Published On:
Posted by gossip lanka live
Chat With ishara sandamini abeywickrama මුලදී නපුරු ගතිගුණ පෙන්නුවත් දැන් එහෙම නෑ
‘සිහින පියාපත්’ ටෙලිනාට්‍යයේ කේතකී ඇයයි; ‘සිහිනයකි ජීවිතේ’ ටෙලිනාට්‍යයේ තාරුකා ද ඇයයි. එසේ ම ‘ඡායා’ ටෙලිනාට්‍යයේ වාසනා ද ඇයයි. ඇය ඉෂාරා සඳමිණි අබේවික්‍රම. ඉෂාරා රංගන
ක්ෂේත්රයට පිවිස කෙටි කලක් වුව ද දායක වී ඇති ටෙලිනාට්‍ය කීපය මගින් ඇය ප්‍රේක්ෂක
හදවත් දිනා ගැනීමට මේ වනවිට සමත්ව
සිටින්නීය. අද ‘තරුවක් සමඟ
වරුවක්’ විශේෂාංගය
වෙන්වන්නේ ඉෂාරා සමඟ කළ කතා බහ වෙනුවෙනි.
ඉෂාරා
කොහොමද මේ දවස්වල ඔබේ කාලය ගත වෙන්නෙ?
මූලික වශයෙන් ම
මගේ අධ්‍යාපනික කටයුතුවල නිරත වෙලා ඉන්නව. ඒ වගේ ම ‘සිහින පියාපත්’ ‘සිහිනයකි ජීවිතේ’, ‘ඡායා’ යන ටෙලිනාට්‍යවල
රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව නිව්දිකාවක් ලෙස ස්වර්ණවාහිනියේ වැඩසටහන් කීපයක්
ඉදිරිපත් කරන්න දායක වෙනවා.
පාසල්
අවධියේත් ඔබ කලාවට සමීපව සිටිය ද?
මගේ ගම මාතර
පිටබැද්දර. මාතර සුජාතා බාලිකා විදුහලෙන් මම මූලික අධ්‍යාපනය හැදෑරුවා. ශිෂ්‍යත්වයෙන්
සමත් වෙලා කොළඹ දේවි බාලිකා විදුහලට ඇතුළත් වුණා. උසස් පෙළට මම කළේ ජීව විද්‍යා
විෂයන්. උසස් පෙළින් පසුව මම දේශීය වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. දැන් මම එහි 4 වැනි වසරේ ඉගෙන ගන්නවා. පුංචි කාලෙ මට
තිබුණු හීනයක් තමයි වෛද්‍යවරියක්
වීම. ඒ වගේ ම මගේ හිතේ කොනක තිබුණා නිළියක් වීමේ ආශාව. නමුත් මම පාසල් යන කාලයේ රංගන
කටයුතුවලට සම්බන්ධ වුණේ නෑ.
එතකොට
ඔබ කලා ක්ෂේත්රයට සම්බන්ධ වුණේ...?
උසස් පෙළ
විභාගය කරල නිවෙසට වෙලා ඉන්න කාලෙ, ඒ කියන්නෙ 2008 අවුරුද්දෙ මම දෙරණ ‘මිස් ශ්‍රී ලංකා’ තරගයට ඉදිරිපත් වුණා. එහිදී අවසන් පස් දෙනා අතරට එන්න මට
අවස්ථාව ලැබුණා. 2009 අවුරුද්දෙ මම ‘Miss Lion Queen’ ලෙස තේරුණා. 2010 අවුරුද්දෙ මිස් ශ්‍රී ලංකා තරගයේ දෙවැනි ස්ථානය හිමි
වුණේ මට. ඒ වගේ ම 2010 අවුැරද්දෙ මම ‘Miss working girl’ ලෙස තේරුණා.
ඉන්පසුව මම මෝස්තර නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වුණා. එහෙම ඉන්න අතරේ තමයි ලලිත් වසන්ත මහතාගේ
ආරාධනයක් අනුව නිල්වලා ආයතනයට සම්බන්ධ වුණේ. මගේ පළමු රංගනය තමයි ‘සිහින පියාපත්’ ටෙලිනාට්‍යයේ කේතකී ගේ චරිතය. ඒ
විදියටයි මම කලාවට සම්බන්ධ වුණේ.
මුලින්ම
කැමරාවට මුහුණ දුන් දවසේ ඔබට බයක් දැනුණේ නැද්ද?
ඇත්තෙන් ම
දැනුණා. ‘සිහින පියාපත්’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වනවිට මම රංගනය
ගැන කිසිම දෙයක් දැනගෙන
හිටියේ නෑ. ආශාවක් පමණයි මට තිබුණේ. ටිකින් ටික මට තිබුණු බය ඇරුණා.
‘කේතකී’ ඔබේ
ජීවිතයට සමීප ද?
කේතකී ගේ ගති
ලක්ෂණ මගේ ගති ලක්ෂණවලට බොහෝ දුරට සමානයි. කේතකී දඟකාරයි; අහිංසකයි; ආදරයට හරිම ආදරෙයි. මුලදී නපුරු
ගතිගුණ පෙන්නුවත් දැන් එහෙම නෑ. ඇය ඉතාම සරල කෙළිලොල් තරුණියක්.
මේ මගේ පළමු
රංගනය. මම නොසිතපු විදියට එයට ප්‍රතිචාර ලැබෙනවා. මගේ නම ගොඩක් දෙනෙක් දන්නේ නෑ.
හැමෝම මට කතා කරන්නෙ කේතකී කියලා. ප්‍රේක්ෂකයින් ලිපිවලිනුත් මට සුබ පතනවා. ඒ සුබ
පැතුම් වලට ප්‍රතිචාර වලට මම ඔවුන්ට ස්තුති වන්ත වෙනවා.
එවැනි
ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන ඔබට මොනවද හිතෙන්නෙ?
හිතාගන්නත්
බැරි සතුටක් තමයි ඒ වෙලාවට දැනෙන්නෙ. මා කළ දෙයක් පිළිබඳව ප්රශංසාත්මකව කතා කරනවිට මට
සුබ පතනවිට මට හරිම සතුටක් දැනෙනවා.
රංගනය ගැන
කිසිදු දැනුමක් නොමැතිව ක්ෂේත්රයට ආ එම රංගනය ගැන හදාරන්න බලාපොරොත්තුවක්
තියෙනවද?
අනිවාර්යයෙන් ම
රංගනය ගැන හදාරන්න මගේ හිතේ තියෙනව. මේ දවස්වල කෙරෙන මගේ අධ්‍යාපනික කටයුතුවලින්
පසුව රංගනය ගැන හැදෑරීමක් කරනව.
නිවේදිකාවක්
ලෙසත් ඔබ කටයුතු කරනවා නේද?
ඔව්; ස්වර්ණවාහිනියේ ‘මහජන සේවය පිණිසයි’, ‘Good afternoon
Sri Lanka’ චැනල් ච්, ‘ජීවිතය ලස්සනයි’, වැඩසටහන් ඉදිරිපත් කිරීමට දායක වෙනවා.
අනාගතයේ
ඔබ වෛද්‍යවරියක් ද,
නිවේදිකාවක්
ද රංගන ශිල්පිනියක් ද?
ඔය තුනම.
කොහොමද
මේ ක්ෂේත්‍ර තුනේම නියැළෙන්නෙ?
මිනිසුන්ව
සුවපත් කරන්න, මිනිසුන්ට
සේවාවක් කරන්න ඕන කියන හැඟීම පුංචි කාලෙ ඉඳලම තිබුණු නිසයි වෛද්‍යවරියක් වෙන්න මම
ආශා කළේ. රංගනය සහ නිවේදනයෙනුත් මානසිකව මිනිසුන්ට සුවපත් කරන්න පුළුවනි. ඒ නිසා මේ ක්ෂේත්‍ර
තුනේ ම සමබරව යෙදෙන්න මම උත්සාහ කරනව.
සිනමාවට
තවම ඔබට ආරාධනයක් ලැබී නැද්ද?
ආරාධනයක්
ලැබුණා. නමුත් මගේ අධ්‍යාපන කටයුතු, මේ දවස්වල සහභාගි වෙන ටෙලිනාට්‍ය රූපගත කිරීම්
ආදිය නිසා ඒ ආරාධනය බාරගන්න බැරි වුණා. මට ගැළපෙන යමක් කළ හැකි චරිතයක් කරන්න
සිනමා නිර්මාණයක අවස්ථාව ලැබුණොත් මම ඒක සතුටින් බාරගන්නවා.
මොනවගේ
බලාපොරොත්තු ඔබේ ජීවිතේ තියෙන්නෙ?
වෛද්‍යවරියක්, රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් විදියට ඉදිරියට යන්න
බලාපොරොත්තු වෙනවා. මගේ
ජීවිතය මම තවම ගොඩනඟාගන්න හැදුවා විතරයි. තව ගොඩක් දේවල් මගේ ජීවිතයට එකතු කරගන්න
තියෙනවා. සතුටින් සරලව සාර්ථකව ජීවිතය ගෙවන්නයි මගේ බලාපොරොත්තුව.
ගාමිණී සුසන්ත
ඡායාරූපය -
අනිල් මල්ලවආරච්චි