Published On:
Posted by gossip lanka live

අනුදැනුමකින් තොරව තරුණියන්ගේ ඡායාරූප ගත් ශ්‍රී ලාංකිකයෙකු ඕස‍්ට්‍රේලියාවේ දී දැලේ


තරුණ කාන්තාවන්ගේ ඡායාරූප අනුදැනුමකින් තොරව ඔවුන්ට හොරෙන් පටිගත කළ ශ්‍රී ලාංකියෙකු ඕස්ට්‍රේලියානු පොලිස් බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී කාන්තාවන්ට නොදැනෙන ලෙස වංචනිකව ලබා ගත් ඡායාරූප 1000 කට අධික සංඛ්‍යාවක් පොලිසිය භාරයට ගෙන ඇතැයි ද වාර්තා වේ.56 හැවිරිදි සබාපති චන්ද්‍රරාහසන් නම් වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන සැකකරු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඕස්ට්‍රේලි‍යාවේ සිඩ්නි දුම්රිය ස්ථානයේ තරප්පු පෙළ නගින බසින කාන්තාවන්ගේ ඇඳුම් උඩ යන අයුරු ඡායාරූපගත කරමින් සිටිය දී  මොහු පොලිස් අත් අඩංගුවට පත් වී ඇත.පැමිණිල්ල විසින් සැකකරුට සිර දඬුවම් නියම කරන ලෙස ඉල්ලා ඇති අතර සැකකරුගේ අයහපත් මානසික තත්ත්වය සැලකිල්ලට ගෙන සිඩ්නි අධිකරණයකින් ඔහුට මාස 09 ක අත් හි‍ටවූ සිර දඬුවමක් නියම කර තිබේ.

About the Author

Posted by gossip lanka live on 6:58 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 6:58 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "අනුදැනුමකින් තොරව තරුණියන්ගේ ඡායාරූප ගත් ශ්‍රී ලාංකිකයෙකු ඕස‍්ට්‍රේලියාවේ දී දැලේ"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.