Published On:
Posted by gossip lanka live
Ridi siththam teledrama On ITN
* චන්දික විජේසේනගේ අධ්‍යක්ෂණයක්
* ගයන්ත විජේරත්න රංගනයට
පසුගිය වසරේ ජනප්‍රියම ටෙලි සිතුවමක් වූ බොඳ මීදුම් අධ්‍යක්ෂණය කළ චන්දික විජේසේනගේ නවතම ටෙලි සිතුවම රිදී සිත්තම් එළඹෙන සඳු දින (28 දා) සෑම සතියේ දිනකම රාත්‍රී 8 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.
මෙතෙක් ගායන, වාදන සංගීත ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයේ නමක් දිනා ගත් ගයන්ත විජේරත්න (රවුම් කඩේ) රංගන ශිල්පියකු වශයෙන් රිදී සිත්තම් හරහා කල එළියට පැමිණෙයි.
සුරාජ් මාපා සහ අංජුලා රාජපක්ෂ සුපෙම්වතුන් යුවළ වන මෙහි ශ්‍රියන්ත මෙන්ඩිස්, ගිහාන් ප්‍රනාන්දු, සනත් විමලසිරි, තරුෂි පෙරේරා, සුසන්තා චන්ද්‍රමාලි, රජිත හිරාන්, මාධනී මල්වත්තගේ, සරත් කොතලාවල, නිරෝෂා තලගල, චමුපා ගොඩගේ, චන්ද්‍රසෝම බිංදුහේවා, සද්ධා උත්පල කන්දගේ, මල්කාන්ති ජයසිංහ, මාපලගම විමලරත්න, චන්ද්‍රිකා හෙට්ටිආරච්චි, ලසන්ත උඩුකුඹුර, හේමන්ත ඊරියගම, පියල් නානායක්කාර, ඉරේෂා ජයසිංහ, වෙනුෂ්කා වීරපෙරුම, මධුශාන් නානායක්කාර, තිළිණි රණසිංහ, ශානිකා බණ්ඩාර, ඒ. ජී. අත්තනගම, චතුර ප්‍රනාන්දු, නයෝමි නිසංසලා, චරිත කුරුකුලසූරිය චරිත රංගනයේ යෙදෙති.
තුෂන්ත ජිනේන්ද්‍රසිංහ කැමරා අධ්‍යක්ෂවරයාය. බනුර ජයමාල් මාලනගේ කලා අධ්‍යක්ෂණයෙන්, හේමන්ත චන්ද්‍රසේකර, විමංග ලියනගේ සංස්කරණයෙන්, පියල් නානායක්කාර විධායක නිෂ්පාදනයෙන් දායක වන මෙහි සම්පත් නානායක්කාර නිෂ්පාදන කළමනාකරුය.

ගයන්ත විජේරත්නගේ සංගීතයට දමිත් අසංක ගයන මෙහි ගී පද රචනය ප්‍රියාල් වීරසිංහගෙනි. අකිල සුදේශ් ජයසේකර සහ නිමල් කරුණාරත්න අංග රචනා ශිල්පියෝය. කතාව දෙබස් සනත් සමරනායකගෙන්ය.
ස්වාධීන රූපවාහිනිය සමඟ රන්දීප මීඩියා වෙනුවෙන් සුසන්ත විජය ගුණරත්න රිදී සිතුවම් නිෂ්පාදනය කරයි. Directed By :- Chandika Wijayasena Written By :- Sanath Samaranayake Starring :- Suraj Mapa, Anjula Rajapakse,Sriyantha Mendis, Gihan Weerasinghe, Gayantha Wijerathne Randeepa Media Production Music :- Gayantha Wijerathne







