Published On:
Posted by gossip lanka live
Chat With Prathiba Hettiarachi සැබෑ ජීවිතයේදීත් වින්දි වගේ ඔබ හිතුවක්කාර චරිතයක්ද?
අතට වළලු ද
පයට ගිගිරි ද
ලා ගනී කිඳුරඟන සොබනා
වනේ සිඳඹුවො
කඩා මල් පෙති
වරල සරසා ගනිති නිතිනා
ඇය වසර කිහිපයකට පෙර මට මුණ ගැසුණේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘කඳා වළලු’ වේදිකා නාට්‍යයේ ‘මිනිබිරිය’ ලෙසිනි. කලකට පෙර එසේ ගැයූ ඇය අදත් එම ගීතය ගයයි. ‘ප්‍රතිභා හෙට්ටිආරච්චි’ ඇයගේ නමයි.
‘සරච්චන්ද්‍රයන්ගේ වේදිකා නාට්‍යයක රඟපාන්නට ලැබීම මගේ ජීවිතයේ මා ලැබූ අපූරු භාග්‍යයක්. ඒ භාග්‍ය වඩාත් අර්ථවත් වන්නේ තවමත් මම එහි මිනිබිරිය ලෙස රඟපාන නිසයි.’
ස්වාධීන රූපවාහිනිය ඔස්සේ මේ දවස්වල රාත්‍රී 9.00 ට රෙජිමෝල්ඩ් ජයමාන්නගේ ‘සැනකෙළියයි මායා’ ටෙලි නාට්‍යය ඔස්සේ ඔබගේ නිවහනට පැමිණෙන දඟකාර, හිතුවක්කාර දැරිවි වින්දිව දකින හැමෝම ප්‍රතිභාව හඳුන්වන්නේ එහෙමයි.
‘මම බොහොම කැමැත්තෙන් කළ චරිතයක්. ටික කාලයකට ඉස්සර රූගත කළ ‘සැනකෙළියයි මායා’ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර නම් බොහොමයි.
වින්දිගෙ චරිතයට වැඩිහිටියො නම් කියන්නේ හරිම හිතුවක්කාර ගෑනු ළමයෙක් කියලයි.
මේ ටෙලි නාට්‍යයේ මාත් සමඟ රඟපෑ අනෙක් චරිත කළේ මට වඩා බොහොම ප්‍රවීණ රංගන ශිල්පීන් වගේම ශිල්පිනියන්.
පාලිත මාමා, චාන්දනී නැන්දා, ජනක් මාමා කියන මේ ප්‍රවීණ චරිතවලින් ලැබුණු අපූරු උපදෙස් රාශියකින් මගේ රංගන ජීවිතය ආලෝකමත් වුණා.’
‘බලන්නකො වින්දි අර මිනිස්සු අපි දෙන්නා ගැන අවධානයෙන් ඉන්නේ.’
‘ඇයි ඔයා බයද?’
ඔරුකඳ උඩ වාඩි වෙලා ඉන්න මේ සොඳුරු පෙම් යුවළ මුමුනනවා. ඒත් ටික වෙලාවකට පස්සේ තමන්ගේ පෙම්වතාට ගහන මිනිස්සු අතරින් වින්දි පැනලා දුවනවා.
‘අපූරු පෙම්වතිය නේද?’
මා විමසුවා.
‘ඒ සිදුවීම නම් මට දැන් මතක් වෙන කොටත් හිනා’
ප්‍රතිභා නොනවත්වාම සිනාසෙයි.
‘සැබෑ ජීවිතයේදීත් වින්දි වගේ ඔබ හිතුවක්කාර චරිතයක්ද?’
‘අපෝ මම වින්දි වගේ හිතුවක්කාර චරිතයක් නොවෙයි. මගේ් හොඳම මිතුරිය අම්මා. අයියා වගේම තාත්තත් මගේ් ළඟම ඉන්න යාළුවෝ දෙන්නෙක් වගෙයි. මගේ් ජීවිතයේදී හැම දෙයකටම උපදෙස් ගන්නේ ඔවුන්ගෙන්. ජීවිතයේදී පැන නැගෙන හැම ප්‍රශ්නයක්ම සාකච්ඡා කරන්නෙ අම්මත් එක්ක.’
‘අමන්ත’
වින්දිගේ දයාබර සොහොයුරියගේ පෙම්වතා. වින්දිත් අමන්තට ආදරෙයි.
‘ඒ මේ ටෙලි නාට්‍යයේ තියෙන ගැටුමට මුල පිරීමේ ආරම්භයයි. අක්කා ආදරය කරන කෙනාට මාත් ආදරය කරනවා. මගේ පෙම්වතාව මම ආශ්‍රය කරන්නේ කඩේට යවන්න. ඒ වගේම මගේ කටයුතු පහසුවෙන් ඉටු කර ගන්න තමයි ඔහුව මම ආශ්‍රය කරන්නේ. එහෙම නැතිව මගේ ආදරය දිනූ පුද්ගලයා වන්නේ ඔහු නෙවෙයි. ඉදිරියේදී තවත් අපූරු දේ මේ ටෙලි නාට්‍යයේදී සිදු වේවි. ඒ ගැන දැනගන්න නම් ‘සැනකෙළියයි මායා’ ටෙලි නාට්‍යය නරඹන්නම වේවි.’
ප්‍රතිභා ‘සිංහබාහු’, ‘මනමේ’, ‘හුණුවටය’ වගේ වේදිකා නාට්‍යවල ප්‍රේක්ෂකයෙක් වුණේ පුංචිම පුංචි කාලේ. ඈට රංගනය කියන්නේ නුහුරු දෙයක් නම් නෙවෙයි. දක්ෂ රංගන ශිල්පියෙක් වුණු ගාමිණී හෙට්ටිආරච්චි ප්‍රතිභාගේ ආදරණීය පියාණන්. ඒ නිසා ඇයගේ රංගන ජීවිතයට ඔහුගෙන් ලැබෙන සහයෝගය නම් කියා නිම කරන්න බැහැ.
‘මම රඟපාන චරිතය පිළිබඳ මුලින්ම කතාබහ කරන්නේ තාත්තත් එක්කයි. තාත්තගෙන් ඒ චරිතය අවබෝධ කර ගන්න ලැබෙන උපදෙස් හරිම ප්‍රයෝජනවත්.
අම්මා නාට්‍ය හා රංග කලා ගුරුවරියක්. ඈ බම්බලපිටියේ ශාන්ත පාවුලු විදුහලේ සුභාෂිනී හෙට්ටිආරච්චි. රංගන ශිල්පිනියක් නිසා ඇයගෙන් ලැබෙන සහයෝගය හරියට වටිනවා. රංගනය කියන කාරණය මට ආධුනික නොවුණේ ඒ පරිසරය අපේ නිවසෙදිම නිර්මාණය වී තිබුණ නිසයි.’
‘අනාගත සිහිනය ගොඩ නැඟිලා තියෙන්නේ.’
‘කවදා හරි රංගනය මගේ වෘත්තීය කර ගන්නවාට වඩා මම ඉගෙන ගත්ත අංශයෙන් ඉදිරියට යන්න කැමැති කෙනෙක්. උසස් පෙළට මම කළේ මැත්ස්. මේ වෙන කොට මාලඹේ ස්ලිට් ආයතනයේ උපදේශිකාවක් විදියට ළමයින් රැසකට දැනුම බෙදා දෙනවා. ඒ වගේම මගේ එම් එස් සී විභාගය සඳහාත් මේ දිනවල ඉගෙන ගන්නවා. මට රංගනයට පිවිසීමේදී උදව් කළ රවීන්ද්‍ර විජේරත්න ඇතුළු හැම දෙනාමත් සිහිපත් කරන්නට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.’
ප්‍රතිභාගේ දෙතොළඟ රැඳී තිබුණෙ සුන්දර සිනහවක්. ඒ සිනහවත් අරන් ඈ ගියා තමන්ගේ දැනුම බෙදා දෙන්නට නියමිත සිසු කැළ සොයා ගෙන.
සේයාරූ ඉන්දික ප්‍රභාත්
හැඩ ගැන්වීම විනීතා ජයරත්න
තිලානි ශානිකා විතානාච්චි