Published On:
Posted by gossip lanka live

සත්‍යග්‍රහයට දෙබර කූඩුවක්‌


වික්‍රමසිංහ මහතා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එම පක්‍ෂයේ සජිත් පිල මගින් ඊයේ (17 දා) කොළඹ විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට සංවිධානය කර තිබූ සත්‍යග්‍රහය අවස්‌ථාවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක්‌ එම ස්‌ථානයේ දෙබර කූඩුවක්‌ අතහැර පළා ගියහ.
මෙම සිද්ධිය වන අවස්‌ථාවේ සජිත් පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු තුන්දහසක පමණ පාක්‍ෂිකයන් පිරිසක්‌ සත්‍යග්‍රහයට එක්‌ව සිටි අතර නාඳුනන පුද්ගලයන් දෙදෙනා දෙබර කූඩුව අතහැරීමත් සමග එහි විවරව තිබු පෙදෙස පසුපසින් පැමිණි ජීප් රථයකට හසුවීම නිසා සිදුවීමට ගිය මහා විනාශයක්‌ වැළකිණි.කහ පැහැති පොහොර උරයක බහා මෙම දෙබර කූඩුව අදාළ පුද්ගලයන් දෙදෙනා පොලිසිය බලා සිටියදීම එම ස්‌ථානයේ අතහැර දමා පළායනු දක්‌නට ලැබිණි.
එහෙත් දෙබරුන් පිටතට ඒමට පෙර එය ජීප්රථයට හසුවීමත් සමග වහා ඒ අසලට ගිය සත්‍යග්‍රහයට එක්‌ව සිටි පාක්‌ෂිකයන් පිරිසක්‌ පෝර උරයේ කට තදකර දෙබරුන්ට පිටතට ආ නොහැකි පරිදි අල්ලා එය ගෙනැවිත් මන්ත්‍රීවරුන් සිටි ස්‌ථානයේ දී රැස්‌ව සිටි සියල්ලන්ටම පෙන්වනු දක්‌නට ලැබිණි. මෙම අවස්‌ථාවේ සජිත් පිලේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා රැස්‌ව සිටි පිරිස අමතමින් සිටි අතර මෙය සත්‍යග්‍රහය කඩාකප්පල් කිරීමට ෙද්‍රdaහීන් කළ ක්‍රියාවක්‌ බව ඔහු සඳහන් කරනු ලැබීය.
http://2.bp.blogspot.com/-pu2HUGekHnc/TkyCDuX1hqI/AAAAAAAAAMk/-t8IkKtkTtI/s1600/mainpic_L.jpg

About the Author

Posted by gossip lanka live on 9:53 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:53 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "සත්‍යග්‍රහයට දෙබර කූඩුවක්‌"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.