Chat With Amila Perera - මුලදි පුංචි පුංචි විරෝධතා තිබුණා. පස්සේ ඒවා මගහැරුණා.
[B]අමිල හදිසියේම ලංකාවට ආවේ?[/B]
විශේෂ හේතුවක්ම නමෛයි. මම එංගලන්තයේ අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. ඒ කටයුතු අවසන් කරලා පසුගිය පෙබරවාරි මාසයේ ලංකාවට ආවා. මේ වසර අගදී විතර ආයෙම යන්න තමයි හිතාගෙන ඉන්නේ.
[B] මොනවද කළ හැදෑරීම්...[/B]
මම ව්‍යාපාර කළමනාකරණය ගැන හැදෑරුවා.
[B]ආයෙම යන්නේ එම උපාධියේ ඉතිරි කොටස් සම්පූර්ණ කරන්නද?[/B]
නැහැ. එය සම්පූර්ණයෙන්ම අවසන්. ආයෙම ගිහිල්ලා එහෙ සංගීත පාසලකට ඇතුල්වන්න තමයි හිතාගෙන ඉන්නේ...
ථ ලබපු අධ්‍යාපනය ඔස්සේ ලංකාවේ රැකියාවක් කරමින් සංගීතයේ යෙදෙන්න පුළුවනි නේ...?
මම හිතාගෙන ඉන්නේ ලබපු අධ්‍යාපනය තුළින් එංගලන්තයේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයට එකතුවන්න.[B] ලංකාවේ සංගීතය සහමුලින්ම අමතක කරල දැම්මා එතකොට...?[/B]
(හිනැහි) කව්ද එහෙම කියන්නේ? මේ මාස කිහිපයට ටෙලි නාට්‍ය හා චිත්‍රපට කිහිපයකම පසුබිම් ගායනය සඳහා මේ වෙද්දී ආරාධනා ලැබිලා තියෙනවා. සංගීත ප්‍රසංග, රූපවාහිනී වැඩසටහන් රැසකට සහභාගි වෙනවා.
මම 2009දී ලංකාවෙන් යනකොටත් වැඩ කිහිපයක් කරලා ගියේ. ඒ හින්දා මම ලංකාවේ නැතත් මගෙ නිර්මාණ තිබුණා. රටින් පිටව ගියත් අලුත් නිර්මාණ කිහිපයක් ඉතුරුකරල යන්නේ...
[B] ඉඳහිට මේ විදියට ලංකාවට ආවට ස්ථීර පදිංචිය එංගලන්තයද?[/B]
(හිනැහි) එහෙම වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවනි. ගෙදරින් යන්න එපා කිවුවොත් සමහර විට මේ පාර නතරවෙන්නත් ඉඩ තියෙනවා. ලංකාවට ඇවිත් කලාවට ආයෙම එකතු වුණාට පස්සේ දැන්නම් මටත් නතරවෙන්න පවා හිතෙනවා. (හිනැහේ) බලමුකෝ ඉදිරියේදී මොනවා වෙයිද කියල තවම කියන්න බැහැ.
[B] බිරිඳ ගැනත් විස්තර කියන්න.[/B]
ඇය නයෝමි වැන්ගෝෂ්... කලාවට සම්බන්ධ නැහැ. මගෙ කටයුතුවලට උපරිම සහය දෙනවා. බර්ගර් ජාතික තරුණියක් වුණාට නයෝමි ලංකාවේ. අපි විවාහවුණේ 2007දී... 2009දී තමයි දෙන්නම රට ගියේ.
[B] කොහොමද නයෝමිව හමුවුණේ...[/B]
නයෝමිගේ හොඳම මිතුරිය මගේ ඥාති සොයුරෙකුගේ පෙම්වතිය. ඒ දෙන්නගෙ ප්‍රේම සම්බන්ධයට උදව් කළේ නයෝමියි. මමයි. ඒ දැන හැඳුනුම්කම මත අපි දෙන්නා අතරත් ආදරයක් ඇතිවුණා.
[B] අමිල බර්ගර් ජාතික යුවතියක් තෝරාගත්තාම ගෙදරින් විරෝධතා ඇතිවුණේ නැද්ද...?[/B]
(හිනැහි) මුලදි පුංචි පුංචි විරෝධතා තිබුණා. පස්සේ ඒවා මගහැරුණා.
[B] සුපර් ස්ටාර් තරග බිමේ හමුවූ යාළුවෝ දැන් මුණගැහෙන්නේ නැද්ද...?[/B]
එංගලන්තයේ ඉන්න කාලෙදී මොහාන් දර්ශන හා මලිත් පෙරේරා සමග ඇසුර පැවැත්වුණා. අපි ස්කයිප් එකෙන් දිගටම කතා කළා. ලංකාවට ආවට පස්සෙ නම් කවුරුත් හමුවුණේ නැහැ.
[B] ඔබේ මිතුරු ශිහානුත් මීට මාස කිහිපයකට කලින් විවාහ වුණා...[/B]
ඔව්, මට තවම ශිහාන්ට සුබ පතන්නවත් බැරිවුණා. ඉදිරියේදී ශිිහාන්ව හමුවේවි.
[B] අමිලලාගෙන් පසුව රියැලිටි තරග කිහිපයකින්ම තරුණ පිරිස් රාශියක් ක්‍ෂේත්‍රයට එකතුවුණා...[/B]
ඔව්, ඒ අතර දක්ෂයන් ඉන්නවා. සුපර්ස්ටාර් දෙවන අදියරෙන් ආ බුද්ධික උෂාන්, සුරේන්ද්‍ර, ප්‍රදීප් දක්ෂයි. පසුකාලෙ වැඩසටහන් වලින් පැමිණි අයව නම් හමුවුණේ නැහැ. දක්ෂයින් ඒ අතරත් ඉන්නවා. අවබෝධයෙන් යුතුව ක්‍ෂේත්‍රයේ ඉදිරියට ගියොත් දිගු ගමනක් යන්න ඔවුන්ට පුළුවන් වේවි.