Published On:
Posted by gossip lanka live
Chat With Nadee Chandrasekera - චෝදනා සියල්ලෙන්ම දැන් මම නිදහස්
කලකට පෙර ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ‘අසනි වැසි’ ටෙලි නාට්‍යයේ ‘මලිති’ රූපවාහිනී ප්‍රේක්ෂක බොහෝ දෙනෙකුට තවමත් මතකය. එම ටෙලි නාට්‍යයේ ‘මලිති’ වූයේ යොවුන් රංගන ශිල්පිනී නදී චන්ද්‍රසේකරය. ඉන්පසුව ‘රිදී ඉට්ටංකරය’ වැනි නිර්මාණවල නදීගේ දක්ෂ රංගනයන් දැකගත හැකි විය. මේ දිනවල පුංචි තිරයේ දිග හැරෙන ‘සීතාවෝ’ ටෙලිනාට්‍යයද නදීගේ රංගනයෙන් හැඩගැන්වී ඇත. දිගුකලක් නිහඬව සිටි නදී චන්ද්‍රසේකර, මේ දිනවල වෙහෙසෙන්නේ තම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින් හමුවට ගෙන ඒමටය.
පසුගිය කාලයේ ඔබ රඟපෑ නිර්මාණ දැකගත නොහැකි වූයේ ඇයි?
මම රංගනයට පිවිසුණේ “අසනි වැසි” ටෙලි නාට්‍යයෙන්. ඉන්පසුව හොඳ ටෙලි නාට්‍ය ගණනාවකටම රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ නිර්මාණ නිසා රංගන ක්ෂේත්රයේ කිසියම් පුංචි තැනක් මට හිමි වුණා. ඒ තැන ආරක්ෂා කරගෙන රංගනයේ යෙදීම මගේ අරමුණ වුණා. පසුගිය කාලයේ මට හොඳ නිර්මාණ ලැබුණේ නෑ. අනෙක පසුගිය කාලයේ මතුවුණු මෙගා ටෙලිනාට්‍ය රැල්ලට මම කැමැති නෑ. ඒ නිසයි ටෙලිනාට්‍ය වලින් පසුගිය කාලෙ මාව දකින්න නොලැබුණේ.
’සීතාවෝ’ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර...?
”සීතාවෝ” මගේ පළමු ටෙලිනාට්‍ය නිෂ්පාදනය. ඒකට ඉතාම හොඳ ප්‍රතිචාර මට ලැබෙනව; විශේෂයෙන් ම පොඩි ළමයින්ගෙන්. මේ ටෙලිනාට්‍යය හැදුවේ මීට අවුරුදු 4 කට පමණ පෙර.
මේ දවස්වල ඔබ මොනවගේ වැඩ කටයුතුවලද යෙදිල ඉන්නෙ?
මේ දවස්වල මගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන පළමු ටෙලි නාට්‍යයේ වැඩකටයුතුවල නිරත වෙලා ඉන්නව.
ඔබේ ඒ නිර්මාණය ගැන විස්තරයක් කරන්න?
මගේ පළමු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය, “ළා සඳ පාමුල”. මෙය නිෂ්පාදනය කරන්නෙත් මම. මේක සාහිත්‍යධරයෙක් වටා ගෙතුනු කතාවක්. ප්‍රධාන චරිත රඟපාන්නෙ ලූෂන් බුලත්සිංහල, ඩබ්ලිව්. ජයසිරි වැනි ලංකාවේ උසස්ම රංගන ශිල්පීන්.
ටෙලි නාට්‍යයක් අධ්යක්ෂණයට ඔබ ඉක්මන් වුණා වැඩි නැතිද?
මේ ක්ෂේත්රයට ඇවිදින් දැන් අවුරුදු 12 ක් වෙනව. ඒ කාලය තුළ මට සම්මාන 15 ක් හිමිවෙලා තියෙනව. හොඳ අධ්යක්ෂවරුන් යටතේත් දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් සමඟත් මම වැඩ කරල තියෙනව. මීට පෙර මම ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒ වට පිටාව එක්කයි මම ටෙලිනාට්‍ය අධ්යක්ෂණයට යොමු වුණේ. ඒ වගේම, මාව පස්සට ඇදල දාන්න විවිධ පිරිස් ගත් උත්සාහය මගේ ගමන ඉක්මන් කළා කියන්න පුළුවනි. මේ ගමන මම යන්නෙ තනිවම නෙමෙයි.
ප්‍රධාන ශක්තිය මගේ අම්ම තාත්ත. තවම මම හැම ගමනක් ම යන්නෙ මගෙ අම්ම එක්ක. ඒ වගේම මගේ ටෙලි නාට්‍යයේ කලා අධ්‍යක්ෂණය කරන සුනෙත් නන්දලාල් අයිය මගේ නිර්මාණවලට විශාල දායකත්වයක් ලබා දෙනව. මගේ ටෙලි නාට්‍යයේ වැඩ කරන ප්‍රවීණ ශිල්පීන්ගෙන් ලැබෙන්නේ පුදුම විදියේ සහායක්. තවත් දෙයක් තමයි සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්මයා චිත්‍රපටි අධ්යක්ෂණයට පිවිසුණේ වයස විසි හයේදී. හැකියාව තියෙනව නම් අධ්යක්ෂණයට පිවිසීමට වයස බාධාවක් නොවන බවයි මගේ හැඟීම.
ඔබ මෙගා ටෙලිනාට්‍ය එක්ක තරහද?
මෙගා ටෙලිනාට්‍ය කියල හඳුන්වන දීර්ඝ ටෙලිනාට්‍ය එක්ක මගේ තරහක් නෑ. මම අකැමැති ඒ ටෙලිනාට්‍ය හැදෙන ආකාරයට. බොහෝ මෙගා ටෙලිනාට්‍ය, නිර්මාණ නෙමෙයි. හැබැයි මම මේ දේත් කියන්න ඕන. ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ ඉන්න ශිල්පීන්ට ශිල්පිනියන්ට ජීවත් වෙන්න ලොකු උදව්වක් මේ මෙගා ටෙලිනාට්‍ය වලින් ලැබෙනව. නිර්මාණ කරන්න කලින් අපි ජීවත්වෙලා ඉන්න ඕන. ඒ නිසා සරල මෙගා ටෙලිනාට්‍ය, ශාස්ත්‍රීය පදනමක් මත නිර්මාණය වුණු ටෙලිනාට්‍ය දෙවර්ගයම ක්ෂේත්රයට අවශ්‍යයි. වර්තමානයේ සරල මෙගා රැල්ලට ප්‍රේක්ෂකයින් බැඳ තබාගෙන ඉන්න නිසා හරවත් යමක් නරඹන්න ප්‍රේක්ෂකයිනට අවස්ථාව නෑ.
ඇමරිකාවට ලැබුණු ශිෂ්‍යත්වයට මොකද වුණේ?
2008 අවුරුද්දේ ලංකාවේ විශිෂ්ටයින් දස දෙනාට මාව තේරුණා. ඒ නිසයි මට රංග කලාව හදාරන්න ඇමරිකාවට යන්න ශිෂ්‍යත්වයක් ලැබුණේ. ඒ ගමන යන්න ඔන්න මෙන්න කියල තියෙද්දි, කිසියම් පිරිසක් බොරු චෝදනා එල්ල කරල කලබලයක් ඇති කළ නිසා මට ඒ ගමන යන්න ලැබුණේ නෑ. මට ආව චෝදනා සියල්ලෙන්ම මම නිදහස් වුණා. මට ඒ ශිෂ්‍යත්වය නැවත ලැබිල තියෙනව.
ඔබ පසුගිය දිනවල රෝගීව සිටියා නේද?
ඔව් මම ඩෙංගු රෝගයෙන් අසාධ්‍ය වුණා. දෙවිවරු වගේ ඉන්න වෛද්‍යවරු නිසා මගේ ජීවිතය බේරුණා.
ඔබේ ගීත එකතුවට මොකද වුණේ?
මම ගායිකාවක් නෙමෙයි. නමුත් මගේ ගීත රසවිඳි අය මගේ ඒ උත්සාහය අගය කළා. එහෙත් ඒ ගීත බොහෝ දෙනෙක් අතරට ගියේ නෑ.
සිනමාව තුළ ඔබ දකින්න නැත්තේ ඇයි?
මම තවම සිනමාවේ නෑ. මම කැමැතියි හොඳ නිර්මාණයකින් සිනමාවට පිවිසෙන්න.
විවාහයට දැන් කාලය හොඳයි නේද?
ඔව් මම මේ දිනවල විවාහයට සූදානම් වෙනවා. දින වකවානු යොදා ගත්තම විස්තර කියන්නම්.
ඔබට බලාපොරොත්තු ගොඩක් ඇති?
රංගනය තමයි මම උපතින් අරගෙන ආව දේ. රංගනය තුළ මතක සිටින චරිත කීපයක් රඟපාන්නත්, අධ්‍යක්ෂණයෙන් ශ්‍රී ලාංකේය ලකුණ ලෝකයේ තබන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.