Published On:
Posted by gossip lanka live

Chat With Denuwan Senadi දෙනුවන් සොරාගත්ත කෙනෙක්‌ නැද්ද?

ඉදිරියේදි නළුවෙක් වෙයි කියලා හිතනවා
-
දෙනුවන් සේනාධි
මට පොඩි පිනකුත් තියෙනවා...

නම - දෙනුවන් සේනාධි හේaවාමුදලි වාසලගේ
පාසල - මොරටුව වේල්ස්‌ කුමර විද්‍යාලය
ගම - දෙණියාය
උපන් දිනය - 1983.08.14
ආගම - බුද්ධාගම

හාස්‍යය උපදවන රංගන කලාවට එකතුවුණු නවකයෙකු වන දෙනුවන් සේනාධි ගැන මේ දිනවල කතා වන්නේ ස්‌වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වන සපුමලී ටෙලිනාට්‍යයේ නිර්මාල්ගේ චරිතය නිසයි. මේ ජනප්‍රිsයත්වය නිසාම දෙනුවන් ගැන තොරතුරු දැනගැනීමට අපි ඔහුව ඇමතුවා.

දෙනුවන ක්‍ෂේත්‍රයට එන්නේ?

තුසිත විමලසිරි මහතාගේ දැන හැඳුනුකම් මත ස්‌වර්ණාවාහිනියේ වැඩසටහන් සහයකයකු හැටියට වැඩ කරන්න ලැබුණා. එතනදි හඳුනගත්ත මහේaෂ් සත්සර මද්දුමආරච්චි තමයි දෙමාපියෝ දුන්න මගේ ජීවිතේ අරුත තෝරගෙන අද මේ තැනට මාව ගෙනාවේ. ඒ නිසා ලබන ආත්මේ මහේෂ්a අයියගෙ ගෙදර වත්තේ ළිඳක්‌ වෙලා ඉපදෙන්න තියෙනවනම් කැමතියි.

අනාගත බලාපොරොත්aතුව වුණේ රංගනයද?

තේ වතු ආශිs්‍රතව වතු සුපිරින්ටන්ඩන් කෙනෙක්‌ වෙන්න පුංචි කාලේ ආසාවක්‌ තිබුණා.

එතකොට රඟපාන්න හිතුවේ?

ගමෙන් කොළඹට ආවට පස්‌සේ අද කාලෙට සුපිරින්ටන්ඩන් රස්‌සාව හරියන්නේ නැහැ කියලා හිතුණා. ඒ අතරේ ටීවී චැනල් එකක පෙනී සිටීමේ පොඩි ෆන් එකක්‌ ආවා. සුදුවටත් ඉන්න නිසා ගැහැනු ළමයි ඉදරියේ කැපී පෙනෙන්න මේක හොඳ අවස්‌ථාවක්‌ කියලා හිතුවා.

දැන් නළුවෙක්‌ කියලා හිතනවද?

ආස කරන දේවල් ළංවීමේ පොඩි පිනක්‌ තියෙන නිසා අවස්‌ථාව ලැබුණා. දැන් තමයි මම රඟපාන්න පටන්ගත්තේa ඉදිරියෙදි නළුවෙක්‌a වෙයි කියලා හිතනවා.

චරිතයක්‌ දෙකක්‌ රඟපෑ පමණින් නළුවෙක්‌ විය හැකිද?

කැමරාවක්‌ ඉදිරියේ මුදලට එක චරිතයක්‌ හරි රඟපෑවනම් එයා නළුවෙක්‌ තමයි.

ඒ කියන්නෙ දැන් ඔබ ජනප්‍රියයි?

මුලින්ම ටීවීඑකේ මාව දැක්‌කට පස්‌සේ පාරට බැහැලා බැලුවේ මිනිස්‌සු මාව අඳුනගත්තද කියලා. නමුත් අද මම ජනප්‍රියයි. ඒකෙ කිසිම තර්කයක්‌ නැහැ. මොකද මගෙ රංගනය ගැන අදහස්‌ ප්‍රකාශ කරන්න ඉඩදීලා තිබුණට මගේ දාම් බෝඩ් එකේ ඉත්තෝ අදින්නේ මම විතරයි.

ඔබ ඔබවම තක්‌සේරු කරනවාද?

මම රඟපාන චරිත හර්දයානුකූලවමයි රඟපාන්නේ. ඒ නිසාම වැඩිහිටියන්ගෙනුයි කුඩා දරුවන්ගෙනුයි තමයි වැඩි ප්‍රතිචාර ලැබෙන්නේ. ඒකට හොඳම උදාහරණෙ තමයි ගැහැණු ළමයි මාව පසුකරගෙන යද්දි ආන්ටිලා මාව අතගාලා කොහොමද නිර්මාල් පුතා කියලා සුවදුක්‌ විමසීම.

රැකියාවෙන් ඉවත්වෙන්න සිදුවීම ගැන දැනෙන්නේ?

කියාගන්න බැරි සන්තෝෂයක්‌.

ගමේ චන්ඩියෙක්‌ කියන්නේ ඇත්තද?

අපෝ නෑ.

එහෙනම් දෙනුවන් කොහොම කෙනෙක්‌ද?

මනුෂයෙක්‌ හැටියට සෞන්දර්යත්මකව ජීවිතේ විඳින ගොඩක්‌ මිතුරන් ඇසුරු කරන කෙනෙක්‌.

රස ගුණ නැතත් කෑමක්‌ තියෙනවනම් දෙනුවන් එතන කියන්නේ ඇත්තද?

මෙහෙමයි මම කන ජාතියේ කෑමක්‌ වුණොත් අම්මා මුත්තා එපා කිව්වත් කනවා.

යාළුවෝ අතරේ කැපී පෙනෙන චරිතයක්‌ කියන්නේ ඇත්තද?

යාළුවෝ දැක්‌කම පොඩ්ඩක්‌ බයයි. මොකද කාටහරි කවුරුහරි විහිළුවක්‌ කළොත් මාව තමයි සැකකරන්නේ. එහෙම කරලා එයාලා අහිංසක ජොලියක්‌ ගන්නවා.

රංගනයට යොමුවීම ගැන අද දැනෙන හැඟීම?

වැඩක්‌ නෑ දැනෙන සතුට. පූර්ව ආත්මේ මම කරපු පිනකට දෙයියො දීපු තෑග්ගක්‌. කවුරුහරි කිව්වොත් ඔයා නළුවෙක්‌ නිසා මේ මේ දේවල් කරන්න බෑ කියලා. මම ඒ සියලු දේa අත්හරිනවා. ඒ තරමට මම රංගනයට ආදරෙයි.

නළුවෙක්‌ වෙලා ජීවිතේ වරද්දගත්තා කියලා හිතෙන්නෙ නැද්ද?

කොහෙත්ම නැහැ. හාස්‍ය රංගනයේ අඩුව පිරවීමේ ලොකු පිපාසයකින් මම ඉන්නේ.

රංගනයට අමතරව වෙන මොනවටද දක්‍ෂ?

වැඩසටහන් නිර්මාණ ශීලීත්වය තියෙනවා.

හාස්‍යමය රංගනය පහසු රංගන කෞෂල්‍යයක්‌ නෙමෙයි නේද?

හාස්‍ය රංගනයේ ප්‍රතිඵලය තමයි ප්‍රේaක්‍ෂකාගාරය හිනා ගැස්‌aසීම. ප්‍රේක්‍ෂකයින් හිනා නොවන තැන හාස්‍යය නැහැ. ඒවා අධ්‍යයනයෙන් වගේම සහජයෙන් තිබිය යුතුයි.

දෙනුවන් සොරාගත්ත කෙනෙක්‌ නැද්ද?

ඉන්නවා. එයා කලාවට නම් සම්බන්ධ නැහැ. වැඩි විස්‌aතර පස්‌aසෙ කියන්නම්.

රංගනයෙන් ඉවත් වෙන්න කියලා ඇය ඔබෙන් ඉල්ලීමක්‌ කළොත්?

එහෙම නොකියන බව දන්න නිසා තමයි මම එයාට ආදරේ. ඇත්තටම ඇය තමයි සැහැල්ලු චරිතයක්‌ හැටියට ගතකරපු මගේ ජීවිතේට වටිනාමක්‌ එක්‌කළේ.

ඒ කියන්නේ විවාහය අතළඟද?

තාම එහෙම තීර්ණය කරලා නැහැ.

ලක්‌මිණි අතුකෝරල
ඡායා - සමන් අබේසිරිවර්ධන

About the Author

Posted by gossip lanka live on 9:01 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:01 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With Denuwan Senadi දෙනුවන් සොරාගත්ත කෙනෙක්‌ නැද්ද?"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.