Chat With Saranya Jayakody විලාසිතාවල අලුත් දේ සොයන 'ශාරණ්‍යා ජයකොඩි'
ශාරණ්‍යා
රසෝදි ජයකොඩි වන ඇය විශාරද චරිතා ප්‍රියදර්ශනී සහ එඩ්වඩ් ජයකොඩිගේ
දියණියයි. දෙමාපියන් සංගීත ක්ෂේත්රයේ මහ බල කණු වුවල මේ දියණිය නම්, කලා
ක්ෂේත්රයට වැඩිය මනාප නැති පාටයි. ඇයගේ ප්‍රියතාවන් ගැන සහ අම්මා තාත්තා
ගැන හිතන්නේ කොහොමද? පුංචි ශාරණ්‍යා ඒ ගැන අපට කියාවි.
ශාරණ්‍යා මොනවගේ අරමුණක්ද තියෙන්නේ?
ලොකු අරමුණු දරාගෙන ඉගෙන ගන්නෙ නැහැ. ජීවිතේ එන විදියට මුහුණ දෙනවා.
විශේෂ අංශයක් මුල් කරගෙන නොවෙයිද ඉගෙන ගන්නෙ?
විලාසිතා නිර්මාණ ශිල්පිනියක වීම තමයි බලාපොරොත්තුව
ඇයි ඒ අංශයට කැමති?
මගේ කැමත්ත තියෙන්නේ විලාසිතාවල අලුත් දේ සොයා යාමටයි.
අම්මා මොකද කියන්නෙ?
අම්මා නම් කැමති මම ඩොක්ටර් කෙනෙක් වෙනවට.
තාත්තා මොකද කියන්නේ?
තාත්තා කිසිදේකට අපට බල කරන්නෙ නැහැ. අපි කැමති දේ යහපත්ව කරන්න කියලා තමයි කියන්නේ.
වැඩිපුර බැඳීමක් තියෙන්නේ අම්මා එක්කද? තාත්තා එක්කද?
අම්මා එක්ක.
අම්මා තාත්තා නිසා සමාජයෙන් ඔබට ලැබෙන දේ දැනෙන්නෙ කොහොමද?
ලොකු තැනක් ලැබෙන්නෙ.
එය දැනෙන විදිය?
ගොඩක් සතුටුයි. ඒත් වෙලාවකට වදයක් වගෙයි. හැමදාම කවුරුහරි එකම දේ අහනකොට එපා වෙනවා.
අම්මා වෙතින් දකින හොඳම ගුණාංගය?
අම්මගෙ සෑම දෙයක්ම හොඳ ගුණාංග.
ඒ ගැන පැහැදිලි කළොත්?
අම්මා ඕනෑම කෙනෙකුට උදව් කරනවා. බැරි වුණත් උදව්වක් කරන්න උත්සාහයක් හරි ගන්නවා.
තාත්තා?
තාත්තා කාගෙවත් හිත් රිදවන්නෙ නැහැ. හැමෝටම එක වගේ මනුස්සකම දක්වන කෙනෙක්. තාත්තා හරිම මානුෂීයයි. මිත්‍රශීලීයි.
ඔයා කවුරු වගේ කියලද අනෙක් අය කියන්නෙ?
අම්මගෙ අච්චුවම කියලා.
අම්මා ළඟදි අරන් දුන්න තෑග්ග?
බතික් බෑග් එකක්.
ගෙදර අය කොහොමද ඔයාට කතා කරන්නෙ?
අම්මා දෝනි කියනවාග තාත්තා දුව කියනවා. අයියා නංගී කියලා කතා කරනවා.
අයියා සහ ඔබ අතර බැඳීම කොහොමද?
තරහ ගියාම මට ගහනවා. ඒත් අයියා හරිම හොඳයි.
අයියා මොන වගේ අංශයක නිරත වේවිද?
ඕඩියෝ ඉංජිනියරින් අංශයේ ඉංජිනේරුවකු වීමට තමයි එයා කැමති.
කාටද ඔය දෙන්නගෙන් වැඩිපුර ගීත ගයන්න පුළුවන්?
අයියට.
අයියා මොනවගේ ගීතද ගයන්නේ?
ඉංග්‍රීසි ගීතවලට එයා හරි දක්ෂයි.
ඔබ අම්මගෙ කැමතිම ගීතය?
අපි පුංචි - පැංචි ගීතයට.
තාත්තා ගැයූ ගීතවලින්?
මාරම්බරී
තාත්තා ඔයා වෙනුවෙන් වැඩිපුරම දුක්වුණු දවස?
මම හිතන්නෙ හැමදාම දුක් විඳිනවා. මට කොහේ හරි යන්න ඕනෑ කිව්වොත්, කොහේ
හිටියත් ඇවිත් මාව ඇරලවනවා. ඒ වෙලාවට තාත්තා ගැන දුකක් හිතෙනවා.
ඔයාගේ ප්‍රියතම ගායකයා?
කවුරුත් නැහැ.
රඟපෑමට ආස නැද්ද?
සෝමරත්න අංකල්ගේ "සිරි රජ සිරි" චිත්‍රපටයේ රඟපෑවාග ඊට පස්සේ නාලන් අංකල්ගේ ටෙලි නාට්‍යයක රඟපානවා.
දිගටම රඟපාන්න ලැබුණොත්?
කැමති නැහැ.
ඔයාගෙ කැමතිම දේවල්?
චොක්ලට් කන්න හරි ආසයි. ඒ වගේම සාප්පු සවාරි යන්නත් හරි ආසයි.
කැමතිම ගීතය?
නීලා ආන්ටි ගායන මාස්ටර් සර් ගීතයට.
ඔයාගේ නරකම දේ කියලා හිතන්නේ?
කෑම කන්න හරිම කෑදරයි. වැඩිපුරම චොක්ලට් වලට.
ජීවිතේ අරමුණ?
උපරිම සතුටකුත් නැතිවල දුකකුත් නැතිවල මධ්‍යස්ථව ගුණ ගරුක ජීවිතයක් ගත කිරීම.