතර දකින කොට කරමලේ සු දුවෙනවානේ. එතකොට වෙනසක් ලබාදිය
යුතුයි. ඒක තමයි නළුවෙක් අලුත් වෙනවා කියන්නේ.
ගයාන්ටත් එහෙම වෙයිද?
මම කවදාවත් එහෙම දෙයක් බලාපොරොත්තු වන්නේ නැහැ. නිතර දකින කොට
කරමලේ සුදු වෙනවා කියන තැනට යන්න මම ඉඩ තියන්නේ නැහැ.
ගයාන් ජීවිතයේ ගත්තු වැරදිම තීරණය මොකක්ද?
මම කවදාවත් වැරදි තීරණ අරගෙන නැහැ.
මෙතැනට ආපු එක වැරැද්දක් කියලා හිතෙන්නෙ නැද්ද?
මම කොහෙත්ම එහෙම හිතන්නේ නැහැ. මෙතැනට ආපු එක ගැන සන්තෝස වෙනවා
මිසක් දුක් වෙන්නෙත් නැහැ.
ඇත්තටම ගයාන් කියන්නේ කවුද ?
මම දන්නේ නැහැ. මිනිස්සුන්ට නම් පේන්නේ ගයාන් විදිහට වෙන්න
ඇති. මම මං ගැන දන්නේ නැහැ. කොහොමටත් මාව වචනවලට ගොනුකරන්න
බැහැ.
දවසක මේ නළුකම හා ජනප්‍රියත්වය අහිමි වුණොත් ?
සාමාන්‍ය විදිහට ගෙදරට වෙලා මල් ගහක් හිටවලා, එළවළු පැළ
ටිකක් වවාගෙන ජීවත්වෙන්න පුළුවන්. නැතිනම් මේ රස්සාව
නැතිවුණොත් එළවළු කඩයක් දාන්නත් පුළුවන්.
දිනේෂ් විතාන
ඡායා - සමන් අබේසිරිවර්ධන
source - www.divaina.com