Published On:
Posted by gossip lanka live
Chat With Sunil Aruna Weerasiri -Weerya Sinhla Movie
‘ජීවිතේට උදාවන සතුටු දායක දේවල් සේම අසතුටු දායක දේවලුත් සම සිතින් අපට ඉවසගන්න සිද්ධ වෙනවා. අපි කවුරුත් කැමැති හැමදාමත් සතුටින් පිරුණු ජීවිතයකට. එහෙත් ලෝක ධර්මතාවලට අනුව ඒ සතුªට එක විදියට හැමදාමත් අපිට පවත්වගන්න බෑ.
ඔබට මතක ඇති සුවහසක් ප්‍රේක්ෂක හිතවතුන් සිය ආදරණීය හඬින්, ආදරණීය රංගනයෙන් පිනවපු ජනපි‍්‍රය නළු ඇන්ටන් ජූඩ් හදිසියේම අප කවුරුත් නොසිතූ මොහොතක අපෙන් වෙන්ව ගිය ආකාරය. කෙනෙක් උපන්නොත් කොයි මොහොතක හෝ මරණයත් උදාවන බව සදාකාලික සත්‍යයක්.
ජූඩ් අපිව අතහැරලා ගියාට ඔහුගේ ආදරණීය බව අප කාටත් අමතක කළ නොහැකිය. මේ වෙන්ව යාම ඉතාම තදින් දැනුණු කලාකරුවෙක් අපි අතර ඉන්නවා. ඒ චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂ සුනිල් අරුණ වීරසිරි. ජූඩ් මියයන විටත් ඔහුගේ චිත්‍රපටයේ රඟපාමිනුයි හිටියේ.
අපි සුනිල් අරුණ මුණ ගැසුණේ ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන ‘වීර්යා’ චිත්‍රපටයේ ඉදිරි වැඩ කටයුතු කෙසේද කියන කතාබහකට. එහෙත් ජූඩ්ගේ වියෝවෙන් තොර ‘වීර්යා’ චිත්‍රපටයක් ගැන කතා බහකට අපිට එක්වෙන්නට පුළුවන්කමක් නෑ. ඒ තරමට මේ සිදුවීම අධ්‍යක්ෂවරයාගේ සිට සියලු නළු නිළියන්, කාර්මික ශිල්පීන් ගේ සිත් සසල කළා.
දැන් ඒ සියල්ල අතීතයට එක් වූ මතක සැමරුම්. ජූඩ් ගේ වියෝව නෙතට කඳුළක් එක් කළත් අපි නැවතත් ‘වීර්යා’ චිත්‍රපටයට යා යුතුයි. මේ වන විට’ වීර්යයා’ සියලු රූගත කිරීම් නිමකර තිබෙනවා.
” ‘වීර්යා’ කියන නමට මගේ පුංචි කැමැත්තක් තිබුණා. මේ චිත්‍රපටයෙන් කියැවෙන්නේ වීර ක්‍රියාවක් කරන පුද්ගලයෙක් පිළිබඳව. ඒ නිසාමයි චිත්‍රපටයට ‘වීර්යා’ කියන නම තිබ්බේ. මේ චිත්‍රපටය හැම දෙනාටම විඳින්න පුළුවන්, ආදර කතාවකුත් එක්ක ගෙතෙන චිත්‍රපටයක්. ආදරය කිවුවොත් සමහර වෙලාවට එක්තරා කොටසකට විතරක් සීමා වෙනවා. ඒත් මේ චිත්‍රපටය එහෙම නෑ. පොදුවේ කාටත් රසවිඳින්න පුළුවන් නිර්මාණයක්.”
සුනිල් අරුණ වීරසිරි කාලයක් පුරා අපේ සිනමාවට සම්බන්ධකම් දැක්වූ අයෙක්. ඔහු ඉස්ඉස්සරලම සිනමාවට පැමිණෙන්නේ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වශයෙන්. මුදල් හදල් තිබූ පමණින්ම කෙනෙකුට චිත්‍රපට නිෂ්පාදකවරයෙකු විය නොහැකියි. මේ විෂය සම්බන්ධයෙන් කෙනෙකුගේ හිතේ ඇතිවන ආදරණීය බව, කැමැත්ත, ආසාව මේ හැම දෙයක්ම ඒ සඳහා අඩු වැඩි වශයෙන් බලපානවා. අද ‘වීර්යා’ අධ්‍යක්ෂණය කරන ඔහුටත් එදා සිනමාව ගැන තිබුණේ ලොකු ආදරයක්, කැක්කුමක්. ඒ ඇතිවුණු සුවිශේෂි හැඟීම තමයි අද ඔහු චිත්‍රපට නිෂ්පාදනයෙන්, අධ්‍යක්ෂණය කරා රැගෙන එන්න ප්‍රබල හේතුකාරණාවක් වෙන්නේ.
”ඇත්තටම පුංචි කාලේ ඉඳන්ම සිනමාව කෙරෙහි මගේ දැඩි ළබැඳියාවක් තිබුණා. ඒ ළබැඳියාව තමයි ව්‍යාපාරිකයෙකු වශයෙන් ජීවිතේ අරඹපු මගේ ගමන්මඟ වෙනසකට ලක් කරමින් මාව චිත්‍රපට නිෂ්පාදකවරයෙකු කළේ. නිෂ්පාදන කාර්යය දුර දිග ගිහින් ඊළඟට මම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වුණා. ඒ; දැනට අවුරුද්දකට විතර කලින් කරපු ‘ටිකිරි සුවඳ’ චිත්‍රපටය නිසා.
මගේ පළමු අධ්‍යක්ෂණය ‘ටිකිරි සුවඳ’ සාර්ථක වීමත් සමඟ ම තමයි මට හිතුණේ එතැනින් නතර වීම සුදුසු නෑ කියලා. අනික් පැත්තෙන් එදා ඉඳලම මගේ අරමුණ තිබුණේ සියලු දෙනාට ම රසවිඳිය හැකි නිර්මාණ කිරීමයි. ඒ අරමුණ ඇතුව තමයි දෙවන චිත්‍රපටයටත් අත ගැහුවේ.”
සිනමාව මායාවක් විදියට අපි හිතුවට ඒ මායාවෙන් ඔබ්බට ගිහින් හරවත් යමක්, සමාජයට ආදර්ශවත් යමක් දෙන්නට හැමදාමත් ඔහුට අවශ්‍ය කළා. මේ උවමනාව නිකම්ම නිකම් ඔහු තුළ පහළ වූවක් නොවේ. කුඩා කල පටන් ම තමන් නරඹපු සිනමා පට නළු නිළියන්ගේ විවිධ රංගන ශෛලීන් ආදිය නැරඹීමෙන් උපන් යහපත් රුචිකත්වය මත ගොඩනැඟුණක්. ඔහු එදා ගාමිණී, මාලිනීගේ රංගන දෙස ආදරයෙන් බලන් උන්නා. විජය – මාලනී තිරයට එත්දී ගාමිණීට වඩා විජයගේ ඇති සුවිශේෂතා හා ගාමිණීගේ සුවිශේෂීතා ගැනත් සංසන්දනාත්මකව හිතන්න ගත්තා. මේ දෙන්නම අපේ සිනමාවේ සිහින කුමාරවරු. ඒත් පෙනුමෙන් රංගනයෙන් දෙන්නට දෙන්නා වෙනස්.
මේ ආකාරයට ඔහු තමන්ට උරුම විචාර කලාවක් ගොඩ නඟාගෙන ඒ ඔස්සේ හිතන්නට පටන් ගත්තා. අද ඔහු අපට ‘වීර්යා’ තිළිණ කරන්නේ ඔහුගේ සිතේ උපන් ඒ රුචිකත්වයට අනුවය.
’වීර්යා’ නුදුරු අනාගතයේදී අපේ ප්‍රේක්ෂකයින් සොයා එනවා. විනෝදාත්මක බවත්, ආදරයත්, රැඟුම් ගැයුම් හා සටන්වලිනුත් පිරිපුන් මේ චිත්‍රපටයට ජනපි‍්‍රය ප්‍රවීණ නළු නිළියන් රැසක් සම්බන්ධ වෙනවා.
මේ චිත්‍රපටය කොළඹ, නුවර, නුවරඑළිය අවට ප්‍රදේශ වලදි තමයි රූගත කළේ. ‘වීර්යා’ හි ඇන්ටන් ජූඩ් රඟපෑවේ ‘ගනේෂ්’ කියන නිවෙසක වැඩට උදව්වෙන කෙනෙකුගේ චරිතයක්. කොළඹ තිබුණු රූගත කිරීම් නිම කරලා නුවර යන්න සූදානම් වෙත්දි තමයි ජූඩ් නැතිවුණේ. ඒ වෙනකොට ඔහුගේ චරිතයෙන් 80% ක්ම වගේ රූගත කිරීම් නිමකර තිබුණේ. ජූඩ් ව මගේ චිත්‍රපටයකට ගන්න මට ලොකු ආසාවක් තිබුණේ.
‘ටිකිරි සුවඳ’ටත් ඔහුව ගන්න බලද්දි දින ප්‍රශ්නයක් නිසා බැරුව ගියා. එහෙම ආදරෙන්, ආසාවෙන් ගත්ත කෙනෙක් මගේ චිත්‍රපටයේ රඟපෑමේදී නැතිවුණා කියන එක මට ලොකු කම්පනයක්. ජූඩ් ගේ නැතිවීම මට විතරක් නොවෙයි සමස්ත කලාවටම ලොකු පාඩුවක්. මගේ ‘වීර්යා’ චිත්‍රපටයේ ජූඩ් ගේ රූපය තිබුණට ඔහුගේ කට හඬ මට ලබාගන්න බැරි වුණා.
පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකක් තමයි. එහෙත් අප සියලු දෙනාම ලෝක ධර්මතාවට එකඟ විය යුතුයි. ‘වීර්යා’ අධ්‍යක්ෂ සුනිල් ද ජූඩ්ගේ වියෝව දරාගෙන සිය නිර්මාණයේ වැඩ කටයුතු අවසන් කරමින් සිටියි. ලබන වසරේ මුල් භාගය වන විට ‘වීර්යා’ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට දැක ගත හැකි වනු ඇත.