Published On:
Posted by gossip lanka live

Chat With nirosha virajini මම හදවතට දැනෙන්න ගායනා කළා


හදවතේ රිද්මය ඇය හොඳින් හඳුනන්නීය. සප්ත ස්වරයේ රටාව හදවතේ රිද්මයට මුසුකොට ළයාන්විතව ගයන්නීය. ශෘංගාරයද, පේ‍්‍රමාන්විත බවද ඒ හඬ වෙතින් ස්පර්ශ වන්නේය. ඇය නිරෝෂා විරාජිණිය බව වටහා දීමට ඒ සියල්ල වෙතින්  ඕ සමත් වන්නීය. මේ සියල්ල ගැයුමට පමණක් සීමා නොකළ ඇය, මේ දක්වා ගැයුමට ළබැඳිව උකහා ගත් පෙරාගත් සාරයෙහි අරුත තවත් පිරිසකට ලබාදීමට සමත්ව සිටින්නීය. පසුගිය ජනවාරි මාසයේ ඇරඹි ඒ හඬ පුහුණුවෙහි රිද්මය අභ්‍යාස ලෙස හැදෑරූ පිරිස සමඟ එක්ව මේ මොහොතේදී ඇය සූදානම් වන්නේ එහි අරුත සමාජයට ප‍්‍රකාශ කිරීමටය.

බීට්ස් ඔෆ් හාර්ට්  (Beats of Heart) නම් වූ නිරෝෂා සතු හඬ පුහුණු ආයතනය ඉදිරිපත් කරන මේ කටයුත්තට සාපේක්‍ෂව අපි ඇය සමඟ පිළිසඳරකට එක්වෙමු.
නිරෝෂා ඔබ විසින් කටහඬ පුහුණු කිරීමේ ආයතනයක් පටන් ගත්තෙ මොන අරමුණකින්ද? මොන කාලයේදීද? කොහොමද එහි කටයුතු සිදුවන්නේ?
මේ රටේ රියැලිටි වැඩසටහන් පටන් ගත්ත දවසේ ඉඳලා යම් විදියකට මට නිරන්තරයෙන්ම වාගේ ඒවාට දායක වෙන්න ලැබුණා. ඒවාට දායක වූ කෙනෙක් ලෙස අපේ අලූත් පරම්පරාව වෙතින් මා දුටු බොහෝ දේ තිබුණා. ඔවුනට බොහෝදුරට හඬ පුහුණුව සඳහා ලැබී ඇති අවකාශය අල්පයි. එය අපේ රටේ සිදුවන්නෙ ඉතා අල්ප වශයෙන්. එක්කෝ විභාග සඳහා, නැත්නම් වෙනත් සරසවි මට්ටමින් හෝ ආයතන මට්ටමින්. ඒත් ප‍්‍රධානව ගායනය සඳහා කටහඬ පුහුණුව ලැබිය හැකි ආයතනයක් නැහැ. වෙනත් රටවල ලෝක පූජිත ශිල්පීන් ලෝක චරිත බවට පත්ව සිටින්නේ මෙවැනි හඬ පුහුණුව නිරන්තරයෙන්ම ලබන නිසයි.

ඇයි ගායනයට හඬ පුහුණුව වැදගත්?
කෙනෙකුට විවිධ ශෛලීන් හඳුනාගෙන වඩාත් නම්‍යශීලීව ගැයීමට නම් හඬ පුහුණුව අභ්‍යාස ලැබිය යුතුමයි. එහෙම නොවනවා නම්  ඕනෑම ශෛලියක ගී ගැයීමේ හැකියාව අසීරු වෙනවා. මේ මඟින් අපේ අරමුණ තනිකරම හඬ පුහුණුව ලබාදී එය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය රිද්මය ලබාදීමටයි. මේ නිසා තමන්ට ගායනය කිරීමේ පහසුව ලැබෙනවා. ඊට අමතරව ප‍්‍රාසාංගිකව වේදිකාවේ ගී ගැයීමේදී පෞරුෂය කියන දේ වැදගත් වෙනවා. මොකද අද බොහෝ විට සිද්ධ වෙන්නෙ ගීත අසනවාට වඩා ගීත බැලීම නොහොත් නැරඹීමයි.
මේ නිසා ප‍්‍රාසාංගික වේදිකාවේදී ගායනය කරනු ලබන විට පේ‍්‍රක්‍ෂකයා තමා කෙරෙහි ඇද බැඳ නතුකර තබා ගැනීමට ආකර්ශනයක් අත්‍යවශ්‍යයයි. ප‍්‍රාසාංගික බව රැුඳෙන්නෙ එවිටයි. අන්න ඒ ප‍්‍රාසාංගික බව උදෙසා පෞරුෂය මෙහෙයවීම වැදගත්. වේදිකාවේදී අපි හැසිරෙන්න කොහොමද කියන දේ ගැන. මෙකී සියල්ල ඒ ඒ අංශ වලට නිපුණ ප‍්‍රවීණයින් ලවා මහාචාර්ය සුනිල් ආරියරත්න, කිෂු ගෝමස්, රෝසි සේනානායක වැනි ප‍්‍රවීණ චරිතවල ගුරු හරුකම් යටතේ ලබා දීම සිදු වෙනවා.

මේ ප‍්‍රසංගය කුමක්ද?
මගේ ප‍්‍රමුඛත්වයෙන් බිහිකළ ‘‘බීට්ස් ඔෆ් හාට්’’ ආයතනය සිසු සිසුවියන් එලෙසින් අභ්‍යාස ලබා හැකියාවන් පෙන්නුම් කරන ප‍්‍රාසාංගික මොහොත හැටියට එය හඳුන්වන්න පුළුවනි. එය පැවැත්වෙන්නෙ මෙම 2 වැනිදා (අද) බිෂොප් විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී සවස 6.00 ට මේ ළමුන්ගේ දක්‍ෂතා ප‍්‍රාසාංගිකව ඉදිරිපත් කිරීම හරිම අපූරුවට සිදුවේවි. ඉන්පසු ඔවුනට සහතිකපත් බෙදාදෙන මේ මොහොත සඳහා අපි විවිධ ක්‍ෂේත‍්‍ර වලට අයත් විශාල පිරිසකට ඇරයුම් කර තිබෙනවා.

මේ සියල්ල අතරේ ගෙවෙන ඔබගේ ජීවිතය මොන වගේද?
සත්තකින්ම හරිම කාර්ය බහුල කාලයක්. මට මං වෙනුවෙන් වඩා මම ආසාවෙන් හිතාගෙන හිටපු දෙයක් මේ. ඒ නිසා ඒකට වැඩිපුර කාලය යොමු කරවන අතරේ දේශීය විදේශීය ප‍්‍රසංග වලට සහභාගී වෙමින් කාලය ගෙවනවා. ඊට අමතරව එදා සිට කළ සමාජ සත්කාර නවතා නැහැ. පිළිකාවට ගොදුරු වී ඇති ළමුන් බේරා ගැනීමේ මෙහෙවරේ සහායිකාවක ලෙසද, ශූර ගොවියා පළාත් නියෝජිතවරියක කටයුතු කරනවා. මේ සියල්ල නිසා ජීවිතය ගෙවන්නේ හරිම සතුටින්.

ගෙවී ගිය ජීවිතයේ සිදුවූ සියල්ලට සාපේක්‍ෂව දුක්වූ සතුටු වූ අවස්ථා තියෙනවද?
හැමෝගෙම ජීවිත වලට සතුට එනවා. ඒ වගේම දුකත් එනවා. එය ස්වාභාවිකයි. ඒ සියල්ල අපට අහක් කරන්න බැහැ. ඒ සියල්ල අතරේ මොන දේ හෝ වේවා ජීවිතය දිහා සුබවාදීව සහ යහපත් දැක්මක් ඇතිව බලන්න පුළුවනි නම්? හිතන්න පුළුවන් නම්? යහපත් ජීවිතය කියන්නෙ එයටයි. අනෙක ජීවිතේ කියන්නෙ හරි කෙළින් ඉරක් ඇඳලා පෙන්වන්න පුළුවන් දෙයක් නොවෙයි. වෙනස් වීමට නිරන්තරයෙන් ලක් වෙනවා. ඒ සියල්ල හොඳට ගෙන උපේක්‍ෂාවෙන් බැලීම තමයි හොඳම දේ.

නිරෝෂා මේ ගෙවී ගිය කාලයේදී ඔබ ගීතයෙන් කළ කී දේ ශ‍්‍රාවකයින්ට හදවතට දැණුනා කියලා හිතනවාද?
සත්තකින්ම ඔව්. මම ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු 20ක් විතර වෙනවා. එදා ඉඳලා අද දක්වා මට ලැබෙන ප‍්‍රතිචාර සහ ගායනය සඳහා ලැබෙන ආරාධනා අනුව මට එය කියන්න පුළුවනි. ඔව්. සහතිකයි. මම හදවතට දැනෙන්න ගායනා කළා. ඒ නිසාම මම සමාජයේ ආදරයට නිරන්තරයෙන් යොමු වු බව කියන්න පුළුවනි.

ඒ විදියට ඔබ ගැයූ ගීත අතරින් ඔබගේ හදවතට ස්පර්ශ වූ ගීතය ගැනත් සඳහනක් කළොත්? ඇයි ඒ ගීතය සමීප කියලත් කිව්වොත්?
මා ගැයූ ගී සියල්ලටම යම් යම් විදියට ආදරෙයි. කැමතියි. ඒ අතරින් ජීවිතයේ හැබෑවට සමීපව ආදරයට සමීපව ‘‘සිනාතොටක් විය’’ ගීතයටත් පුන්සඳ රෑට ගීතයටත් වඩාත් ඇල්මක් දක්වනවා. යම් කිසි දුරකට ජීවිතයේ අත්දැකීම් මුසුවූ නිසා ඒ ගීත හදවතේ රිද්මයෙන්ම ගැයෙන්න ඇති.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ








About the Author

Posted by gossip lanka live on 10:01 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 10:01 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With nirosha virajini මම හදවතට දැනෙන්න ගායනා කළා"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.