Published On:
Posted by gossip lanka live

අමාත්‍ය මවින්ගෙන් අලුත් වැඩක්

සිරිකොතට එන පිරිස් එළවන්න මට පුළුවන්
හැර ගිය පෙම්වතා ‍පෙම්වතිය ගෙනත් දෙනු ලැබේ
පවුල් ප්‍රශ්න විසදනු ලබේ
ග්‍රීස් යකා ජවිපෙ වැ‍ඩක්
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කිරීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට රැස්වන පිරිස් එළවාදමන්නට තමන්ට හැකියාව ඇති බව මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය,ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි. එය හොඳින් හෝ නරකින් තමාට කළ හැකි බව හෙතෙම කියා සිටියේ සිය අමාත්‍යංශ කටයුතු පිළිබඳ ගම්පහ ආසනයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට අද(17)එක්වෙමිනි.
ගම්පහ, ඉඳිගොල්ල විජිත ප්‍රාථමික විද්‍යාලයේ මෙම ජන හමුව අද කැඳවා තිබිණි.
එ.ජා.පයේ පිරිසක් නායකයා එළවාදමන්නට කටයුතු කරමින් සිටින බවත්,ඒ සඳහා සත්‍යග්‍රහ පවත්වන්නට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.‍ විපක්ෂ නායකයා එළවාදමන්නට මෙසේ කටයුතු කිරීම විනය විරෝධී ක්‍රියාවක් බව පෙන්වාදුන් අමාත්‍යවරයා මෙහෙව් ක්‍රියා මාර්ග නිසා ලංකාවේ දේශපාලනය පිරිහීමට ලක්වෙමින් පවතින බව කියා සිටියේය.
රට පුරා තැනින් තැන ග්‍රීස් යකුන් පිළිබඳ අසන්නට ලැබෙන බවත්,එකී ග්‍රීස් යකුන් ජවිපෙකාරයන් බව තමන් අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා පැවසීය. 88-89 කාලය මෙන්ම කැරලිකෝලාහලකාරී තත්ත්වයක් නිර්මාණය කරගැනීම සඳහා ග්‍රීස්යකුන් මාර්ගයෙන් ඊට අදාළ වටපිටාව සකස්කරගනිමින් සිටින බවට හෙතෙම ජ.වි.පෙට චෝදනා කළේය.
හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය, ස්වාමි පුරුෂයා හෝ බිරිඳ ‍ගෙන්වාදීමට තමන් කටයුතු කරන බවත්,තම අමාත්‍යංශයෙන් පවුල් ප්‍රශ්න විසඳන්නට ක්‍රියා කරන බවත්,තමන් සිටින්නේ එකී කාර්යයට බවත් සිල්වා අමාත්‍යවරයා අවධාරණය කළේය.

About the Author

Posted by gossip lanka live on 7:55 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 7:55 PM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "අමාත්‍ය මවින්ගෙන් අලුත් වැඩක්"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.