Published On:
Posted by gossip lanka live
Chat With saranga disasekara කිසිසේත්ම නළුවෙක් වීම ගැන කනගාටු වෙන්නේ නැහැ
පසුගිය කාලයේ පුංචි තිරයේ ආදරණීය පෙම්වතා ලෙස වැඩිදෙනෙක් අතර කතාබහට ලක්වුණු සාරංග දිසාසේකර මේ දවස්වල
මොනවද කරන්නේ කියලා සොයා බලන්න අපි අදහස් කළා.
ඔහු මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන පිනි වැස්සක් ටෙලි සිත්තමේ වගේම චංචල රේඛා ටෙලි සිත්තමේද රූගත කිරීම්වලට දායකවෙලා ඉන්නවා. ඒ අතරේ ඔහු ආදරණීය සංවාදයක් කරන්න වේදිකාවටත් ගොඩවෙලා ඉන්නවා. ඔය අතරේ තමයි අපි සාරංගත් එක්ක මේ පිළිසඳර කළේ.
සාරංග දිසාසේකර කියන්නේ කවුද?
සාරංග දිසාසේකරටනේ.
ඇයි සාරංග නළුවෙක් වුණේ ?
මට ලැබුණ අවස්ථාවත් එක්ක සහ දක්ෂතාව ගැන හිතල බැලුවහම රංගනයට එන්න ආසාවක් තිබුණා. ඒ සඳහා මට අවස්ථාත් හිමිවුණා. ඒ ලැබුණ අවස්ථාවලින් යම්කිසි හැදෑරීමක් සිදුකරලා මට ලැබෙන චරිතවලට උපරිම සාධාරණයක් කරලා මෙතැන රැඳිලා ඉන්නවා.
නළුවෙක් නොවුණානම් සාරංග කවුරුවෙයිද?
පරිගණක උපාධිධාරියෙක් වෙයි. එහෙමත් නැතිනම් පරිගණක ක්ෂේත්රයේ උසස් රැකියාවක නිරතවෙලා හිඳීවි.
නළුවෙක් වීම ගැන කනගාටු වෙනවද?
කිසිසේත්ම නළුවෙක් වීම ගැන කනගාටු වෙන්නේ නැහැ.
සාරංග ජනප්‍රියද? ප්‍රසිද්ධද?
ඒක මම දන්නේ නැහැ. මම ජනප්‍රියද ප්‍රසිද්ධද කියලා ප්රෙAක්ෂකයන් තමයි තීරණය කරන්න ඕනෑ.
ජනප්‍රියවෙන්න මොනවද කළේ ?
ජනප්‍රිය වෙන්න හිතාගෙන මම මුකුත් කළේ නැහැ. මාව ප්‍රේක්ෂකයන් දන්නවා නම් දන්නේ මම රඟපාන චරිතවලින් වගේම මම කරන නිවේදන වැඩසටහන්වලින්. මම ඒ දෙඅංශයෙන්ම ලැබෙන හැම අවස්ථාවකදීම උපරිම සාධාරණය ඉටුකරනවා.
අවුරුදු දෙකක් ජනප්‍රිය නළුවා වීම ගැන මොකද හිතන්නේ ?
ලංකාවේ විකාශනය වන ටෙලිනාට්‍යවලට සම්මාන උළෙල දෙකයි පවත්වන්නේ. එකම අවුරුද්දේ එක උළෙලක එක නළුවෙක් ජනප්‍රිය වෙනවා. ඒ වසරේම අනෙක් උළෙලේ තව නළුවෙක් ජනප්‍රිය වෙනවා. මේක සාධාරණ නැහැ. මොකද එකම අවුරුද්දේ තිරගතවන ටෙලිනාට්‍යවලට පවත්වන සම්මාන උළෙල දෙකේ දෙන්නෙක් ජනප්‍රිය නළුවා වෙන්න බැහැ. ඒ නිසා සම්මාන උළෙලවල් ගැන ප්‍රේක්ෂකයන් ඉන්නේ කලකිරීමෙන්. එහෙම අවස්ථාවක මේ සම්මානය ලැබීම ගැන මම තෘප්තිමත්.
සම්මාන බලාගෙනද ඔබ රඟපාන්නේ ?
මම සම්මාන බලාගෙන රඟපාන්නේ නැහැ.
තාත්තාගේ ගීත ඉදිරියට ගෙනියන්න පුතාට වුවමනාවක් නැත්තේ ඇයි ?
වුවමනාවක් නැහැ කියලා දෙයක් නැහැ. ඒකට තවම සුදුසු කාලය ඇවිත් නැහැ. මේ රටේ මිනිස්සු තාත්තාගේ ගීත ඒ හඬින් අහන්න කැමැතියි. අදටත් ගුවන්විදුලියේ රූපවාහිනියේ විකාශනය වෙන්නෙ ඒ ගීත. දෙවැනි පරම්පරාවක් ආවහම තුන්වැනි පරම්පරාවට ඒ ගීත ගයන්න ඕනෑ. එතකං තාත්තාගේ හඬින් ඒ ගීත රැකිලා තිබුණහම ඇති.
මේ දවස්වල කාර්යබහුල නළුවා කියන්නේ ඇත්තද?
නැහැනේ. මට වඩා කාර්යබහුල නළුවෝ ඇති.
සාරංගට නිසි වටිනාකමක් තියෙනවාද?
ඔව්. මට නිසි වටිනාකමක් තියෙනවා. මම ඒක රැකගෙනයි වැඩකරන්නේ.
කැමරාව ඉදිරියේ කීදෙනෙක්ට ආදරය කරලා තියෙනවාද?
ඒවා ගණන් තියාගන්නේ නැහැ.
ඒ අතරින් සැබෑවටම ආදරය කරපු අයත් ඇති නේ ?
සැබෑවටම ආදරය කරපු අය ඉන්නවා.
සැබෑ ආදරය ගැන සාරංග ප්‍රේක්ෂකයන්ට කියන්න අකැමැතිද?
කැමරාව ඉදිරියේ මුණගැසුණ මට ආදරය කරන කෙනෙක් ඉන්නවා.
ඒ කියන්නේ සාරංග ආදරය කරන්නේ නිළියකටද?
නිළියක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.
ජනප්‍රියත්වය අඩුවෙන හින්දා වැඩි විස්තර කියන්න අකැමැතියි වගේ ?
අපොයි නැහැ. මට මතක ඇති කාලෙක ඉඳලා මම පුවත්පත්වලට පෙම්වතියක් ඉන්නවා කියලා තියෙනවා. මම එහෙම පටු විදිහට හිතන්නේ නැහැ. අනික මම හිතන්නේ නැහැ මට ඉන්න ප්‍රේක්ෂකයොත් එහෙම පටු විදිහට හිතයි කියලා. මොකද ඔවුන්ට මට පෙම්වතියක් ඉන්නවද නැද්ද කියලා වැඩක් නැහැ. මගේ රංගන හැකියාවන්ටයි ඔවුන් ආදරය කරන්නේ. අනික මට ඉන්නෙත් එහෙම ප්‍රේක්ෂකයන් පිරිසක්.
දිනේෂ් විතාන
ඡායා - ඉන්දික මල්ලවආරච්චි