Published On:
Posted by gossip lanka live

Chat With sanketh wickramage මගේ අම්මට වඩා මට ආදරය කරන කෙනෙක් ලැබුණොත් මම ආදරය කරනවා


සංකේත් අභිලාෂ් වික්‍රමගේ
සංකේත් අභිලාෂ් වික්‍රමගේ කලා පවුලකින් ම ක්ෂේත්‍රයට අවතීර්ණව මේ දිනවල පුංචි තිරේ ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයක් ඔස්සේ ම නිතර ඔබට මුණ ගැහෙන චරිතයක්. මලීටෙලිනාට්‍යයේ නිර්මාල් ලෙසත් සිහින පියාපත්ටෙලිනාට්‍යයේ පවන් රාජසිංහ ලෙසත්ෆෙංෂුයි ගෙදරටෙලිනාට්‍යයේ විනෝද් ලෙසත් රංගනයේ යෙදෙන සංකේත් ඉතාම කෙටි කලකදී ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්නට හැකියාව උදා වුණු යෞවනයෙක්.
මේ දවස්වල කරන වැඩ කටයුතුවලින් ම අපි කතා බහ පටන් ගමු.
ඔව්. ඇත්තටම මම මේ දිනවල ටෙලිනාට්‍ය තුනක රූගත කිරීම්වලට එකතු වෙනවා.
මේ දවස්වල මලී’ ‘සිහින පියාපත්’ ‘ෆෙංෂුයි ගෙදරයන ටෙලිනාට්‍යවල රූගත කිරීම් සිදුවන නිසා ටිකක් කාර්ය බහුල ජීවිතයක ඉන්නේ.
සංකේත් වික්‍රමගේ, සංකේත් කියන එකේ තේරුම දන්නවද?
මම හිතන්නේ සංකේතයක් කියන එක වෙන්න ඕන. අම්මගෙයි තාත්තගෙයි කැමැත්තට දාපු නමනේ.
රඟපාන්න ඕන කියන එක පුංචි කාලේ ඉඳලම තිබුණු බලාපොරොත්තුවක් ද?
ඔව් කුඩා කාලයේ ඉඳලම තිබුණා. අම්මටයි තාත්තටයි අයියටයි ලැබුණු රසික ප්‍රතිචාර මම දැක්කා. ඉතිං කලාවට එන්න පවුල් පසුබිමත් බලපෑවා. කොහොමත් මම ස්කෝලේ යන කාලේ කලාව පැත්තෙන් ඉදිරියට ගියේ නැහැ. හැබැයි මට මතකයි කුඩා කාලේ අයියයි මමයි එකතු වෙලානෙයිනගේ සූදුවකළා. මම කළේ සාජන් නල්ලතම්බි චරිතය. ගුරුවරු පවා කිව්වා හොඳට කළා කියලා. ඒත් ඉතිං ගෙදරින් ලොකු අවසරයක් ලැබුණේ නැහැ රඟපාන්න. ඒ අධ්‍යාපන කටයුතු නිසා.
ඉදිරියටත් රංගනය ජීවිතය කරගෙන යන්න ද බලාපොරොත්තුව.
ඔව් ඇත්තටම රංගනය කියන දේ තමයි ඉදිරියටත් මගේ ජීවිතය. දැන් දැන් මට හිතිලා තියෙනවා, ඒකාකාරී චරිත රඟපාලා ඉදිරියට යනවට වඩා චරිතාංග රංගනයෙන් ප්‍රේක්ෂකයින් අතරට යන්න ඕන කියලා. එකම රාමුවක ඉන්දෙද්දී ප්‍රේක්ෂකයින්ටත් එපා වෙනවා. ඒ දේ මම දැකලාත් තියෙනවා. හැබැයි ඉදිරියට වෙනම රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් නම් මගේ ළඟ නැහැ.
සංකේත් අද රංගනයෙන් මෙතන ඉන්නේ අම්මයි තාත්තගෙයි ලැබුණු සහයෝගය නිසා ද?
මෙහෙමයි, ගොඩක් දෙනෙක් හිතනවා. මම මෙතන ඉන්නේ අම්මයි තාත්තයි නිසා කියලා. ඇත්තටම කවදාවත් කිසිම කෙනෙකුට තාත්තා මාව හඳුන්වලා දීලා නැහැ. ඔය නිසා ම මම තරහා වෙලා ඉඳලත් තියෙනවා.
ඒත් තාත්තා නිතරම කිව්වේ මම ඔයාව එහෙම එක්කරගෙන ගියොත් මම ඔයාව මේ ක්ෂේත්‍රයට දැම්මා වගේ වෙනවා. ඒ නිසා ඔයාගේ උත්සාහයෙන් ම එන්න කියලයි කිව්වේ. මගේ මහන්සියෙන්මයි අද මම මේ ගමන ආවේ. තවමත් කවුරුත් දන්නෑ ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු කියන්නේ මගේ අම්මයි තාත්තයි කියලා.
තාරුණ්‍යය කියන එක සංකේත් කොහොමද දකින්නේ.
ඒ දේ ගොඩක් සුන්දරයි. ඕනෑම මනුෂ්‍යයකුට තරුණ කාලයක් තියෙනවා. කාට වුණත් තමන් යම් දෙයක් කළොත් ඒක පසුවට බලපානවා. ඒ නිසා තරුණ අවධියේ වුණත් තමන් යම් වෘත්තියක් කරනවා නම් ඒකට කැපවෙලා හරියට කළොත් වයසට ගිහින් හරි ඒ දිහා බලලා සතුටු වෙන්න පුළුවන්. කොහොමත් මම තාරුණ්‍යයේ ඉන්න නිසා සුන්දරව සැහැල්ලුවෙන් ගත කරන්නයි කැමැති.
තාරුණ්‍යයට විලාසිතා අත්‍යවශ්‍ය ද?
මම නම් හිතන්නේ විලාසිතා කළාට කමක් නැහැ. නොකළත් වරදක් නැහැ. නීතියක් නැහැනේ. වයසට ගිහින් විලාසිතා කරන්න බැරි එකේ තාරුණ්‍යයට විලාසිතා හොඳයි.
සංකේත් විවේකයක් ලැබුණොත් පොත් පත් එහෙම බලනවද?
පොත්පත් නම් බලනවා අඩුයි. චිත්‍රපට නම් බලනවා.
රංගන ශිල්පියෙකුට තමන්ගේ ගමනට වැදගත් වෙන්නේ මොනවා කියලද හිතන්නේ.
පළමු දේ හොඳ කැපවීමක් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ ඇරෙන්න වයස තරාතිරම, උස මහත ලස්සන, කළු ද සුදු ද කියන එක වැදගත් නෑ. තමන් කරන චරිත පිළිබඳ අවබෝධයක් ලබාගන්න එකයි රංගන ශිල්පියෙකුට අවශ්‍ය. අනෙක් දේ මම දකින තවත් දෙයක් ජනප්‍රිය කියන දේට වඩා වැදගත් වෙන්නේ දක්ෂ කියන දේයි. ඒ නිසා විවිධ පරාසවලට යන්න විවිධ චරිත කරන්න පෙලඹීමයි වැදගත්.
මෙතෙක් ඔබ කළ රඟපෑම් දෙස ආපසු හැරිලා බලද්දී මොකක්ද හිතෙන්නේ.
ඇත්තටම සෑහීමකට පත්වෙන්න පුළුවන්. තවම මට ලොකු අවස්ථාවක් ලැබිලා නැහැ. ඒත් මලී’, ‘සිහින පියාපත්’, ‘.ෆෙංෂුයි ගෙදරටෙලිනාට්‍ය තුන ගත්තොත් මට ලැබුණේ ඒකාකාරී චරිත නෙවෙයි. මලිටෙලිනාට්‍යයේ නිර්මාල්ප්‍රාදේශීය ලේකම්වරයෙක්. ඒත් ඔහු ආදරය ඉදිරියේ විවිධ ප්‍රශ්නවලට මුහුණ පානවා. සිහින පියාපත්නාට්‍යයේ පවන්ගමේ ඉඳන් නගරයට එන දුප්පත් තරුණයෙක්. ඔහු ජීවත්වෙන්න කරන අරගලය ප්‍රබලයි. ෆෙංෂුයි ගෙදරපරිගණක ගුරුවරයකුගේ චරිතය. ඉතිං වෙනස් ම චරිත තුනක් මට ලැබුණේ. රංගනයේ මගේ උත්සාහය වෙනස් ම චරිත සඳහා දායක වෙන්න.
සිනමාවට එක්වෙන්න තවම ඔබට අවස්ථාව ලැබුණේ නැද්ද?
ඕනැම කෙනෙකුගේ ආසාව සිනමාවට එක්වෙන එක. ඒ දේ මටත් තියෙනවා. එවැනි අවස්ථාවක් මටත් ලැබුණා. මට තිරපිටපතක් ලැබුණම මුලින් ම මම ඒක දෙන්නේ අම්මටයි තාත්තටයි. ඉතිං සෑහීමකට පත්වෙන්න පුළුවන් දෙයක් එහි තිබුණේ නැහැ. තිර පිටපතේ කරන්න දෙයක් තිබුණේ නැහැ. ඉතිං මම හිතුවා ඉක්මන් නොවෙන්න.
පසුගිය කාලේ සංකේත්ටත් විවිධ කට කතා හැදෙනවා අන්තර්ජාලයේ අපි දැක්කා.
ඔව්. ඒක හොඳයි එක් පැත්තකින්. නමුත් මම එහෙම හැසිරෙන කෙනෙක් නෙමෙයි. ගොඩක් වෙලාවට දුක හිතෙනවා. මම නම් කියන්නේ මිනිසුන්ට කට කතා හද හදා ඉන්නවට වඩා වැඩක් ඇත්තෙම නැතිනම් පැළයක් හරි හිටවන්න කියලයි කියන්න ඕන. ඒකෙන් රටට හරි වැඩක් තියෙනවා.
හොඳයි ප්‍රේමය පිළිබඳ අත්දැකීම් ඇත්තෙම නැද්ද?
මේ ක්ෂේත්‍රයේ හැසිරෙන කොට පරිස්සමෙන් ඉන්න ඕන. කොහොමත් මගේ වටේ තවත් ඇස් 6 ක් තියෙනවා. ඒ අපේ පවුලේ තුන්දෙනා. කොහොමවත් මට ගෙදරින් උපරිම ආදරය ලැබෙනවා. මගේ අම්මට වඩා මට ආදරය කරන කෙනෙක් ලැබුණොත් මම ආදරය කරනවා.

About the Author

Posted by gossip lanka live on 8:02 PM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 8:02 PM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With sanketh wickramage මගේ අම්මට වඩා මට ආදරය කරන කෙනෙක් ලැබුණොත් මම ආදරය කරනවා"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.