Chat with sudiksha samadi

12 Jan 2021 / 0 Comments

 Chat with sudiksha samadi

තව කියවන්න

Gossip News Srilanka
Model & Actresses

Nona Shifani New Photos

Nona Shifani New Photos ...

ishi zohana New

ishi zohana New ...

උණුසුම් පුවත්

Chat with Michelle Dilhara

Michelle Dilhara I Adara Belman Music Video Nilan Hettiarachchi ft Gayani Madusha Chat with Michelle...

Ralway Station In Alimankada

  Ralway Station In Alimankada ...

Movie

    Susthi sinhala movie

    susthi sinhala full movie,susthi film onlline,susthi film song,susthi film acctress,...

Gossip News

Chat with sudiksha samadi

 Chat with sudiksha samadi...

Video Gallery

Lakshika siriwardana Speaks ( Video )

...

Sport
World News & Gossip
Model & Actresses
Published On:
Posted by gossip lanka live

Tehani Imara Speaks

 නත්තල් තෑග්ගට ලැබුණේ ඉබි පැටියෙක්


මෙයාට දැන් වැඩි දෙනෙක් කතා කරන්නෙ ‘රෝසා’ කියලයි. එච්.ආර්. ජෝතිපාල ශූරීන් ගැයූ ‘ගෙදර හිටිය රෝස කැකුල රෝසා’ ගීතය සිරස සුපර් ස්ටාර් සයවැනි අදියරේ තරගකාරියක ලෙස ඇය ගායනා කිරීම ඊට හේතුවයි. ඉන්පසුව ටෙහානි සහභාගී වූ සෑම ප‍්‍රසංගයකදීම වාගේ හැමෝම ඇයට ආරාධනා කළේ එම ගීතය ගැයීමටයි. ‘ටෙහානි ඉමාරා’ රෝසා වූණේ අන්න ඒ විදිහටයි. සිරස සුපර් ස්ටාර් 6 වැනි අදියරේ අවසානයේදී තුන්වැනි ස්ථානය දිනාගත් ඇය ගැන අද වැඩිදෙනා කතා වන්නේ දැන් පැවැත්වෙන සිරස සුපර් ස්ටාර් තරගය මනුරංග සමඟ එක්වී නිවේදනයෙන් මෙහෙයවන නිසයි. මේ ටෙහානි උපන්නේ කොහේදීද කියලා ඔබ දන්නවාද? අතීත නත්තල් සැමරුම් සමඟ ටෙහානි අපට ඒ ගැන කියන්නෙ මේ විදිහටයි.
     ටෙහානි, 

මේ දිනවල මොනම විදියකින්වත් ෆෝන් එකට ආන්සර් කරන්නේ නැහැලූ. ඇයි ඒ?
මගේ උසස් අධ්‍යාපන කටයුතුවල නියැලෙනවා. අලෙවි කළමනාකරණ අංශයෙන් උපාධිය සඳහා නියැලී සිටින නිසා, ෆෝන් එක එක්ක සෙල්ලම් කරxකර ඉන්න වෙලා නැහැ.
     සිරස සුපර් ස්ටාර් තරග නිවේදන කටයුතු කිරීමට කාලය තිබෙනවද?
ඇත්තටම ඒක හරියට හීනයක් ඉටුවීමක් වගෙයි. කවදාහරි මියුසිකල් වැඩ සටහනක් නිවේදනය කිරීමේ අදහස තිබුණා. නමුත් ලොකුම ප‍්‍රශ්නය වුණේ සිංහල භාෂාව හරියට කතා කරන්න බැරිවීමයි. ඒත් මගේ අම්මා, මනුරංග සහ නිෂ්පාදන කණ්ඩායම මට ගොඩාක් උදව් කළා. ඒ නිසා ඒ අභියෝගය බාර ගන්න පුළුවන් වුණා.
     නත්තලට ගීතයකුත් ගායනා කළා නේද?


ටෙහාන් පෙරේරා සහ සංගීත් ඉද්දමල්ගොඩ එක්ක ‘නත්තල් ගී’ දෙකක් නිර්මාණය කළා. ඊට අමතරව මගේම ගී නිර්මාණයක් එළිදැක්වීම සඳහා සූදානම් වෙනවා. ප‍්‍රසංගවලදී බිලි ප‍්‍රනාන්දු ගායනා කළ චූටි නමැති ගීතය සැපයීමට එයා මට අවසර දුන්නා. ඒ නිසා දැන් හැමෝම මට කියන්නේ චූටි කියලයි. ඒ වගේම ජෝතිපාල මහත්මයාගේ රෝසා ගීතය ගැයීම නිසා සමහරු රෝසා කියලත් මට කතා කරනවා.
     නත්තල් දින මුල්ම මතකය ගැන සිහිපත් කළොත්?
කුඩා කාලයේදී නත්තල් සීයා, නත්තල් පප්පා කියන්නේ අපේ අම්මාට සහ තාත්තාට කියලයි මම හිතාගෙන හිටියේ සවුදියේදී එච්චර ජයට නත්තල් සැමරීමේ අවකාශය තිබුණෙත් නැහැ. කොහොම වුණත් එක් නත්තල් දිනයකදී අම්මායි තාත්තායි මට පුංචි ඉබි පැටියෙක් ගෙනැත් දුන්නා. එච්චරටම මම සතුන්ට ආදරෙයි. ඒ නිසා තමයි ඉබි පැටියෙක් මට ගෙනැත් දුන්නේ. හැබැයි මගේ පොත්ගොඩ ඉබි පැටියා උඩට වැටිලා එයා මැරුණා. ඒ අවස්ථාව මට දරාගන්න බැරි වුණා. එච්චරටම දුකයි. මම අදටත් ඒ ගැන දුක්වෙනවා.
     ඉන්පසු කලෙක ඔබට ලැබුණු අමතකම නොවන නත්තල් තෑග්ග මොකක්ද?
මීට අවුරුදු දොළහකට විතර පෙරදී, අපේ අම්මායි-තාත්තයි මට ගිටාර් එකක් ගෙනැත් දුන්නා. ඒ තෑග්ග මගේ ජීවිතයේ වෙනසක් කළ බව කියන්න පුළුවනි. එතැන් සිට ගිටාර් වාදනය ප‍්‍රගුණ කරන්න පටන් ගත්තා. ඒක ඇත්තටම මට අමතකම නොවෙන නත්තල් තෑග්ගක්.
හැබැයි මම සවුදියේ උපත ලබා ලංකාවට ආවේ අවුරුදු 12 සම්පූර්ණ වූ පසුවයි. එවිට නැන්දලා, මාමලා, සීයා-ආච්චි හැමෝම එක්ක නත්තල සමරන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව මට ගෙන දුන්නේ ලොකු සතුටක්. ඇත්තටම ලංකාවට ආවාම මට ඇතිවුණේ ලොකු සතුටක්. සිංහල භාෂාව බැරිකම මුල්කාලයේදී ලොකු අපහසුතාවක් වුණා. ඒත් දැන් ඔක්කොම හරි.
     මොනවද ඔබ කැමති නත්තල තේමා කරගත් ගීත.
සයිලන්ට් නයිට් ගීතයට හරිම කැමතියි. ඒ වගේම මාරියා කේරී ගයන "All I want for Christmas is you" ගීතයටත් ගොඩාක්ම ආසයි. මෙරට බිලී ප‍්‍රනාන්දු ගායනා කළ ‘සීතල සුළඟ හමයි’ ගීතයටත් හරිම ආසයි.
     නත්තල් දා මුහුණදුන් අමතක නොවන තවත් සිදුවීම් තියෙනවාද?

සංගීත ප‍්‍රසංගයකට දායකවීම සඳහා ප‍්‍රථම විදෙස් සංචාරයකට ආරාධනා ලැබුණේ නත්තල් දිනයකදීයි. ඩුබායි බලා ගිය ඒ මොහොතත් කවදාවත් මට අමතක කරන්න බැහැ.
     ඔබ නත්තල මොන විදියට ද සමරන්නේ?
දෙසැම්බර් 24දා රාත‍්‍රී 11.30 වෙද්දී ගෙදර අය එක්ක පල්ලියට යනවා. ගිහින් පූජාවලට සහභාගී වී, තාත්තාගේ මහගෙදර යනවා. ගිහින් වැඩිහිටියන් එක්ක තෑගි බෙදා ගන්නවා. 25 වැනිදා දිවා අහාරයට අපේ ගෙදරට නැන්දලා මාමලා සහ හිතවත් අය ඔක්කොම එකතු වෙනවා. හැබැයි මේ සියල්ල අතරේ දාන-දීම සහ දුප්පත්ම මිනිසුන්ට සංග‍්‍රහ කරන්නත් උපකාර කිරීමටත් අමතක කරන්නෙ නැහැ. අනිවාර්යෙන්  ඒවා කරනවාමයි.

 

About the Author

Posted by gossip lanka live on 10:39 PM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 10:39 PM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Tehani Imara Speaks"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.