Published On:
Posted by gossip lanka live
ඩිල්ෂාන් සමඟ සබඳතාව නූපූර් නැවත අවධාරණය කරයි
තිලකරත්න ඩිල්ෂාන් සමඟ තමන්ගේ පේ‍්‍රම සම්බන්ධයක් පැවති බව නැවතත් අවධාරණය කරන බොලිවුඞ් නිලි නූපූර් මේතා, ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කර ඇති ප්‍රකාශයන් තරයේ හෙළා දකියි.මංජුලා තිළිණි සමඟ ඩිල්ෂාන් විවාහ වූ පසුව, වසර 2009දී තමන් ඔහු සමඟ සබඳතාවක් පැවැත්වූ බව නූපූර් කියා සිටී.
ඒ සම්බන්ධයෙන් බොලිවුඞ් නිලිය කළ ප්‍රකාශයක් ප්රතික්ෂෙප කරමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කියා සිටියේ, තම ආයතනය ඩිල්ෂාන් සමඟ සිටින බවයි.
වසර 2009 එංගලන්තයේදී පැවති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුරදී ඩිල්ෂාන් සහ නූපූර් ලන්ඩන්හි කැසිනෝ ශාලාවකට ගිය බවට, දෙදෙනා අතර පැවති සම්බන්ධය ගැන මුලින්ම හෙළිදරව් කරමින් ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත පසුගිය සතියේ පැවසීය.
එමෙන්ම, තරඟ පාවාදීම සඳහා කි‍්‍රකට් කී‍්‍රඩකයින් හවුල් කරගැනීමට බුකිකරුවන් ඇයගේ සහාය ලබාගත් බවට එහි සඳහන්ව තිබිණ.
මෙම වාර්තා සම්බන්ධයෙන් ඩිල්ෂාන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැත.