Published On:
Posted by gossip lanka live

Chat With rashmi Ruth yalagala චරිත පසුපස හඹායාමේ ආසාවක් නැහැ


රශ්මි රූත් යාලගල වන ඇයගේ වයස අවුරුදු 20 කි. ඒ ගෙවී ගිය විසි වසරක ජීවිත කාලයේදී ඇය කළ කී දේ දිහා බැලූවිට කළ දේ නම් බොහෝ යැයි හැෙඟ්. එතරම්ම දක්ෂතා ඇති අපූරු තරුණියකි. ඇය ගැන කලා ක්ෂේත‍්‍රයේ බොහෝදෙනා කතා කිරීමට පටන් ගත්තේ පසුගියදා පැවැති රයිගම් ටෙලි සම්මාන උළෙලේදී නැගී එන නිළියට හිමි සම්මානය ලද නිසාය. එතැනින් එහාට ඇය ගැන කතා කිරීමට හේතුව වී ඇත්තේ, ලන්ඩන් ඒ ලෙවල් (London A/L) විභාගයේ ගණකාධිකරණ (Accounting)අංශයෙන් ලෝකයෙන්ම පළවෙනියා වී ඇති නිසාය. මීට අමතරව ඇය ගැන කතා කිරීමට ඇති තවත් දේ බොහෝය. රුව මෙන්ම හරයෙන්ද පොහොසත් රශ්මි රූත් සමග අද අපි ඒ සියල්ල කතා කරමු.
පවුලේ විස්තර : අම්මා කුමුදු, තාත්තා ජනිත් අබේසේකර සහ මගේ අයියා.


රශ්මි ගැන කෙටියෙන්
සම්පූර්ණ නම :- රශ්මි රූත් යාලගල
ගම :- බොරලැස්ගමුව
පාසල :- කොළඹ දකුණ ජාත්‍යන්තර පාසල
වයස :- අවුරුදු 20 යි
ලග්නය :- මේෂ


රශ්මි ඔබගෙ හැකියාවන් සමග කලා ක්ෂේත‍්‍රයට ආ හැටි මුලින්ම කතා කරමු.
කුඩා කාලයේ සිටම පාසල් ජීවිතය පටන් ගත්තේ. කොළඹ දකුණ ජාත්‍යන්තර පාසලෙන්. පාසලේ ඉගෙනීම් වැඩ කටයුතුවලට අමතරව බාහිර අංශයේ බොහෝ දේවලට කුඩා කාලයේ සිටම සහභාගි වුණා. ක‍්‍රීඩා කටයුතුවලටත් උපරිම ලෙස දායක වුණා. දිවීමේ ඉසව් වගේම උස පැනීම සහ දුර පැනීමේ ඉසව් නියෝජනය කළා. කණ්ඩායම් නායිකාව සහ නිවාස නායිකාව ලෙසත් කටයුතු කළා. ඒ අතරේ කලාශූරී කුලසිරි බුදවත්ත ගුරුතුමා යටතේ නර්තනය ප‍්‍රගුණ කළා. නර්තනයට අමතරව චිත‍්‍ර අඳින්න සහ ගායනයටත් හැකියාව තිබෙනවා. පියානෝ වාදනයටත් හැකියාව තිබෙනවා. මේ සියල්ලට අමතරව ආත්මාරක්ෂක සටන්ක‍්‍රම හදරා කළු පටි ලබා තිබෙනවා. කරාතේ ක‍්‍රීඩාව ඉගෙන ගත්තේ රුවන් සතරසිංහ සර් යටතේ. මේ සියල්ල අතරේ 2010 ලන්ඩන් ඒ ලෙවල් විභාගයට මුහුණ දුන්නා. එහිදී එකවුන්ටින්, ගණකාධිකරණ අංශයෙන් ලෝකයේම පළවෙනියා වුණා. ලකුණු 600 න් 600 ම ඒ විෂයට ගත්තා. ඒ වෙනුවෙන් පාසලෙන් සහ ලන්ඩනයේ මේ විභාගය පවත්වන එඩෙක්සෙල්වෙතින් ත්‍යාග සහ සම්මාන ලැබුණා.

දැන් ඊළඟ අරමුණ කුමක්ද?
සිමා (Cima) විභාගය සමත්වී ගණකාධිකරණ අංශයෙන් ඉහළටම ඉගෙන ගැනීම.

කලා අංශයට ආවේ කොහොමද?
බුදවත්ත සර් යටතේ නර්තනය හදාරණ විට ගයාන් ශ්‍රීමාල් අයියා සර්ගේ ශිෂ්‍යයෙක්. ඒ හඳුනා ගැනීම මත ගයාන් අයියා සිරසට මාව හඳුන්වලා දුන්නා. නිවේදනයෙන් ආ ගමනේදී අරුණ ජයවර්ධන අයියා සිරසට කළ සුළඟට එන්න කියන්නඒකාංගික ටෙලිනාට්‍යයේ රඟපාන්න ලැබුණා. මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී නැගී එන හොඳම නිළිය ලෙස තේරුණේ එහි රඟපෑ චරිතයටයි.

එතැනින් එහාට රඟපාලා නැද්ද?
ඊට පෙර චින්තක අයියා කළ මාමා හා මාකියන නාට්‍යයේ රඟපෑවා. එය තවම විකාශය වෙලා නැහැ.

දිගටම රඟපෑමේ උනන්දුවක් නැද්ද?
මම කැමති නිතර දකින චරිතවලට වඩා එහාට ගිය වෙනස් චරිත රඟපාන්නයි. ඒ නිසා චරිත පසුපස හඹායාමේ ආසාවක් නැහැ. හොඳ චරිත විතරක් ලැබුණොත් කරන්නම්.

මේ සියලූ හැකියාවන් ඔබ හඳුනාගත්තෙ කොහොමද?
දෙමාපියන් මාව ගොඩක් උනන්දු කළා. විශේෂයෙන්ම සියලූ දේ පිටුපස සිටින්නෙ අම්මායි. අයියත් මාව හරියට ආරක්ෂා කරනවා. එයා ඉංජිනේරු අංශයෙන් ඔස්ටේ‍්‍රලියාවේ සිට වැඩිදුර හදාරනවා. ඇත්තටම ගෙදර අයගෙ උදව් මත නිසා තමයි මේ තරම් දේ කරන්න ලැබුණේ.

ඇත්තටම ඔබ රඟපෑමට ආවේ ලස්සනයි කියලා හිතන නිසාද?
රඟපෑමට ලස්සන විතරක් තිබිලා බැහැ. දක්ෂතාවය තමයි ප‍්‍රමුඛවෙන්නෙ. නමුත් බොහෝ විට චරිතයක ආකර්ශනය සඳහා මේ දෙකම බලපාන්න පුළුවනි.



රයිගම් උළෙලේ නැගී එන හොඳම නිළිය රශ්මි රූත්



හැකියාවන් හඳුනාගෙන ඒ සියල්ල ප‍්‍රායෝගික කරගන්න ඔබ කාලය යොදා ගත්තෙ කොහොමද?
මම හිතන්නෙ අපි කම්මැලි විය යුතු නැහැ. කරන දේ ආසාවෙන් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ සියල්ල ජය ගන්න පුළුවනි. මම කරන සියල්ල කැමැත්තෙන් ආදරෙන් කළේ. මේ සියල්ල අතරේ කාලයෙන් උපරිම ප‍්‍රයෝජන ගත්තා. ලතින් බෝල්රූම් ඩාන්ස් පවා (චන්ද්‍රතිලක සර් යටතේ) ඉගෙන ගත්තා.

සමහරු ඔබට ලෝකල් කරීනා කියලා කියනවා නේද?
ගොඩාක් අය එහෙම කියනවා තමයි.

මේ සියල්ල අතරේ අනාගත සහකරු ගැන හිතන්නෙ කොහොමද?
මට තව බොහෝ දුරක් යන්න තියෙනවා. තව අවුරුදු අටක් දහයක් යනකල් ඒ ගැන හිතන්නෙ නැහැ.

ජීවිතේ අරමුණ මොකක්ද?
මේ ඔක්කෝටමත් වඩා යහපත් පුරවැසියෙක් වීම අරමුණයි. නැත්නම් ඉගෙන ගත්දේ යථාර්ථයක් වෙන්නෙ නැහැ. රටට වඩාත් යහපත්ම පුරවැසියකුවීම එකම බලාපොරොත්තුවයි.
ඡායාරූප/සටහන - සඳුන් ගමගේ









About the Author

Posted by gossip lanka live on 7:19 PM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 7:19 PM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat With rashmi Ruth yalagala චරිත පසුපස හඹායාමේ ආසාවක් නැහැ"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.