Chat with sudiksha samadi

12 Jan 2021 / 0 Comments

 Chat with sudiksha samadi

තව කියවන්න

Gossip News Srilanka
Model & Actresses

Nona Shifani New Photos

Nona Shifani New Photos ...

ishi zohana New

ishi zohana New ...

උණුසුම් පුවත්

Chat with Michelle Dilhara

Michelle Dilhara I Adara Belman Music Video Nilan Hettiarachchi ft Gayani Madusha Chat with Michelle...

Ralway Station In Alimankada

  Ralway Station In Alimankada ...

Movie

    Susthi sinhala movie

    susthi sinhala full movie,susthi film onlline,susthi film song,susthi film acctress,...

Gossip News

Chat with sudiksha samadi

 Chat with sudiksha samadi...

Video Gallery

Lakshika siriwardana Speaks ( Video )

...

Sport
World News & Gossip
Model & Actresses
Published On:
Posted by gossip lanka live

Chat With anjala seneviratne - ටික කලකට මම රට යනවා

ඇන්ජලා සෙනෙවිරත්න

ඇය ඇන්ජලා සෙනෙවිරත්න. ඇය රඟපෑ පළමු සිනමා නිර්මාණය වන ‘කොටි වලිගය’ චිත්‍රපටයෙන්ම සිනමා ක්ෂේත්‍රයේ ආන්දෝලනයක් ඇති කිරීමට ඇය සමත් වූවාය. ඉන් පසුව පාර දිගේ, ධවල පුෂ්පය, මධුරි, පූජා වැනි සිනමා නිර්මාණ ගණනාවකට ද ටෙලි නාට්‍ය ගණනාවකට ද ඇය තම රංගන දායකත්වය ලබා දුන්නාය. පසුගිය සති කීපය තුළ ඇන්ජලා ලංකාවේ මාධ්‍ය තුළ පුවත් මවන චරිතයක් බවට පත් වූවාය.
ඒ ඇය වෙත එල්ල වූ අභූත චෝදනාවක් නිසාය. එම චෝදනාව පිළිබඳවත් ඇන්ජලාගේ වත්මන් ජීවිතය පිළිබඳවත් රසඳුන වෙනුවෙන් අපි ඇගෙන් තොරතුරු විමසා සිටියෙමු.

ඔබ කලාවෙන් දුරස් වුණේ ඇයි?
රැකියාව නිසා. මීට අවුරුදු 11 කට පෙර මම සෞදි අරාබි තානාපති කාර්යාලයේ සේවයට බැඳුණා. මම එහි දැරුවේ වගකිවයුතු තනතුරක්. ඒ රැකියාවට මගේ කාලය සම්පූර්ණයෙන් ම වැය කළ යුතු වුණු නිසයි මම කලාවෙන් දුරස් වුණේ. මගේ නිවාඩු දිනවල කලා කටයුතුවල යෙදුණා නම් ඒක කලාවට කරන ලොකු අඩුවක් වෙනවා. හැබැයි මට වසර ගණනක් කලාවෙන් දුරස් වෙලා හිටියත් මගේ රසික රසිකාවියන්ට තාම මාව මතක බව පසුගිය දිනවල සිදුවූ සිදුවීමෙන් පැහැදිලි වුණා.

කලාවෙන් දුරස් වෙන්න ආසන්න කාලයේ ඔබ සහභාගි වූ කලා නිර්මාණ මොනවාද?

සිංහල සිනමාවට, වේදිකාවට, ටෙලිනාට්‍යවලට දායකත්වය ලබාදුන්නත්, ඉංග්‍රීසි වේදිකාවටත් මම දැඩිව කැපවෙලා සිටියා. කලාවෙන් දුරස් වෙන්න කලින් මම ඉංග්‍රීසි වේදිකා නාට්‍යවල රඟපෑවා. අවසන් වශයෙන් සහභාගි වුණු සිංහල නිර්මාණය වුණේ ‘නිසලගිර’ චිත්‍රපටය. එහි මම ප්‍රබල චරිතයක් රඟපෑවා.
ඔබේ දරුවන් දැන් ජීවත්වෙන්නේ කොහේද?
මගේ වැඩිමහල් දියණිය ජෝර්දානවල ගුවන් සේවිකාවක් ලෙස සේවය කරනවා. මගේ දෙවැනි සහ තුන්වැනි දියණියන් ඕස්ට්‍රේලියාවේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියාව කරනවා. වැඩිමහල් දියණියන් දෙදෙනාම විවාහකයි.
ඔවුන් කලාවට සම්බන්ධ නැතිද?
මගේ දෙවැනි දුව ඇයගේ පියාණන්ගේ (ගාමිණී ෆොන්සේකා මහතාගේ) ‘නොමියෙන මිනිසුන්’ චිත්‍රපටයේ රඟපෑවා. ඇය වඩාත් ම කැමැති සංගීතයට. ඇය දක්ෂ ගායිකාවක්. ඇයගේ ම ගීත කීපයක් තියෙනවා. ඒ හැර අනෙක් දියණියන් කලාවට සම්බන්ධ වුණේ නෑ.
එතකොට ඔබේ සැමියා...!
ඔහු පසු ගිය කාලේ රෝගාතුර වී සිටියා. දැන් ඔහුට සුවයි. දැන් ඔහු හෝටල් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ තිබෙන විශ්ව විද්‍යාලයක උපදේශකවරයෙක් ලෙස සේවය කරනවා.
කලකට පෙර ඔබ පුවත්පත් කලාවේදිනියක් නේද?
ඔව් මම Lanka women සඟරාව සතිපතා පුවත්පතක් ලෙස පළවූ අවස්ථාවේ එහි කර්තෘවරිය ලෙස වැඩ කළා. මේ වනවිටත් මම Daily mirror පුවත්පතට තීරු ලිපියක් ලියනවා.
ඔබ පුවත්පත් කලාවට කැමැති ද?
ඔව් මම හරිම කැමැත්තෙන් පුවත්පත් කලාවේදිනියක් ලෙස වැඩ කළේ. හැබැයි මම පුවත්පත් කලාවේදිනියක ලෙස බොරු ලිව්වේ නෑ. මිනිසුන් අපහසුතාවයට පත් කළේ නෑ. මම විශේෂාංග රචනයේ යෙදුණු කෙනෙක්. පසුගියදා මට වුණු සිදුවීමෙන් පසුව පුවත්පත් වාර්තාකරණය පිළිබඳව මට තියෙන්නෙ අප්‍රසාදයක්. පුවත්පත් කලාවේදීන් පිරිසක් වගකීමෙන් තොරව පෑන හසුරුවපු නිසා මගේ රැකියාව මට අහිමි වුණා.
ඔබේ රැකියාව නැවත ඔබට නොලැබේවිද?
ලැබුණොත් ඒක දෙවියන්ගේ කැමැත්ත මත සිදුවන දෙයක්. මගෙ වයස අවුරුදු 53 යි. මම මෙතෙක් කිසිම අවස්ථාවක කිසිදු නීති විරෝධී වැඩකට සම්බන්ධ වෙලා නෑ. මම රටේ නීතියට ඉතාම ගරු කරනවා. කිසියම් බලවතෙකුට මගේ නිදොස් බව තේරිලා මගේ රැකියාව ලබාදෙනවා නම් ඒ ගැන මම හරිම සතුටු වෙනවා.
රංගන ශිල්පිනියක් ලෙස කලාවට පිවිසි ඔබ නිෂ්පාදිකාවක්. අධ්‍යක්ෂිකාවක් ලෙස ඉදිරියට නොගියේ ඇයි?
මුදල් නොමැති නිසා. මම චිත්‍රපටයක් හදන්න සූදානම් වුණා. විශාල මුදලක් ඒ සඳහා වැය කිරීමට මට නොහැකි නිසා ඒ අදහස මඟ හැර දැම්මා. මම බිස්නස් කළේ නෑ. රැකියාවල් කරල මම මහන්සියෙන් උපයාගත් දෙයක් තමයි මට තිබුණේ.
කලාකාරිනියක් වීම ගැන ඔබ සතුටු ද?
ඇත්තෙන්ම ඔව්. කොටි වලිගය චිත්‍රපටයේ පටන් මම දායක වුණු සෑම නිර්මාණයක් ම ප්‍රේක්ෂකයින්ට තාම මතකයි. ඔවුන්ගේ සොඳුරු මතකයේ තාමත් මම හිඳීම ගැන මට හරිම සතුටුයි. කලාකාරිනියක් වීමට ලැබීම වාසනාවක් ලෙසයි මම දකින්නේ.
ඔබේ මතකය සතුටු කරවන ඔබ රඟපෑ නිර්මාණය කුමක්ද?
මගේ පළමු චිත්‍රපටය ‘කොටිවලිගය’ චිත්‍රපටය. එහි මම කළේ අභියෝගාත්මක චරිතයක්. ඒ රඟපෑමට මට ‘සරසවිය’ සම්මානය පවා හිමි වුණා.
ඉදිරියේදී නැවත කලාවට යොමුවෙන්න අදහසක් නැතිද?
රැකියාව නැති නිසා ඇතැම් විට ඉදිරියේදී මම කලාවට යොමුවේවි.
පසුගියදා ඔබ මුහුණ දුන් සිදුවීමේදී ඔබේ හිතවත් කලාකරුවන් ඔබේ ළඟින් සිටියා ද?
කීප දෙනෙක් සිටියා. කලා ක්ෂේත්‍රයේ මම ඇසුරු කරන මට හිතවත් කීපදෙනෙක් මාව අස්වැසුවා. මාව ධෛර්යවත් කළා. අනෝජා, සනෝජා, මාරියෝ , කැලුම්, ප්‍රියන්ත, ජයන්ත කැටගොඩ වැනි අය මට විශාල හයියක් වුණා.
ඇත්තටම මොකක්ද මේ ඔබේ නම ගෑවුණු මත්ද්‍රව්‍ය ප්‍රවෘත්තියට හේතු වුණේ?
මම මීට අවුරුදු 10 කට පෙර පදිංචි වෙලා සිටි නිවෙසේ දැන් ඉන්නේ අලුත් කට්ටියක්. ඒ අතරේ විදේශිකයින් කීපදෙනෙකුත් ඉන්නවා. ඔවුන් මගේ නම යොදාගෙන කළ මත්ද්‍රව්‍ය ජාවාරමක් තමයි මේ හෙළි වුණේ. මගේ රසිකයෙක් ඒ නිවසේ ලිපිනයට මට එවූ ලිපියක තොරතුරු අරගෙන මගේ නම ඉස්සරහට දාගෙන පිටරටින් මත්ද්‍රව්‍ය ගෙන්වා තියෙනවා. මගේ අස්සන හොරට යොදාගන්න ශ්‍රී ලාංකිකයෙක්ව යොදාගෙන තිබුණා. ඒ හැර මේ සිදුවීමට මගේ කිසිම සම්බන්ධයක් නෑ. පොලිසියේ මට චෝදනාවක් තිබුණේ නෑ. මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් මට චෝදනාවක් තිබුණේ නෑ. ඉතාම අසාධාරණ ලෙස මට චෝදනා කළේ ඇතැම් මාධ්‍ය.
ඉදිරියේ දී ඔබ මොනවද කරන්නෙ.
මම ළඟදීම කලකට රටින් බැහැර වෙනවා. ඊට පසුව මම මගෙ ජීවිත කතාව පොතකට ලියනවා. ඇතැම් විටෙක ඒක චිත්‍රපටයකට නඟන්න තරම් සුදුසු කතාවක් වේවි.


About the Author

Posted by gossip lanka live on 9:44 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:44 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With anjala seneviratne - ටික කලකට මම රට යනවා"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.