Published On:
Posted by gossip lanka live
Chat With aishwarya rai
“හොඳ චරිතයක් ලැබුණොත් එනවා”
ඉසුරුමත්
ජීවිතයක් ගත කරන ඇය, ඓශ්වර්යා රායි.
දැන් ඇය අම්මා කෙනෙක්. මාස හතක බිළිඳු දියණියකගේ සුරතල් බලමින් සිටින මේ රුවැත්තිය තරමක් වෙනස්
වී ඇති බවයි ඇයගේ රුව දකින රසික රසිකාවියන් පවසන්නේ. ඇයගේ සිත නම් වෙනස් වී නැහැ.
නමුත් ගතින් නම් වෙනස් වෙලා. අද බොහෝ දෙනකු ඓශ්වර්යා ගේ තරබාරු ගතිය ගැන කතා වෙනවා.
ඒ ගැන කවුරු
කොහොම කතා වුණත් ඇය පවසන්නේ ජීවිතය වෙනස් වී ඇත්තේ සතුට උතුරා යමින් බවයි. මේ සතුටට
හේතුව පුංචි දෝණි ආරාධ්‍යායි. ඇය උපන්නේ භච්චන් පවුලට සතුට, මිහිරියාව තව තවත් ළං කරමින් කියලයි, අයිශ්වර්යා පවසන්නේ. අභිෂේක්ටත් ඒ
සතුට නොඅඩුව ලැබිලා. මේ
මොහොතේ භච්චන් පවුලේම ප්‍රමුඛත්වය ලැබෙන්නේ පුංචි දෝණිටයි.
බොහෝ රසික
රසිකාවියන් විමසන්නේ මින් මතුවට ඓශ්වර්යා චිත්‍රපටවල රඟපාන්නේ නැද්ද කියලයි. චිත්‍රපටවලට
නොඑන අදහසක් නම් ඇය තුළ නැහැ. තමන්ට ගැළපෙන හොඳ චරිතයක් ලැබුණොත් ආයෙමත් බොලිවුඩ්පුරයට පා තබන
බවයි ඓශ්වර්යා පවසන්නේ. මෑතකදී අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු සමීක්ෂණයකින්
ඓශ්වර්යා හොඳම මව හැටියට පළමු තැනට තේරී පත්වුණා.
ඇන්ජලිනා ජොලී
වැනි ජන්‍රපිය හොලිවුඩ් නිළියක පවා පරදවමින් තමයි අයිශ්වර්යාට මුල් තැන හිමිවුණේ.
ඒ ප්‍රතිඵලයෙන් හැඟවෙන්නේ ඓශ්වර්යා තවමත් ජනප්‍රියත්වයේ හිනිපෙත්තෙහි සිටින බව නේද? අයිශ්වර්යා ඒ බව හොඳින්ම දන්නා නිසයි
දැන්ම බොලිවුඩ් සිනමාවෙන් ඉවත් නොවන්නට තීරණය කර තිබෙන්නේ.
පසුගියදා
පැවැති ලෝක ප්‍රකට කාන්ස් චිත්‍රපට උලෙළටත් ඇය සහභාගි වුණේ පුංචි ආරාධ්‍යාත්
එක්කයි. එහිදී ඇය වටකරගත් මාධ්‍යවේදීන් රැසකට උත්තර දෙන්නට ඇයට සිදුවුණා.
ඔවුන් ගේ ප්‍රශ්නවලට උත්තර දෙමින් ඓශ්වර්යා, දියණිය ලැබුණු පසුව ගත කරන අලුත් ජීවිතය ගැනත්, ඉන්පසුව වෙනසකට ලක්වූ තම සිරුර ගැනත්
කතා කළා.
ඒ විතරක් නොවෙයි,මව් පදවිය ලැබූ කාන්තාවන්ට පුංචි
උපදෙස් කිහිපයකුත් දුන්නා. “ඕනෑවට වඩා වෙහෙසෙන්න එපා” ඒ ඇයගේ උපදෙසක්. මෙහිදී මාධ්‍යවේදියෙකු
විමසුවේ දුව ලැබුණායින් පසුව ගතවන ජීවිතය ගැනයි. ජීවිතය දැන් හරිම සන්සුන්. කිසිම
කලබලයක් නැතිව ගතවෙනවා. ඒ වගේ වෙනසකට මම හරිම කැමතියි. දවසේ වැඩි කාලයක් ම ගතවෙන්නේ
දුවත් එක්කයි. ඓශ්වර්යා සුන්දර සිනහව නඟමින් පැවසුවා.
ඓශ්වර්යා දැනට
රංගනයෙන් ඉවත්ව සිටියත්, ඇය වෙළෙඳ
සමාගම් කිහිපයක ප්‍රචාරක වැඩසටහන්වලට එක්වී සිටිනවා. එවැනි කටයුතුවල යෙදීමට දැන්
ඉඩක් නැහැ නේදැයි මාධ්‍යවේදීන්
විමසුවා. “මම කාලය හොඳීන්
කළමනාකරණය කර ගන්නවා. ඒනිසා ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැහැ. සමහර වෙලාවට හදිසියක්
නැත්නම් මම දුවත් අරගෙන ඒ වැඩසටහන්වලට යනවා. ඒ වගේ වෙලාවල්වලදි මගේ අම්මාත් මාත්
එක්ක එනවා. ඒ අතින් මම වාසනාවන්තයි.”
අන්තර්ජාලයේ
සමීක්ෂණයෙන් පළමු තැන හිමිවීම ගැන අදහස් දක්වන්නටත් ඓශ්වර්යා අමතක කළේ නැහැ. “සාමාන්‍යයෙන් ජනප්‍රිය නිළියක් අම්මා
කෙනෙක් වුණාම ඔය වගේ මුල් තැනකට එනවා. ඒක පුදුමයක් නොවෙයි. හුඟ දෙනෙක් මගේ සිරුර ගැනත් කතා
කරනවා.
ඊට වඩා මම
උනන්දු වෙන්නෙ අපේ
පවුලේ හැම දෙනාගෙම සෞඛ්‍යය ගැනයි. අද අපේ අම්මලා හුඟ දෙනෙක් ඕනෑවටත් වඩා මහන්සි වෙනවා.
මම නම් ඒ අයට කියන්නෙ අනවශ්‍ය විදිහට මහන්සි නොවී, විවේක අරගෙන ඉන්පස්සෙ තමන්ගෙ දූදරුවන් ගැන බලන්න කියලයි. ඒ වගේම
තමන්ගෙ සෞඛ්‍යය ගැනත්, තමන්ගෙ රූ සපුව ගැනත්
සැලකිල්ලක් දක්වන්නත් ඕනෙ. ඒක නවත්වන්න එපා. එතකොට ප්‍රසන්නව හිටියෑකි. ඒක
තමන්ගෙ මනසටත් හොඳයි. දරුවන්ටත් හොඳයි” අයිශ්වර්යා කතා බහ නිමාවට පත්කරමින් පැවසුවා.
සුජීව
තේවහෙට්ටිගේ