Published On:
Posted by gossip lanka live

කුඩුජාවාරම් හා ගණිකාවන් සැපයීමේ නිරත ටෙලි නිළියන් සොයා මෙහෙයුම්

හෙරොයින් සැපයීම සහ තරුණ ටෙලි නිළියන් ගණිකා නිවාසවලට සැපයීමේ චෝදනා ලබා සිටින ටෙලිනාට්‍ය නිළියන් දෙදෙනෙකු කොටු කර ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. දැනට වාර්තාවන අන්දමට මෙම නිළියන් දෙදෙනා පොලිසියෙන් වසන්වීම සඳහා ඔවුනගේ නිවෙස් අතහැර ගොස් තිබේ.මෙම ජාවාරම්වල නිරතවීමේ දී අදාළ නිළියන් භාවිත කළ ජංගම දුරකථන සිම් කාඩ්පත් ද ඔවුන් විසින් මේවන විට අවලංගු කිරීමට කටයුතු කර ඇත.
කලක් මත්කුඩුවලට ඇබ්බැහි වී සිට ඇතැයි හෙලිවන එක් සැකකාර නිළියක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකින්, පුනරුත්ථාපනය වී මේවන විට කොළඹ මත්කුඩු බෙදාහැරීමේ ජාලයේ නිරතව සිටින බව පොලිස් ආරංචි මාර්ගවල දැක්වේ.එසේම අනෙක් නිළිය ඒජන්තවරුන් හරහා කඩුවෙල, බත්තරමුල්ල, කිරුළපන, නාරාහේන්පිට ආදී ප්‍රදේශවලට ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා පූර්ණකාලීනව කාන්තාවන් සැපයීමේ නිරතව සිටින තැනැත්තියකි.
කෙසේ වෙතත් ඉතා කඩිනමින් මෙම සැකකාර නිළියන් දෙදෙනාව නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි පොලිසිය විශ්වාස පළ කර සිටියි.

About the Author

Posted by gossip lanka live on 7:50 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 7:50 PM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "කුඩුජාවාරම් හා ගණිකාවන් සැපයීමේ නිරත ටෙලි නිළියන් සොයා මෙහෙයුම්"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.