Published On:
Posted by gossip lanka live

Chat With Gayathri dias - හැඩකාර ගයත්‍රි ජීවිතය ගැන කියන හැටි

මේ හැඩකාර ගයත්‍රි රංගනයට පැමිණියේ නව යොවුන් වියේදීය. එලෙසින් රංගනයට පැමිණි ඇය තවමත් සිටින්නේ තාරැණ්‍යයේය. නමුත් රංගනයේදී බොහෝ විට ඇය වයසින් මුහුකුරා ගිය චරිත සමග අපට හමුවෙයි. ඒත් එදාට සාපේක්ෂව ඇයව නිතර දෙවේලේ දක්නට ලැබෙන චරිතයක් නොවෙයි. රංගනයට එහා ගිය ජීවිතේ රූපලාවන්‍ය ශිල්පිනියක, මවක, ගෘහනියක, බිරිඳක ලෙස කටයුතු කරන ඇයට මේ සියල්ල අතරේ ජීවිතය දැනෙන්නේ කෙසේද? ගයාත්‍රි ඒ ගැන කියාවි.


ගයත්‍රි කොහොමද ජීවිතේ ?
කාර්ය බහුලයි. ඒත් ගොඩාක් හොඳින් ඉන්නවා.

කාලයක් එක දිගට රඟපාලා දැන් තරමක් ඈත් වෙලා ඉඳහිට රඟපෑමේ යෙදෙනවා. එහෙම නේද ?
රංගනයටම කියලා වෙන්වූ කාලයක් මට එදා ඉඳලම තිබුණේ නැහැ. මවක, බිරිඳක, ගෘහනියක ලෙස සහ ඉන්පසුව රූපලාවන්‍ය ආයතනයේ වැඩකටයුතු සමග ගෙවන කාලයට අමතරව ලැබෙන කාලය තමයි රංගනය සඳහා වෙන් කර ගන්නේ. පසුගිය කාලයේදී හොඳ නිර්මාණ කීපයකටම දායක වුණා. එයින් එකක් හැටියට මේ දිනවල විකාශය වන ෂර්ලි පී. දෙලංකාවලගේ ‍"සත්කුළු පව්ව" සඳහන් කරන්න පුළුවනි. මේ විදිහට ඉදිරියේ තව නාට්‍ය දෙකකට පමණ දායක වෙනවා. දිගටම කියලා රඟපෑවේ නැතත් ‍"පබළු"  නාට්‍යයේ විතරක් ටික කාලයක් දීර්ඝව රඟපෑවා. නමුත් ඉදිරියේ උපරිම කොටස් පනහකට පමණ සීමා වූ ඒවායේ විතරක් රඟපාවි.

කාර්ය බහුල වන විට සමහරුන්ට තම රූප ස්වභාවය පවත්වා ගන්න බැරිවෙනවා. නමුත් ගයාත්‍රි එදාට වඩා අද ලස්සනයි කිව්වොත් ?
කාන්තාවක් ලෙස හැමදාම ලස්සනට සිටිය යුතුයි. ලස්සන වෙනවා කියන එක හිතත් එක්ක බලපාන දෙයක්. හිත ලස්සනයි කියන්නෙ අනුන්ට ආදරය කිරීම සහ ගෞරව කිරීමයි. මම හැමදාම එහෙම කළ කෙනෙක්. සමහර විට මට ආදරය නොලැබෙන්න පුළුවනි. නමුත් අපි ආදරය කළයුතුයි. මගේ ඒ ආදරයත් එක්ක  හිතේ තියෙන පිරිසුදුකම මුහුණින් පේනවා ඇති. එය ලස්සනද කියලා මං දන්නෙ නැහැ.

රඟපෑමට පැමිණ ගෙවී ගිය කාලයට සාපේක්ෂව අද ක්ෂේත්‍රයට පැමිණ සිටින නිළි පිරිස ගැන ඔබට දැනෙන විදිහ කොහොම ද ?
නිළියන් කියන චරිත ඉතා ගෞරවනීය විදිහට ජීවත් වුණොත් ඉතාමත් හොඳයි. චරිතය රඟපාලා එය තමන්ගේ පෞද්ගලික ජීවිතයට පටලවාගත යුතු නැහැ. මෙය අනුන් පිනවන වෘත්තියක්. නිළියන් යනු බොහෝ වෙලාවට ලස්සනටල පිළිවෙළට ඉන්නල තවත් පිරිසකට ආදර්ශයක් ගෙන දෙන පිරිසක්. අන්න ඒ දර්ශනය සමාජයට දීම වැදගත්.

අද සිටින අය ඔය කියන ගරුත්වය සමාජයට දෙනවද ?
සමහර අතළොස්සක් විතර නිළියන් යැයි කියාගත් පිරිසක් ක්ෂේත්‍රයට පැමිණ සිටිනවා. හොඳ තත්ත්වයේ සිටින ප්‍රතිභාපූර්ණ  අයට වෙලාවකට ඒ අයව කැළලක්. ඒත් ඒ අය වෙනයි. ගරුත්වය ඇති පිරිස වෙනයි. ඒ මිම්මෙන් මනින්න බැහැ.

එදා නිළියක් ලෙස ඔබ ක්ෂේත්‍රයට එනවිට ලැබුණු පිළිගැනීම අද කාලයේ අයට ලැබෙනවාද? කොහොමද එය සසඳන්නේ ?
ඒ කාලයේ රංගන ක්ෂේත්‍රයට පැමිණීම එතරම් පහසු දෙයක් වුණේ නැහැ. අසීරු දෙයක් වුණා. ඉතාමත් හොඳ දක්ෂතාවක් වගේම සුන්දරත්වයත් බලපෑවා. අධ්‍යක්ෂවරු නිර්මාණවලට නවක නිළියන් තෝරා ගත්තේ ආවට- ගියාට නෙවෙයි. නමුත් මේ කාලයේදී ඉතා කෙටි මාර්ගවලින් ප්‍රවිෂ්ටවීමට වගේම  ප්‍රවීණ අය ඇසරු කිරීමට ලැබී තිබෙනවා. ඉස්සර එහෙම නැහැ. ප්‍රවීණයන් අසලට ගියෙත් පුදුම බයකින්. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, ගරුත්වයටයි. මේ කාලයේ සිටින සමහර අය  ඔවුනට නම් කියලා පවා කෙලින්ම ආමන්ත්‍රණය කරන තරමට ගරුත්වය හීන වෙලා. ක්ෂේත්‍රයට ඇති ගරුත්වය  නැති වෙන්නේ එවැනි දේ නිසයි.

ඔබ වයසට වඩා එහා ගිය චරිත රඟපෑවා. පසුගිය කාලයේදී එහෙම කළේ දැන් සිටින අය එක්ක තරග කරන්න බැරි නිසා ද? මොකක්ද හේතුව?
නැහැ. ඒකට හේතුව මමත් දන්නෙ නැහැ. සමහර විට පබළු නාට්‍යයේ චරිතය ගැන මට දෙවරක් හිතන්න වුණා. නමුත් බිමල් තමයි මගේ චරිතයට පෑහෙන පිරිමි චරිතය කළේ. අපි දෙන්නම සම වයසේ අය. පබෝදා මගේ හොඳ මිතුරියක්. ඒ නිසා මේ අය එක්ක රඟපෑම මට කැමැත්තක් මිස ප්‍රශ්නයක් වුණේ නැහැ. චරිතය සඳහා ලොකු වෙනසක් කළේ නැහැ. නමුත් ප්‍රධාන චරිතයකට කාලය ලබාදීමට මට තියෙන කාලය අඩුයි. ඒත් ඉදිරියේදී ගිවිස ගත් චරිතවලින් එය වෙනස් වේවි.

අවංකවම කියන්න ඔබ පෙම්වතියගේ චරිතය රඟපානවට චන්න කැමතිද?
ඇත්තටම මේ වන විට චන්න අයියා සම්පූර්ණයෙන්ම මාව වටහාගෙන ඉන්නෙ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ.

ඔහු පෙම්වතා ලෙස රඟපානවට ඔබ කැමතිද?
කිසිම ප්‍රශ්නයක් අද වෙනකල් ඇති වෙලා නැහැ. රංගනය පැත්තෙන් එයා එයාගේ කාර්යය හරියට කරන කෙනෙක්. අනෙක එයාගේ පෙම්වතිය වන චරිත බොහෝ විට මගේ මිතුරියන්. ඒ සියල්ල හැරත් නළුවකු සහකරු ලෙස තෝරා ගැනීමේදී මේ සියල්ල ගැන වටහාගෙන තමයි විවාහය සිදු කරන්න ඕනෑ. එතැනදී මගේ තේරීම හරිග වයස ප්‍රශ්නත් එක්ක මුල් කාලයේදී යම් යම් දේ හිතට ඇතිවුණා. නමුත් වයසත් එක්ක ලබන අත්දැකීම් මත දැන් ඒ කිසිවක් දැනෙන්නෙ නැහැ.

පවුලක් හැටියට මේ විදියට ජීවිතය ගෙවන විට බාහිරව ඊට අකුල් හෙලපු අයත් සිටියා කියලා හිතනවද? ඒවා ජයගත්තෙ කොහොමද? පවුලට විෂබීජ කියන දේ ගේන අය හිටියෙ නැද්ද?
ඕනෑම පවුලක ප්‍රශ්න තියෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. මොකද විරුද්ධ අදහස් දරන දෙන්නෙක් එක වහලකට ආවාම අදහස් සමාන කර ගන්න මුළු ජීවිත කාලයම මදි. වෙන වෙන අය දාන විෂබීජ වෙන්න පුළුවන්. නමුත් දරුවන් නිසා සියල්ල උපේක්ෂාවෙන් බැලිය යුතුයි. වගේම දැරිය යුතුයි. අපි ආසියානු කාන්තාවන්. අපට ගෘහ ජීවිතේ වෙනුවෙන් බැඳුණු සභ්‍යත්වයක් තියෙනවා. සදාචාරයකුත් තියෙනවා. ඒ ගැන හිතන්නම වෙනවා. මම නිතරම දුවල දෙන්නගෙ ගෞරවය රකින මවක්. මට හිතේ සතුටට එය හොඳටෝම ඇති. ඔවුන් සමාජයේ බැබලෙන්නෙ ඒ ගරුත්වය තිබුණොත් විතරයි. අපි දරුවන්ට ගරුත්වය ලබා දිය යුතුමයි. මවගේ චරිතය එහිදී සුවිශේෂයි.

සටහන/ ඡායාරූප - සඳුන් ගමගේ

About the Author

Posted by gossip lanka live on 9:15 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:15 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With Gayathri dias - හැඩකාර ගයත්‍රි ජීවිතය ගැන කියන හැටි"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.