ටුනායක හා නුවරඑළිය
ප්‍රදේශවල මේ දිනවල රූගත කෙරෙන අලුත් චිත්‍රපටයක් සමඟ අලුත් අධ්‍යක්ෂවරයකු දොරට
වඩී.
අර්චනා නම් මේ චිත්‍රපටය
තනන නවක සිනමාකරුවා දිනූෂ ප්‍රදීප්ය.
ආදර කතාවක් වන අර්චනා,
දිනූෂගේ කුලුඳුල්
සිනමා කරණයයි.
නව පරපුරේ දක්ෂ රංගන
ශිල්පිණියක මෙන්ම නිවේදිකාවක වන සඳනි සුලක්නා අර්චනා හී ප්‍රධාන චරිතය නිරූපණය
කරයි.
වසන්ත කුමාරසිරි,
ජයංගනී දික්කුඹුර,
පාලිත නානායක්කාර,
අකිල සඳකැළුම්,
මධු නිත්‍යානි,
කුමාර රණපුර,
අජිත් ශ්‍රී පෙරේරා,
සංදීප් සන්රාජ්,
බුද්ධික අබේරත්න,
අනුර ශ්‍රීනාත්,
ස්වර්ණලතා රණසිංහ
ඇතුළු නවක සහ ප්‍රවීණ රංගන ශිල්පීහු රැසක් මෙහි රංගන දායකත්වය
සපයති.
අජිත් කුමාරතන්ත්‍රි සහ සුපුන් දිනූෂ
සෙනෙවිරත්න අර්චනා හී සහය අධ්‍යක්ෂවරු වෙති. කතාව, දෙබස්, තිර රචනය මෙන්ම කලා අධ්‍යක්ෂණය බර්ට්‍රම්
රන්ජන්ගෙනි. කුෂන්ත
ජිනේන්ද්‍රගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ප්‍රේම්
දිසානායක අංග රචනයෙන් ද දායකත්වය සපයන මෙහි බන්දුල රූපසිංහ නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු
කරයි. ඩියානා ෆිල්ම්ස් වෙනුවෙන් චන්ද්‍රා
ජයම්පති කුමාරි අර්චනා නිෂ්පාදනය කරයි.
About the Author
Posted by gossip lanka live
on 7:01 AM. Filed under
Films
.
You can follow any responses to this entry through the RSS 2.0.
Feel free to leave a response
By gossip lanka live
on 7:01 AM. Filed under
Films
.
Follow any responses to the RSS 2.0. Leave a response