Published On:
Posted by gossip lanka live
ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 75 විශිෂ්ට ජයක්
තිලකරත්න
ඩිල්ෂාන් නොදැවී ලබා ගත් ලකුණු 119 සහ තිසර පෙරේරාගේ දක්ෂ
පන්දු යැවිම නිසා (44/6) තරග පහකින්
සමන්විත එක්දින ක්රීකට්
තරගාවලියේ මහනුවර පල්ලේකැළේ ක්රීඩාංගණයේදී (09) පැවති දෙවන තරගයෙදී ශ්රී ලංකා කණුඩායම විසින් පාකිස්තාන කණ්ඩායම
ලකුණු 75 පරාජය කිරීමට සමත්
විය.
කාසියේ වාසිය
ලැබු ශ්රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කර අතර
පළමු තරගයේ වැරදී නිසි ලෙස අවබෝධ කර ගනිමින් ශී ලංකා පිල විශාල ලකුණු ප්රමාණයක් වෙත කැදවාගෙන
යැමට ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කළේය. ඩිල්ෂාන් පන්දු 139 කදී හතරේ පහර 11 සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 119 රැස් කිරීමට සමත් විය.
අති විශිෂ්ට
පන්දු යැවිමක නිරත වු තිසර පෙරේරා ලකුණු 44 ට කඩුලූ 6 ක් බිද දමමින් ශ්රී ලංකා පිලේ ජය මාවත විවර කර දුන්නේය.
තරගයේ වීරයා සම්මානය තිසර පෙරේරා
වීසින් දිනා ගත්තේය.
ශ්රී ලංකා
කණ්ඩායම ඕවර 50 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 280 රැස් කර අතර පිළිතුරු ඉනිම ක්රීඩාකල පාකිස්තාන
කණ්ඩායම ඕවර 46.2 කදී සියලූ
දෙනා දැවී ලබා ගැනීමට
හැකීවුයේ ලකුණු 204 ක් පමණි.
මෙම තරගය ජය
ගැනිමත් සමග (1-1) ලෙස තරගාවලිය
සම කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
ශ්රී ලංකාව
ඕවර 50 කදී කඩුලූ 4 ක් දැවී 280 (තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 119 , දිනේෂ් චන්දිමාල් 32, මහේල ජයවර්ධන 53, තිසර පෙරේරා 24)