Published On:
Posted by gossip lanka live
ජාත්‍යන්තර පාසැලක සිසුවිය අපයෝජනයට ලක් කල පිහිනුම් පුහුණුකරු සොයා පොලිස් මෙහෙයුම්
කොළඹ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසැලක 17 හැවිරිදි සිසුවියක අපයෝජනයට ලක් කර එය වීඩියෝගත කළැයි සැක කෙරෙන එම පාසැලේම පිහිනුම් පුහුණුකරු අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු මාධ්‍ය වෙත තොරතුරු අනාවරණය කළේය. සති අන්තයේ පිහිනුම් පුහුණුවීම් කටයුතු සඳහා පැමිණි අතර සිසුවිය මෙසේ අතවරයට ලක් වී තිබේ. අදාළ පුහුණුකරු විසින් ආයතන කළමනාකාරීත්වයෙන් අවස්ථා කිහිපයක දී වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීම් කර තිබෙන නමුත් එය ප්‍රතික්ෂේප වී තිබේ.මේ හේතුව නිසා පාසැලේ කළමනාකාරීත්වය අපහසුතාවයට ලක් කිරීම සඳහා මෙවැන්නක් සිදු කරන්නට ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් සැක පහළ කරයි.