Published On:
Posted by gossip lanka live

Chat With Udayanthi kulathunga - මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නෑ



පසුගියදා නිමාවුණු පළමු දෙරණ සිනමා සම්මාන උලෙළේ වසරේ නැඟී එන නිළියට හිමි සම්මානය හිමි වූයේ දක්‍ෂ යොවුන් රංගන ශිල්පිනී උදයන්ති කුලතුංගටය. ඒ මහින්දාගමනයචිත්‍රපටයේ රංගනය උදෙසාය. උදයන්ති අපට සිටින දක්ෂ රංගන ශිල්පිනියකි. එසේම ඇය කෙළින් කතා කරන කා සමඟත් සුහදව සිටින නිළියක ලෙස ද ප්‍රකටය. උදයන්ති අපගේ සිනමා ක්ෂේත්‍රයට පායා එන තරුවක් වැනිය. අද තරුවක් සමඟ වරුවක්විශේෂාංගය වෙන්වන්නේ උදයන්ති සමඟ කළ කතාබහ වෙනුවෙනි.
දෙරණ සිනමා සම්මානය ලැබුණු මොහොතේ ඔබට මොකද හිතුණේ කියල මුලින්ම කියන්න...?
මේ වනවිට මම රඟපාලා තියෙන්නෙ සිනමා නිර්මාණ කීපයක පමණයි. සිංහාවලෝකනය’, ‘මහින්දාගමනය’, ‘කලර්’, ‘භවතරණයඒ සිනමා නිර්මාණ. භව තරණයචිත්‍රපටයේ වැඩ අවසන් වුණේ ළඟදි. දෙරණ සිනමා උලෙළේදි මට ලැබුණේ මගේ පළමු සිනමා සම්මානය. ඇත්තෙන් ම මම කොහෙත්ම හිතුවේ නැහැ, මට සම්මානයක් ඇති කියලා. ඒ සම්මානය ගන්න වේදිකාවට යද්දී මට ලොකු සතුටක් දැනුණා. ඒ වගේ ම මීටත් වඩා හොඳම, කැපවීමකින් රංගන කටයුතුවල යෙදෙන්න ඕන කියන හැඟීම මට ඒ වෙලාවෙ ඇති වුණා. ඒ සම්මානය මගේ රංගන ජීවිතයට ලොකු ආලෝකයක්.
මේ දවස්වල ඔබ දායක වී සිටින නිර්මාණ මොනවාද?
මේ දවස්වල පබලු පාලම’, ‘යර්ස් මැඩම්’, පිනි වැස්සක්යන ටෙලිනාට්‍යවල රූපගත කිරීම්වලට සහභාගි වෙනවා.
ඔබ රංගනයෙන් දායක වුණු කලර්චිත්‍රපටය මේ දවස්වල තිරගත වෙනවා. කොහොමද හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවද එහි රංගනයට?
කලර්චිත්‍රපටයේ චරිතවල නම් නෑ. මම නිරූපණය කරන චරිතය උපතින් තරමක් දිළිඳු චරිතයක්. ඇය පොහොසත් තරුණයකුට ආදරය කරනවා. ඒ තරුණයාත් ඇයට ගොඩක් ආදරය කරනවා. තරුණ වියේදී හදවතින්ම ආදරය කරලා ඔවුන් එක් නොවුණත් ඔවුන් අතරේ තිබුණු ආදරය මැරෙන තෙක් ම අමතක වෙන්නේ නෑ. වයසට ගියත් ඒ ආදරය අමතක කරන්න බෑ. මගේ චරිතය තම පෙම්වතාට හදවතින්ම ආදරය කරන චරිතයක්. සමාජයේ මුල්බැසගෙන තිබෙන දෙයක් තමයි සල්ලි තිබෙන පුද්ගලයින්ගේ සිත් තුළ අවංක ආදරයක් නැතැයි කියන එක. ඒක එසේ නොවන බව කලර්චිත්‍රපටයේ මගේ සහ මගේ පෙම්වතාගෙ චරිතවලින් පැහැදිලි වෙනවා. මගේ පෞද්ගලික අදහසත් ඒකයි. අවංක ආදරයට මුදල් හදල්, බලය කිසිම බලපෑමක් නොකරන බවයි මම හිතන්නෙ. කලර්චිත්‍රපටයේ මගේ රංගනය ගැන ගොඩක් දෙනෙක් මට හොඳ කිව්වා. ඒ ගැන මට සතුටුයි.
පසුගිය දවස්වල ඔබ එකදිගටම රූපගත කිරීම්වල සිටියා නේද?
ඔව්. ඒ දේවින්ද කෝන්ගහගේ කියන තරුණ දක්ෂ නර්මාණකරුවාගේ චිත්‍රපටයේ සහ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට. ඒ භව තරණයචිත්‍රපටය සහ භව සිද්ධාන්තටෙලිනාට්‍යය. මේ තමයි එකම පසුතලයක එකවර නිර්මාණය වුණු පළමු චිත්‍රපටය සහ ටෙලිනාට්‍යය. මම හිතනව මේ නිර්මාණවලට දායක වෙන්න ලැබීම මගේ රංගන ජීවිතයේ සුවිශේසී අවස්ථාවක් කියලා. මේ චිත්‍රපටයට සහ ටෙලිනාට්‍යයට තේමාව වෙලා තියෙන්නෙ එකම කතාවක්. එය එක්දහස් අටසිය ගණන්වල ඉඳල දිගහැරෙන කතාවක්. මෙම එක් එක් නිර්මාණයක චරිත 4 ක් නිරූපණය කරනවා. මේවා බෞද්ධ දර්ශනය තේමා කර ගනිමින් නිර්මාණය වුණු නිර්මාණ. මාස 8 ක් පමණ නුවර, මාතලේ, අනුරාධපුරය, කොළඹ කියන ප්‍රදේශවල එහි රූපගත කිරීම් සිදුකළා.
ඒ කාලය තුළ ඔබ වෙනත් නිර්මාණයකට ගියේ නැතිද?
ඔව්. කිසිම නිර්මාණයක් මම ඒ කාලය තුළ බාර ගත්තේ නෑ. එසේ සම්පූර්ණ අවධානය යොමු කළේ ඒ නිර්මාණයට. මගේ ෆෝන් එක පවා මම නවාතැනේ දාලයි ගියේ. මේ කාලයේ නිර්මාණය වන බිස්නස් ටෙලිනාට්‍ය අතරේ භවතරණයවැනි නිර්මාණ කෙරෙනවා අඩුයි. ඉතින් එවැනි චරිතයක් ලැබුණාම මම ඒ වෙනුවෙන් උපරිමයෙන් කැප වෙනවා.
පසුගිය කාලය තුළ ඔබ ඓතිහාසික වගේම මීට අවුරුදු ගණනාවකට ඉස්සර කාලය පසුබිම් කරගෙන කළ නිර්මාණ කීපයකටම දායක වුණා නේද?
ඔව්. මම ඉතාම කැමැත්තෙන් ඒ නිර්මාණවලට දායක වුණේ. එහෙම චරිත ලේසියෙන් රඟපාන්න බෑ. ඒ යුග පිළිබඳ, ඒ යුගවල තිබුණු භාෂා පිළිබඳව අවබෝධයක්, හැදෑරීමක් ඒ සඳහා අවශ්‍යයි. එවැනි චරිත කීපයක්ම මට ලැබුණා. මම ඒවා සතුටින් බාරගත්තා.
දැන් එකදිගට හැදෙන ටෙලිනාට්‍ය ගැන ඔබේ අදහස මොකක්ද?
දැන් හැදෙන බොහොමයක් ටෙලිනාට්‍ය නිර්මාණ නෙමෙයි. මමත් පසුගිය කාලෙ ඔයවගේ ටෙලිනාට්‍යල රඟපෑවා. නමුත් ආපසු හැරි බලද්දි කනගාටු හිතෙනව. හැබැයි සල්ලි නම් හම්බ වුණා. මේ ටෙලිනාට්‍යවලින් අලුත් පිරිසකට අවස්ථා ලැබෙනවා. ඒක හොඳයි. නමුත් මේ ටෙලිනාට්‍යවල රඟපෑමෙන් ශිල්පීන්ටවත් ඒවා බැලීමෙන් ප්‍රේක්ෂකයින්ටවත් ඇති වැඩක් නෑ. මම හිතන්නෙ ක්ෂේත්‍රයේ කිසියම් ස්ථාවරයක් ගොඩනඟාගත් ශිල්පීන් මේවාට නොයා යුතුයි. ඒ වගේ ම මම හිතනව ප්‍රේක්ෂකයින් ළඟදීම මේ ටෙලිනාට්‍ය ප්‍රතික්ෂේප කරයි කියලා.
ඔබට ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් නැතිද?
මම කළොත් කරන්නෙ හොඳ නිර්මාණයක්. අද තියෙන බාල ටෙලිනාට්‍ය රැල්ල නිසා නාළිකාවල හොඳ නිර්මාණයකට ඉඩ ලබාගැනීම අමාරුයි. ඒ නිසා දැන්ම ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් නෑ.
කලාව තුළ ඔබේ ඉදිරි බලාපොරොත්තු?
අශෝක හඳගම, ප්‍රසන්න ජයකොඩි වැනි නිර්මාණකරුවන්ගේ කෘතින්වලට දායකවීමේ ආශාවක් මට තියෙනවා. ඒ වගේම මිනිසුන්ට දැනෙන රංගනයන් ඉදිරිපත් කරමින් ක්ෂේත්‍රයේ රැඳී ඉන්නයි බලාපාරොත්තුව.
ජීවිතය තුළ ඔබට බලාපොරොත්තු ඉලක්ක ගොඩක් ඇති නේද?
නැහැ. මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නෑ. අද දවස පටන් ගත්තාම ඒ දවස ඇතුළත කරන්න තියෙන දේවල් හොඳින් කරනව. හෙට මොනව වෙයිද කියල මම දන්නෙ නෑ. මැරෙනතෙක් මම මගේ ජීවිතයට අත්දැකීම් එකතු කරනවා. අද මැරුණත් මම හරිම සතුටින් ඉන්නෙ.

About the Author

Posted by gossip lanka live on 3:54 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 3:54 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

1 comments for "Chat With Udayanthi kulathunga - මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නෑ"

  1. SWEET UDAYANTHI, YOU ARE THE SEXIEST AND PRETIEST ACTRESS IN SRI LANKA. I LOVE YOU SO MUCH.

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.