Published On:
Posted by gossip lanka live
Chat With Lahiru Perera ‘රම්බරි’ ගීතය දැනට ලක්ෂ හයක විතර රසවිඳලා තියෙනවා
‘රම්බරිට’ බැනපු අය ‘කොලවරි’ අහලා දැන් ‘රම්බරි’ටත් හොඳ කියනවා
රම්බරි කියපං උඹෙ නොම්බරේතන්දුරි කමුද නොදා බර බරේ
වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ
අම්පාරෙ මල්ලි නිදිද කාමරේ..!
(පද – මනුරංග විජේසේකර)
අන්තර් ජාලයෙන් ‘කොලවරි’ ගීතය මිලියන පනස් අටක් පමණ පිරිසක් රසවිඳිද්දි මගේ ‘රම්බරි’ ගීතය දැනට රසවිඳලා තියෙනවා ලක්ෂ හයක විතර ගීතලෝලී පිරිසක්. ලංකාව පුංචි රටක්. අපේ තරමට ඒ හොඳටම ඇති. ඉන්දියාවේ රසිකයින් වැඩියි. ‘රම්බරි’ මේ පොඩි ලංකාවෙන් එළියට ගියෙත් නැතුව ලැබී තියෙන මේ ප්රතිචාරය වැදගත් අගැයුමක්. ඉස්සර ‘රම්බරි’ට බැන්න අය පවා ‘කොලවරි’ ඇහැව්වට පස්සේ දැන් ‘රම්බරී’ට හොඳ කියනවා.”
එසේ පවසමින් ‘ස්වර වර්ණ’ මෙවර වර්ණ ගන්වන්නට අප සමඟ එක්වූවේ අපේ සංගීත ක්ෂේත්රයේ නැවුම්, වෙනස් ඉසව්වක රැඳී හිඳිමින් මෙරට ගීතලෝලීන් පිනවන ගායන ශිල්පී ළහිරු පෙරේරාය. විවිධ සංගීත ශෛලි අනුව ගී ගැයීමේ හැකියාව ඇති ළහිරු ගැයූ ‘රම්බරි’ ගීතය මෙන්ම ‘සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුණේ’, ‘රතු රට කජු’ සහ ‘ළබැඳියේ’ වැනි ගීත නව පරපුරේ ශිල්පීන් ගේ නිර්මාණ අතර ළහිරුට වාසනාව ගෙන ආ ගීතය.
”මං හිතන්නේ අප ගීතයක් ගායනා කළාම එයට මල් හෝ ගල් (හොඳ හෝ නරක) ප්රතිචාර ලැබෙනවා කියන්නේ එය ජනතාව අතරට ගියා කියන එකටයි. මගේ ‘රම්බරි’ ගීතයට මුලින්ම ආව ගල් දැන් ‘කොලවරි’ සින්දුව ආවට පස්සේ මල් වෙලා. ‘රම්බරි’ට මුල් කාලේ බැන්න අයම දැන් හොඳ කියනවා. මගේ මූණට නම් කවදාවත් ‘රම්බරි’ හින්දා බැනලා නැහැ කවුරුවත්ම. ඒත් නොයෙකුත් තැන් වලදීත් ‘රම්බරි’ට බැනපු අය උන්නා. ඒ නිසාත් ‘රම්බරි’ මිනිස්සු අතරට ගියා කියලා මං හිතනවා. නිර්මාණ සියල්ල සැලකුවොත් ‘රම්බරි’ ගීතය තුළ තමයි මම ඉන්නේ.”
‘රම්බරි’ ගීතය තුළ ඔබ ඉන්නේ කොහොමද?
”ප්රධාන වශයෙන්ම ‘රම්බරි’ ගීතයෙන් තමයි මං මේ රටේ ගීත රසික ජනතාවගේ සිත්වල රැඳී සිටින්නේ. ඉස්සර ‘අපේ ළමයින්ට ‘රම්බරි’ සින්දුව අහන්න දෙන්නේ නැහැ කිව්ව වැඩිහිටියෝ අද මේ ගීතය