Published On:
Posted by gossip lanka live

Chat with bhagya gurusinghe - ගොඩක් හොඳින් ඉන්නවා. ටිකක් විතර කාර්යයබහුලයි.


සුන්දර ළමා අවධියෙන් පිබිදෙන්නටත් මත්තෙන් රංගනයට පා තැබූ ඇය සිය රංගන කෞෂල්‍යයෙන් පුංචි තිරය හැඩකරන්නට වූයේ සිඟිත්තියක ලෙසින්. එකී සිඟිත්තිය දැන් දැන් තාරුණ්‍යයේ හිණිමං පෙත්තට අඩිතාලම තබා ඇත්තේ තරුණ්‍යයේ අපූර්වත්වය ද කැටි කරගෙනමය. මේ දිනවල පුංචි තිරයේ සොඳුරු ආදරවන්තියකගේ චරිතයට පණ පොවන ඇය තවදු ළමාවිය නොඉක්මවූ සොඳුරු යුවතියක්මය.

ඇය භාග්‍යා ගුරුසිංහ...  

*සම්පූර්ණ නම



 භාග්‍යා ගුරුසිංහ

*උපන් දිනය
 

සැප්තැම්බර් මස 09

*ලග්නය
 

ධනු

*පදිංචිය
 

මාළඹේ

*උස
 

5 ‘3’

*භාග්‍යා, ඉතිං කොහොමද?
 

ගොඩක් හොඳින් ඉන්නවා. ටිකක් විතර කාර්යයබහුලයි.

*කාර්යයබහුල වෙලා ඉන්නේ මොන ‍වගේ දේවල් නිසාද කියලත් කියමු...


මේ දවස්වල තරු පිරි අහස ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙනවා. ඊට අමතරව මුතු වරුසා නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙනවා. ඒ වගේමයි චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියනවා. ඒකෙ රූගත කිරීම් තව සති දෙක තුනකින් පටන්ගනී.

*ඔබ තවමත් අධ්‍යාපනය හදාරන වියේ පසුවන අයෙක්. රංගනය අධ්‍යාපනයට බාධාවක් නෙමෙයිද?


නෑ කියන්න බෑ. යාළුවන්ට කියලා සටහන් ලියාගෙන මඟහැරෙන පාඩම් වැඩ ටික කරගන්නවා. ඒ ටික හොඳට පාඩම් කරලා විභාගෙට ලියනවා.

*ඔබ රංගනයට මූලික අඩිතාලම තැබුවේ කොහොමද?


තාත්තගේ යාළුවෙක් මාර්ගයෙන් දෙරණ නාලිකාවේ විකාශය වුණ පුංචි අපේ ඉස්කෝලේ කියන වැඩසටහනට ඉදිරිපත් වුණා. එතනින් වෙළඳ දැන්වීම්වලටත් ඊට පස්සේ ටෙලි නාට්‍යවලටත් යොමුවුණා.

*ඔබ රංගනයේ යෙදෙන්නේ ඉදිරියේ දී වෘත්තීමය වශයෙන් ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමේ  අරමුණින්ද ?


වෘත්තීමය මට්ටමින් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. බැංකු ක්ෂේත්‍රය පිළිබඳ හදාරණ නිසා ඒ ගැනත් බලාපොරොත්තුවක් තියනවා. ඉදිරියට තියන වැඩ සලකලා බලලා ඒ ගැන තීරණය කරනවා.

*ඔබේ පවුලේ විස්තරත් මේ වෙලාවේ කතාකරමු... 


අපේ පවුලේ 5 දෙනයි. මායි, අම්මයි, තාත්තයි, අයියයි, නංගියි.

*ගෙදරින් හම්බවෙන සහයෝගය කොහොමද?


වචනවලින් කියන්න බැරි තරම්. මං රඟපානවා හොඳයි වගේනම් අයිය කියනවා හොඳයි කියලා. තව ටිකක් හොඳට කරන්න තිබ්බා කියනවා. නංගිනම් වැරදිවලට බණිනවා, ඒකවත් හරියට කරගන්න බෑ කියලා. තාත්තා කරන්න ඕන විදිහ රඟපාලම පෙන්නනවා. අම්ම තමයි ඉතින් මගේ හැමදේම. මාත් එක්කම ඉඳගෙන හැමදේම කියලා දෙනවා.

*අධ්‍යාපනය හදාරන පාසල පිළිබඳ මතක් කළොත්?


මම ඉගෙන ගත්තේ රෝයල් ජාත්‍යන්තර පාසලේ

*දීර්ඝ කාලීනව ක්ෂේත්‍රයේ රැඳී සිටින ප්‍රවීණයින්ගෙන් සහ නවකයින්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා. මේ දිනවල රූගත කිරීම් සිදුවන තරුපිරි අහස නාට්‍යයේ රඟපාන ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ සහ හයසින්ත් විජේරත්න මහත්ම මහත්මීන් ඇත්තටම  මට ලොකු ශක්තියක්. ඒ අය මට හැමදෙයක් ගැනම  උපදෙස් දෙනවා.






*ගායනයට හැකියාවක් තියනවද?


ටිකක් විතර සින්දු කියන්න පුළුවන්


*ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්න අදහසක් නැද්ද?


එහෙම අදහසක් නම් නෑ.


*මේ දක්වා ක්ෂේත්‍රයේ පැමිණි දුර ගැන සෑහීමකට පත්වෙනවද?


ඇත්තටම ඔව්. මම ක්ෂේත්‍රයට එද්දි කිසිම දෙයක් දන්නෙ නෑ. දැන් ගොඩක් දේවල් දන්නවා. ගොඩක් දුර ඇවිත් තියෙනවා කියලා හිතෙනවා. ඒ ගැන හිතද්දි ගොඩක් සතුටුයි.


*ඔයා ප්‍රේක්ෂකයාට ලං වුණේ මොන නිර්මාණයෙන් කියලද ඔයා හිතන්නේ?


තරු පිරි අහස ටෙලි නාට්‍යයේ විහඟිගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.


*වර්තමානයේ රංගන ශිල්පීන්ට කටකතා හැදෙන්න මූලික හේතුව ජනප්‍රියත්වය කියලා ඇතැම් රංගන ශිල්පීන් කියනවා. කටකතා හදාගන්නෙ නැතුව ජනප්‍රියත්වය විතරක් තියාගෙන මේ ක්ෂේත්‍රයේ ඉන්න බෑ කියලද ඔයත් හිතන්නේ?


කටකතා හැදෙන්න ඕන නෑ ජනප්‍රිය වෙන්න. කැපවීමෙන් හොඳට රඟපෑම කළොත් කටකතා නැතුවම ජනප්‍රිය වෙනවා.



*ජනප්‍රිය පුද්ගලයෙකුට කටකතා හැදීම සාමාන්‍ය දෙයක්. ඒ ගැන ඔයාගේ අදහස මොකක්ද?


අපිට මිනිස්සුන්ගේ කටවල් වහන්න බෑ. ඒත් කිසි වැරැද්දක් නැතුව අපි කරන දේ හරියට කරොත් කවදම හරි දවසක අපිට හැදුන කටකතා බොරු වෙනවා. එදායින් පස්සේ ඒ මිනිස්සු කටකතා කියන එකත් නවතියි.

*ක්ෂේත්‍රයේ දිගටම රැ‍ඳෙන්න අත්‍යාවශ්‍ය මොනවද?


ඒ පිළිබඳව හොඳ හැදෑරීමක් කරන්න ඕන. ඒ වගේමයි උනන්දුව, කැපවීම සහ උත්සහය තියනවනම් මේ ක්ෂේත්‍රයේ දිගටම ඉන්න පුළුවන්. ඒ වගේමයි රංගන හැකියාව තියෙන්නත් ඕන.

*රංගනයෙන් ඉවත්වීමට කාගෙන් හෝ බලපෑම් එල්ලවුනොත් මොකද කරන්නේ?


සාධාරණ හේතුවක් තිබුණොත් ඒ ගැන සලකලා බලනවා. නැත්තන් අයින් වෙන්නේ නෑ. රඟපෑමෙන් ලොකු ආත්ම තෘප්තියක් ලැබෙනවා. ලැබන ප්‍රතිචාරත් එක්ක බලද්දී අයින් වෙන්න හිතෙන්නෙම නෑ.

*කවුරුහරි වැදගත් පුද්ගලයෙකුගෙන් ඒ බලපෑම එල්ලවුනොත්?


අම්මනම් කියනවා බැන්දට පස්සේ රඟපාන එක නවත්තන්න කියලා. ඒත් ඉතින්... ඒ වැදගත් කෙනාට කියලා බලනවා පොඩ්ඩක්...

*මේ දක්වා ලබල තියන දරුණුම දඬුවම ගැන මතක් කළොත්?


තරු පිරි අහස ටෙලි නාට්‍යයේ ඇවිදින්න බැරි ළමයෙකුගේ චරිතයක් තමයි මම කරන්නේ. එතන දී පඩිපෙළක් උඩ ඉඳන් බිමට වැටෙන්න තියනවා. ඒක මට ඇත්තටම කරන්න වුණා. ඒක හතර පස් වතාවක් කළා. ඊට පස්සේ දවස් ගාණක් යනකම් මුළු ඇඟම නිල් වෙලා තිබුණේ.

*ක්ෂේත්‍රයේ දී ලබපු අමතක නොවන අත්දැකීම මොකක්ද?


මම මුළින්ම රඟපාපු චිත්‍රපටයේ දී මට තිබුණේ නිකන් චරිතයක්‍. ඒකෙ බෝඩිමක ඇඳවල් ගොඩක් තිබුණා. මම හිටියේ අන්තිම හරියෙ ‍තිබුණ ඇඳක. ඒකෙදි කැමරාවට මාව පේන්නෙ නැතිවෙයි කියලා මම ටිකක් ඉස්සිලා බලාගෙන හිටියා. මම පස්සේ තමයි දැනගත්තේ කැමරාවට ලොකු පරාසයක් ආවරණය වෙනවා කියලා. අදටත් මට ඒක මතක් වෙද්දි හිනා යනවා.

*ඇත්තටම භග්‍ය ගුරුසිංහ කියන්නේ මොන වගේ කෙනෙක්ද?


හැමතිස්සෙම හිනාවෙලා ඉන්න කෙනෙක්. කේන්ති යන්නෙම නැති තරම්. ගොඩක් අහිංසකයි වගේම මිත්‍රශීලීව හැමෝම එක්ක වැඩ කරනවා.

*රංගනයේ යෙදෙද්දී ගෙදරින් පැනවෙන සීමා මායිම් මොන වගේද?


සීමා තියෙනවා. ඇඳුම් ගැන එහෙම ගොඩක් හිතනවා. ඒ වගේමයි පිරිමි ළමයින් එක්ක රගපාද්දි සීමා තියෙනවා. ගෙදරින් ‍වගේම මමත් වෙනමම සීමා දාගෙන තියනවා. එහෙම නැති වුනොත් අපිට වටිනාකමක් නැති වෙනවා.

*අනාගත බලාපොරොත්තු?


හොඳ චරිත හම්බ වුණොත් දිගටම රංගනයේ යෙදෙනවා. මොකක් හෝ අවාසනාවකට එහෙම හම්බවුණේ නැත්තන් බැංකු ක්ෂේත්‍රයට යොමු වෙනවා.









HARD TALK

*ඔයා හිතන්නේ ඔයා ජනප්‍රියයිද? ප්‍රසිද්ධයිද?


ජනප්‍රියයි

*ඔයා ආසාවෙන් බලාපොරොත්තු වු චරිතයකට දෙමාපියන්ගේ කැමැත්ත නොලැබුණොත් ඒ නිර්මාණය භාර ගන්නවාද?


නැහැ

*ජීවිතයේ වැදගත් සන්දිස්ථානවල දී ජ්‍යෝතිශ්‍ය විශ්වාස කරනවාද?


ඔව්

*වඩා වැදගත් මුදල්ද? රංගනයේ යෙදෙන චරිතයේ ගුණාත්මකභාවයද?


රංගනයේ යෙදෙන චරිතයේ ගුණාත්මකභාවය

*ප්‍රේක්ෂකයින් ඔයා ගැන කියනවා අහන්න කැමති මොකක්ද... භාග්‍යා හරි ලස්සනයි? අවංකයි? නිහතමානියි? දක්ෂයි?


දක්ෂයි



*රැල්ලක් විදිහට නව පරපුරේ කලා ශිල්පීන් රංගනය, ගායනය සහ දේශපාලනය යන අංශවලට යොමුවීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ඔයාටත් ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් මේ තුනෙන් තෝරගන්නේ මොකක්ද?


රංගනය

*ජනප්‍රියවෙන්න වැදගත් වෙන්නේ වාසනාවද? දක්ෂතාවයද?


දක්ෂතාවය







 source - sinhala.adaderana.lk

About the Author

Posted by gossip lanka live on 10:48 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 10:48 AM. Filed under , . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Chat with bhagya gurusinghe - ගොඩක් හොඳින් ඉන්නවා. ටිකක් විතර කාර්යයබහුලයි."

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.