Published On:
Posted by gossip lanka live

Chat With Dulani Anuradha මම මෙවැනි චරිත රඟපාන විට අනිවාර්යයෙන්ම ඇඟට තද කොට කලිසමක් අඳිනවා


දුලානි අනුරාධා මෑත කාලයේදී වැඩි අවධානයක් දිනාගත් යොවුන් රංගන ශිල්පිනියක්.අබාචිත්‍රපටය හරහා පැමිණි ඇය මේ වෙද්දී අතිසාර්ථකව තිරගත වෙන කුවේනිහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. ඒ වෙනුවෙන් දුලානිට ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර පවා ලැබෙනවා. ඒ අතර තිබෙන අමුතුම විදිහේ ප්‍රතිචාරය තමයි ඇගේ ඇඳුමක්සම්බන්ධව තිබෙන කතාව.
දුලානි මේ සම්බන්ධව කියන්නේ කුමක්ද? කලබල නොවී අපි ඇය කියන්නේ මොකක්ද කියලා අහල  බලමු.
[B] දුලානි මුලින්ම කියන්න ඔබ මේ දිනවල නිරත වී සිටින කලා කටයුතු ගැන?[/B]
පසුගිය දිනවල මම නිමල් ජයවීර මහතාගේ ටෙලි නාට්‍යයක රූපගත කිරීම්වලට සහභාගිවෙලා හිටියා. ඒ අනුරාධපුරයේ.
මේ දවස්වල ආපහු සැරයක් පාස‍ලේ වැඩ කටයුතුවලට සම්බන්ධ වී ඉන්නවා. මොකද මම වෘත්තියෙන් ගුරුවරියක්. පානදුර සුමංගල විද්‍යාලයේ තමයි උගන්වන්නේ.
[B]කොහොමද කුවේණිට තිබෙන ප්‍රතිචාර?[/B]
ඉතා හොඳයි විජය කුවේනි කතාව අපේ ජාතියත් එක්ක බැඳුණු කතාවක් නිසා බොහෝ දෙනා චිත්‍රපටය බලලා යහපත් ප්‍රතිචාර දක්වනවා.
[B]දුලානි චරිත ඉල්ලාගෙන අධ්‍යක්ෂවරුන්ගේ පස්සෙන් යන කෙනෙක්ද? මේවා ක්‍ෂේත්‍රය තුළින් අපිට ඇහෙන කතා?[/B]
අනේ නැහැ. ඔවැනි කතා පැතිරෙන එක ගැන කනගාටුයි. මම අබාචිත්‍රපටයේ සිට විජය කුවේනිදක්වා නිර්මාණ කීපයක රඟපෑවා. ඒත් කවදාවත් චරිත ඉල්ලාගෙන ගිහින් නැහැ. ඕවා නිකං වැඩකට නැති කතා විතරයි. කුවේනිගේ චරිතය පවා මට කරන්න කියලා බාර දුන්නේ සුගත් සමරකෝන් මහතා මා හමුවී කතා කරලයි. ඒ වෙද්දී මම එතුමාව හමුවී කතාබහ කර තිබුණෙත් නැහැ. කලින් දැන අඳුනගෙන හිටියෙත් නැහැ. මොකද ඔහු ලංකාවේ සිටි කෙනෙක් නමෛයිනේ. මම හිතනවා ඔය කතා නිකං ඊර්ෂ්‍යාවට හෝ වෙනත් හේතුවක් නිසා හදන ඒවා කියලා.
මම චරිත ඉල්ලාගෙන ගිහින් කරනවා නම් මීට වඩා වැඩි නිර්මාණ රැසක මට ඉන්න තිබුණා. නමුත් මම ඉන්නේ බොහොම අඩු නිර්මාණ කීපයක විතරයි.
[B]අන්තර්ජාලයේ මේ දිනවල තිබෙන ඡායාරූප ගැන ඔබ මොනවාද කියන්නේ?[/B]
ඇත්තටම ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. මට ඔය ගැන කියන්න තිබෙන්නේ මෙපමණයි.
ඇතැම් වබේ අඩවි කරන අය තමන්ගේ දේ ජනප්‍රිය කරගන්න මෙවැනි අසභ්‍ය ඡායාරූප පළ කරනවා.
මම මෙවැනි චරිත රඟපාන විට අනිවාර්යයෙන්ම ඇඟට තද කොට කලිසමක් අඳිනවා. ඔය පෙන්වන විදිහේ දෙයක් ඇත්තටම සිදුවුණේ නැහැ.
සාමාන්‍යයෙන් මේ වගේ චිත්‍රපටයක රඟපාන කොට දුවන්න පනින්න වෙන අවස්ථා වැඩියි. නටන්න වෙන අවස්ථා පවා තිබෙනවා. සටන් ජවනිකා තිබෙනවා. මේවා හැමදේකටම ලෑස්තිවෙලයි අපි යන්නේ. ඉතින් මේ වගේ දෙයක් සිදුවුණේ නැති බව මට ඉතා විශ්වාසයි. මේක තනිකරම හිතා මතා ගොතපු එකක්. අද කා‍ලේ තාක්ෂණය හුඟක් දියුණුයි. ඉතින් මොනවාද කරන්න බැරි. මට මේ දේවල් ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි. අන්තර්ජාලය තුළ තිබෙන මේ දේවල් විශ්වාස කරන්න එපා. එහෙම වුණත් මෙවැනි අසත්ය් දේ ප්ර.චාරය කරන අයට වාසියක් වෙනවා. ඇත්තටම මේවා විකෘති ආසාවක් තිබෙන අයගේ වැඩ. [B] ඔබ පෙම්වතියක්ද? [/B] ඔව් මම පෙම්වතියක්. [B]ඔහු මේ සම්බන්ධව දරන අදහස මොකක්ද? [/B] (සිනාසෙමින්) ඔහු තමයි මුලින්ම මේ සම්බන්ධව මාව දැනුවත් කළේ. අන්තර්ජාලයේ තිබෙන හැමදෙයක් ගැනම ඔහුට යම් අවබෝධයක් තිබෙනවා. මේ නිසා මේවා ගැන එතරම් දුරට ඔහු සිතුවේ නැහැ. [B]කවුද ඔහු කලා ක්ෂේාත්රනයේ කෙනෙක්ද? [/B] නැහැ නැහැ. කලා ක්ෂේේත්රනයට සම්බන්ධ කෙනෙක් නමෛයි. ඔහු කවුද? කොහොම කෙනෙක්ද? කියන විස්තර පසුව කියන්නම්. කමක්් නෑ නේද? [B] ‘කුවේනි චරිතය ගැන ඔබව සිනමාවට හඳුන්වාදුන් ජැක්සන් ඇන්තනී මොනවාද කිව්වේ? [/B] ජැක්සන් මහතා මට කුවේනී මාධ්ය දර්ශනය දවසේ හමුවුණා. ඔහු මට කිව්වා ඔබ හොඳින් කුවේනී චරිතය රඟපා තිබෙන බව. ඇත්තටම මට ඒක ගැන හරිම සතුටුයි.
source - http://www.lakbima.lk VIJAYA was the eldest son of king Sinhabahu (Man with Lion arms) and his Queen Sinhasivali of Lata Kingdom in India. He Landed on Sri Lanka with 700 followers in 543 B.C. He met Yaksha Clan spinster KUVENI who had been undergoing a bad period since her birth. She was engaged in textile weaving, when she met VIJAYA. She and Vijaya engaged in a dual-war and lost the battle. Ultimately, she becomes the mistress and the wife of VIJAYA. She bore him two children, named DISALA and JEEVAHATTHA. After seven years, there was a conspiracy instigated by VIJAYA'S advisers and ministers, stating that KUVAENI was a human flesh eater of the Yaksha clan, and that her children will succeed to the throne. They instigated VIjaya to get princess from INDIA. Marry her and get rid of KUVAENI and her two children. Film Cast - Roger Senevirathna, Dulani Anuradha, Cletus Mendis, Buddhadasa Vithanarchchi, Anura Dharma Siriwardane,Thilak Kumara Rathnayaka, Wilson Karunarathna, Nadeeka Gunasekara, Gamini Jayalath and importantly Minister Mervin Silva comprise the rest of the cast. Director - Sugath Samarakoon Producer - Gayan Ranadheera

About the Author

Posted by gossip lanka live on 10:13 PM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 10:13 PM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With Dulani Anuradha මම මෙවැනි චරිත රඟපාන විට අනිවාර්යයෙන්ම ඇඟට තද කොට කලිසමක් අඳිනවා"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.