Published On:
Posted by gossip lanka live

Chat With anusha rajapaksha පුංචි කාලෙ ඉඳලම මම කලාවට ළැදියි


ඇය අනූෂා රාජපක්ෂ. අනූෂා දක්ෂ මෝස්තර නිරූපණ ශිල්පිනියකි. මෝස්තර නිරූපණය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට කලා ක්ෂේත්‍රය තුළ ද සාර්ථක ගමනක් පැමිණ ඇත. ඇය රංගනයෙන් දායක වී ඇති ටෙලි නාට්‍ය කිහිපයක්ම රූපවාහිනී නාලිකා කිහිපයකම මේ දිනවල විකාශය වේ. කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට බලාපොරොත්තු වන අනූෂා මේ වන විට සිනමා නිර්මාණ කිහිපයකටම තම දායකත්වය ලබා දී ඇත. අද තරුවක් සමඟ වරුවක්විශේෂාංගය වෙන් වන්නේ අනුෂා සමඟ කළ කතාබහ වෙනුවෙනි.
ඉතින් කොහොමද අනුෂා. කොහොමද මේ දවස්වල ඔබේ කාලය ගත වෙන්නෙ?
ටෙලි නාට්‍ය කීපයකම රූපගත කිරීම් වලට සහභාගි වෙනව මේ දවස්වල. ඒ; ස්වර්ණවාහිනියෙන් විකාශය වන ඉටිමල්ටෙලි නාට්‍යය, සිරසෙන් විකාශය වන සඳ හිරු තරුටෙලි නාට්‍යය සහ ඒ වගේම සිරසෙන් විකාශය වන සත්‍යටෙලි නාට්‍යය. මේවා දීර්ඝ ටෙලි නාට්‍ය.
ඊට අමතරව මෝස්තර නිරූපණ කටයුතුවලත් යෙදෙනව ද?
රංගනයට එන්න කලින් මම මෝස්තර නිරූපණයේ යෙදුණු කෙනෙක්. හැබැයි මම රංගනයට හරිම ආසයි. පසුගිය කාලෙ රංගන කටයුතුවලට වැඩියෙන් යොමු වුණු නිසා මෝස්තර නිරූපණ කටයුතු තරමක් මඟ හැරුණා.
ඉටිමල්ටෙලි නාට්‍යයේ රංගනය ගැන පේ‍්‍රක්ෂකයින් ඔබට මොනවද කියන්නෙ?
හොඳ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. එහි මම නිරූපණය කරන්නේ වෙරෝනිකා කියන චරිතය. එය ප්‍රධාන චරිතයක්. වෙරෝනිකා කාර්යාලයක සේවිකාවක්. ඇය හැසිරෙන්නෙ කොල්ලෙක් වගේ. මම හරිම ආශාවෙන් ඒ චරිතය නිරූපණය කළේ.
කොහෙද ගම් පළාත; එතකොට...... පාසල් ගියේ...?
මගේ ගම නිට්ටඹුවේ කලගෙඩිහේන. පාසල් ගියේ කලගෙඩිහේන මධ්‍ය මහා විද්‍යාලයට. පාසල් යන කාලෙ කලා කටයුතුවලට සම්බන්ධ වුණා.
මෝස්තර නිරූපණයට යොමු වුණේ අහම්බෙන් ද?
2001 අවුරුද්දෙ මිස් ශ්‍රී ලංකා තරගයට මම ඉදිරිපත් වුණා. එහිදී මම Miss Photo genic ලෙසත් 3rd runner-up ලෙසත් තෙරුණා. ඉන් පසුවයි මම මෝස්තර නිරූපණයට යොමු වුණේ.
ඔබ රඟපෑ පළමු ටෙලි නාට්‍යය කුමක් ද?
ටෙලි නාට්‍යවල රඟපාන්න කලින් රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකට පෙනි හිටින්න මට අවස්ථාව ලැබුණා. වී. සිවදාසන් ගේ ටෙලි නාට්‍යයක තමයි මම මුලින්ම රඟපෑවේ. නමුත් මම පේ‍්‍රක්ෂකයින් අතරට මුලින්ම ගියේ ජානක සහ ප්‍රදීප් නිර්මාණය කළ රන්මසු වැස්සටෙලි නාට්‍යයෙන්. ඉන් පසුව ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑවා. ස්වර්ණවාහිනියෙන් විකාශය වුණු නයිට් ලර්නර්ස්ටෙලි නාට්‍යය ඉන් විශේෂයි.
සිනමාවට ඔබේ දායකත්වය...?
ස්වීට් ඒන්ජල්”, “සුවඳ දැනුණා ජීවිතේ”, “ද ලාස්ට් චාන්ස්කියන චිත්‍රපටවලට මම රංගනයෙන් දායක වෙලා තියෙනව. හැබැයි ඒවා ප්‍රධාන චරිත නෙමෙයි. මෑත දී මම රංගනයෙන් දායක වුණු නීටා ප්‍රනාන්දු මහත්මියගේ ස්වරචිත්‍රපටය මට ඉතාම සුවිශේෂයි. එය ළඟදී තිරගත වේවි.
ස්වරචිත්‍රපටයට සම්බන්ධ වීම ගැන ඔබට මොනවද හිතෙන්නෙ?
මගේ කලා ජීවිතයේ මට ලැබුණු හොඳ අවස්ථාවක් විදියට මම ස්වරචිත්‍රපටය හඳුන්වන්න කැමැතියි. ස්වරඒඩ්ස් රෝගය මුල්කරගෙන නිර්මාණය වුණු ලස්සන චිත්‍රපටයක්. එහි මම රඟපාන්නෙ විහාරාකියන මෝස්තර නිරූපිකාවකගේ චරිතය. දවසක් නීටා ප්‍රනාන්දු මහත්මියත් සංජය නිර්මාල් අයියත් ඇවිත් මට මේ චිත්‍රපටය ගැන කිව්ව. කතාව ඇහුවාම මට තරමක බයක් දැනුණා. ඒ මේක ඒඩ්ස් රෝගය ගැන කියැවෙන චිත්‍රපටයක් නිසා. මෙහි මගේ චරිතය වටා තමයි ප්‍රධාන කතාව ගොඩනැඟෙන්නේ. විහාරාඒඩ්ස් රෝගයට ගොදුරු වෙනවා. ඇගේ ජීවිතය විනාශ වෙන්නෙ ඒඩ්ස් නිසා. මේ චිත්‍රපටය නැරඹුවාට පසුව පේ‍්‍රක්ෂකයින් මොන කෝණයකින් මගේ රංගනය දිහා බලයි ද කියල මම මුලින් ටිකක් බය වුණා. නමුත් නීටා අක්කා, සංජය නිර්මාල් අයිය මට මේ චරිතයේ ඇති වටිනාකම පහදල දුන්නා. එතැනදි මට හිතුණා අපේ කලා ලොවේ නීටා ප්‍රනාන්දු කියන දැවැන්ත චරිතය හොඳ දෙයක් මිස නරක දෙයක් සමාජයට නොකරන නිසා මේ චරිතය බාරගන්න ඕන කියල. ඒ විදියටයි මම මේ චිත්‍රපටයට සම්බන්ධ වුණේ. රංගන ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රාශියක්ම මෙහි රඟපානව. ඔවුන් සමඟ වැඩ කරන්න ලැබීමත් භාග්‍යයක්.
රංගන ක්ෂේත්‍රය තුළ මොන වගේ බලාපොරොත්තු ද ඔබට තියෙන්නෙ...?
මට මෙතෙක් රඟපාන්න ලැබිල තියෙන්නේ බටහිර පන්නයට බර චරිත. එහෙම නැතිව වෙනස් චරිත රඟපාන්න මම කැමැතියි. මම දන්නව විවිධ චරිත නිරූපණය කිරීමේ හැකියාව මට තිබෙන බව.
කලාවට එකතු වීම ඔබේ පැතුමක් ඉටුවීමක් ද?
පුංචි කාලෙ ඉඳලම මම කලාවට ළැදියි. ජනපි‍්‍රය රංගන ශිල්පිනී විශාඛා සිරිවර්ධන හිටියෙ අපේ ගෙවල් ළඟ. ඇය රඟපාපු ටෙලි නාට්‍ය චිත්‍රපට නරඹනකොට මටත් ඒ දවස්වල හිතුණා රඟපාන්න ඇත්නම් හොඳයි කියලා. ඇය ඒ දවස්වල සහභාගි වුණු රූපගත කිරීම්වලට මාවත් එකකගෙන ගියා. ඒ විදියටයි රංගනයට මගෙ හිත ගියේ. ඒ ආභාසයයි මාව නිළියක් කළේ.
ඔබේ පවුලේ කවුද ඉන්නෙ?
අම්මයි තාත්තයි මල්ලියි මමයි තමයි අපේ පවුලේ ඉන්නෙ. මල්ලි විවාහකයි.
ඔබටත් පෙම්වතෙක් ඇතිනෙ ඔහු පිළිබඳවත් සඳහන් කරන්න?
නැහැ දැනට එහෙම කෙනෙක් නෑ.
ගාමිණී සුසන්ත
ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ
ඇඳුම් සැපයීම Twinza designs බොරලැස්ගමුව

About the Author

Posted by gossip lanka live on 9:20 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:20 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With anusha rajapaksha පුංචි කාලෙ ඉඳලම මම කලාවට ළැදියි"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.