සිනහව වෙනුවට කඳුළක් ඉතිරි කර අපෙන් සමුගත් රසවතා
වේදිකා, ටෙලිනාට්‍ය හා සිනමාපට රැසක රංගන ශිල්පියකු ලෙස අතිශය ජනාදරයට පත්වූ ඇන්ටන් ජුඩ් සොඳුරු කලාකරුවා පසුගිය 19 දා ජීවන රඟහලෙන් සදහටම සමුගෙන ගියා. 1960 මෙලොව එළිය දුටු ඇන්ටන් ගල්කිස්ස ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබමින් විජිත ගුණරත්නගේ ‘දැති කියත’ වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වෙන්නට වාසනාව උදාකරගත්තා.
ඉන් අනතුරුව පුංචි තිරයේ සබඳ පබිලිස්, සකිසඳ එලියස්, පුංචිරාල වැනි ටෙලිනාට්‍ය ගණනාවක් හරහා ජනපි‍්‍රය රංගන ශිල්පියකු ලෙස ලොකු කුඩා කා අතරත් නම රැන්දු ඇන්ටන් ‘ආයිස් අම්මා ගුණ්ඩු’ ගීතයෙන් අතිශය ජනාදරයට පාත්‍රවුණා.
උදයකාන්ත වර්ණසූරියගේ ‘බහුබූතයෝ’ - සිනමාපටයෙන් සිය රංගන චාරිකාව ආරම්භ කළ ඇන්ටන් වන්ෂොට්, සර් ලාස්ට් චාන්ස්, සිකුරු හතේ වැනි සිනමාපට හරහා පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනාගත්තා.
ප්‍රසංග වේදිකාව තුළත් සිය ගායන මාධුර්ය ප්‍රකට කළ ඇන්ටන් පසුගිය 19 දා රාත්‍රියේ රාගම රෝහලේදී හදිසියේ වැළඳුණු හෘදයාබාධයකින් සදහටම කලාවෙන් මෙන්ම ජීවිතයෙන් ද සමුගෙන දෙනෙත් පියාගත්තේ රසික හදවත් කම්පනයට පත්කරමින්. අවුරුදු 52 ක් සිය ආයු කාලය වැලඳු ඇන්ටන් ජුඩ් සහෘද කලාකරුවාණනි. ඔබට මොක් සුව ලැබේවා.
