Published On:
Posted by gossip lanka live

pani walalu By Dhammika Ganganath Dissanayake

Pani Walalu 


Author Ganganath Disanayaka 
ISBN 9789553032843  
Publisher Godage 
 Pages 248 Size 140mm X 210mm  
Weight 400 g.  
Our Price Rs. 450.00

 

Janatha Balawegaya - ජනතා බලවේගය

දැන් කරුවල වැටිලා. මං දිග ඉස්තෝප්පුවේ බිත්තියට හේත්තු කරල තියෙන වාඩිවුණාම පස්ස ලිස්සල වළට වැටෙන, ඇඳි තියෙන කළු පුටු පේළියෙන් එකක කකුල් දෙක පළල් කරල ඇඳි දෙක උඩින් තියාගෙන බලියක් වගේ වාඩි වෙලා ඉන්නවා. නළල රැුළි කරල ඇහි බැම වකුටු කරල ඇස් පුංචි කරල කරුවල කපාගෙන මිදුලෙන් එහා තියෙන ආකාසේ දිහා බලන් ඉන්නවා. තාම අවුරුදුත් නෑ. ඒත් මේ ? මිනිස්සු රතිඤ්ඤා පත්තු කරනව. අහස් කූරු යවනවා. ඔහොම ඉන්නකොට බලියක් වගේ ඇරල තියෙන ගේට්ටුවෙන් කාර් එකක් මිදුලට හැරෙව්වා. මං ඒක අඳුරගත්තා. තාත්තා! තාත්තා එනවා! අද කලින් ඇවිත්! මං කකුල් දෙක විසි කරල නැගිටලා ඉස්සරහට ගියා. කාර් එක ගෝසාවක් ඇතුව ඇවිත් පෝටිකෝවේ නැවැත්තුව. තාත්තා බැස්ස. මං උඩ බැලූව. එයගෙ ඇස් රතු වෙලා. එතකොටම තාත්තගේ දස මහ යෝධයන්ගෙන් හතර දෙනෙකුත් කාර් එකෙන් බැස්ස. ඇල්බට් අයියා, ගැමුණු, ලෝන් ජෝන්, ඇම්. ඇම්. කියලා
තාත්තා ඒ ගොල්ලන්ට කතා කළේ. ඒ හැමෝගෙම ඇස් රතු වෙලා තිබුණා. ඒ ගොල්ලෝ හයියෙන් කතා කර කර සාලෙත් ඉස්තෝප්පුවෙත් එහා මෙහා ගියා. මං කාර් එක වටේ කැරකිල බැලූව. ඒකේ පිටිපස්සේ සීට් එක උඩ බඩු තියන තැන වැහෙන තරමට අහස් කූරුත් රතිඤ්ඤාත් පුරෝල තිබුණා. සාලෙ රේඩියෝ එක හයියෙන් දාල ඒකෙ සින්දු යනවා. එක පාරට සින්දු නැවතිල කවුරු හරි මොනාහරි කියනවා. එතකොටම දස මහ යෝධයින් දුවගෙන ඇවිත් කාර් එකෙන් රතිඤ්ඤා පෙට්ටි අරන් විගහට කඩල බිබී ඉන්න සිගරැුට් එකෙන් පත්තු කරල විසි කරනවා. මං කන් ඇතුළට ඇඟිලි යවල තද කරගෙන ඒවා පුපුරන හැටි බලන් ඉන්නවා.
ටික වෙලාවකින් ඒ ගොල්ලෝ අපේ ගෙයි මායිම ළඟට යනවා දැකල මමත් ගිහිං කරුවලේ දැවටි දැවටි හිටිය. එතන ලොකු සේපාලිකා ගහක් තියෙනව. ඒ ගොල්ලෝ ගහ අස්සෙන් එබි එබි බලනවා. එහා පැත්තේ ලොකු මිදුලක් එක්ක පොකුණක් තියන ලොකු පෝටිකෝවක් එක්ක වටේටම ඉස්තෝප්පුවක් ඇති මැද ලොකු සාලයක් තියෙන ලොකු ගෙයක් තියෙනවා. සාලෙ ලයිට් ඔක්කොම දාල දොරවල් ඔක්කොම ”හායි” කියල ඇරල දාල. සාලෙ සැටියෙත් කුෂන් පුටුවලත් වාඩිවෙලා ගෙදර අය රේඩියෝ අහනවා සේපාලිකා ගහ අස්සෙන් පේනවා. සුදු කොණ්ඩෙත් සුදු උඩු රැුවුලක් තියෙන ඒ ගෙදර සුදු සීයා සුදු ෂර්ට් එකකුයි සරමකුයි ඇඳන් සැටියෙ එරිල වාඩිවෙලා බස්තම උඩ අත් දෙක වාඩි කරගෙන ඉන්නව. මේ පැත්තේ කරුවලේ ඉන්න දස මහ යෝධයින්ගෙන් එක් කෙනෙක් දුනුවායෙක් පිටේ බැඳගෙන ඉන්න ඊතල මිටියකින් ඊතලයක් ගන්නවා වගේ අහස් කූරක් අරන් හරස් අතට අල්ල උඩ තියල ඉලක්ක අරන් බිබී හිටපු සිගරැුට් එක ඒකෙ නූලට තිබ්බ. අහස් කූර එක පාරටම රතු පාට ගිනි පුපුරු වැලි කැට වගේ සැර දාල විසුරුවාගෙන දුවගෙන පොකුණ පහු කරල පෝටිකෝවට ගිහින් එතනින් ඉස්තෝප්පුවට ගිහින් වමට හැරිල සාලෙ ඇතුළට ගිහින් හරියටම
සීයාගෙ සරම ළඟ පිපිරුවා. සාලෙ හිටපු හැමෝම විලාප තියාගෙන එළියට පැන්නා. දස මහා යෝධයොත් කරුවලේම මුවාවෙලා ආපහු ගෙට ආවා. මාත් ඒ අය එක්කම ආවා. දිගටම සින්දු නැවති නැවති රේඩියෝ එකේ මොනාහරි කිව්වා. ඒ හැම වෙලේම කට්ටිය මිදුලේ රතිඤ්ඤා පත්තු කළා. මං නිදිමත පෙරි පෙරී ගිහිං ඇඳට වැටුණා. ටික වෙලාවකින් හීනෙන් වගේ සද්දෙට ඇහුණා වත්තේ මායිමට තියෙන අපේ ගෙයි බිත්තියට හේත්තු කරලා එහා ගෙදර අය රතිඤ්ඤා පත්තු කරනව. බිත්තිය ගැලවෙයි කියල මට හිතුණා. ආච්චි අම්මාත් ඇඳේ නිදියගෙනම එහා ගෙදර අයට බනිනවා. ඒත් රතිඤ්ඤා සද්දෙ ඊට වැඩියි. දැන් අපේ ගෙදර සද්දයක් නෑ. දස මහා යෝධයින්ටත් මට වගේ නිදිමත ඇවිත් වෙන්නැති කියලා හිතුණා. දවල් ඇහැරිච්ච ගමන් මං කුණු කෙළ පිටින්ම ඉස්තෝප්පුවට ගියා. කවුරුවත් පේන්න හිටියේ නෑ. තාත්තා සරම බඩ හරියට වෙන්න ඇඳල ඉස්තෝප්පුවේ පුටුවක වාඩි වෙලා පාර දිහා බලන් හිටියා. මමත් ළඟම පුටුවක වාඩි වෙලා කබ කඩ කඩ තේරුමක් නැතුව පාර දිහා බලන් හිටියා. කපුටන්ගෙත් කුරුල්ලන්ගෙත් කෑගැහිල්ල මිස වෙන මොකුත් සද්දයක් නෑ. පාරේ හොරෙක් වගේ හෙමින් හෙමින් ආපු රතු පාට පුංචි බක් ෆියට් කාර් එකක් අපේ ගේට්ටුව ගාව අයින් කරල නැවැත්තුවා. ඒකෙන් පිටිපස්සෙ තට්ටෙ තියෙන කොළ පාට අත් දිග ෂර්ට් එකක් ඇඳපු මහත්තයෙක් බැහැල කතාවක් බහක් බයක් සැකක් නැතුව ගේට්ටුව ළඟට ඇවිත් ඒකෙ කණුව උඩ රතිඤ්ඤා වැලක් තිබ්බා. එතකොටම තාත්තා වාඩිවෙලා හිටපු පුටුවෙන් එක පාරට නැගිටලා සරම කඩල ආයිත් හයියට ඇඳගෙන හයියෙන් හයියෙන් ඉස්තෝප්පුව කෙළවරට ඇවිත් එබිල බැලූවා. එයාගේ උඩු රැුවුලෙ රැුවුල් ගස් සුදු පූසගෙ රැුවුල වගේ ගන සැරේට ඉස්සුණා. මහත්තයා කතාවක් බහක් නැතුව සිගරැුට් එකක් පත්තු කරගෙන ඒකෙන් රතිඤ්ඤා වැලට ගිනි තියල කතාවක් බහක් නැතුවම ගිහිං කාරෙකට නැග්ගා. එතකොටම තාත්තා මහ හයියෙන් ”අඩෝ! බත් ගොට්ටා!” කියලා කෑගැහුවා. එතකොටම රතිඤ්ඤා වැල පුපුරන්න පටන් ගත්තා. රතු පාට කාර් එක සැර දාල පිටවුණා. අර මහත්තයා කාර් එක එලවන ගමන් දකුණු අත කාර් එකේ ජනේලෙන් එළියට දාල උස්සලා වන වනා ගියා.
ඉස්තෝප්පුවේ දිග
ට තියෙන මිටි තාප්පෙ උඩ එක එක ජාතියෙ මල් පෝච්චි පේළියට තියල තියෙයි. ඉස්සර මට තාප්පෙ එල්ලිලා බැලූවත් පෙනුනෙ මල් පෝච්චි යට එකතු වෙලා ඉන්න කළු කූඹිත් උන්ගෙ සුදු බිත්තරත් විතරයි. දැන් නම් මං මල් පෝච්චි දිහා බලන්නේ ඔළුව පහතට නමල. ඒ ගොල්ලෝ මට වැඩිය හුඟක් පුංචියි. දැන් ඒව යට ඉන්න කූඹි බලන්න නං තුනටිය ගාවින්ම නැමෙන්න ඕනෑ.
දැන් හැන්දෑ වෙලා. ඡුන්ද පරනෙ තිඵල කියලත් ඉවරයි. ඒත් තාත්තා තවම ගෙදර ආවේ නෑ. ඉස්සරහ අලූත් ගෙදරට ගිය ආච්චි අම්මා හයියෙන් හයියෙන් ඇවිත් ඉස්තෝප්පුවේ ඉඳන් මට කෑගහනවා. ”චූටි, ගෙවල් කඩන්න මිනිස්සු එනවලූ. විජහට පන්සලට ගිහිං තාත්තට එන්න එපා කියන්න. එයා පන්සලේ ඇති.” මට මේ කතාව තේරෙන්නෙ නෑ. ගෙවල් කඩනවා කියන්නේ මොකක් ද? ගෙවල් කඩන්නේ මොකට ද? ”පර ම ජාතන්තරට පවාදයේ පහන් සිල නොනිවා රැුක ගනිමු.” කියල යටින් ලියල බණ්ඩාරනායක මහත්තයගෙ පිංතූර ඇඳපු රවුම් පිඟානක් ගෙට ඇතුළු වෙන කොටම පේන්න සාලෙ බිත්තියේ ගහල තිබුණා. ගෙවල් කඩන්න එන මිනිස්සුන්ට මේක දැක්කොත් තරහ යයි කියලා හිතල මං ඒක ගලෝල මගේ ඇඳ යට හංගල සරම පිටින්ම පන්සලට ගියා. පන්සලේ ආවාස ගෙයි ලොකු හාමුදුරුවන්ගෙ කාමරේ ඇතුළෙ තියෙන පුංචි කාමරේක තාත්තා හැංගිිලා හිටියා. එයාගෙ මූණ බයට සුදුමැලි වෙලා තිබුණා. ලොකු හාමුදුරුවන්ගෙත් එහෙමයි. මට සද්ධාතිස්ස කුමාරයා මතක් වුණා. මං පණිවිඬේ කියල හනික ආපහු හැරුණා.
ගෙදර එනකොට පාර දිගට සෙනඟ පිරිල තොරණක් බලනවා වගේ ගේ දිහා බලන් ඉන්නවා. ඒත් කවුරුවත් මිදුලටවත් යන්නේ නෑ. මං දිගට පිරිල බලාගෙන ඉන්න ගෑනුන්ගෙ මිනිස්සුන්ගෙ කකුල් අස්සෙන් රිංගලා මිදුලට යන්න වීරිය කෙරුවා. එතකොටම වගේ කෙනෙක් මගේ අතින් ඇල්ලූවා. එයා අල්ලපු ගෙදර රත්නා ඇන්ටි. එයත් පාරේ ඉඳන්
 ගේ දිහා බලන් ඉන්නවා සෙනඟ එක්ක. ”යන්න එපා! බෝම්බ තියල ඇති. විමලනාත් රැුස්වීම්වල
කතා
 කරල හම ගහනවා කියල කිව්වලූනේ. ඒකයි ඔය” එයා කියනවා. විමලනාත් කියන්නේ තාත්තගෙ නම. මං අමාරුවෙන් මිදුලට එබිල බැලූවා. ගෙදර ඇතුළෙ තිබුණු බඩුමුට්ටු සුන් බුන් වෙලා මිදුලෙ තැන් තැන්වල විසිරිලා තිබුණා. ”අයියෝ! ආච්චි අම්මා!” කියල කෑගහගෙන මං ආපහු පාර දිගේ දි
ව්වා. විජය පාරේ දෙවැනි වංගුවට කලින් වමට තියෙන දෙවට පාරෙන් ගියාම අපේ ගෙයි පිළිකන්නට යන්න පුළුවන්. දෙවට පාර දිගේ දුවන් ගිහින් කම්බි වැටෙන් පැනලා පිළිකන්නෙන් කුස්සියට ගියා. ඒත් ගෙට ඇතුළු වෙන්න බෑ. මුළු ගේම සුන්බුන් ගොඩක් වෙලා තිබුණා. වහලෙත් බිත්තිත් ඇර අනික් ඔක්කොම සුන්බුන් කරල. ඇත්තටම ගේ කඩල තිබුණා. කුඩුපට්ටම් වෙච්ච මේස, පුටු, ඇඳන්, ලී, වීදුරු අල්මාරි, වීදුරු පිඟන්, ක`දු උඩින් අඩි තිය තිය මං සාලෙට ගියා. ආච්චි අම්මා හැමදාම වාඩිවෙන තඩි
වේවැල් පුටුවේ වාඩි වෙලා ඉන්නවා. මේ බඩු මුට්ටු සේරම එයාගේ. ගේත් එයාගේ. එයා හම්බු කරපු සේසත. මං ඒ මූණට එබිලා බැලූවා. ”ආච්චි අම්මේ?” එයා සන්සුන්ව ඉන්නවා. ඇස්වල කඳුළක් නෑ. මාව දැකල තොල් එකතු කරලා හිනාවුණා. ”මොකද ආච්චි අම්මේ උනේ?” මං නැමිල ඇහුව්වා. ”සෙනඟ පුරෝගෙන ලොරියක් මිදුලට ආවා. විමලනාත් ඉන්නවද? කියල ඇහැව්වා මං නෑ කිව්වා. ඊට පස්සේ උන් ගෙට ඇතුලූ වෙලා බඩු කඩන්න පටන් ගත්තා. මං උඹලට ඕන දෙයක් කරගනිල්ලා කියලා මේ පුටුවෙ වාඩි වුණා. උන් ඇති වෙනකල් කඩල කඩලා යන්න ගියා. වැඩකාර කෙල්ලව ලොරියට පටවගන්න හැදුවා. ඒකි පැනලා දිව්වා. ඒකිට වෙඩි තිබ්බට වැදුණේ නෑ. උඹලගේ බාප්පව උන් අරන් ගියා” එයා කිව්වා. මං ආච්චි අම්මා නිදා ගන්න කාමරේට ගිහිං බැලූව. එයාගෙ අල්මාරිය දෙපලූ කරල ඒකෙ තිබුණ ඔක්කොම අරං ගිහිං තිබුණ. එලිසබෙත් මහ රැුජිනගෙ පිංතූරෙ ඔබ්බල තිබුණ එයාගෙ රත්තරං බඩු පෙට්ටියත් අරං ගිහිං තිබුණ.
”අපි යං ආච්චි අම්මේ පොලීසි” මං එයාට කිව්වා. එයාට ඇඳගන්න ඇඳුමක්වත් දාගන්න සෙරෙප්පු දෙකක්වත් තිබුණේ නෑ. වටිනාපහ වලව්වේ ශීර එ මති ගිරි මල්ලිකා දිසානායක කුමාරිහාමි ගෙදරට ඇඳන් හිටිය දිග ඩෙරණේ සිං ගවුම පිටින් සෙරෙප්පු දෙකක්වත් නැතුව මගේ අතේ වාරුව අරන් පොලිසියට යන්න එළියට බැස්සා. මිනිස්සු වාහනවල නැගල කෑ ගගහා ”ජයවේවා” කිය කිය පිස්සෝ වගේ පාරවල් දිගේ ගියා.
අපි පොලිසියට යනකොට උඩ රැුවුල තියෙන උස මහත තරුණ ඉන්ස්පෙක්ටර් කෙනෙක් ඒකේ ඉස්තෝප්පු කෑල්ලෙ හිටගෙන පාරෙ යන එන මිනිස්සු දිහා බල බලා හිටියා. ආච්චි අම්මා එයා ළඟට ගිහිං ”අනේ ඉන්ස්පැක්ටර් මහත්තයෝ...” කියල වෙච්චි දේ ඔක්කොම කිව්වා. කතාව නිශ්ශබ්දව අහන් හිටපු එයා ”අපි මොනව කරන්න ද අම්මේ? මේක තමයි ජනතා බලවේගය” කියලා කිව්වා. ඒ වෙලාවේ ආච්චි අම්මාගෙ ඇස්වලට කඳුළු එකතු වුණා. එයා ඉස්සරහින් පළපු දම් පාට දිග ඩෙර ඔ සිං ගවුමෙ පොටක් උස්සල ඇස් පිහදා ගත්ත. ඊට පස්සෙ ”අපි යං පුතේ” කියලා එයා කිව්ව. එච්චරයි. මං එයාව අතින් අල්ලල පොලිසියේ පඩි පෙළින් බස්සගෙන හැරිලා ආපහු ගෙදර ආවා.


Gamini - ගාමිණී

උස වහලේ උළු කැට අතරේ හයි කරල තියෙන වීදුරු කැටයෙන් උදේ ඉර එළිය බේරිලා තීරු තීරු ඇවිත් කුස්සියෙ කලූවර මකාගෙන ඉන්නව. තාම දවල්ට උයන්න පටන් අරං නෑ. ඒ හන්ද ලිප්වල අළු සුද්ද බුද්ද කරගෙන කුස්සියත් තැන්පත් ලීලාවෙන් ඉන්නෙ. ආච්චි අම්මාත් මේ වෙලාවට බුදුන් වැඳලා ඉවර කරල අලූත් දිග ගවුමක් ඇඳන් මූණ පිරෙන්න පවුඩර් දාගෙන ඉස්තෝප්පුවේ ඇඳි පුටුවක වාඩිවෙලා පාරෙ යන එන මිනිස්සු දිහා බල බල ඉන්නව ඇති. කුස්සියෙ දොරෙන් ඇතුළු වෙච්චි ගමන් තියෙන්නෙ මං වගේ පස් ගුණයක් විතර උස ගෙයක් විතර විසාල වී පෙට්ටිය. ඒක පුරෝල වී දාල තියෙයි. කුස්සිය කෙරෝලේ බිත්තියට හේතු වෙන්න තියෙන ඒකෙ යට හරියට වෙන්න වැවේ සොරොව් වගේ ලොකු කටවල් දෙක ගානේ දෙපැත්තට තියෙනව. ඒවට ලොකු යකඩ පට්ටම් දාල දළදා මාළිගාවේ යට මාලේ දොරටුවේ වගේ ලොකු ඉබ්බො දාලා තියෙන්නෙ. ඉබ්බො ඇරල පට්ටම අයින් කරල දොර උස්සපු ගමන් වාන් දොර ඇරිය වගේ වී උතුරගෙන එළියට ඇවිත් ගෝනිවලට පිරෙනව. වී පෙට්ටියට මෙහායින් ඒ ළඟින්ම තියෙන්නෙ පෙට්ටගමක් විතර විසාල හාල් පෙට්ටිය. ඒකෙ තම්බල කොටපු සම්බ හාල් පුරෝල තියෙනව. හාල් පෙට්ටියට මෙහායින් තියෙන්නෙ අලූතෙන්ම කොටල මෝලෙන් ගෙනාපු ගමන් හාල් ගෝනිය. සුදු පූසා වැඩියෙන්ම නිදාගන්න ආස ඒ හාල් ගෝනිය උඩ. ? තිස්සෙ රවුම් ගහල ඇවිත් දැන් ඌ හාල් ගෝනිය උඩ බඩත් උඩට හරෝගෙන සැපට නිදි. නිදාගෙන ඉන්න උගෙ ඇෙඟ් රස්නෙට හාලූත් හොඳට රත් වෙනව. එතකොට හාල්වල රස්නෙට ඌටත් තව හොඳට නින්ද යනව. මං හාල් ගෝනිය ළඟ ඇන තියාගෙන ඌ ළඟට වෙලා ඉන්නව. බඩ කොනිත්තල ”පූස් පූස්” කියල කතා කරත් ඌ ඇහැරෙන්නෙ නෑ. ඇස් පියාගෙන උඩුබැලි අතට තියෙන කට යන්තමට ඇරල හීනෙන් වගේ සද්දයක් එන්නෙ නැතිවෙන්න මොනවද කියනව.
සුදු පූසට නමක් නෑ. පූස් කියල ඌට කතා කරන්නෙ. ආච්චි අම්මා නං ඌට ”බළල” කියලත් කියනව. ඊට පස්සෙ ආපු පූසන්ට නං නම් තිබුණ. සොපී, කළුව, ඒවත් ඔක්කොම ආච්චි අම්මා තියපු නම්. ගෙදර වැඩට හිටපු වැඩකාරයින්ටත් ආච්චි අම්මා නම් තියල තිබුණා. මැණිකා, මානි, බබී, රාණි, තිලකා. හුඟක් අයගෙ නම් ඇත්ත නම් නෙමේ. තිලකා කිව්වෙ කොල්ලෙකුට. කටට පහසුවට එහෙම තියන්න ඇති.
එක එක ජාතියෙ නම් තියෙන මිනිස්සු ඉස්තෝප්පුවට ඇවිත් ගියා. තෝමස්, විලියොං, හෙන්දිරික්, ඇක්මන්, බුරම්පි. ඉස්සරහට ආපු දත් ටික තද කරල වහගන්න උල් වුන උඩු තොලත් ඊට යටින් තියෙන තඹ පාට මුඩු රැුවුලත් ඇතුළට ගිලූන ලොකු ඇසුත් කම්මුලූත් ඇට පෑදුන වක ගැහුණු ඇඟක් තියෙන කැහැ කැහැ ඇවිත් ඉස්තෝප්පු කනුවට හේත්තුවෙලා වාඩිවෙලා ඉඳන් ආච්චි අම්මාගෙන් කීයක් හරි ඉල්ලං යන මනුස්සයා. එයා බුරම්පි. ඕස්ටේරච් ලියාවේ වික්ටෝරියා පරායය න්තෙ හිටපු මහ ඇමැති ගිය සතියෙ දේශපාලනයෙන් සමුගත්තා. එයා තමන් දේශපාලනයෙන් අයින් වෙනව කියල නිවේදනය කරල කළු කෝට් ඇඳල රතු ටයි එක දාලා කළු දිලිසෙන සපත්තු දාලා නෝනගෙ ඉන වටේ එක අතක් දාගෙන අනෙක් අත වන වන පිටවෙලා යන හැටි ටී.වී.වල ලොකුවට පෙන්නුවා. එයත් බුරම්පි.
මගෙ නම දම්මික ගංගානාත් දිසානායක. ඉස්කෝලෙදි ටීචර් නම ඇහුවම කියන්නෙ එහෙමයි. නුවර ධර්මරාජ විද්යාගලෙ තුනේ පංතියට ඇතුල් කරල හොස්ටල් එකට යන දාට කලින් දවසෙ අලූත් ඉස්කෝලෙ ගැන හිත හිත ගෙයි ඇතුළෙ එහාට මෙහාට ඇවිද ඇවිද හිටිය මිසක් මෙලෝ වැඩක් කළේ නෑ. පැලවත්තෙ ආච්චි ගෙනියන්න ලෑස්ති කරල තිබුණ ඔක්කොම ඇඳුම්වල ඞී. ජී. ඞී. කියල රතු නූලෙන් මැහුව. සීයා බිම වාඩිවෙලා ඇඳුම් දාන්න ගත්තු ලොකු සූට්කේස් එක ඇරගෙන වම් අතින් ඒකෙ පියන උස්සල අල්ලගෙන කළු සුරුට්ටුව කටින් හප හප දකුණු අතින් සූට්කේස් එක ඇතුළෙ ඉංගීරියනසියෙන් මගෙ නම ලිව්වා. හැබැයි ඒකෙ ලියල තිබුණෙ ”විජේසිංහ ආරච්චිගේ දම්මික ගංගානාත් දිසානායක” කියල. ඊට පස්සෙ හොස්ටල් එකේදි හැමදාම උදේට ඇඳුමක් ගන්න සූට් කේස් එක අරින කොට මගෙ නම පේනවා. මං නම පාරක් කියනවා. විජේසිංහ ආරච්චිගේ දම්මික ගංගානාත් දිසානායක. නම කියවල ඇඳුම අරන් සූට් කේස් එක වහනවා. හැබැයි ඉස්කෝලෙ මගෙ නම ලියල තිබුණෙ ”දම්මික ගංගානාත් දිසානායක” කියල විතරයි. කොල්ලොත් ටීචර්ලත් මට කිව්වෙ ”දම්මික” කියල. මං තුනේ පංතියෙ හිටියට මොකද හොස්ටල් එකේ වැඩ කරන අයත් මැනේජරුත් මට කතා කළේ ”දිසානායක මහත්තය” කියල. අවුරුද්දක් විතර යද්දි චීස් බෝලයක් වගේ සුදු මහත බොකුටු කොණ්ඩයක් තියෙන දඟ කොල්ලෙක් හොස්ටල් එකට ආව. එයාගෙ නම අජිත් දම්මික දිසානායක. එකම නම තියෙන දෙන්නෙක් හින්දා හැමෝම මට ”දම්මික” කියල පස්සෙ ආපු එයාට ”අජිත් දම්මික” කියල කිව්ව. කොහොම උනත් මගෙ නමම තියෙන කෙනෙක් මට හම්බ උනාම පපුව හයියෙන් ගැහෙනව. නිකං කෙනෙක් හම්බ උනාට වඩා අමුත්තක් දැනෙනව. මගෙ නම තියෙන අය ඉස්කෝලෙදි නම් වෙන හම්බඋනේ නෑ.
ජපානෙදි ලංකාවට ආදරේ කරන ජපන් අය කාණ්ඩයක් එකතු වෙලා ලංකාවෙන් ඉගෙන ගන්න ආපු අයව ටිර ලංප් එකක් එක්කං ගියා. තොචිගි පළාතට. මාත් ගියා. හෝටල්වල නැවතිල උණු වතුර ළිංවලින් නාල, ලස්සන තැන් බලල ආපහු එන දවසෙ ඒ ටිරා ලප් එක ලෑස්ති කරපු නකමුරා සංගෙ ගෙදර දවල්ට කෑම තිබුණා. තට්ටෙ පෑදුන හිස් මුදුනෙ ඉතුරුවෙලා තිබුණ දිග කොණ්ඩෙ දකුණු පැත්තට අරන් පීරල රවුම් කන්නාඩි දාලා හිටිය නකමුරා සං හරිම සාන්තයි. එයාගෙ නෝන රැුළි කොණ්ඩෙ බෙල්ල ගාවට වවල රතුකොට ගවුම ඇඳල දිලිසෙන පුංචි ඇස් තිබුණ හැඩකාර නවකොචං හරිම දඟකාරයි.
ගෙදර සෙනඟ වැඩිකමට මං මිදුලට වෙලා ඉන්දැද්දි එකපාරටම ”දම්මික, දම්මික... කෝ මේ දම්මික” කියල නකමුරා සංගෙ නෝනා ගේ ඇතුළේ ඉඳන් කෑ ගහනව මට ඇහුන. ඇයි එයා මාව හොයන්නෙ? සීතල වෙලා තිබුණ මගෙ ඇඟ එකපාරට ගින්දර වගේ රත්වේගන ආව. මං ගෙයි කුස්සිය දිහාට හයියෙන් හයියෙන් ගියා. ඒ එක්කම වගේ කළුයි සුදුයි රැුළි රැුළි බූල් වැක්කෙරෙන ඔලූවෙ රතුපාට බෝ එකක් ගහපු පූසෙක් විතර පොඩි බල්ලෙක් කුස්සියට දුවගෙන ඇවිත් නෝනගෙ ඇඟට පැන්නා. එයා බල්ලව උස්සල අරං තුරුළු කරගෙන ”කොහෙද මගේ පැටියො ඔයා ගියෙ? මං හැමතැනම හෙව්ව” කිය කියා ඉඹ ඉඹ අහනව. දෙයියෝ සාක්කි! බැලින්නම් මට නෙමේ කතා කරල තියෙන්නෙ. බල්ලට. උගෙ නමත් දම්මික. බල්ලට ”දම්මික” කියල නම තියපු කතාව එයා කිව්ව. නවකොචං ගොඩක් ආදරේ කරපු ලංකාවේ යාළුවෙක් ඉඳල තියෙනව. එයාගෙ නම දම්මික. ඒ දම්මික අන්තිමට ලංකාවට ගිහිල්ල. එයාව මතක් වෙන්න කියල බලූ පැටියෙක් අරන් ඌට ”දම්මික” කියල නම තියල එයාට වගේම ආදරෙන් සලකනව. අපි ආපහු එනකම්ම ඒ දම්මික හිටියෙ නාකෙචංගෙ තුරුලෙමයි. අපි දෙන්නම දම්මික උනාට මට කොයින්ද ඌට වගේ සැපක් කියල එවෙලේ හිතුණ.
තාත්තා හදන්න හිටිය චිතරින්පටියක පරලේ ධාන චරිතය රඟපාන්න තෝරගෙන හිටියෙ ගාමිණී ෆොන්සේකා. ඒ ගැන නොයෙක් දේ කතා කරන්න තාත්තා ගාමිණී ෆොන්සේකා හම්බ වෙන්න යනව. එතකොට එයා හිටියෙ නුවරට කිට්ටු එයාගෙ තේ වත්තක. මාත් මල්ලිත් හුඟක් වෙලාවට ඒ ගමන්වලට එකතු වෙනව. උදෙන්ම ගම්පහින් පිටත් උනාම දවල් වෙන්න කලින් අපි වත්තට යනව. කලින් කියල යන හන්දා එන්න කලින් වත්තෙ ගේට්ටු ඇරල තියෙනව. ගේට්ටුව ළඟ ඉඳන් කන්ද නැගල තේ ගස් අස්සෙන් වැටිල තියෙන පාර දිගේ ටික දුරක් ගියාම මල් වවපු වට රවුමක් ඉස්සරහ තියෙන බංගලාව හම්බ වෙනව. ගාමිණී ෆොන්සේකා බුෂ් ෂර්ට් එක ඇඳල සරම කැහැපට ගහල රබර් සෙරෙප්පු දෙකක් දාගෙන මූණ පේන තරමට රතුපාටින් පොලිෂ් කරපු ඉස්තෝප්පුවට ඇවිත් කට්ටියම පිළිඅරගෙන ”කම්, කම්” කියල ඇතුළට එක්කං යනව. කැටයම් කපාපු දිලිහෙන කළු පාට මේස පුටු ඇති සාලෙ වාඩි වෙලා චිතරේනනපටියෙ කතාව කරගෙන යද්දි ගාමිණී ෆොන්සේකා රැුළි රැුළි දුම් පිට කරන සිගරට් එක තොල් දෙකට හිර කරගෙනම ”පොඩියෙන්!” කියල කෑගහනව. ටිකකින් සුදු සරමක් කමිසයක් ඇඳපු පොඩියෙන් බරැයෙ න්ඩි වීදුරුත් බෝතලූත් තල්ලූ කරන ටේරකා එකක තියාගෙන ඇවිත් ගරු සරු ඇතිව පිළිගන්වනව. ඉර අව්ව අඩුවෙලා හීනියට සීතල සුළඟ සාලෙ ලොකු දොරවල්වලින් ඇතුළට එද්දි සිගරට් පෙට්ටි දෙකක්වත් හිස්වෙලා. බරැඟ න්ඩි වීදුරුත් දෙපාරක් විතර හිස්වෙලා. ඔන්න එතකොට චිතරිඉරපටියෙ කතාව බොඳවෙලා ගිහිං වෙන වෙන ජීවිත කතාවලට එනව. එහෙම වෙලාවකදි දවසක් ගාමිණී ෆොන්සේකා මේ කතාවත් කිව්ව.
එයාගෙ දුවෙක් ඉස්කෝලෙ ගිහිං තියෙන්නෙ නුවර. වත්තෙ ඉඳන් හැමදාම කාර් එකේ ඉස්කෝලෙට එක්කරගෙන ගිහිං ආපහු එක්කං එන්නෙ ඩරැ යිවර්. දවසක් දුව ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇවිත් නුවර ටවුමෙ ඉන්න ටැක්සිකාරයෙක් එයාට වල් කතා කියල හැමදාම විහිළු කරනවා කියල අඬ අඬා කියල තියෙනව, යක්ෂාවේෂ වෙච්ච ගාමිණී ”ඇයි මට මෙච්චර කල් නොකීවේ” කියල ඩරැ් නයිවර් ගෙන්නල ”ඇත්තද මේ කතාව” කියල ඇහුවම ඩරැ හ යිවරුත් ”ඔව්” කියල තියෙනව. ”ඇයි මට තෝ අහනකල් නොකීවේ” කියල ඩරැකියයිවර්ට ගහන්න පැන්නම ”අනේ හාමු මහත්තයට තරහ ගිහිල්ල මොනව කරයිද දන්නෑ කියල හිතුණ හන්ද නොකිය හිටිය” කියල තියෙනව. එහෙනං දැම්මම ගිහිං හයර් එකක් යන්න තියෙනව කියල ඌව එක්කං වරෙං කියල ඩරැහු යිවර්ව පිටත් කරල. ටික වෙලාවකින් ඩරැඑකකයිවර් ඇවිත් ටැක්සි කාරයව එක්කං ආපු බව කියල තියෙනව. ”එන්න කියාපිය” කියල ගාමිණී සරමත් කැහැපට ගහගෙන අත් හිරි ඇරගෙන ඉස්තෝප්පුවට ගිහිං තියෙන්නෙ ටැක්සිකාරයගෙ මූණ සම්බල් කරන්න හිතාගෙන. ”මං එකපාරටම පැනපු ගමන් ඌව ෂර්ට් එකේ කොලර් එකෙන් උස්සල අරන් බිත්තියට හේත්තු කළා. දකුණු අත මිට මොළවල ඈතට අරං මූණට අනින්න කලින් ”වල් බල්ලා... තෝ... තෝ... තොගෙ නම මොකක්ද?” කියල ඇහැව්වා. ඌත් වෙව්ල වෙව්ල ”සර්... සර්... ගාමිණී සර්” කියල කිව්වා. ඌටත් තිබුණෙ මගෙ නම. මාව වෙව්ලනව. ඒ වෙලේ මගෙ ෂර්ට් එකේ උඩ සාක්කුවේ රුපියල් පන්සීයක් තිබුණ. මං අත දාල ඒ පන්සීය අරන් ඌගෙ අතේ තිබ්බ. ”පල! කාලකන්නිය. තෝ අදම ගිහිං තොගෙ නම වෙනස් කරපිය. හරිද?” කියල ඌව අතහැරියා. ඌත් දෙකට නැමිල ඔළුව කහල ”හොඳමයි සර්” කියල ගියා. ඌ නම වෙනස් කරගන්න ඇති” කියල මහ හයියෙන් හිනාවුණ ගාමිණී ෆොන්සේකා කතාව කියනකං දික්වෙච්ච සිගරට් එකේ අළු ටික ටේර්න එකට කැඩුව.
හැන්දෑවේ කැන්ටිමේ තේ ඉවරවෙලා ඒ මේසේ හිටිය ඉමේෂාත් පූර්ණිමාත් එක්ක නැගිටින්න ඔන්න මෙන්න කියද්දි බත් මුලකුත් අරන් එතනට ඇවිත් වාඩි වුණේ මහාචාර්ය සම්පත්. දොරෙන් යන්න බැරි තරම් උස මහත ඇඟත් රැුළි කොණ්ඩ පොඞ්ඩත් උඩු රැුවුළත් එක්ක නිතරම හිනාවෙන පුංචි මූණක් ඇති එයා කළමනාකරණ පීඨාධිපති. එයා වාඩිවෙච්ච ගමන් ”තේ බොමුද?” කියල අහනවා. ‘‘එපා සර්, මේ දැන් බිව්වා” ඉමේෂා ගරු සරු ඇතිව කියනවා. ”නෑ තව බොමු” කියල මහාචාර්ය සම්පත් කැන්ටිමේ ඈත කවුන්ටරය දිහා බලල බෙල්ල උස්සල ”ගාමිණී... ගාමිණී... කෝ මේ ගාමිණී” කියල කෑගහනවා. කැන්ටිමේ වැඩ කරන්නෙ පිරිමි දෙන්නයි, ගෑනු කෙනයි. මුදලාලි සල්ලි ගන්න තැන ඉන්නෙ. ගෝලයා කෑම බෙදන්න ඉන්නෙ. කෑම බීම දෙන්න, පිඟන් කෝප්ප අස්කරන්න ඉන්නෙ ගෑනු කෙනා. සම්පත්ගෙ කෑගැහිල්ලට සින්ක් එක ළඟ කෝප්ප හෝද හෝද හිටිය ගෑනු කෙනා අපි හිටපු මේසෙ ළඟට ආවා. ”ඇයි සර්” සම්පත්ගෙන් අහනවා.
”අපට ටී ගේන්න” සම්පත් කියනවා. ගෑනු කෙනා ආපහු ගියා. ඉමේෂා හිනාව තද කරගෙන ‘‘සර් කැන්ටිමේ වැඩ කරන අය හඳුනනවද? මේකෙ ගාමිණී කියල කෙනෙක් ඉන්නවද?” කියල අහනවා.
මහාචාර්ය සම්පත් බෙල්ල දික්කරල වටපිට සෝදිසි කරල ඊට පස්සෙ නැමිල තුන්දෙනා දිහා මාරුවෙන් මාරුවට බල බලා ”මං මේකෙ කවුරුවත් අඳුනන්නෙ නෑ. ගාමිණී කියල කෙනෙක් ඉන්නවද දන්නෙත් නෑ. ඒත් මෙහෙම තැන්වල හුඟක් වෙලාවට ගාමිණී කියල අඬගැහැව්වම කවුරුහරි කෙනෙක් එනව. දැන් බලන්ඩ අන්තිමට ගෑනු කෙනෙක් හරි ආවනේ. එයා ගාමිණී නෙමෙයි. ඒත් එයා ආව. ඔය බොන තැන්වල වේටර් කෙනෙක් ගෙන්න ගන්න ඕන උනාම ”ගාමිණී” කියල හයියෙන් අඬගහනව. එතකොට කවුරු හරි කෙනෙක් දුවගෙන එනව. මං කියන්නෙ බොරු නං පාරෙ යනකොට නිකං ”ගාමිණී” කියල හයියෙන් අඬගහන්ඩ. අඩු ගානේ දෙන්නෙක්වත් හැරිල බලනව. ඔව්. මේව ඉතිං කළමනාකරණ උපාය තමයි, ඔව්. බොරු නෙමෙයි. ඕව ඔහොම තමයි” කියල උරහිසුත් කම්මුලූත් ගස්ස ගස්සා හයියෙන් හිනාවෙන එයා ”


Bell - සීනුව

 දෙක හයයි, තුන් වරක් තුන නවයයි...” කියල තාලෙට කියනවා. එයාගෙ හුස්ම රස්නෙට මගේ කනට වදිනව. රැුළි රැුළි කොණ්ඩ කැරලි පල්ලෙහාට වැටිල මගෙ මූණෙ ගෑවි ගෑවි තියෙනවා. මං හොඳ හුස්මක් අරන් පිට කරනව. හුස්ම ටික පිටවෙන්ඩ කලින් මට නින්දත් ගිහිං ඉවරයි. එයා නැවිල උඩු පැත්තට තියෙන මගේ වම් කම්මුල ඉම්බට මං දන්නෙත් නෑ.
ඈත තේ වත්තක මනිය ගහනව වගේ ටං, ටං, ටං, ටං කියල සද්දයක් ඇහෙන්න ගන්නව. ඒ සද්දෙ ටික ටික ළං වෙලා කන ගාවම වගේ ඇහෙන්න ගනිද්දි මං ඇස් ඇරල බලනව කෝ අම්මා? අම්මා නෑ. උඩයි යටයි රතු සුදු ඉරි පේළි දෙකක් තියෙන අළු පාට බ්ලැන්කට් එකක් පොරෝගෙන ඇඳක් උඩ මං වකුටු වෙලා ඉන්නව. වම් පැත්තෙත් දකුණු පැත්තෙත් ඉස්සරහත් එක යායට ඇඳන්. ඒවයේ තවත් පුංචි ළමයි බ්ලැන්කට් පොරෝගෙන තනියම එක යායට නිදි. වහලෙ මැදට වෙන්න එල්ලෙන කහ පාට පුංචි බල්බ් එකකින් පතුරන මලානික එළියට ඇඳන් පේළිත් හෝල් එකත් එක පාර යන්තමින් පේනවා. වහලෙත් වීදුරු ජනෙල් පේළිත් අතරින් රිංගල ඇතුළට ආපු මීදුම තට්ටුවක් වගේ ඝනකමට තැන්පත් වෙලා ඉන්නවා. ඒ හන්දා ඔක්කොම පේන්නේ ටිෂු කඩදාසියක් අස්සෙන් වගේ ලාවට. මගේ ඇඳට එහා ඇඳේ ඉන්න කෙනා ඔළුවත් එක්ක වහගෙන ගුලි වෙලා දොයි. එයා එක වසරේ.
ඊළඟ ඇහි පිල්ලම ගහන්න කලින් මට තේරෙනව මේ ඉන්නෙ නුවර. ඉස්කෝලෙ හොස්ටල් එකේ. දැන් පාන්දර 4.45 යි වෙන්නැති. ඒ ගැහුවෙ මනිය නෙමේ. පාන්දර නැගිටින්න ගහන බෙල් එක. ඒක තියෙන්නෙ කන්ද උඩහ. ඒක මහත බාල්කෙක එල්ලපු රේල් පීලි කෑල්ලක්. ඒකට අඩියක් විතර දිග සුරුට්ටුවක් වගේ යකඩ කෑල්ලකින් ආතර් අයියා ඔළුවත් මූණේ දෙපැත්තත් වැහෙන්න සාළුවක් බැඳගෙන දෑතින් තාලෙට තලනවා උදේ පාන්දර නැගිටින්න. මනිය වගේ තමයි. ළමයි ඇඳන් යටින් කරුවලේම බාල්දි අදිනව ඇහෙනවා. ? නිදාගන්න කලින් බාල්දිය ඇතුළේ සබන් පෙට්ටිය තියල ඊට උඩින් ටූත් පේස්ට් දාපු දත් බුරුසුවත් සීරුවට තියල හෙමීට ඇඳ යටට තල්ලූ කරල ලෑස්ති කරලයි තියෙන්නෙ. මමත් තත්පරේට ඇඳෙන් පැනල ඇඳ යට තියෙන බාල්දිය ඇදල අරන් නාන කාමරේට දුවනව. නාන කාමරයක් කිව්වට ඒක දිග හෝල් එකක්. මං යනකොටත් හැමෝම බාල්දිවලට වතුර පුරෝගෙන බිම පේළියට තියගෙන දතුත් මදිනවා. මමත් වතුර බාල්දියක් අරන් පෝලිමට එකතුවෙලා දත් මදිනවා.
දැන් දත් මැදල ඉවරයි. ඒත් මූණ හෝදන්න තහනම්. දෙවැනි බෙල් එක ගහනකම්. ඒක ගහන්නෙ 4.50 ට. පිජාමා සූට් එකේ කකුලූත් දිග අතුත් උඩට නමාගෙන ලෑස්තිවෙලා ඉන්නවා. ඔන්න බෙල් එක වදිනව. එක සැරේට හැමෝම මූණ හෝදන්න ගන්නවා තරගෙට. විනාඩි දෙකෙන් හෝදලත් ඉවරයි. ඉතුරු වතුර ටික කකුල් දෙකට හලාගෙන බාල්දිය ඇතුළට සබන් පෙට්ටියත් දත් බුරුසුවත් දාගෙන දුවගෙන ගිහිං බාල්දිය ඇඳ යට තියල ඇඳුම් අඳින ලොකු කාමරේට දුවනව. ඒක ඇතුළේ කළු ගල් කුට්ටිවලින් හදාපු බිත්තියට හේත්තු වෙන්න ලොකු සූට්කේස්, ටර ඇ න්ක පෙට්ටි පේළියට එක යායට තියෙනවා. ඒ ඉහළින් බිත්තියේ එක පෙට්ටියක ඇඳුම් එල්ලන කොකු තුන ගානේ වෙන්න හයි කරල තියෙනවා. හැමෝම තමන්ට අයිති පෙට්ටි ඉහළින් කොක්කක එල්ලල තියෙන තුවාය අරගෙන මූණ පිහල ඒක ආපහු එල්ලල පෙට්ටිය ළඟ දණ ගහගෙන ඒක අරිනවා. ඒක ඇතුළේ අපුල්ලපු සුදු කමිස, නිල් කොට කලිසම්, මේස් ලස්සනට තැන්පත් කරල තියෙනවා. අද සඳුදා. අලූත් ඇඳුමක් අඳින්න තියෙනවා. සුදු කමිසෙකුයි නිල් කලිසමකුයි මේස් දෙකකුයි අරන් හනි හනික ඇඳ ගන්නවා. ඊට පස්සේ පෙට්ටිය ළඟ තියෙන කළු සපත්තු දෙක දාගෙන ලේසුත් තනියම ගැට ගහ ගන්නවා. ඊළඟට පෙට්ටියේ වම් පැත්තෙ තියෙන පවුඩර් ටින් එක අරන් මූණට පවුඩර් දාගන්නව. ඊළඟට පෙට්ටියේ පුංචි තෙල් බෝතලය ඇරල අල්ල ගුලි වෙන්න අල්ලපු එක අතකට තෙල් ඩිංගක් දාගෙන ඔළුවට තලනවා. ඊළඟට පෙට්ටියෙන් කන්නාඩියක් අරන් ඒක බිත්තියට හේත්තු කරල දණ ගහගෙන ඒක දිහා බලාගෙන පුංචි පනාවකින් දන්න විධියට ඔළුව පීරනවා. ඊට පස්සෙ අඩුම කුඩුම ඔක්කොම ආපහු පෙට්ටියට දාලා වහනවා. දැන් ඇඳල ඉවරයි. ඊළඟට ආපහු නිදාගන්න හෝල් එකට යනවා. ඒකේ දැන් ලයිට් ඔක්කොම දාල එළියයි.
ඊළඟට ඇඳ හදන්න තියෙනවා. ඉස්සෙල්ලම ඇඳේ චූ ගිහිල්ලද බලනවා. මට ඊයේ ? ගිහිං නෑ. ඊළඟට උස්සන්න බැරි තරං බර බ්ලැන්කට් එක අරන් ගානට නමනව. ඒක කොට්ටෙ යටින් තියල යට නමල තියල තිබුණු සුදු බෙඞ් කවර් එක එළියට අරන් කොට්ටෙ උඩින් තියනවා. ඊළඟට අවුල් වෙලා තියෙන ඇඳේ සුදු සීට් එක, එක රැුල්ලක්වත් නොහිටින්න හතර පැත්තට ඇදල ඇඳ වටේටම යට කරනවා. යන්තම් හරි රැුල්ලක් තිබුණොත් අත ගාල අත ගාල රැුල්ල ඇර ගන්නවා. දැන් හරි. ඊළඟට කොට්ටෙ රැුළි අරිනව. ඊළඟට බෙඞ් කවර් එක දිග ඇරල කොට්ටෙත් එක්ක වැහෙන්න ඇඳට උඩින් එලනව. ඒකෙත් රැුළි අරිනව. ඊළඟට බෙල්ල ඇද කරල බලනව හරිද කියල. දැන් හරි. ඔළුව හරෝල හතර අත බැලූවම හැම ඇඳක්ම සුදට සුදේ බබලනව. ඊළඟට ඇඳ යට තියෙන පොත් බෑග් එකත් අරන් පාඩම් කරන හෝල් එකට යනවා.
ඒක දිග මේස එකට එක හේත්තු කරල පේළියට දෙපැත්තෙන් බංකු තියල ලෑස්ති කරල තියෙනවා. එතනට යනකොට මේස පේළිය පටන් ගන්න තැන මුල් පුටුවෙ කොණ්ඩෙ කරලට ගොතපු රතු ඔසරිය ඇඳපු මූණේ වම් කම්මුලේ කළු ලපයක් තියෙන සුදු මේටරෙ කන් වේවැලකුත් තියාගෙන වාඩි වෙලා ඉන්නවා. එයා ළඟට ගිහිං පොත් බෑග් එක බිම තියල සීරුවෙන් හිටගෙන ”ඊ ඊ” කියල දත් පෙන්වන්න ඕනෑ. අත් ඉස්සරහට දාල නියපොතු පෙන්නන්න ඕනෑ. එයා ඉස්මුදුනෙ ඉඳන් සපත්තු දෙක වෙනකම් හැමදේම වේවැල තිය තිය බලනව.
ඊට පස්සෙ මේස දෙපැත්තෙ තියෙන බංකුවල වාඩි වෙලා පොත් බෑග් එක ඇරල පොත් අරගෙන මේසෙ උඩින් තියා ගන්නවා. දැන් උදේ 5.30 යි. තාම එළිය වැටිල නෑ මීදුම. ඔන්න සීනුව වදිනවා. ටං ටං ටං. පාඩම් කරන වෙලාව. හැමෝම එක සැරේට නැගිටල හිටගෙන වැඳගෙන ”බුදු සරණ වේවා...” කවිය පන්සිලූත් එක්ක තාලෙට කියනවා. ආපහු වාඩි වෙලා මීයට පිම්බා වගේ පැයක් එක දිගට පාඩම් කරනවා. දැන් 6.30 යි. සීනුව වදිනවා. පාඩම් ඉවරයි. කවුරුත් නැගිටල පොත් බෑග් එකත් අරන් එළියට ගිහිං පඩිපෙළ දිගේ ඉස්කෝලෙ යන්න පෝලිම් ගැහෙන විධියට බෑග් ටික පේළියට තියෙනව. ඔය අතරෙ ගුණදාස ඇවිත් අර පාඩම් කරපු මේස පේළියට සුදු රෙදි එළල පිඟන් පේළියට තියල උදේ කෑම ලෑස්ති කරනවා. දැන් 6.45 යි. සීනුව වදිනවා. හැමෝම ගිහිං ආපහු අර බංකුවල වාඩි වෙනව. සුදු රෙදි එලපු මේසේ උඩ ඉඳිආප්පයි පරිප්පුයි බිත්තරයි දාපු පිඟන් ඉස්සරහින් තියෙනවා. අත හෝදන කෝප්ප, තේ ජෝගු, අත පිහින ලේන්සු මේස පේළියේ තැනින් තැන තියෙනව. කෑම හලාගත්තොත් කියල මේටර මේන් ඇවිත් එක වසරෙ අයගෙ කරේ ඒපර ත න් බඳිනවා. දැන් හැමෝම කන්න පටන් ගන්නවා. වතුර ජෝගුව, අත සෝදන කෝප්පෙ ඕනෑ වුණොත් වම් පැත්තෙ හරි දකුණු පැත්තෙ හරි ඉන්න කෙනා දිහාට ඔළුව නමල එයාගෙ කනට කරල ඕනෑ කරන දේ රහසින් ඉංගීරුණුසියෙන් කියන්න ඕනෑ. එතකොට එයා ඊළඟ කෙනාට ඒ විධියට කියනවා. ඔහොම පෝලිමට කිව්වම ඈත තියෙන දේ අතින් අත ඇවිත් ළඟට එනවා. ඒ මිසක් කද්දි කතා කරන්න බෑ.
දැන් 7 යි. ඔන්න සීනුව වදිනව. කෑම වෙලාව ඉවරයි. කෑවත් නොකෑවත් නැගිටින්න ඕනෑ. හැමෝම විගහට නැගිටල එළියට ගිහිං පොත් බෑග් තියපු පිළිවෙළට පෝලිම් ගැහෙනවා. පෝලිමේ අගට එකතු වෙන ගුරුවරයා ”ලෙට්ස් ගෝ” කියල හයියෙන් කිව්ව ගමන් එක පාරට බෑග් අතට අරන් එක පිම්මෙට ආචාර පෙළපාළියක් වගේ යන්න පටන් ගන්නව. පඩි නැගල කඳු නැගල පඩි බැහැල කතා නැතුව ඉස්කෝලෙ යනව.
දවල් ඉස්කෝලෙ ඇරිල කඳු නැගල පඩි නැගල, පඩි බැහැල ආපහු හොස්ටල් එකට ඇවිත් පොත් බෑග් එක ඇඳ යටින් තියල කෙළින්ම කෑමට යනවා. අර විධියටම සුදු මේස රෙදි එළල බත් බෙදල තියෙනව. දවල්ට අතින් කෑම තහනම්. පිඟානෙ වම් පැත්තෙ ගෑරුප්පුවයි දකුණු පැත්තෙ හැන්දයි අරන් කටේ ඇන ගන්නෙවත් සද්ද කරන්නෙවත් නැතුව කනවා සීරුවට. කෑවත් නොකෑවත් විනාඩි 15 න් සීනුව වදිනවා. ඊළඟ දවල් 2 ට සීනුව වදින්න කලින් ඇඳුම් මාරු කරල ඇඳට නගින්න ඕනෑ. ඔන්න සීනුව වදිනවා. කවුරුත් උදේ ඇඳට එළපු බෙඞ් කවර එක අයින් කරල ගානට නමල කොට්ටෙ යටින් තියල ඇඳේ හාන්සි වෙනවා. නිදාගන්න වෙලාව. ඒත් නින්ද යන්නෙ නෑ. කවුරුත් එහාට මෙහාට ඇඹරි ඇඹරි ඇඳේම ඉන්නවා. ඉඳ හිට තද කරන් ඉඳල පිට වෙන හිනාවකුත් රහසින් කතා කරන සද්දෙත් ඇහෙනවා.
ආපහු 3 ට සීනුව වදිනවා. විවේකය ඉවරයි. කෑ ගහගෙන ඇඳන්වලින් පනිනවා. 3.15 සීනුව වදිනවා. තේ මේසෙට වාඩිවෙනවා. 3.25 සීනුව වදිනවා. තේ බීලා ඉවරයි. සෙල්ලම් කරන වෙලාව. සමහරු බැට් බෝල අරන් පිට්ටනියට. තව අය කැලේ. තවත් අය පඩිපෙළ දිගට තියෙන රේල් පීලි කණු බදාගෙන කැරකි කැරකි කුරුළු පිහාටු ගැන සරුංගල් ගැන සමනලූන් ගැන කතා කරනවා.
හෙමිහිට ඉර බැහැගෙන යනවා. මෙච්චර වෙලා සද්ද නැතිව හිටිය රැුහැයියොත් හයියෙන් අඬන්න ගන්නවා. සීතලට කකුල්වල හිරිගඩු පිපෙන්න ඇවිත්. දැන් 5.30 යි. ආයෙමත් සීනුව වදිනවා. කොයි ලෝකෙ හිටියත් හැමෝම හති හල හල ආපහු ඇවිත් මූණ හෝදල ඇඳුම් මාරු කරල පවුඩර් දාලා ඔළුව පීරල තනියම ලෑස්ති වෙනවා.
දැන් 6 යි. සීනුව වදිනවා. පොත් බෑග් එක අරගෙන පාඩම් කරන තැනට යනවා. ”බුදු සරණ වේවා...” තාලෙට කියනවා. පාඩම් කරනවා එක දිගට පැය 2 ක්. දැන් 8 යි. සීනුව වදිනවා. මහා බරකින් නිදහස් වෙලා වගේ නැගිටිනවා. 8.30 යි. ආයෙත් සීනුව වදිනවා. අර විධියටම නිශ්ශබ්ද කෑම. 8.15 යි. සීනුව වදිනවා. කෑම ඉවරයි. හනි හනික ගිහිං ඇඳුම් මාරු කරල පිජාමා සූට් ඇඳ ගන්නවා. ඊළඟට දත් මැදල හෙට උදේට බාල්දිය ලෑස්ති කරල ඇඳ යටින් තැන්පත් කරනවා.
ඔක්කොම කරල ඉවර වෙන කොට 8.55 වෙලා. සීනුව වදිනවා. හැමෝම ඇඳ ළඟ බිම දණ ගහගන්නවා. දැන් 9 යි. ආපහු සීනුව වදිනවා. බිම දණ ගහගෙන වැඳගෙන ”බුදු සරණ වේවා...” කවිය සද්දෙට කියනවා. ඊළඟට ඇඳට නැගලා කොට්ටෙ යටින් බ්ලැන්කට් එක අරන් පොරෝගෙන තමන්ගේ වම් පැත්තෙයි දකුණු පැත්තෙයි ඇඳන් දෙකේ ඉන්න දෙන්නට රහසින් ”ගුඞ් නයිට්” කියනවා. ඒ දෙන්නත් රහසින් එහෙම කියනවා. මේ ඔක්කොම හරියට කෙරෙනවද කියල මේටර්ගෙන් බලන් ඉන්නවා. ඊළඟට ලයිට් එක එක නිවෙනවා. කහ පාට එළිය තියෙන පුංචි බල්බ් එක විතරක් පත්තු වෙනවා. ඒ එළියෙන් යාන්තමට පේනවා.
බැලූ බැලූ පැත්තෙ පුංචි ළමයි එක යායට නිදි. හරියට සීතල සොහොන් පිට්ටනියක වගේ. මං ආසයි. දැන් ඉතිං හෙට උදේ වෙනකම් මට අම්මට තුරුළු වෙලා ඉන්න පුළුවන්. අම්ම එපා කියද්දි තටු රිදෙනකං ආකාසෙ ඉගිල්ලෙන්නත් පුළුවන්. මං ආසයි නිදිමත වැක්කිරිල මගේ ඇස් දෙක හෙමි හෙමින් වැහීගෙන යනවාට.
හතර වසර, පහ වසර, හය වසර ඔහොම ඔහොම ඒ සීනුව ජීවිතේට පාර කියා දිදී ගොඩක් දුර එක්ක ගියා. අද මං නින්ද නේන රාතිරුළුයක සීතල ඇඳක වැතිරිලා සීනුව වදිනකම් කියල ඇහැ ඇරගෙන කන් දීගෙන ඉන්නවා. කොච්චර හොඳට කන් දුන්නත් සීනුවක සද්දෙ ඇහෙන්නෙ නෑ මහා නිශ්ශබ්දතාවයක් මිස. එතකොට අතරමං වෙලා වගේ දැනෙනවා.



මළගිය ඇත්තෝ

අදත් ගෝනි වෙළෙන්දා මාව ගෙනියන්න ඇවිත්. ආච්චි අම්මා එයාට මාව දෙයිද? අම්මා හිටිය නම් කවම කවදාවත් ගෝනි වෙළෙන්දාට දෙන එකක් නෑ. ”නෝනා මට බබාව දෙනවද’’ කියල ගෝනි වෙළෙන්දා ඇහුවම ‘‘අපෝ බෑ” කියයි නේද? එතකොට මම අම්මා ඇඳන් ඉන්න දිග ගවුම අස්සට මූණ ඔබාගෙන චුට්ටක් වෙලා ඉඳල ඔළුව උස්සල උඩ බලනව. එතකොට අම්මා ඔළුව පාතට නමල පිරන් යංකර හිනාවක් එක්ක ආදරයෙන් මගේ හිස කෙස් අතරට ඇඟිලි දාලා ඒවා පස්සට තල්ලූ කරනව. ඒ සැරට මගේ ඔළුව පස්සට තල්ලූ වෙනව. මං අත් දෙකෙන්ම අම්මාගේ කකුල් දෙක තද කරල බදාගෙන උඩ බලාගෙන එයාගෙ මූණ දිහා බලන් ඉන්නව. අම්ම දැන් නෑ. පුංචි ජංගි කොටයක් ඇඳන් ඉස්තෝප්පුවේ එහාට මෙහාට ඇවිදින මල්ලිගෙන් ගෙදරට එන හැමෝම ”අම්මා කෝ” කියල ඇහුවාම එයා ඇඟට පතට නොදැනී ”ඉස්පිරිතාලෙ” කියල කියනව. ඒ මිනිස්සුත් ආච්චි අම්මාත් හිනාවෙනව. ඒත් අම්මා මැරිල කියල මට දැන් තේරෙනව. ඒ මිනිස්සු මල්ලිගේ දැනුම් තේරුම් නැතිකමට හිනාවෙන්නෙ ඇයි දන්නෙ නෑ.
අදත් ගෝනි වෙළෙන්දා මාව ගෙනියන්න ඇවිත්. මං සාලෙන් ඉස්තෝප්පුවට ඇරෙන දොර උළුවස්සේ දකුණු පැත්තට හේත්තු වෙලා වම් අත ඔළුවට උඩින් අරන් ගිහින් ඒ අතෙන් ඔළුවේ ගෑවි නොගෑවී තියෙන දොර සරනේරුව අත ගගා ඉන්නව. දිගටි ඉස්තෝප්පුවේ දිගටි මිදුලට මූණ දාලා බලාගෙන ඉන්න බොකු ගැහිව්ච කළු ඇඳි පුටු පේළියේ මුල්ම පුටුවේ ආච්චි අම්මා වාඩිවෙලා ඉන්නව. ඉස්තෝප්පුවෙන් පෝටිකෝවට වැටෙන ලොකු බරාදයේ වම් පැත්තට තියෙන මහත බිත්ති කණුවට හේත්තු වෙලා ගෝනි වෙළෙන්දා බිම වාඩි වෙලා ඉන්නව. කාකි කොටු වැටුණ සුදු සරමත් කාකි කෝට් එකකුත් ඇඳන් ඉන්න ගෝනි වෙළෙන්දා උසයි. කටේ ගොඩක් දත් අඩුයි. දෙපැත්තට බෙදල තියෙන ගන සැරේට වැඩුණ කොණ්ඩෙත් කළු රැුවුලත් තැන තැන සුදුයි. එයා කතා කරනකොට කටේ සෙම හිරවෙලා වගේ බැරැුන්ඩි සද්දයක් එනවා. එයා ආච්චි අම්මා දිහාට මූණ හරෝගෙන කතා කරන ගමන් වරින් වර මගේ දිහාත් ඇස් කොනින් බලනව. ඊළඟට ටික වෙලාවකින් මාව ගෙනියන්න ඉල්ලනව. ”වලව්වෙ මහත්තයා, මම බබාව ගෙනියන්නද? ආච්චි අම්මාත් ”ඉතිං ඇරං පලයන්” කියල රිදී බඩු බිම වැටෙන සද්දෙට හිනා වෙනව. ඊළඟට ගෝනි වෙළෙන්දා වාඩි වෙලා ඉන්න ගමන් ගෝනි මිටිය ලිහල ලොකු ගෝනියක් දිග අරිනව. ඊළඟට පුංචි ඇඟිල්ලක් විතර මහත ”ග” හැඬේට නමපු උල් කොක්කක් එළියට ගන්නව. ඒ වගේ කොකුවලින් මිනිහෙක් එල්ලිලා ඉන්නව මං තාත්තත් එක්ක කතරගම ගිය වතාවකදි දැක්ක. එයා කොක්ක මගේ පිට ඇතුළට යවල ඇදල අරං ගෝනියට දාගන්නයි හදන්නෙ. මට බයයි. මං සාලෙ දොරට මුවා වෙනව. ඊළඟට දුවල ගිහිං සාලෙ පහු කරාම වම් පැත්තට වෙන්න තියෙන පටු කොරිඩෝව දිගේ දුවල ඉස්සෙල්ලම වමට තියෙන කාමරේ දොර මුල්ලෙ හැංෙඟනව. අම්මාත් තාත්තාත් නිදා ගන්නෙ ඒ කාමරේ. මගෙ හිත දුකින් පිරිල. මං දොර මුල්ලෙන් එළියට එන්නේ හැන්දෑ කළුවරත් වැටුණම.
අම්මාගේ මිනිය අස්කරපු ? තාත්ත මාව තුරුලූ කරගෙන නිදාගත්තෙ මේ කාමරේ. මහ ? මට ඇහැරුනේ තාත්තාගේ කඳුළුවල සීතල මගෙ මූණට දැනුන හන්දා. එයා ඉකි ගගහ ඇඬුව. මම ඇස් පිල්ලං නොගහ එයාගෙ මූණ දිහා බලන් හිටියෙ ඇයි අඬන්නෙ කියල අහන්නවත් මට තේරුමක් නැති හන්ද. අම්ම මතක් කරල අඬන්න ඇති මගෙ හිතෙ. මං අවුරුදු හතේ ඉඳන් නුවර ධර්මරාජ විද්යාවලෙ නේවාසිකාගාරෙ හැදුනේ. තාත්තා මාව බලන්න එන්නෙ ඉඳහිට. මාස කීපයකට සැරයක්ද කියන්න දන්නෙ නෑ. ඒත් එයා හැම සතියෙම ලියුමක් එවනව. ඒ ලියුම්වල අමුතු දෙයක් තිබුණේ නෑ. ”ආදරණීය චූටි” කියල පටන් ගන්න හැම ලියුමක්ම ඉවර කරල තිබුණේ ”අම්මාට පින් දීල නිදාගන්න” කියලයි. පිං දෙනව කියන්නෙ මොකක්ද මං දැනං හිටියේ නෑ. ඒත් හැම රැුයකම අම්මා මතක් කරල නිදාගත්ත. තාත්තාත් නිදාගන්න ඇඳට ගියාම අත් දෙක හිස් මුදුනට උඩින් එකතු කරල වැඳගෙන වහල දිහා බලන් ඉන්නව මං දැකල තියෙනව. එයා අම්මට පිං දෙනව ඇති කියල මට හිතුණා. අවුරුද්දකට වතාවක් තාත්තා පාන්දර හතරට විතර මාව ඇහැරවනව. ඒ අම්මාගේ උපන් දිනය වෙනුවෙන් දළදා මාළිගාවට දානෙ පූජා කරන්න යන්න. මං නැගිටිනකොට තාත්තා තනියම දානෙ උයල රිදී පාට පාත්තරවලට දාලත් ඉවරයි. තාත්තා හැමදාම දළදා හාමුදුරුවන්ගේ දානෙට හදන්නෙ නූඞ්ලස්. ඒ අම්මා ආසම කරන කෑම හන්ද කියල එයා කියනව. අපි දානෙ පාත්තර වේවැල් මලූවලට සීරුවට අඩුක් කරන වෙලාවට මට හැම තිස්සෙම හිතෙන්නෙ අම්මා ඒ කෑම කාමරේ පැත්තක ඉඳන් බලා ගෙන ඉන්නවා කියලයි. අපි හිමිදිරි පාන්දර පයින්ම ස්ටේෂමට ඇවිත් පොඩි මැණිකේ කෝච්චියේ නැගල කතාවක් නැතිව නුවර දළදා මාළිගාවට ගිහිං ඇතුල් ගැබෙන් දළදා වහන්සේ වැඩ ඉන්න කුටියටත් ගිහිං දානේ පූජා කරල පාත්තරවල වැහුං හරින කොට අම්මත් දුමාරයක් වෙලා අපි පස්සෙන් ඇවිත් එතන ඉන්නව කියලයි මට හිතෙන්නෙ. තාත්තා අවුරුද්දකට වතාවක් අම්මා වැළලූ සොහොනට ගිහිං ඉටිපන්දම් පත්තු කරල එනව. මට හිතුනෙ එදා අම්මා මිය ගිය දවස වෙන්නැති කියල. තාත්තා උදේ හවස දුම් කබලකට ගිනි අඟුරු දාල ඊට උඩින් කට්ටකුමංජල් ඉහ ඉහ කුස්සියේ ඉඳන් ලහි ලහියේ ඇවිත් බුදු කාමරේට අල්ලල ආපහු සාලෙට ඇවිත් අම්මගේ පිංතූරයටත් මිය ගිය සීයාගේ පිංතූරයටත් අල්ලල ආපහු බුදු කාමරේට යනව. ඒ වෙලේ මට දැනුනේ මළගිය හැමෝම අපිත් එක්ක එක ගෙදර ඉන්නව කියලයි.
අම්මා මගෙ ළඟ ඉන්නව කියල මට දැනිල තියෙනව. මොකක් හරි දුකක් කරදරයක් වුණාම මං කියන්නෙ එයාට. එයා ඒ සේරම අහගෙන ඉන්නව. අපේ රටේ මළගිය ඇත්තන්ට පිං දීල අයින් කරනව. එයාල ළඟට වෙලා ඉන්නට බයයිනෙ. මට මේ සිරිත පුරුදු වෙන්න ඇත්තෙ ජපානයෙන්. ජපන් මිනිස්සු මළ ගිය ඇත්තන් එක්ක හරි එකතුයි. සමහර විට ජීවත්වෙලා ඉන්න අයටත් වඩා එකතුයි. ඒ අය මැරුණ ද නැද්ද කියල හොයන්නත් බෑ වගේ.
මං මේ ලියුම ලියන්න කලින් ජපානෙ අකිහිතො සං ට කතා කළා. එදා හරියටම එයාගෙ ආච්චි මැරිල තිබුණ. මං ඒ සුදු සෞම්යඅ ආච්චිව දන්නවා. වරක් ලංකාවටත් ආවා. එහෙ ගියාමත් හම්බ වුණා. මං කතා කළ වෙලාවේ මිනිය ගෙදර තිබුණා. අකිහිතෝ සංට පුංචි හුරතල් පැටව් දෙන්නෙක් ඉන්නවා. අයුමියි, හසුමියි. මං ඇහුවම ”කෝ දුවල දෙන්න” කියල. ”ඔන්න ආච්චිත් එක්ක සෙල්ලං කරනව” කියල අකිහිතො සංගේ හුරුබුහුටි බිරිඳ සෞම්යි හිනා වෙවී කියනව. ඒක මහ පුදුමාකාර අත්දැකීමක්. පොඩි උන් දෙන්න ගිහිං පනාවක් අරන් මැරිච්ච ආච්චිගේ කෙස් ලතාවට පීරල බලනව. ඊළඟට මූණේ ෆවුන්ටේෂන් ගාල කම්මුල්වල රෝස පාට තවරනව. ඊළඟට තොල් පාට කරනව. ආච්චි කියල ලතාවට ආදරෙන් කතා කරල එයාගෙ ඇඟ අතගානව. පෙට්ටිය ඇතුළෙ ඉන්න මිය ගිය ආච්චිත් මේ ඔක්කොම ආදරෙන් අහගෙන ඉන්නව. ආච්චි මැරුණටත් පස්සේ අකිහිතෝ සංගේ අම්මා තමන්ගේ මැරිච්ච අම්මත් එක්ක එකට මෙට්ටයක් එළාගෙන ළඟින් නිදාගත්ත රැුයක්. ඒ තමන්ගෙ අම්මා. පහුවෙනිදාට තියෙන්නේ පවුලෙ හැමෝම එකතු වෙලා ක්ලෙන්සින්වලින් ආච්චිගේ ඇඟ පිරිසිදු කරන එක. දුව පුතා මුනුබුරු මිනිබිරියෝ ලේලිලා, බෑනලා එකතුවෙලා ක්ලෙන්සින් තවරපු පුළුන්වලින් ආච්චිව පිරිසිදු කරනවා. ඊට පස්සේ හැමෝම එකතු වෙලා ආච්චිට ඇඳුම් අන්දලා කවුරුත් එකතු වෙලා එයාව පෙට්ටිය ඇතුළේ තැන්පත් කරනවා.
ආච්චි මැරෙන මොහොතේ කිව්ව ”දැන් ලොකු පුතා ඒවි එක්ක යන්න” කියල. පවුලේ කෙනෙක් මිය ගියාම ඒ ලෝකෙ ඉඳන් මළගිය ඇත්තන්ගෙන් කෙනෙක් එනව, අලූත් සාමාජිකයාව එක්කං යන්න. මැරෙන අයත් සතුටුයි ඒ ලෝකෙට යන්න. පවුලෙ හැමෝම ඉන්නෙ එහෙ. ඊළඟට බුදු වෙන්න ඉන්න බෝධිසත්වයො ළඟ. එතන මනු ලොවට වඩා ආගම දහම පුරුදු කරන්න ලේසියි. කරදර හිරිහැරත් අඩුයි. ඇළුම් බැ`දුනුත් අඩුයි. අයුමිත් හසුමිත් අහනව. ”ආච්චි මැරුණද” කියල. ”නෑ එයා අපිට නොපෙනෙන කෙනෙක් බවට පත් උනා විතරයි. එයා පිටට පේන්නෙ නෑ. ඒත් මෙහෙ කොහේහරි ඉඳගෙන අපි දිහා බලාගෙන ඇති.” අම්මා පොඩි උන්ට තේරුම් කරල දෙනව. මැරුණට පස්සේ හැමෝටම වෙනම නමක් හම්බවෙනව. ඒ නම ලැබෙන්නෙ පන්සලෙන්. එහා ලෝකෙදි, එයාව හඳුන්වන්නේ ඒ නමෙන්. ආදාහනෙන් පස්සේ ඉතිරිවන ඇටකටු ටික මංජුසාවක දාගෙන ඇවිත් දවස් 49 ක් ගෙදර තියාගන්නවා. ඊට පස්සේ සොහොනෙ තැන්පත් කරල දානයක් දෙනව. පවුලේ හැමෝම ගිහිං තැන්පත් වෙන්නෙ එකම සුසාන භූමියක එකම සොහොන් ගැබක. ඒකෙ තියෙන ගලින් හදපු කොතට එක එක නම් අලූතින් එකතු වෙනව. හැම මාසෙම මිය ගිය දිනයේ පවුලේ සියලූ දෙනා සොහොනට ගිහිං ඒක නාවලා පිරිසිදු කරල පාට පාට කපුරු මල් තියල හඳුන්කූරු පත්තු කරල මළගිය ඇත්තන් එක්ක ආගිය තොරතුරු කතා කරනව. ඕප¥ප කියනව. දුක් ගැනවිලි කියනව. අන්තිමට මිය ගිය කෙනාට පවුලේ අයට උදව් කරන්න තියෙන ශක්තිය වැඩියි. එයාගෙන් නොයෙක් දේ ඉල්ලනව. රට යතත් විභාගයකට යතත් මළගිය ඇත්තන්ට කියලයි යන්නෙ. අකිකො චංට බබාලා නෑ. ”ආච්චි අම්මේ මට බබෙක් දෙන්න” කියල එයා වැඳල ඉල්ලනවා. මළගිය ඇත්තො අවුරුද්දකට සැරයක් ගෙදර ඇවිත් දවස් තුනක් නැවතිල ඉඳල කාල බීල විනෝද වෙලා යනව. ඒ උත්සවේට කියන්නෙ ”ඔබොන්” කියල. එදාට ගෙදර පහන් දල්වල සැරසිලි කරල ඒ අයව පිළිගන්නව. ඒ අයට ඉන්න ගේ ඇතුළෙ වෙනම තැනක් හදල දෙනව. කෑම බීම එහෙමත් ජයට හදල පුංචි පුංචි භාජනවල දාල පිරිනමනව. තුන්වැනි දවසේ ඒ අය ආපහු යන්න යනව. පවුලේ හැමෝම මළගිය ඇත්තන්ව සොහොනට ගිහිං ඇරලවල එනව. අලූත් අවුරුද්දට ගෙදර යන්න බැරි උනත් ඔබොන් කාලෙට ජපන් ජාතිකයන්ට ගමට එන්නේ නැතිව ඉන්න හිතක් දෙන්නේ නෑ.
මමත් ජපානේ තනිකවා පවුලේ කෙනෙක් වාගේ. මං ලංකාවෙන් තෑගි බෝගත් අරං තනිකවා සං බලන්න යනව. එයා මාව සතුටින් පිළි අරගෙන ඉස්සෙල්ලාම කරන්නේ මං ගෙනිච්ච තෑගි බෝග ඔක්කොම අරගෙන ගිහිං බුදුගේ ඉස්සරහින් තියන එකයි. ලීවලින් හදපු ඒ බුදුගෙයි ඇතුළේ ඉන්නේ මළගිය ඇත්තෝ. ඒක ඇතුළට එබිල බැලූවම ඇතුළේ පුංචි දිගටි ලී ඵලක ගොඩක් ඇතුළට තියෙනව. ඈතම තියෙන ඒවා කළුවෙලා. ඉස්සර මැරිච්ච අය. ඒ පුංචි ඵලකවල නම් ගහල තියෙනවා. ඒ ඒගොල්ලන්ට ලැබුණු නම්. තෑගි බෝග ටික තියල තනිකවා සං බුදුගේ ඉස්සරහින් දණගහ ගන්නවා. මිටි මේස උඩ තියෙන හඳුන්කූරක් පත්තු කරල එතන තියෙන පුංචි රිදී සීනුවක් අරන් තුන් පාරක් නාද කරල මළගිය ඇත්තන්ට අඬගහනව. ඊට පස්සෙ එයා අත් දෙක කලව උඩින් තියාගෙන සතුට උතුරා ගිය මුහුණින් බුදුගේ දිහා බලාගෙන මෙහෙම කියනව.
”අම්මේ ගංගානාතො සං ආවනේ. තෑගි බෝගත් ගොඩක් ගෙනත්. මට අරක්කු බෝතලයකුත් ගෙනල්ල. මං කිව්ව ගංගානාතො සංට අද ඉඳල යන්න කියලා. ඔව් අද එයා ඉන්නව. යොෂිකො තේ හදනව. මං ගිහිල්ල කතා කරල එන්නම්.” ඊට පස්සේ එයා වැඳල හඳුන්කූරු නිවල ආපහු ඇවිත් මගෙ ඉස්සරහ එරමිනියා ගොතාගෙන වාඩිවෙනව. තනිකාවා පවුලේ මළගිය ඇත්තන් ඉන්න බුදුගේ ඉස්සරහ පිට නාරං ගෙඩියක්, වතුර වීදුරුවක්, බත් කෝප්පයක් නිතර තියෙනව. මට බොහෝ වෙලාවට නිදා ගන්න හම්බ වෙන්නෙ මළගිය ඇත්තන් ඉන්න බුදුගේ තියෙන කාමරේ. මං බුදුගේ ඉස්සරහින් ෆුතෝන් මෙට්ටයක් බිම එළාගෙන මළගිය ඇත්තන් එක්කම නිදා ගන්නව. මාත් තනිකාවා පවුලේ කෙනෙක්. මළගිය ඇත්තොත් මාත් එක්ක හැලහොල්මනක් නැතිව නිදා ගන්නව.
මිනිසා එතෙක් මෙතෙක් සොයාගෙන ඇති අතිනවීන විද්යා වත් සමග ගනුදෙනු කරන ජාතියක් මළගිය ඇත්තන් සමග ජීවත් වෙනවා.


Mother - අම්මා

”අම්ම ගැන දැනෙන්නෙ කොහොමද?” මං ඔබෙන් ඇහුවොත් ඔබ කොහොම උත්තර දෙයිද? ”අම්ම ගැන නේද?” ඔබ ළඟ තියෙන පුටුවක මාව වාඩි කරගනී. කොන්ද පොඞ්ඩක් ඉස්සරහට නමල අත් ඇඟිලි පටලවා ගනී. මොහොතක් බර කල්පනාවකට වැටේ. බර හුස්මක් ගනී. ඊළඟට කතාව පටන් ගනී. කතාව කියවන අතරතුර දේදුන්නක පාට වගේ ඔබේ මුහුණට පාට වැටේ. ඒ පාට සැරින් සැරේ වෙනස් වෙයි. ඔබ අම්ම ගැන කතා කරන අතරේ දන්නෙම නැතිව පැය ගණන් ගෙවිලා, දවල් හැන්දෑවෙලා, ?බෝ වෙයි. තොරතෝංචියක් නැතිව ඔබ කියවයි. දවස් ගණන් ගෙවේ. ඒත් මට නම් අම්මා ගැන මේ තීරු ලිපිය පිරෙන්නවත් ලියන්න දෙයක් නෑ. ඒ ඩිංග මං ලියන්නම්.
නිදාගෙන හිටිය මට රස්නයක් දැනුණා. උදේ වෙරළු ගහේ කොළ අස්සෙන් එන ඉර එළිය කිරි ගොට්ටකින් පෙරිල එන කිරි වගේ මගේ ඇඟත් තෙමලා. ඉර එළිය නාන ගමන් බට්ටිච්චොත් ලේන්නුත් මහ හයියෙන් කතාව. කෑගහන්නෙ නැතිව ඉන්න කියල කියන්න හිතුණත් කට අරින්න කම්මැලි හිතෙන නිසා ඔන්න ඔහේ කටත් ඇසුත් පියාගෙන තව චුට්ටක් ඉන්නව කියල හිතුව. එතකොටම ගෙදර වැඩට ඉන්න රොසලින් ඇවිත් ඇඳෙන් මාව උස්සල අරන් එක පිම්මට ගිහින් ළිඳගාව වතුර බේසම ළඟින් තිබ්බ. එයා පිටිපස්සෙන් නැමිල දත් බුරුසුව බලෙන් කට ඇතුළට දාල තුන් හතරපාරක් අතුල්ලල, මගේ මූණ විතර ඇති එයාගෙ ලොකු අල්ලට වතුර අරන් මූණෙත් ඇතිල්ලූව. ඉතුරු වතුර ටික කකුල් දෙකට හැලූව. එතකොටයි මට ඇත්තටම ඇහැරුණේ.
”අපිට ගමනක් යන්න තියෙනව ඉක්මන් කරන්න බේබි”
ඊළඟට එයා ඔලූවෙ තෙල් ගාල පීරල මූණට පවුඩර් දාල අම්මත් එක්ක පන්සල් යන්න අඳින සුදු කලිසමත් කමිසෙත් අන්දල, සුදු මේස් දාල, සපත්තු දාල ලේන්සුත් ගැට ගැහැව්වා. එතකොටමමං ආස කරන රතුයි සුදුයි කුලී කාරෙක පෝටිකෝවේ නවත්තල තිබුණ. මං සෙල්ලං තුවක්කුවෙන් සුදු පූසට වෙඩි තියල කාරෙකේ ඉස්සරහ සීට් එකට නැග්ග. සුදු පූසා වෙඩි වැදිලත් ”ඤාව්” කියල හිනාවෙනව. කාරෙක එළවන පේරකේ මදාස මගෙ ඔළුව අතගෑව. ගෙයි දොර ජනෙල් වහල නංගිත් මල්ලිත් කරපින්නාගත් රොසලින් පස්ස සීට් එකට නැග්ගා. අපි පිටත් උනා. මිදුලේ කැනෑස් මල් ගස් ඔක්කොම මැරිල. වේලිච්ච අරලිය කොළවලින් මිදුල වැහිල. අම්මා දවස් ගාණකින් ගෙදර ආවේ නෑ. එයා මාව මොන්ටිසෝරි එක්ක යනව කියලත් තිබුණ.
ටික වේලාවකින් අපි සුදු කොඩි දාපු හරියකට ආවා. එතන ඉඳල දිගටම උඩින් වියනක් වගේ විහිදිලා දෙපැත්තට වැක්කෙරෙන සුදු කොඩි දාල පාර දෙපැත්ත ගොක් කොළවලින් සරසලා තිබුණ. බැලූ බැලූ පැත්ත සුදු පාටින් බැබළෙනවා. බලන්න ලස්සනයි. ”ආව්! ආව්! මඟුල් ගෙයක්...!”මං සීට් එකේ හිටගෙන උඩ පැන පැන කෑගැහැව්වා. පිටිපස්සෙ සීට් එකේ හිටපු රොසලින් එක පාරට ඉස්සරහට නැමිල එයාගෙ ලොකු අත්ලෙන් මගේ කට මිරිකල වැහැව්වා. මට කතා කරගන්න බැරුව ගියා. එතකොට ම ගොක් කොල ආරුක්කුවලින් සරසපු මිදුලකට කාර් එක හැරෙව්වා. සීයාත් ආච්චි අම්මාත් හිටියේ එහෙ. සුදු ඇඳපු මිනිස්සු පිරිල හිටිය.
රොසලින් මාව වඩාගෙන සාලෙට එක්කං ගියා. සාලෙ මැද සුදු දිලිසෙන සීට් දාපු ඇඳක් වගේ පෙට්ටියක් මැද අම්මා සුදු ඇඳගෙන උඩුබැලි අතට නිදාගෙන වගේ හිටියා. එයා රැුළි රැුළි කොණ්ඩෙ ලස්සනට පීරගෙන හිටියා. කට ඩිංගක් විතර ඇරිල තිබුණා. අත්වලටත් කකුල්වලටත් මේස් දාගෙනයි හිටියේ. ඇඳ වටේ පහන් පත්තුකරල තිබුණා. හරි අමුතුයි.
”අම්ම නිදි. තව ටිකකින් ඇහැරියි” රොසලින් කිව්වා. මං අතෙන් බැස්සා. සාලෙ වමට හැරෙන පටු කොරිඩෝව දිගේ එහාට මෙහාට යන මිනිස්සුන්ගේ කකුල් අස්සෙන් ගිහින් කෙළවර වම් පැත්තෙ තිබුණ කාමරේට එබිල බැලූවා. මල්ලි රබර් රෙද්දක් උඩ ඇඳුමක්වත් නැතුව සූප්පුවක් උර උර නිදි. නංගි කෙළ පෙර පෙර කොළපාට රබර් ගිරවෙක් හපනවා. මං ආපහු අම්ම ඉන්න පෙට්ටි ඇඳ ළඟට ගියා. ඒ පෙට්ටි ඇඳ උස්සගෙන හිටිය රිදීපාට කණු හතර මටත් වඩා උසයි. මං අම්මගේ ඔළුව පැත්තට වෙන්න තිබුණ එක කණුවක් බදාගෙන වම් කකුළ ඉස්සරහටත් පස්සටත් පද්ද පද්ද උඩ බල බල ඔහේ හිටියා. එක එක මිනිස්සු ඇවිත් අම්මගෙ මූණ දිහාත් මගේ මූණ දිහාත් ඇස් ලොකු කරල මූණ බෙරි කරල බලල යන්න යනවා. දවල් වෙද්දි එන්න එන්න සෙනඟ වැඩි වුණා. උඩ බැලූවම මිනිස්සුන්ගෙ ඇඟවල් මිසක් වෙන කිසිම දෙයක් පෙනුනෙ නෑ. සෙනඟ වැඩිකමට මට හුස්ම ගන්නත් බැරුව ගියා. ඒ ඇඳ යට ඉඳන් ”මට හුස්ම ගන්න බෑ අම්මෙ” කියල කිව්වත් සෙනඟ වැඩිකමට එයාට ඒක ඇහෙන්න නැතුව ඇති මගෙ හිතේ.
හැන්දෑ වෙද්දි බෙර, නලා, පිරිත් සද්දෙත් එක්ක මිනිස්සු කෑගහල හයියෙන් අඬනවා ඇහුණා. ටික වෙලාවකින් ඒ හිටපු මහා සෙනඟ හරියට වතුරක් බැහැල යනව වගේ එක පාරට නැතුව ගියා. අම්මාත් පේන්න හිටියෙ නෑ. අම්මා හිටිය ඇඳ යටට එළල තිබුණ කළුපාට මල් මල් කාපට් එක එහෙමම තිබුණා. මං ඒක උඩ වාඩිවෙලා තැනින් තැන ඉලිප්පුනු නූල් ගලවන ගමන් කල්පනා කළේ ”සුදු පූසට මං නැතුව පාලූ ඇති. ඉක්මනට ගෙදර යන්ඩෝනෑ” කියලයි.
දවසක් මං නංගිව ඇඳෙන් වැට්ටුවා කියල අම්මා ඉරට්ටක් අරන් ගහන්න ආවා. බය උන මං ? වෙනකම්ම අඹ ගහක් උඩ හැංගිලා හිටියා. තව දවසක් මට බත් කව කවා ඉන්දැද්දි මල්ලි අඬනවා කියා මාව දාල අම්මා ගිය නිසා වාඩිවෙලා හිටපු උස සැටියෙන් පෙරළිලා වැටිලා මගේ උඩු ඇන්දේ ඉස්සරහ දත කැඩුනා. ඊට පස්සෙ ආපු දත පොල් ලෙල්ලක් වගේ ලොකු එකක් නිසා මං හාවෙක් වගේ උනා.
තාත්තගේ චිතර. ගපටියක රූපගත කරපු දර්ශන වගයක් බලද්දි චිතරා හ ගාරයක ශාලාවේ හිටියෙ මාත් අම්මත් විතරයි. එයා මට ඇතුල්වෙද්දි ටොපියක් දුන්නා. මං හිටියෙ ඒක සූප්පු කර කර. සිනමා තිරයේ නිළිය ඇඳුම දණහිසෙන් ඉහළට උස්සාගෙන දොළකින් වතුර බොනවා. මට ටොපිය හිරවුණා. මට හුස්ම ගන්න බැරි බව දැක්ක අම්ම දෑත බදල පිටට ගැහැව්වා. ටොපිය කටින් එළියට විසිවෙලා ගිහින් සීට් පේළි තුනක් විතර ඈතින් වැටුණා. ඒක හොයාගෙන ඇවිත් ආපහු කටේ දාගන්න හිතුණත් අම්මගෙ මූණ දිහා බලල කරබා ගත්තා.
එදා ඉර බැහැගෙන යන වෙලාවෙ අපි හිටියෙ මහ ගෙදර. මං සාලෙ ඉඳන් වම් පැත්තට තියෙන පටු කොරිඩෝව දිගේ ඇවිදන් යන ගමන දෙවැනි කාමරේ දොර රෙද්ද පැත්තකින් උස්සල බැලූව. මලානික පාණ්ඩු පාට බල්බ් එකේ එළිය කාමරේ තවත් අඳුරු කරල තිබුණා. කාමරේ බිම අම්ම යට සාය පිටින් උඩුබැලි අතට වැටිල අඬ අඬා හිටිය. උඩට මොකුත් ඇඳල හිටියෙ නෑ. අම්මවැටිල හිටිය තැන අල්මාරියක් තිබුණා. අම්ම ඒ අල්මාරිය යට ඉඳන් ආවාද? නැත්නම් ඒ යටට තල්ලූ කරන්න හැදුවාද? මට හිතාගන්න බැරිව ගියා. තාත්තා කරීය ම් පාට කලිසමකුත් කමිසයකුත් ඇඳන් ඒ ළඟ ඇඳක වාඩිවෙලා සන්සුන් මුහුණින් හිටියා. මං වම් අතේ ඇඟිල්ලක් කට ඇතුළට දාල කරකව කරකව දොර රෙද්දෙ එල්ලිලා අම්මාත් තාත්තාත් අල්මාරියත් දිහා මාරුවෙන් මාරුවට බල බලා හිටියා. ”කුසුම මේ ළමයව අරන් පලයන්” තාත්තා වැඩකාරියට කතා කරල කිව්ව. කුසුම ඇවිත් මාව මිදුලට එක්ක ගියා. අපි අඳුරු වේගෙන යන ආකාසෙ පියාඹන වවුලන් ගැන්නා. ”එකායි.... දෙකායි...... තුනායි.......”
ඉර මද්දහනේ අම්මාත් මාත් ඇඳ උඩ සෙල්ලම් කර කර හිටියා. එයා එකපාරටම ”ඔන්න මං මැරුණා” කියල අත්දෙක පපුව මැදට බැඳගෙන උඩුබැලි අතට දිගාවෙලා ඇස් පියා ගත්තා. මං ”අම්මා!” කියල කෑගහල අත් දෙක ගැලෙව්වා. එයාට වයස අවුරුදු 23 දි තවත් දරුවකු ලැබෙන්න ගිහින් ඇත්තටම අම්මා මියගියා.
අම්ම මියයෑමෙන් පස්සෙ අපි හිටියෙ මහ ගෙදර. නිදාගත්තෙ අර බියකරු අල්මාරිය තිබුණ කාමරේ. මහ ? රෝහලක සැර බෙහෙත් ගඳත් ශල්යාරගාරයක කටු එහා මෙහා කරන සද්දෙත් මට දැනෙන්න ඇහෙන්න අරන් ඇහැරෙනවා. අම්මා මිය ගියේ ශල්යා‍ගාරයක. ආච්චි අම්මා ඇවිත් පිරිත් කිව්වට පස්සෙයි නින්ද යන්නෙ. තරුණ කාලෙ වෙනකම් ?ට හීනෙන් කවුරු හරි කෙනෙක් ඇවිත් මාව අහසට උස්සගෙන ගිහින් ආපහු පොළොවට අතාරිනව.
ජපන් රටේ ඉන්දැද්දි ? වැඩ මුරය ඉවර කරල ආපහු ටැක්සියෙන් ගෙදර එද්දි පාන්දර තුනට විතර ඇති. ඒ වෙලාවෙත් මං දැක්ක කළුවර ආකාසෙ ඉඳන් අම්ම මං දිහා බලාගෙන ඉන්නව. නිදිමත හැදුන ටැක්සි රියදුරා කතා කරන්න ගන්නව. ”මහත්තය, මං අම්මව ඊයේ ? හීනෙන් දැක්ක. අද හෙටම නිවාඩු දාල ගමේ යන්න ඕන. එයාගෙ සොහොන කැලෑවෙලා ඇති මෙලහට. ඒකයි එහෙම පේන්නෙ” මළවුන් අදහන ඔහු කියනව. අම්මාගේ උපන්දිනය වත් මැරුණ දිනයවත් මං දන්නෙ නෑ. අහම්බෙන් හම්බවුණ අම්මාගේ යාළුවෙකුගෙන් ලැබුණ එයාගෙ පුංචි පින්තූරයක් හැර වෙන කිසිම දෙයක් මා ළඟ නෑ. අම්මා ගැන මීට වඩා දෙයක් කියන්නවත් ලියන්නවත් මා ළඟ නෑ.
බැලූම් බෝලයක් අතින් ගත්තු මිකී මවුස් බෑග් එකකුත් වතුර බෝතලයකුත් පිටේ එල්ල ගත්තු පැටියෙක් වඩාගෙන අම්මෙක් පාර පනිනව. මං නැවතිල බලනව ඒ මගෙ අම්මද කියල. අම්මා දෙන තල්ලූවෙන් උඩ යන ඔන්චිල්ලාවක ඉන්න පැටියෙක් කැකිරි පැලෙන්න හිනාවෙනව. මම නැවතිල බලනව ඒ මගෙ අම්මද කියල.
සරසවියට අලූතින් ආපු මානවක මානවිකාවන්ගෙන් පරි්න යතම ගීතය මොකක්ද කියල අහපු පරගෙ ශ්නයට ඒ අය වැඩි දෙනෙක් නන්දා මාලිනීගේ ‘අම්මාවරුනේ’, ගුණදාස කපුගේගේ ‘දවසක් පැල නැති හේනේ’ කියල උත්තර දුන්නා. පරික යතම කෙනා කවුද කියල ඇහුවම වැඩිදෙනෙක් කිව්වෙ ‘අම්ම’ කියල. දවසක් දා පත්තරේ මුල් පිටුවෙ පින්තූරයක් තිබුණ. මොරටුව පැත්තෙ මිනීමැරුමක්. තරුණයො කීප දෙනෙක් මහපාරෙ මරා දාල. මහේස්තරා්ෙනත් එනකම් මිනී එතනම තිබුණ. මහ වරුසාවක් වැටෙනව. වටවෙලා හිටි සෙනඟ එතන කඩපිල්වලට රිංගල..... ඒත් එක මියගිය තරුණයකුගේ අම්ම කෙනෙක් තමන් තෙමි තෙමි, උඩුබැලි අතට තියෙන පුතාගෙ මිනියෙ හිස පැත්තෙන් හිටගෙන තමන් ඇඳගෙන ඉන්න දිග ගවුම අත් දෙකෙන්ම උස්සල මිනියෙ මූණ නොතෙමෙන්න වහගෙන ඉන්නව. ඒක දැකල මගෙ හිත කඩාගෙන වැටුණ.
අම්මාගේ ආදරය කියන්නෙ මහ පුදුම දෙයක් වෙන්නැති. ඒක තමන්ගෙ දරුවාට විතරක් තියෙන අසමසම ආදරයක් වෙන්නැති. මං එහෙම ආදරයක් හෙව්වා. නාඳුනන ගැහැනුන්ට ආත්මාර්ථය විසිකර දමා ආදරය කළා. නාඳුනන ගැහැනුන්ට ‘අම්මේ’ කියල දණගහල වැන්ද. ඒත් ඒ හැම කෙනෙකුගෙම ආදරය යට අළු යට ගිනිපුපුරු වගේ ආත්මාර්ථය තිබුණ. ඒවා මෙළවිලා ඇවිලිලා ගිනි ජාලාවක් වෙලා මාව පිච්චෙනකොට ‘අනේ, අම්මේ!’ කියල හිසකෙස් පහුරුගාගෙන මම ඇඬුවා.
මේක කියවන ඔබ නොලැබුණ හුඟක් දේවල් ගැන දුක් මහන්සි වෙනව ඇති. තියෙන දේවල් ගැන අගයක් නැතිව ඇති. මට නම් ජීවිතයේ හුඟක් දේවල් ලැබුණ. රාජසිංහ රජ්ජුරුවන්ගෙ මාලිගාවටත් වඩා ලොකු ලස්සන මාලිගාවක් වගේ ගේක ජීවත්වෙන්න ලැබුණ. ඒත් මට එකක් ලැබුණෙ නෑ. ඒක ආයෙ ලබන්නත් බෑ. ඒ අම්මාගේ ආදරය. ඒක ඔබ ලබල ඇති. ඔබ දිනුම්. මං පරාදයි. ඔබ මගෙන් ඇහැව්වොත් ඔබද ලක්ෂපති? මමද ලක්ෂපති? කියල, ඔබ ලක්ෂපති. මං හිඟන්නෙක්.


Pani Walalu
Author Ganganath Disanayaka ISBN 9789553032843 Publisher Godage Pages 248 Size 140mm X 210mm Weight 400 g. Our Price Rs. 450.00

ගොඩබිමේ සුනාමිය

Pani Walaluඕස්ටේරනා ලියාව අපේ රට වගේ එකසිය දාසය ගුණයකටත් වඩා විශාලයි. ඒකේ නැගෙනහිර පැත්තෙ තියෙන ක්වීන්ස්ලන්ත පරාවු න්තය විතරක් ගත්තත් මුළු යුරෝපයට වඩා ටිකයි පොඩි. ක්වින්ස්ලන්ත පරාෙ න්තය අපේ රට වගේ විසිඅට ගුණයකටත් වඩා විශාලයි. ක්වින්ස්ලන්ත පරානහින්තය කියන්නෙ ඕස්ටේරක් ලියාවේ සරු සාරම පළාත. සරුසාර ඇපල් වතු, මිදි වතු, එළවළු වතු, සරුසාර තණ බිම් තියෙන්නෙ එහෙ. අවුරුද්ද පුරාම ගහකොළ නිල් පාටයි. දේශගුණය සෞම්යියි. ලෝකයේ සුන්දරම මුහුදු වෙරළක් තියෙන සංචාරක පාරාදීසයක් හැටියට සලකන ගෝල්ඞ් කෝස්ට් දිග මුහුදු වෙරළ අයිතිත් ක්වීන්ස්ලන්තයට. ඒ හින්දා සංචාරකයෝ වැඩිපුරම එන්නෙත් මෙහාට.
පරාත න්තෙ අගනුවර බිරපාරස්බෙන්. ඕස්ටේරාට ලියාවේ තුන්වැනි විශාලම අගනුවර. නිව්යෝර්ක්, පැරිස්, තෝකියෝ, හොංකොං වගේ ලෝකයේ අති දියුණු පොහොසත්ම අගනුවරක්. අහස වැහෙන තරම් උසට හදපු ගොඩනැගිලි, පිහිනුම් තටාක, ටෙනිස් පිටි තියෙන තට්ටු ගණන් උස පොහොසතුන්ගෙ මන්දිර. එක පිට එක නැගල වළලූ, වළලූ වගේ කැරකි කැරකි විහිදෙන අධිවේගී මාර්ග. බිර . ස්බෙන් ගංගාව හරහා දිගටම වැටුණ විශාල පාලම්, ගඟ දිගේ යන පොහොසතුන්ගෙ නැව්. යොට් යාතරා්ද , පැසිපික් සාගරයේ යන එන නැව් නවතින බිරළලූස්බෙන් වරාය. බිරන අස්බෙන් ගුවන්තොටුපොළින් කෙළවරක් නැතිව අහසට නගින ගුවන් යානා. පුංචි කුරුල්ලන් වගේ අහසේ සැරිසරන පොහොසතුන්ගේ අහස්යානා. ලෝකයේ පරවතිසිද්ධ සිතුවම් ඇති කලාගාර, කෞතුකාගාර, මල්වතු, ආගන්තුක සත්කාරයටත් අනුන්ට උපකාරයටත් දෙපාරක් හිතන්නෙ නැතුව ඉදිරිපත් වෙන එකපාරක් වැටුණොත් තුන්පාරක් නැගිටින්න හයිය ඇති, නිතරම හිනාවෙන් පිරිච්ච මූණු ඇති කාරුණික මිනිස්සු. ක්වීන්ස්ලන්ත පරා්තොන්තය ගැන ඇඳපු චිතරය ඇයක එක පින්සල් පාරක් වගේ අංශු මාතරි යක් විතරයි.
දෙසැම්බර් ඉඳල මෙහෙ ගිම්හාන කාලේ. ක්වීන්ස්ලන්තයට වැඩියෙන්ම ජය ගිම්හාන කාලයට. සංචාරකයො නැව්, ගුවන්යානා වෙන් කරගෙන වැඩියෙන්ම එන්නෙ මේ කාලෙට. ක්වින්ස්ලන්ත පරාා න්තෙ තේමා පාඨය තමයි ” ඕස්ටේරනෙ ලියාවෙ බබළන තැන” කියන එක. මේ උත්සව කාලේ උච්චම අවස්ථාවක් තමයි බිරන් ස්බෙන් ගංගාවේ ඉඳන් දෙසැම්බර් 31 වෙනිදා ? 12 ට අහසට යවන මල්වෙඩි සංදර්ශනය. මේක බලන්න ලක්ෂ් ගණන් දෙනා ගඟ දිගටත් පාලම උඩටත් එකතුවෙනවා. දෙසැම්බර් 31 දා ? 12 ඉඳන් විනාඩි 15 ක් එක දිගට බිරපා ස්බෙන් නුවර අහස වැහිල තිබුණු පාට පාට මල් වර්ෂාත් වෙඩිත් ඒ දිහා බලාගෙන පීරාන්ති ඝෝෂා නගන ලක්ෂට ගණන් ක්වින්ස්ලන්ත වැසියනුත් එක්ක 2011 අවුරුද්ද උදාවුණා. ලක්ෂ් ගණන් මිනිස්සු ඒ වෙළේ තමන් ළඟ හිටපු අය සිප වැළඳ ගත්තේ උදා වුණ අවුරුද්දේ තමන්ට තව තවත් සැප සම්පත් උදා වේවා කියල පරාිස ර්ථනා කරගෙන. අලූත් අවුරුද්ද උදා වෙනකොටම වගේ දෙන්න පටන්ගත් පෙම්වතුන්ගෙ හාදු මල්වෙඩි ඉවර වෙලත් ඉවර වුණේ නෑ.
ජනවාරි 01 වෙනිදා උදේ ක්වින්ස්ලන්ත පරාර න්තය උඩින් ඝන කළු වළාකුළු පිරෙන්න ගත්තා. හවස් වෙනකොට පටන් ගත් වැස්සට ? වෙනකොට කුණාටුවත් එකතු වුණා. වහින බව දැන හිටියත් අනුමාන කළාට වඩා ඒකෙ තරම වැඩි වුණා. වැස්ස නැවතුනේ නෑ. වැස්සා. වැස්සා. එක දිගට වැස්සා. දවසක් දෙකක් නෙමේ සතියක් නෙමේ සති දෙකක්ම වැස්සා. මෙහේ වැව් නෑ. ගංගාවල් තියෙන්නෙ. මහා වතුර කන්දරාව දරන්න බැරිව ගංගාවල් ඉවුරු බිඳගෙන නයි පොළොංගු වෙලා ලංකාව වගේ විසි අට ගුණයක් විශාල පරා්න න්තේ ගම්මානවලට වැදුණා. ඊළඟට ගම් බිම් ගොවිපළවල් යට කරගෙන පත පිඹුරන් වගේ නගරවලට වැදුණා. උතුරන ගංවතුර ගරැුණාන්තම්, ටුටුම්බා, ජෝර්ජ්, ඉප්ස්විච්, පැසින්ටන්, ලොකිවැලි, කොන්ඩමාන් නගර යට කරගෙන ගලනවා. මහා මාර්ග, අධිවේගී මාර්ග දිගේ තද බොර පාට ගංවතුරත් එක්ක කාර්, බස්, ලොරි, කන්ටේනර් විදුලි වේගයෙන් ගහගෙන යනවා. පාට පාට කාර් ටෙනිස් බෝල වගේ කැරකි කැරකී වතුරෙ යනවා. තට්ටු ගෙවල්වල වහල වැහෙන්න වතුර නැග්ගා. නගරවල පාර දෙපැත්තෙ තියෙන උස ලයිට් කණුවල තියෙන ලයිට්වල ගෑවි ගෑවී රැුළි දම දමා වතුර ගලනවා. ලීවලින් හදාපු කාමර 3 යි සාලෙයි කුස්සියයි නාන කාමරයි තියෙන ගෙයක් වහලේ ටී. වී. ඇන්ටනාවත් එක්කම ගෙඩිය පිටින්ම පොළොවෙන් ගැලවිලා වතුරත් එක්ක ගලනවා. මිදුලේ නවත්තල තිබුණ නිල්පාට කාර් එක ‘මට තනියම ඉන්න බෑ’ කියනවා වගේ ගෙටම ඇමිණිලා ඇවිත් ටික දුරක් ගිහින් ගැලවිලා කාර් එක වෙනම ගසාගෙන යනවා. ගංවතුරෙන් බේරෙන්න අම්මාත් තාත්තාත් පුංචි දරුවෝ කාර් එකේ දාගෙන විදුලි වේගයෙන් යද්දි ගංවතුර පස්සෙන් ඇවිත් ඉස්සර කරලා ඒ ගොල්ලොත් එකතු කරගෙන ගියා. ක්වින්ස්ලන්ත පරාුර න්තෙට හදිසි තත්ත්වයක් පරරු කාශ කළා. කොටුවෙලා ඉන්න අය බේරගන්න හෙලිකොප්ටර් යවන්න අමාරුයි. ඒ තරමට වහිනවා. බෝට්ටු යවන්න බෑ. ඒ තරමට හයියෙන් වතුර ගසාගෙන යනවා. අවදානම් තැන් නම් කරල අයින් වෙන්න කිව්වා. ඒත් මිනිස්සු ජීවිත කාලයක් හම්බ කරපු දේවල් වතුරට ලේසියෙන් දීලා යන්න ලෑස්ති නෑ. යට තට්ටුව යට වෙනකොට උඩ තට්ටුවට ඇද්දා. උඩ තට්ටුව යට වෙනකොට වහලට ඇද්දා. අන්තිමේදි විසිත්ත කාමර කට්ටල ඇතුළු කෝටියක් විතර වටිනා බඩු ටික වහල උඩ තියල ඒවා ලොකු කැන්වස් රෙද්දකින් වහල උඩට කමිසයක්වත් නැතුව කොට කලිසමක් විතරක් ඇඳගත්තු සුදු මහත්තයයි ගවුම් කෑල්ලක් විතරක් ඇඳගත්තු සුදු නෝනයි දෙන්න වහල උඩට වෙලා තෙමි තෙමි හෙලිකොප්ටරයක් එනකං බලාගෙන හිටියා.
ටී.වී.වල පුරුදු වැඩසටහන් නැවැත්තුවා පැය 24 ම ක්වීන්ස්ලන්තයේ ගංවතුර වෙනුවෙන් සජීවී වැඩසටහන් කිරවීටයාත්මක කළා. පරාැ න්තයේ මහ ඇමතිනිය පැය දෙකෙන් දෙකට පරෙන්වෘත්ති සාකච්ඡුා තියල තත්ත්වය පැහැදිලි කළා. අගමැතිනි ජුලි ගිලාඞ් දවසට තුන් හතර වතාවක් පරමහ වෘත්ති සාකච්ඡුාවලට ආවා. සූක්ෂුම කැමරා හයි කරපු හෙලිකොප්ටර් 25 ක් මිනිස්සු බේරාගන්න යවල තිබුණා. ටී. වී. ආයතන තමන්ගෙ හෙලිකොප්ටර් වාර්තාකරුවන් එක්ක අහසෙම තිබ්බා. තමන්ගේ බෝට්ටු වාර්තාකරුවන් එක්ක වතුරට බැස්සුවා. විශේෂ කාලගුණ මැදිරි හදල විනාඩි දහයෙන් දහයට ඉදිරි තත්ත්වය ගැන අනාවැකි කිව්වා. අන්තිමට බිහිසුණුම වෙලාව බලාගෙන ඉඳිද්දිම උදාවුණා. 1974 දි ක්වින්ස්ලන්තයට මහා ගංවතුරක් ආවා. ඒකෙන් ඔක්කොම යටවුණා. ආපහු ගංවතුරක් නොඑන්න කියලා මහා ගංගාව හරස් කරලා වේල්ලක් බැන්දා. ඒත් අවුරුදු 36 කට පස්සේ වේල්ල උතුරන්න වතුර පිරුණා. වේල්ලෙ සොරොව් සහමුලින්ම ඇරියා. නැත්නම් ඒක පුපුරනවා. වේල්ල සහමුලින්ම ඇරියොත් ඒ මහා ජල කඳට බිරසහමස්බෙන් නගරය යටවෙනවා. අන්තිමට වේල්ල ඇරිය. ඒ මහා ජල කඳ දරාගන්න බැරි බිර‍ෙ ස්බෙන් ගංගාව ඉවුරු කඩා බිඳගෙන බිර්බ ස්බෙන් නගරයට ආවා. බලාගෙන ඉන්දැද්දිම. හැබැයි ඒ වෙනකොට ලෑස්තියි. ස්වභාව ධර්මය වළක්වන්න මනුස්සයාට බෑ. ඒ සුන්දර නගරයේ තමන්ගෙ වස්තුව ඔක්කොම වතුරට බාරදීලා මිනිස්සු යන්න ගියා. කොම්පියුටර් ගරැත ෆික් චිතරයේ වලින් ටී. වී.වල පෙන්නුවා තව ටිකකින් ගලන මහා ගංගාවෙන් නගරය යට වෙන හැටි. ඒ වතුර මට්ටම මීටර් 5 ක්. ඒ එක්කම පෙන්නුවා හෙට පාන්දර 4 වෙනකොට වතුර මට්ටම මීටර් 7 කට නගිනවා. එතකොට යට වෙන හැටි. තව මොහොතකින් වෙන්න යන විපත ගරැනගරෆික් චිතර ඒ වලින් පෙන්නනකොට ඇති වෙන හැඟීම ගැන හිතන්න. වෙලාව හවස පහට විතර ඇති. අඳුරුයි. වහිනවා. බිරපෙනස්බෙන් නගරයේ මහා පාරක මැද ඉඳන් නිවේදිකාවක් ටී. වී. එකේ කතා කළා. එතකොටත් එයාගෙ කකුල් වැහෙන්න වතුර ඇවිත්. පාරේ දෙපැත්තෙනුත් උඩිනුත් ඈතිනුත් තියෙන කලර් ලයිට්වල කහ පාට ලයිට් එක විතරක් නිමෙනවා. පත්තුවෙනවා. ඈත තියෙන නිල් පාට සුදු පාට පොලිස් කාර් එකක උඩ තියෙන රතු පාට ලයිට් එක කැරකි කැරකි පත්තුවෙනවා. කෙළවරක් නැතිව සයිරන් නළා සද්දෙ ඇහෙනවා. අහසේ ගෑවෙන උස ගොඩනැගිලි පේළියට දෙපැත්තෙ තියෙනවා. මිනිස් පුළුටක් නෑ. නිවේදිකාව කතා කරනවා.
”මං දැං ඉන්නෙ බිරමිනස්බෙන් නගරෙ මධ්යිම වාණිජ කලාපෙ. වෙනදා මෙතනින් මිනිස්සු ලක්ෂෙයක් දෙකක් එහා මෙහා යනවා. ඒත් අද මෙතන සොහොන් පිට්ටනියක් වගේ. තව මොහොතකින් මගේ උස වගේ දෙතුන් ගුණයක් උසට වතුර ඇවිත් මෙතන වැහිලා යනවා.
අන්තිමට වතුර කඩාගෙන බිඳගෙන බිරෙම ස්බෙන් නගරයට ආවා. ගෙවල් 90,000 ක් යට වුණා. ව්යා පාර 30,000 ක් යට වුණා. උප නගර 32 ක් යට වුණා. 32,000 ක් පාපන්දු ලෝලීන් ඔල්වරසන් දිදී තරග නරඹන සන්ක්රොකප් ස්ටේඩියම් එකත් යට වුණා. කෞතුකාගාර, කලාගාර යට වුණා. බිරලෝලස්බෙන් ගංගාව ගැලූවෙ පිස්සුවෙන් වගේ. කෝටි ගාණක් වටිනා යොට් යාතරාු ගසාගෙන ඇවිත් පාලම් ඇඳිවල හැපිල කුඩු පට්ටම් වුණා. පොඩි අහස් යාතරාව බිරගා ස්බෙන් ගෙඟ් පෙරළි පෙරළි ගියා. ගිම්හාන කාලයට බිරිල ස්බෙන් නගරෙ රසවතුන්ගේ පාරාදීසය වුණ පාවෙන අවන්හල මහා ජල කඳ දිගේ ගසාගෙන ඇවිත් පාලම් ඇන්දේ හැප්පිලා කුඩු පට්ටම් වෙලා සව් කඩදාසියක් වගේ වතුරෙ දියවෙලා ගියා. බිරේ ගස්බෙන් ලකුණ හැටියට තිබුණ බිරකුඩස්බෙන් ගඟ හරහා පයින් ඇවිදින්න පුළුවන් ජැටියත් ගලවගෙන වතුර අරන් ගියා. ඒක කොන්කීරපට ට්වලින් හදල තිබුණ. ටොන් 300 ක් බරයි. ඒත් අරන් ගියා. ජන මාධ්ය් බිරමට ස්බෙන් ගඟ ”කඳුළු ගංගාව” කියල නම් කළා. ජලය පිරිසිදු කරන මධ්යොස්ථාන යට වුණා. මළාපවහන පද්ධති පිපිරුවා. විදුලිය නැවතුණා. අන්තිමට මිනිස් පුළුටක් නැති බිරයයසස්බෙන් නගරයට වතුර ඇවිත් පදිංචි වුණා. දවස් තුනකට ලංකාව වගේ විසි අට ගුණයක් විශාල ක්වීන්ස්ලන්ත පරාුළුන්තෙ 75% ක් ම වතුරට යට වුණා. කොණ්ඩෙ කොටට කපල ඇඟට හිර අත් නවපු සුදු කමිසෙ ඩෙනිම් කලිසමට යට කරල දුඹුරු පටිය බැඳල ගලක් වගේ හිතක් ඇති යකඩ ගැහැනියක් වගේ පෙනුන පරාක න්තෙ මහ ඇමතිනි ඇනා බ්ලයි පරඳල වෘත්ති සාකච්ඡුාවලදී ඇඬුවා.
”මගේ ක්වීන්ස්ලන්තයට අඳුරුම කාලයක් උදා වුණා. මේක ගොඩබිමේ සුනාමියක්. අද අපේ පරා ම න්තෙ උඩින් බැලූවම වහලවල් විතරයි පේන්නෙ. ඒත් ඒ හැම වහලක් යටම පවුලක් තියෙනවා. හැම පවුලකම ජීවිතේ ජය ගත්ත කතාවක් තියෙනවා. අපේ අඳුරු කාලය තව ටික කලක් තියෙයි. ඉතිහාසයේ අපි වැටුණු හැම වෙලේම නැගිට්ටා. ඒ ක්වීන්ස්ලන්තෙ. අපි ධෛර්ය සම්පන්න මිනිස්සු. අත්වැල් බැඳගෙන නැගිටිමු” එයා කිව්වා. රටේ විපක්ෂෙ නායකවරයාත් මාධ්යසවලට කතා කළා. ”මේක දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. ආණ්ඩුව කරන්න පුළුවන් හැම දේම කරලා තියෙනවා. අපිත් උදව් කරනවා. ගංවතුර ගැන අපේ පරනැගතිපත්ති වෙනස්. ඒත් ඒවා ගැන පස්සෙ වාද කරන්න පුළුවන්” එයා කිව්වා.
දවස් තුනකින් වතුර අඩු වුණා. තක්සේරු කරන්නත් බැරි තරම් දේපළ විනාස වුණත් ජීවිත නැති වුණේ 15 ක් විතරයි. මිනිස්සු තම තමන්ගේ ගෙවල්වලට ගිහිං සුද්ද බුද්ද කරන්න ගත්තා. වැඩට උදව් කරන්න විසි තිස් දාහක් ස්වේච්ඡුාවෙන් ඇවිත් හිටියා. ඔක්කොම ඇදලා ඉවර කරන්න බැරි තරම් සුන්බුන් ගොඩක් වෙලා තිබුණා. සැඩ පහර සියල්ල ගසාගෙන යන බව ධම්ම පදයේ කියනවා. දුප්පත් පෝසත් බේදයක් නෑ. පෝසත් උනාම ගසාගෙන යන දේවල් වැඩියි. ඒත් හිත පෝසත් නම් නොසැලී හිටිය හැකි. තමන්ගෙ සේසතම නැතිවෙලා තිබුණත් ක්වීන්ස්ලන්ත වැසියන් කවුරුවත් විලාප දුන්නෙ නෑ. සමහරු හෙමින් ඉකි ගැහුව. ඒත් වැඩි දෙනෙක් හිනාවෙලාම හිටියා.
තවමත් අඩි දෙකක් විතර වතුර තියෙන ගේක ගේට්ටුවේ මෙහෙම දැන්වීමක් තිබුණා. ”ගෝල්ඞ් ෆිෂ් මාළු තුන් දෙනෙක් නැති වුණා. අන්තිමට දැක්කෙ බදාදා හැන්දෑවේ. කාට හරි හම්බ වුණා නම් කරුණාකර දන්වන්න.”

About the Author

Posted by gossip lanka live on 7:52 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 7:52 PM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "pani walalu By Dhammika Ganganath Dissanayake"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.