දෙරණ මිස් ශ්‍රී ලංකා 2012 තරඟයේ විකෘති ප්‍රතිඵල
මේ පාර මිස් ශ්‍රී ලංකා කවුද?
දෙරණ නාලිකාවෙන් සංවිධානය කරන මිස් ශ්‍රී ලංකා 2012 තරඟය පිළිබඳ අවදානය
යොමු කරපු බොහෝ දෙනා විශ්වාස කළේ කිරුළ අයිති සුමුදු ප්රසාදනීට කියලා.
අවසාන තරඟයේ අන්තිම තත්පරය දක්වා එහෙම හිතාගෙන හිටියට කිරුළ අයිතිවුනේ විනු උදානි සිරිවර්ධන ට.
විනිශ්චය මණ්ඩලය පවා මවිත කළ මේ පුවතින් හැමෝම වික්ෂිප්ත වුණා.
තරඟයේ විනිවිද භාවය පිළිබඳ මුල ඉඳලාම ගැටළු මතුවුණා.
අවසාන දොළොස්දෙනා අතරට තේරුණු එක් තරඟකාරියක් තරඟය මැද දී එකපාරට අතුරුදහන්
වුණත් දෙරණ නාලිකාව ඒ පිළිබඳ කිසිදු හෙළිදරවුවක් කිරීමට ඉදිරිපත් වුණේ නෑ.
ඇගේ අතුරුදහන්වීමට හේතුව වුණේ ඇය, තරඟ කොන්දේසි වලට පටහැනි විවාහක අයෙකු වීමයි.
අවසාන වටයේ දී ඇය මොනයම් හෝ හේතුවකින් මිස් ශ්‍රී ලංකා වුයේ නම්,
ඉදිරියෙදී පැවැත්වෙන ලෝක රූ රැජිණ තරඟයට ලංකාවෙන් සහභාගී වන්නේ ද ඇයයි.
එවැනි අයෙක් අපේ රට නියෝජනය කරන තරඟයකට ඉදිරිපත් කිරීමෙන් මුළු රටම අපකීර්තියට පත්වන්නට ද ඉඩ තිබුණි.
කෙසේ වෙතත් අවසාන වටයේ ජයග්‍රහනය විනුට හිමි වීම දෙරණ වැඩසටහන්
අධ්‍යක්ෂකවරයෙකු හා ප්‍රබල දේශපාලඥයකු ගේ මැදිහත් වීමෙන් සිදු වු බවට,
සුමුදු ඇතුළු විනිශ්චය මණ්ඩලය හමුවේ පිළිගැනීමට දෙරණ මේ වන විට සිදුවී
තිබේ.
තරඟය සම්බන්ධයෙන් පුර්ණ වගකීම දරන දෙරණ නාලිකාව තව දුරටත් තමන්ගෙන් සිදුවු
වරද වසා ගැනීමට උත්සාහ ගත්තේ සුමුදු නම් තරඟකාරිය ලෝක රූ රැජින තරඟයට නම්
කරන බවට ද පොරොන්දුවීමෙනි.
කෙසේ වෙතත් සුමුදු ප්රකාශකරන්නේ තමාට සිදුවු අසාධාරණය පිළිගන්නට නම් දෙරණ
නාලිකාව විසින් මේ සිදුවු වරද අත් වැරදීමකින් හෝ සිදුවු බවට මාධ්‍ය
ඉදිරියේ හෙළිදරවු කළ යුතුය යන්නයි.
පසුගිය 31 වනදා The Blue Water Resort- Wadduwa හි දී පැවැත් වු මේ තරඟය
හෙට (04) රාත්‍රියෙ දී 'සජිවී' පෙන්නනවා ක් මෙන් විකාශය කිරීමට ද දෙරණ
නාළිකාව මේ වන විට සියලූ කටයුතු යොදා ඇත.
Vinu Udani Siriwardana
Personal Information
Contestant No: 04
Age : 19
Home Town : Dehiwala
Sumudu Prasadini
Personal Information
Contestant No: 11
Age : 22
Home Town : Kurunegala