Published On:
Posted by gossip lanka live
Chat With jayasri
අපි ගොඩක් ආසාවෙන් ඉන්නවා අපේ Full Band එක ලංකාවට ගෙන්වන්න.
ජයශ්‍රී ලගේ රස්තා වොයිස් එක අපි කාටත් මාරම ෆීල් ... මෙයාලා ලංකාවට ඇවිත් ආයෙමත් යන්න හදන අන්තිම මොහොතෙ අපිට සෙට් වුණා... පට්ට බිසී වුණත් ජයශ්‍රී ල යං අපිට උත්තර දෙන්න අදි මදි කළේ නෑ. සිරාවටම සෙට් වුණා...
ජයශ්‍රී කියන නම කොහොමද රසිකයෝ අතරට එන්නේ?
මෙහෙමයි... ලංකාවේ ගොඩක් දෙනා ගොඩක් වෙලාවට කළේ ලංකාවේ ඉඳගෙන ඉංගී්රසි නමක් දාගෙන Band එකක් හදාගත්තු එක. ඒත් අපි කළේ පිට රට ඉඳගෙන ලංකාවේ අනන්‍යතාව තියාගෙන සිංහල නමකින් Band එකක් පටන් ගත්තු එක. ඒ නම මෙහෙට ආපුවාම සිංහල නමක් නිසා හැමෝම අපි දිහා බලන්න ගත්තා. ඒත් එක්කම අපේ Band එකේ වෙනසක් හැමෝම වගේ දැක්කා. තරුණ අය අපිව භාර ගත්තා. අපි ජයශ්‍රී කියලා දාගත්ත නමින් පස්සේ තමයි හැමතැනම ජයශ්‍රී ්‍ර කියන නම ව්‍යාප්ත වෙන්න ගත්තේ.
ජයශ්‍රී ලගේ Music Style එක මොන වගේද?
අපි Band එකක්. Asian Rege ඇන්ඩ් World Music බෑන්ඩ් එකක් කිව්වොත් හරි. අපේ Full Band එකේ පස් දෙනෙක් ඉන්නවා. ඔස්ට්‍රේලියාවෙයි, බංග්ලාදේශයෙයි, දකුණු අප්‍රිකාවෙයි රටවල් 3කට අයිති ජාතිකයෝ තුන්දෙනෙක් එක්කලා ඔක්කොම අපි පස් දෙනෙක්. අපි තමයි ගොඩක් සින්දු හදන්නේ. ඒ නිසා අපි Asian Rege Band එකක්.
ජයශ්‍රී ලගේ Style එක ලංකාවේ කොල්ලන්ට කෙල්ලන්ට සෙට් වෙනවද?
අනිවාර්යයෙන්ම. අපි ලංකාවේ කරන දේවල් යුරෝපයේ කරන දේවල්වලට වඩා ටිකක් වෙනස්. ලංකාවේ ගොඩක් දුරට ජනප්‍රිය ආදර ගීතයි. ස්ටේජ්වල කියන ගීතයි. සුදු ඇඳුමෙන්, ශීලා, මොඩ්ගොවියා, හනුමන්තා වගේ සමහර ගීතවලට අපේ මිනිස්සු ගොඩක් ආසයි. ඉතිං මෙහෙ අය ඉල්ලන දේ අපි දෙනවා. හැබැයි යුරෝපයෙයි මෙහෙයි අපේ ගීත දෙපැත්තකට යන්නේ. මෙහේ ගීතවලට වඩා 50%ක් විතර යුරෝපෙදි ඇඩ් වෙනවා.
ඔයාලට වැඩිපුර ප්‍රතිචාර තියෙන්නේ ලංකාවෙද යුරෝපයේද?
මෙහෙමයි... අපි ලංකාවට එන්නේ ගෙදර එන්න බලාගෙන. මෙහෙදි ලබන ප්‍රතිචාරයි එහෙදි ලබන ප්‍රතිචාරයි ගොඩක් වෙනස්. එහෙදි හම්බවෙන රසික රසිකාවියෝ තනිකරම එන්නේ අපේ Style එකේ මියුසික් අහන්න. හැබැයි ලංකාවෙදි කට්ටිය එන්නේ අපේ ගීත විතරක්ම අහන්න නෙවෙයි. තව තව ගායකයන්ගේ ගීතත් අහන්න බලාගෙන. හැබැයි අපි මේ දෙකම Enjoy කරනවා.
Stage එකකදි වෙනත් ගායකයෝ කරනවට වඩා වෙනසක් ජයශ්‍රී ලා කරනවා කියලා හිතනවද?
අපි ගොඩක් වෙනස් අනෙක් අයට වඩා. Prepomanse, දඟලන අතින් ඇඳුම් අතින් හැම දෙයින්ම වගේ අපි වෙනස්. අපි දිහා බලන අයට බලන් ඉන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ අය අපිත් එක්ක එකතුවෙලා ඒ දේවල් කරනවා. තව අපිව Follow කරන අය ඉන්නවා. සින්දු කියලා ඉවර වුණාම අපිව හම්බවෙනවා. ඒ නිසා යුරෝපයේ සංචාරය කරලා ලබන අත්දැකීමට වඩා මෙහෙ වෙනස්. යුරෝපයෙදි සින්දු කියලා ඉවර වුණාම රසිකයෝ එක්ක එකතු වෙන්න බැහැ. ඒත් මෙහෙ එහෙම නැහැ. කෙළින්ම සින්දු කියලා බහින්නේ කොල්ලො ළඟට.
ගීතයෙන් ආකර්ෂණය කරගන්න හදනවට වඩා ඇඳුම්වලින් වගේ වෙන දේවලින් රසිකයෝ
ආකර්ෂණය කරගන්න උත්සාහ කරනවා කිව්වොත්?
වැරැදියි. අපි ඇඳුම් අදින පලඳින විදිය වෙනස් කරන්නේ රසිකයෝ ආකර්ෂණය කරගන්න නෙවේ. ඒක අපේ Style එක. රොහාන් පල්ලියට ගියත් අඳින්නේ ඒ ඇඳුම. පන්සලට ගියත් ඒ ඇඳුම ස්ටේජ් එකට ගියත් ඒ ඇඳුමම තමා. මම වැඩිපුර අඳින්නේ තනි පාටවල්. අපි ගොඩක් සරලව Cool එකේ ඉන්නේ. වැඩිය හිතන් නැහැ. අපි නෝර්මල් ජීවත්වෙන විදියට පොල් අතු කඩෙන් ප්ලේන්ටිය බීලා බනිස් ගෙඩිය කාලා ඉන්නේ. අපි හිතනවට වඩා Enjoy කරනවා. මේ අපි ජීවත් වෙන හැටි. ඔස්ටි්රයා හිටියත් කොහෙ හිටියත් එකයි. ඒකයි අපි අනිත් Artis ලාට වඩා වෙනස්.
ජයශ්‍රී ලා වසර ගාණකට පස්සේ ලංකාවට ඇවිල්ලා සිංදුවක් කිව්වත් ඒක ගොඩක් වෙලාවට Hit වෙනවා. ඒකට හේතුවක් තියෙනවද?
අපි හිට් කරන්න කියලා සින්දු කරන්නේ නැහැ. අපිට ආස දේවල් අපි කරන්නේ. සිංදු ගොඩක් ලියන්නේ මම, සින්දුව මියුසික් කරන්නේ අපි කට්ටිය එකතුවෙලා. ඒක රෙකෝඩ් කරන්නෙත් අපිමයි. ඒ නිසා වෙන ආර්ටිස්ලා වගේ නෙවේ. අපේ දේවල් කරන්නේ අපිමයි. ගස් වටේ තියෙන සිංදුවලට වඩා අපේ සිංදුවලින් අපි කැමැතියි හැමදේම බෙදාගන්න. සිංදුවලින් පිටරට කේස් ගැන එහෙම ලොකු දැනුම්වත් කිරීමක් කරන්නේ ඒකයි.
ජයශ්‍රී ලා කියන ගොඩක් සිංදුවලින් දෙන්නේ මිනිසුන්ට පණිවුඩයක්. ඇයි ඒ?
එහෙම සිංදු ලියන්න විශේෂයක් තියෙනවා. සංගීතය කියන්නේ ලොකු ආයුධයක්. තව කෙනෙක්ගේ හිතක් වෙනස් කරන්න සංගීතයට පුළුවන්. බොබ්මාලි සංගීතයෙන් තමා කළු සුදු භේදේ ගැන ෆයිට් කළේ. ඒ වගේ තමයි ආයුධ නැතුව සංගීතයෙනුත් ෆයිට් කරන්න පුළුවන්. සංගීතයට මිනිස්සු හදන්න පුළුවන්. ඒ වගේම මිනිස්සු පිස්සු වට්ටන්නත් පුළුවන්.
මම කියපු මල් වියනේ සින්දුව අහලා මත්ද්‍රව්‍ය නවත්තපු අය පවා ඉන්නවා. දවසක් නුවර ඉඳලා කොල්ලෙක් ඇවිත් මට කිව්වා අයියේ ඕගොල්ලො නිසයි අද මම මෙහෙම ඉන්නේ. නැත්නම් මම සේරම උකස්කරලා කුඩු ගහනවා කියලා. ඒ වගේ ගොඩක් අය අපිට හම්බවුණා. ඒ අය Personaly ඇවිත් ඒ ගැන කියනවා. අපි සින්දුවට ලියන වචනවලින් තනුවෙන් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. අපිට ගොඩක් කිට්ටුවෙන් ඉන්න කට්ටියව අපි හදන්න දන්නවා. නැත්නම් සමහරු හිතයි අපි කරන්නේ උඩ පැනලා සින්දුව කියන එක විතරයි කියලා. ඒත් එහෙම නෑ. අපි සින්දුවෙන් සතුටක් ලබන ගමන් මිනිස්සු හදන්නත් දන්නවා.
ජයශ්‍රී ලා සිංදු කියන්නේ වෘත්තියටද? එහෙම නැත්නම් Fun එකටද?
Music අපේ වෘත්තිය. මම ආර්කිටෙක් කෙනෙක්. මම මෙහෙ ඉගෙන ගත්තා අවුරුදු 10ක් විතර, රොහානුත් කේටරින් ඉගෙන ගත්තා. ඒත් අපි Music වලට තමා වැඩිපුර කැමැති. කාගේ හරි ආදරේ ලබන මියුසීෂියන් කෙනෙක් වෙන්න අපි ගොඩක් වාසනාවන්තයි. අනිත් වෘත්තීන්වලට වඩා ඒකයි අපි මේකට කැමැති.
දැනට ජයශ්‍රී Band එක ගීත කොච්චර කියලා තියෙනවද?
අපි දැනට ඇල්බම් 3ක් එළියට දාලා තියෙනවා. ඔරිජිනල් ගීත 60ක් 70ක් විතර කරලා තියෙනවා. වීඩියෝ එකක් එක්කම අපි මේ ළඟදී අලුත් ඇල්බම් අඥතඥචඵ කළා. ඒකේ නම ආදරේ කරනු එපා. ආදරෙන් පිස්සු වැටුණ චරිතයක් ගැන තමා මේකෙ තියෙන්නේ.
ඉස්සරහට මොනවද රසිකයෝ වෙනුවෙන් කරන්නේ?
අපි ගොඩක් ආසාවෙන් ඉන්නවා අපේ Full Band එක ලංකාවට ගෙන්වන්න. හැබැයි සේරම සෙට් වෙලා අපි හිතන විදියට International Band එකක් ගෙන්නන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණොත් විතරයි අපි එන්නේ. මේ අවුරුද්දේ ඒ සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තු වෙනවා. අගෝස්තු මාසෙ වගේ වෙද්දි ඒ ගැන අපේ රසිකයන්ට දැනගන්න පුළුවන් වෙයි. www.JayasriMusic.com.
jayasri New Song,jayasri Live Show,Chat With jayasri,jayasri Gossip News