නයගරා ඇල්ල හරහා අදිනු ලැබූ කම්බියක් මත පුද්ගලයෙකු ගමන් කරයි
ඇමෙරිකානු – කැනඩා දේශසීමාවේ පිහිටි සුප්රකට නයගරා ඇල්ල හරහා අදිනු ලැබූ කම්බියක් මත පුද්ගලයෙකු ගමන් කර ඇතැයි වාර්තා වේ.
නික් වැලෙන්ඩා නම් මෙම පුද්ගලයා අඟල් දෙකක් පළල කම්බියක් මත අඩි 1,800ක දුරක් ගමන් කර ඇත.
මෙම කම්බිය ඇද තිබුනේ නයගරා ඇල්ලට අඩි 150කට උඩිනි.
වැලෙන්ඩා ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂිත ආම්පන්න යොදාගෙන තිබුණි.
මෙම සිද්ධිය ඇමෙරිකාවේ ඒබීසී සේවය විසින් සජීවීව විකාශය කළ අතර, මෙම දස්කම නැරඹීමට ඇමෙරිකාවේ ගෝට් දිවයිනට දහස්ගණනක් රැුස්ව සිටි බව විදෙස් වාර්තා වල දැක්වේ.
මේ ආකාරයෙන් පුද්ගලයෙකු නයගරා ඇල්ල තරණය කර ඇත්තේ ශතවර්ෂයකට අධික කාලයක් පසුවයි.
මෙම ත්රාසජනක ගමනේ යෙදීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3ක් වැය වනු ඇති බව 33 හැවිරිදි වැලෙන්ඩා ඇස්තමේන්තු කර තිබුණි.
වැලෙන්ඩා මේ ආකාරයේ ත්රාසජනක කි්රයා සිදුකළ පවුලකින් පැවතෙන්නෙක් බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
source- sinhala.srilankamirror.com