Published On:
Posted by gossip lanka live
Chat With priya sooriyasena
ක්ලැරන්ස් හැදූ ගී ප්‍රියාටත් තහනම් ?
ඇය අද එනවා හමුවේදෝ
සිතත් පිරීලා උතුරා යනවා
ඇගෙ රුව දැකලා
ඇගෙ සිත අසලා සැනසේදෝ...!
(පද
– ක්ලැරන්ස්
විජේවර්ධන)
අප අතරින් වියෝ වූ
සංගීතඥ, ගී
පද රචක, ගායන
ශිල්පි ක්ලැරන්ස් විජේවර්ධන වෙනත් ගායන ශිල්පීන් සහ
ශිල්පිනියන් හට නිර්මාණය කර දුන් ගීත ලෝලී සිත්ගත් ගී සිය ගණනකි. එම ගීත
අතර ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේන ගායනා කරන ‘පැතුම් පිරීලා’, ‘රටකින් එහා
ඉගිලී’, ‘ඈත
රන් විමන්’ සහ
‘හිරු
ද මුවා වී’ වැනි
ගීත අදත් ගීතලෝලීන්ගේ සිත් වසඟ කරගන්නා රසබර ගීතය. එහෙත් අපට මේ වන
විට ලැබී ඇති කරුණු අනුව පෙනී යන්නේ ළඟදීම එම ගීත ගායනය කිරීම
පි‍්‍රයාට තහනම් විය හැකි බව ය.මුලින්ම අප මේ පිළිබඳ දැනගත්තේ ක්ලැරන්ස් විජේවර්ධන ගී නිර්මාණ ඇටෝර්නි බලකරු සිරි හෙට්ටිආරච්චි වෙතින්ය. ඒ අනුව ක්ලැරන්ස් නිර්මාණ දායකත්වය ලබා දුන් ගීත අනවසරයෙන් සංගීතය විකෘති කරමින් නැවත පටිගත කර ක්ලැරන්ස්ගේ නිර්මාණ අයිතිය ද සඳහන් නොකර ගීත තැටි නිකුත් කිරීම සම්බන්ධයෙන් පි්රයාටත්, ඔහුගේ පුතා වන ලක්ෂිතටත්, ගී තැටි නිෂ්පාදකයින්ටත් එරෙහිව පසුගියදා නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබ තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රියා සූරියසේනගේ අදහස් විමසූ විට ඔහු පැවසුවේ ‘නීතිඥ උපදෙස් නිසා මේ කාරණය ගැන වැඩිදුරට මගේ අදහස් ප්‍රකාශ කරන්න බැහැ’ යනුවෙන්ය.
ඔබට ක්ලැරන්ස් නිර්මාණය කර දුන් ගීත ගායනය කිරීම ඉදිරියේ දී තහනම් වෙයි ද?
”නැහැ, මං හිතන්නේ නැහැ එහෙම වෙයි කියා. ක්ලැරන්ස් මට ගායනය කරන්න නිර්මාණය කර දුන්න ගී මගේ ගීත හින්දා එහෙම කරන එකක් නැහැ. මම ක්ලැරන්ස් ගායනා කරපු ගීත ගායනා කර නැහැ. ඔහු මට නිර්මාණය කරලා දුන්න ගීතයි මම ගයන්නේ. මේ රටේ හැම ගීත රසිකයෙක්ම රසිකාවියක්ම දන්නවා මේවා මගේ ගීත බව.”
ඈත රන්විමන් තුළින්
පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින්
එබී බලනවා...!
(පද – ක්ලැරන්ස් විජේවර්ධන)
ක්ලැරන්ස්ගේ නිර්මාණ
අයිතිය පිළිබඳ ගීත තැටි කවරවල සඳහන් නොකිරීම සහ නැවත පටිගත කිරීමේදී
සංගීතය විකෘති කිරීම වැනි චෝදනා ගැන ඔබට පවසන්න යමක් තිබේද?”නැවතත් පැහැදිලිවම කියන්නේ මේ කාරණයට සම්බන්ධව කිසිවක් මේ අවස්ථාවේ පවසන්න මං කැමැති නැහැ.
මම නීතිඥ උපදෙස් පිළිපදිනවා. (‘ඉඩ ලැබුණාම මං ‘රසඳුන’ට ඕන දෙයක් කියන්නම්’ යයි කියමින් ද) ඒ වෙනුවට මගේ රසික රසිකාවියන්ට කියමු මගේ අලුත්ම ගීත එකතුව ගැන.”
ඔබේ අලුත් ගීත එකතුව එළිදක්වන්නේ කවදාද?
”මේ අවුරුද්දේ අවසානයට පෙර එය එළිදක්වනවා. දැනට ගීත කිහිපයක්ම පටිගත කර අවසානයි.
වසර ගණනකට ඉහත මා ගැයූ හැබැයි කැසට් හෝ ගී තැටියකට ඇතුළත් නොවූ ගුවන්විදුලියෙන් ප්‍රචාරය වී නෑසී ගිය ගීත කිහිපයකුත් මේ ගීත එකතුවට ඇතුළත් වෙනවා. පෙම්වතිය අනිකෙකු හා විවාහ වී යන දවසේ සුරාසලක තනිවී ළතැවෙන මිතුරෙකු වෙනුවෙන් මා ගායනා කළ ‘මංගල රියකින් ඈ යන මොහොතේ’ ගීතය ද එවැනි එක ගීතයක්.”
මංගල රියකින් ඈ යන මොහොතේ
සබඳ කිමද මේ සුරා සැලක තනි වී
අහිමි පෙමක නටබුන් අතරේ
බිඳුණු පෙමට තව ළතැවෙන්නේ...!
ක්ලැරන්ස් නිර්මාණය
කරන ලද සෑම ගීතයකම අයිතිවාසිකම් මේ වන විට උරුමව ඇත්තේ ඔහුගේ බිරිඳ
ශීලා සහ දුව අමිලා විජේවර්ධනටය. ඔවුන් පදිංචි ඕස්ට්‍රේලියාවේ ය. එහෙයින් අපි මේ දිනවල ලංකාවට පැමිණ සිටින ඔහුගේ බිරිඳ ශීලාගෙන් ද ප්‍රියා ගයන ක්ලැරන්ස් නිර්මාණය කළ ගීත පිළිබඳ මතුවී ඇති ගැටලුව ගැන විමසීමු.
මෙම ගීත ක්ලැරන්ස් නිර්මාණය කළේ තමාට ගයන්න බව ප්‍රියා පවසනවා.
”ඔව්, ප්‍රියාට ගයන්න තමයි ක්ලැරන්ස් මේ ගීත නිර්මාණය කරලා දුන්නේ. හැබැයි ගයන්න දුන්නා මිස නිර්මාණවල බුද්ධිමය දේපළ අයිතිය හෝ මෙම නිර්මාණවල සංගීතය විකෘති කරන්න හෝ දුන්නේ නැහැ. අපේ අවසර නැතුව නැවත පටිගත කිරීමේදී ගීතවල සංගීතය විකෘති කර තිබෙනවා. ඒ මදිවාට ගී තැටි කවරවල ක්ලැරන්ස්ගේ නිර්මාණ අයිතියවත් සඳහන් කරලා නැහැ.”
සිදුකර ඇති හානි වෙනුවෙන් සෑහෙන වන්දි මුදලක් ඉල්ලා සිටිනවා නේද?
”ක්ලැරන්ස්ගේ නිර්මාණ අනවසරයෙන් ගායනා කර සහ සංගීතය විකෘති කර පටිගත කර එම ගී තැටි වෙළෙඳ පොළට යවා තිබෙනවා. අපි රුපියල් ලක්ෂ තිහ සහ ලක්ෂ හැට වශයෙන් වන්දි මුදල් අපේක්ෂා කරනවා. එක් ගී තැටි නිෂ්පාදකවරයෙකු අපේ ඇටෝර්නි බලකරු සිරි හෙට්ටිආරච්චි හමුවී එකඟතාවකට කතාබහ කර ඇතත් තවමත් ඒ පිළිබඳව ස්ථිර තීරණයකට එළැඹී නැහැ. කෙසේ වුවත් අප එන්තරවාසි මඟින් ප්‍රියාටත්, ඔහුගේ පුතා ලක්ෂිතටත්, ගී තැටි නිෂ්පාදකයින්ටත් දැනුම් දී ඇති පරිදි කටයුතු කරගෙන යනවා. යුක්ති සහගත විසඳුමකට ඔවුන් පැමිණියේ නැත්නම් ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ගයෙන් නඩු පවරනවා.”